අළුත් හල්මිල්ලෑව ශෛලබිම්බාරාම රජමහා විහාරය පුරාවිද්‍යා නටබුන්

⚙️ [Top with rating]
RATE THIS LOCATION : (1 votes, average: 5.00 out of 5)

පදවිය කියන්නේ අවුරුදු එක්දහස් පන්සීයකට කලිනුත් බොහොම ශශ්‍රීක ප්‍රදේශයක්. මෙම ප්‍රදේශයේ දියුණුව තදින්ම පදවිය වැව සමග සම්බන්දයි. මේ වැව ලංකාවේ තිබෙන විශාලතම වැව්  ගණයට වැටෙනවා. පදවිය වැව පෙර කාලයේදී  “පදිවාපි” නමින් හඳුන්වලා තිබෙනවා. ඒ කාලේ විදිහට මේ වැව පිහිටලා තිබුනේ උත්තරපස්ස (උතුරු ප්‍රදේශය) පදිරට  ප්‍රදේශයේ. මේ ආසන්නයේ තිබෙන මොරගොඩ නටබුන් සමග හමුවූ 10වන ශතවර්ෂයේ සෙල්ලිපියක මෙම වැව අවට ප්‍රදේශය පදින්නරුකුලිය ලෙස හඳුන්වන ලද බව පේනවා.

⚙️ [Google Ad 01 -SI]

පුජාවලියට අනුව නම් පදවිය වැව හදලා තියෙන්නේ සද්ධාතිස්ස රජතුමා ක්‍රිස්තු පූර්ව  137-119 අතර කාලයදී. හෙන්රි පාකර් පවසන අන්දමට මෙම වැව හදලා තියෙන්නේ තුන්වන ශතවර්ෂය අග බාගයේදී. ඒ කියන්නේ ක්‍රිව 276-303 අතර රජකළ මහසෙන් රජතුමා. එක හේතුවක් තමයි ක්‍රිස්තු පුර්ව  කාලවලදී ලංකාවේ වාරි තාක්ෂනය මේ සා විශාල වැවක් සාදන්න තරම් දියුණු තත්වයක තිබුනේ නෑ කියන තර්කය. බ්‍රෝහියර්ද මේ උපකල්පනයට නැඹුරු වෙනවා. නමුත් ආචාර්ය පරණවිතාන මෙම වැව 6 වන ශතවර්ෂයේ චූලවංසයේ සඳහන් දෙවන මොග්ගල්ලාන රජතුමා (535-555) විසින් කරවන ලද දනවාපි  වැව බව විශ්වාස කරනවා. අවාසනාවට මේ වැවේ ආරම්භය පිලිබඳ නිශ්චිත සෙල්ලිපි කිසිවක් මේ ප්‍රදේශයෙන්  හමුවී නැහැ. වැව හා නටබුන් අසල ඇති පුවවරු සඳහන් කරන්නේ මේවා මහසෙන් රජතුමගේ කාලයේ සාදන බවයි.

අළුත් හල්මිල්ලෑව ශෛලබිම්බාරාම රජමහා විහාරය තිබෙන්නේ පදවිය වැවට කිලෝමීටර 5ක් පමණ ඊසාන දිගින්. අද මෙය තරමක් නවීකරණය වූ විහාරස්ථානයක්. මෙය ගොඩනංවා ඇත්තේ පුරාණ  ආරාමයක් මත බව පෙනෙන්නට තිබෙනවා.  මෙම විහාරය පසෙක පුරාණ පිළිම ගෙයක ණටබුන්  දැකගත හැකියි. ගොඩනැගිල්ලේ නැගී සිටින ගල්කණු තවමත් නැගී සිටිනවා. පිළිම ගෙයට ඇතුල්වන වන දොරටුවේ කැටයම් රහිත සඳකඩ පහනක් දැකගත හැකියි. මෙම පිළිමගෙය තුල අඩි  7ක් පමණ උස ශෛලමය හිටි බුදු පිළිමයක් තබා තිබෙනවා. මෙය කාලයත් සමග බොහෝ ලෙස ක්‍ෂය වෙලා. මීට අමතරව බෝධිසත්ව හෝ දේව ප්‍රතිමාවක ඉනෙන් පහළ කොටසක් තවත් ගල් කණුවක් අසල තබා තිබෙනවා.  මීට අමතරව තවත් තැනක ස්තුප ගොඩැල්ලක් දැකගත හැකියි. වල් වැදී ඇති මෙය දැන් පෙනේනේ පස් කන්දක් ලෙසටයි. මෙහි ඇති පුරාවස්තු කිසිවක් නිසි සංරක්ෂණයක්  කර නැහැ.

