කොත්මලේ හැදුණුවැව අම්බලම – Kothmale Hadunuwewa Ambalama

RATE THIS LOCATION :1 Star2 Stars3 Stars4 Stars5 Stars (2 votes, average: 3.50 out of 5)
Loading...
කොත්මලේ හැදුණුවැව අම්බලම - Kothmale Hadunuwewa Ambalama
කොත්මලේ හැදුණුවැව අම්බලම – Kothmale Hadunuwewa Ambalama
ඡයාරූපය : www.lakbima.lk

කොත්මලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ හැදුණුවැව ග්‍රාම නිලධාරී වසමේ පිහිටි මෙම අම්බලම හැදුනුවැව මංසන්ධියෙන් නැඟෙනහිර දෙසට දිවයන වෑතලාව මාර්ගයේ කිලෝමීටරයක පමණ දුරකින් පිහිටා ඇත.

කොත්මලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඓතිහාසික වශයෙන් වැදගත් අම්බලම් පහක් පිහිටා තිබිණි. දුටුගැමුණු කුමාරයාගේ කොත්මලේ ආගමනය හා බැඳුණු ඓතිහාසික කොටගේපිටිය අම්බලම, රණමුණේ පිහිල්ල අසල ඇති අම්බලම, කොත්මලේ මෑතගම වෙල් යාය මධ්‍යයේ පිහිටි අම්බලම, හැදුණු වැව අම්බලම හා කොත්තුණුගොඩ අම්බලම ඒවා වන අතර අද වන විට එයින් කොත්තුණුගොඩ අම්බලම දැකගත නොහැකිය.

මෙම අම්බලම සතරැස් ලෙස ගලින් බඳින ලද වේදිකාවක් මත සෘජුකොනාශ්‍ර ගල් කුට්ටි භාවිතාකර ඉඳ ගැනීමට හැකි උසට බිත්ති නංවා කොන් සතරින් කණු සතරක් නංවා ඇත. වක්ව  සදනලද වහල් පළ 4කින් වහලය සමන්විත වේ. වහලයට අතුරා ඇත්තේ සිංහල උළුය.

හැදුණුවැව අම්බලම අතීතයේ මගී ජනතාවගේ ගිමන් නිවාගන්නට තෝතැන්නක් වී ඇත්තේ ඊට යාබදව ඇති කොත්මලේ ඔය හරහා වැටී තිබූ කොස්ගොල්ල සංගිලි පාලම මාර්ගය පිහිටා තිබීම හේතුවෙන්ය. එහෙත් ඓතිහාසික වශයෙන් වැදගත් මෙම අම්බලම අද වන විට කිසිවකුගේ අවධානයකට ලක් නොවී ගරා වැටෙන්නට ආසන්නව තිබේ. වට බිත්ති පුපුරා ගොස් ඇති අතර පොළොවද ඉරිතැළීම්වලට ලක්ව තිබේ.

පහත ගූගල් සිතියමේ මෙම ස්ථානය ලකුණු කර ඇත්තේ  ආසන්න ලෙස බව සලකන්න.

ආශ්‍රිත මුලාශ්‍ර

සම්බන්ධ වෙනත් පිටු

කොත්මලේ හැදුණුවැව අම්බලම සිතියම

ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් විවෘත කිරීමට පහත බොත්තම් භාවිතා කරන්න –
.

ඉහල සිතියමේ මෙම ස්ථානය පමණක් නොව කිලෝමීටර 20ක් ඇතුලත තවත් වැදගත් ස්ථාන ලකුණු වී ඇත. මේ ස්ථාන බැලීමට සිතියම කුඩා කර බලන්න. වැඩි විස්තර සඳහා අවශ්‍ය ස්ථානය මතට මුසිකය ගෙනයන්න. එසේ නැතිනම් click කරන්න.

ගූගල් සිතියම වෙනත් ස්ථාන වලට චලනය කර ගෙනයාමෙන් එම ප්‍රදේශයේ වැදගත් ස්ථාන බලාගත හැක.

හැදුණුවැව අම්බලම රියදුරු දිශාවන්

වැලිමඩ සිට කොත්මලේ හැදුණුවැව අම්බලම  දක්වා
හරහා :හපුගස්තලාව
මුළු දුර :කිලෝමීටර 35
ගතවන කාලය  : පැය  1 විනාඩි 25
රියදුරු දිශාවන් : ගූගල් සිතියමේ බලන්න

© www.amazinglanka.com
%d bloggers like this: