කොත්මලේ හැදුණුවැව අම්බලම

⚙️ [Top with rating]
RATE THIS LOCATION : (2 votes, average: 3.50 out of 5)

කොත්මලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ හැදුණුවැව ග්‍රාම නිලධාරී වසමේ පිහිටි මෙම අම්බලම හැදුනුවැව මංසන්ධියෙන් නැඟෙනහිර දෙසට දිවයන වෑතලාව මාර්ගයේ කිලෝමීටරයක පමණ දුරකින් පිහිටා ඇත.

කොත්මලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඓතිහාසික වශයෙන් වැදගත් අම්බලම් පහක් පිහිටා තිබිණි. දුටුගැමුණු කුමාරයාගේ කොත්මලේ ආගමනය හා බැඳුණු ඓතිහාසික කොටගේපිටිය අම්බලම, රණමුණේ පිහිල්ල අසල ඇති අම්බලම, කොත්මලේ මෑතගම වෙල් යාය මධ්‍යයේ පිහිටි අම්බලම, හැදුණු වැව අම්බලම හා කොත්තුණුගොඩ අම්බලම ඒවා වන අතර අද වන විට එයින් කොත්තුණුගොඩ අම්බලම දැකගත නොහැකිය.

⚙️ [Google Ad 01 -SI]

මෙම අම්බලම සතරැස් ලෙස ගලින් බඳින ලද වේදිකාවක් මත සෘජුකොනාශ්‍ර ගල් කුට්ටි භාවිතාකර ඉඳ ගැනීමට හැකි උසට බිත්ති නංවා කොන් සතරින් කණු සතරක් නංවා ඇත. වක්ව  සදනලද වහල් පළ 4කින් වහලය සමන්විත වේ. වහලයට අතුරා ඇත්තේ සිංහල උළුය.

හැදුණුවැව අම්බලම අතීතයේ මගී ජනතාවගේ ගිමන් නිවාගන්නට තෝතැන්නක් වී ඇත්තේ ඊට යාබදව ඇති කොත්මලේ ඔය හරහා වැටී තිබූ කොස්ගොල්ල සංගිලි පාලම මාර්ගය පිහිටා තිබීම හේතුවෙන්ය. එහෙත් ඓතිහාසික වශයෙන් වැදගත් මෙම අම්බලම අද වන විට කිසිවකුගේ අවධානයකට ලක් නොවී ගරා වැටෙන්නට ආසන්නව තිබේ. වට බිත්ති පුපුරා ගොස් ඇති අතර පොළොවද ඉරිතැළීම්වලට ලක්ව තිබේ.

මෙම අම්බලම 2013 අගෝස්තු 13 වන දින පුරාවිද්‍යා ස්මාරකයක් ලෙස නම් කොට ඇත. පහත ගූගල් සිතියමේ මෙම ස්ථානය ලකුණු කර ඇත්තේ  ආසන්න ලෙස බව සලකන්න.

මුලාශ්‍ර

සම්බන්ධ වෙනත් පිටු

කොත්මලේ හැදුණුවැව අම්බලම සිතියම

ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් විවෘත කිරීමට පහත බොත්තම් භාවිතා කරන්න –
.

ඉහල සිතියමේ මෙම ස්ථානය පමණක් නොව කිලෝමීටර 20ක් ඇතුලත තවත් වැදගත් ස්ථාන ලකුණු වී ඇත. මේ ස්ථාන බැලීමට සිතියම කුඩා කර බලන්න. වැඩි විස්තර සඳහා අවශ්‍ය ස්ථානය මතට මුසිකය ගෙනයන්න. එසේ නැතිනම් click කරන්න.

ගූගල් සිතියම වෙනත් ස්ථාන වලට චලනය කර ගෙනයාමෙන් එම ප්‍රදේශයේ වැදගත් ස්ථාන බලාගත හැක.

හැදුණුවැව අම්බලම රියදුරු දිශාවන්

වැලිමඩ සිට කොත්මලේ හැදුණුවැව අම්බලම  දක්වා
හරහා :හපුගස්තලාව
මුළු දුර :කිලෝමීටර 35
ගතවන කාලය  : පැය  1 විනාඩි 25
රියදුරු දිශාවන් : ගූගල් සිතියමේ බලන්න
⚙️ [Google Ad 02 (bottom)]

© www.amazinglanka.com

Kovils (1) අම්බලම (57) ආකර්ෂණ (9) ආසනඝර (7) ඉතිහාසය (0) උණුදිය උල්පත් (1) උරුමය (303) ඓතිහාසික උරුම ලිපි (3) ඓතිහාසික සිදුවීම් (1) කුළුදාගේ (1) ගිරි සෙල්ලිපි (8) ටැම්පිට විහාර (41) දිය ඇලි (4) දූපත් (1) දෙතිස් ඵල බෝධින් (5) දේවාල (2) පබ්බත විහාර (3) පර්වත චිත්‍ර (2) ප්‍රදීපාගාර (1) ප්‍රාග් ඉතිහාස ලිපි (1) ප්‍රාග් ඓතිහාසික (6) පාලම් (3) පුරාණ අමුණු (14) පුවරු හා ටැම් ලිපි (9) බලකොටු (11) මීටර 20-29 (1) මීටර 30-39 (1) යාල තුල නටබුන් (6) ලිපි (2) වනජීවී (2) වනජීවී ලිපි (1) වාරි කර්මාන්ත (27) වැව් හා ජලාශ (15) සංචාරක ආකර්ෂණ (14) ස්මාරක (4) සුසාන භූමි (5)

z Jaffna 3 (4) අනුරාධපුර දිස්ත්‍රික්කය (42) අනුරාධපුර රාජධානිය (5) අම්පාර දිස්ත්‍රික්කය (7) කළුතර දිස්ත්‍රික්කය (5) කෑගල්ල දිස්ත්‍රික්කය (31) කිලිනොච්චි දිස්ත්‍රික්කය (3) කුරුණෑගල දිස්ත්‍රික්කය (25) කොළඹ දිස්ත්‍රික්කය (3) ගම්පහ දිස්ත්‍රික්කය (5) ගාල්ල දිස්ත්‍රික්කය (6) ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය (47) නුවරඑළිය දිස්ත්‍රික්කය (5) පුත්තලම දිස්ත්‍රික්කය (5) පොළොන්නරුව දිස්ත්‍රික්කය (14) පොළොන්නරුව රාජධානිය (7) බදුල්ල දිස්ත්‍රික්කය (3) මඩකලපුව දිස්ත්‍රික්කය (2) මන්නාරම දිස්ත්‍රික්කය (10) මන්නාරම දූපත (2) මහනුවර දිස්ත්‍රික්කය (39) මාතර දිස්ත්‍රික්කය (5) මාතලේ දිස්ත්‍රික්කය (7) මුලතිවු දිස්ත්‍රික්කය (27) මොණරාගල දිස්ත්‍රික්කය (6) යාපනය දිස්ත්‍රික්කය (16) රත්නපුර දිස්ත්‍රික්කය (10) වවුනියා දිස්ත්‍රික්කය (8) හම්බන්තොට දිස්ත්‍රික්කය (7)

Leave a Reply