මීට අමතරව විහාර භූමිය තැනින්තැන නොයෙක් ශෛලමය නටබුන් දැකගත හැකියි. නව විහාරය තුල ගමන් මග දෙපස පවා පුරාණ ගල්කණු කොටස් සවිකොට තිබෙනවා. මේවා අවට ඇති වෙනත් ගොඩනැගිලි වල ශේෂයන් විය යුතුයි.

සම්බන්ධ වෙනත් පිටු

අළුත් හල්මිල්ලෑව ශෛලබිම්බාරාම රජමහා විහාරය සිතියම

ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් විවෘත කිරීමට පහත බොත්තම් භාවිතා කරන්න –
.

ඉහල සිතියමේ මෙම ස්ථානය පමණක් නොව කිලෝමීටර 20ක් ඇතුලත තවත් වැදගත් ස්ථාන ලකුණු වී ඇත. මේ ස්ථාන බැලීමට සිතියම කුඩා කර බලන්න. වැඩි විස්තර සඳහා අවශ්‍ය ස්ථානය මතට මුසිකය ගෙනයන්න. එසේ නැතිනම් click කරන්න.

ගූගල් සිතියම වෙනත් ස්ථාන වලට චලනය කර ගෙනයාමෙන් එම ප්‍රදේශයේ වැදගත් ස්ථාන බලාගත හැක.

අළුත් හල්මිල්ලෑව ශෛලබිම්බාරාම රජමහා විහාරය රියදුරු දිශාවන්

අනුරාධපුර සිට අළුත් හල්මිල්ලෑව ශෛලබිම්බාරාම රජමහා විහාරය
හරහා :මැදවච්චිය – කැබිතිගොල්ලෑව – පදවිය
මුළු දුර : කිලෝමීටර් 93
ගතවන කාලය : පැය 2
ගත කිරිය යුතු කාලය : විනාඩි 15-30  අතර
රියදුරු දිශාවන් : ගූගල් සිතියමේ බලන්න
⚙️ [Google Ad 02 (bottom)]

© www.amazinglanka.com

Kovils (1) අම්බලම (57) ආකර්ෂණ (9) ආසනඝර (7) ඉතිහාසය (0) උණුදිය උල්පත් (1) උරුමය (303) ඓතිහාසික උරුම ලිපි (3) ඓතිහාසික සිදුවීම් (1) කුළුදාගේ (1) ගිරි සෙල්ලිපි (8) ටැම්පිට විහාර (41) දිය ඇලි (4) දූපත් (1) දෙතිස් ඵල බෝධින් (5) දේවාල (2) පබ්බත විහාර (3) පර්වත චිත්‍ර (2) ප්‍රදීපාගාර (1) ප්‍රාග් ඉතිහාස ලිපි (1) ප්‍රාග් ඓතිහාසික (6) පාලම් (3) පුරාණ අමුණු (14) පුවරු හා ටැම් ලිපි (9) බලකොටු (11) මීටර 20-29 (1) මීටර 30-39 (1) යාල තුල නටබුන් (6) ලිපි (2) වනජීවී (2) වනජීවී ලිපි (1) වාරි කර්මාන්ත (27) වැව් හා ජලාශ (15) සංචාරක ආකර්ෂණ (14) ස්මාරක (4) සුසාන භූමි (5)

z Jaffna 3 (4) අනුරාධපුර දිස්ත්‍රික්කය (42) අනුරාධපුර රාජධානිය (5) අම්පාර දිස්ත්‍රික්කය (7) කළුතර දිස්ත්‍රික්කය (5) කෑගල්ල දිස්ත්‍රික්කය (31) කිලිනොච්චි දිස්ත්‍රික්කය (3) කුරුණෑගල දිස්ත්‍රික්කය (25) කොළඹ දිස්ත්‍රික්කය (3) ගම්පහ දිස්ත්‍රික්කය (5) ගාල්ල දිස්ත්‍රික්කය (6) ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය (47) නුවරඑළිය දිස්ත්‍රික්කය (5) පුත්තලම දිස්ත්‍රික්කය (5) පොළොන්නරුව දිස්ත්‍රික්කය (14) පොළොන්නරුව රාජධානිය (7) බදුල්ල දිස්ත්‍රික්කය (3) මඩකලපුව දිස්ත්‍රික්කය (2) මන්නාරම දිස්ත්‍රික්කය (10) මන්නාරම දූපත (2) මහනුවර දිස්ත්‍රික්කය (39) මාතර දිස්ත්‍රික්කය (5) මාතලේ දිස්ත්‍රික්කය (7) මුලතිවු දිස්ත්‍රික්කය (27) මොණරාගල දිස්ත්‍රික්කය (6) යාපනය දිස්ත්‍රික්කය (16) රත්නපුර දිස්ත්‍රික්කය (10) වවුනියා දිස්ත්‍රික්කය (8) හම්බන්තොට දිස්ත්‍රික්කය (7)

Leave a Reply