බදුල්ල වත්තකැලේ ඓතිහාසික අම්බලම
මෙම අම්බලම ඇත්තේ බදුල්ල දිස්ත්රික්කයේ සොරණාතොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් වත්තකැලේ ග්රාමසේවා වසමේ තැන්නයාය ගම්මානයේය.
මෙම අම්බලම ඇත්තේ බදුල්ල දිස්ත්රික්කයේ සොරණාතොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් වත්තකැලේ ග්රාමසේවා වසමේ තැන්නයාය ගම්මානයේය.
පස්සර දෙහිකිඳයාය ඓතිහාසික අම්බලම ඇත්තේ පස්සර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් සපුරොද ග්රාමසේවා වසමේ රමණීය වෙල්යායක් මධ්යයේය. ජනප්‍රවාදයට අනුව මෙම අම්බළම වළගම්බා රජ සමයේ සිට පැවතෙන්නක් බව කියවේ.
වෙඩිවෙට්ටුකල්ලු හා වැලිඔය මාර්ගයට යාබදව වනය තුල සැඟවී ඇති මෙම අමුණ කිවුල් ඔයෙහි අතු ඔයක් හරස් කර බඳින ලද විශාල ප්‍රමාණයේ අමුණකි. භූමිය මතුපිට සිට මීටර 1.5 ක් පමණ උසින් යුත් මෙම අමුණ දිගින් මීටර් 40ක්ද, පළලින් මීටර 8ක්ද පමණ වේ.
ඉපැරිණි කිරිඉබ්බන් වැව ජලාශය වැලිඔය සිට මුලතිව් මාර්ගයේ කිලෝමීටර 5ක් ගමන් කලවිට හමුවේ. කුම්භකර්ණ ගල (දෙමළ : කුම්බකර්නමලෛයි) නමින් හඳුන්වන පර්වතය කිරිඉබ්බන් වැවට මීටර 500ක් පමණ දුරින් වැව් ඉස්මත්තේ පවතී.
වැලිඔය පොඩිගල්කන්ද හඳුන්වන ප්‍රදේශය පවතින්නේ වැලිඔය හරහා ගලා යන මා ඔය සහ වැලි ඇළ යන දිය පහර ද්විත්වය අතරය. මෙම ස්ථානය පුංචිගල්කන්ද ලෙසද හැඳින්වේ.
වැලිඔය මාඔය හරහා ඇති පාලම පසු කල විගස මාර්ගයෙන් දකුණු අත දිශාවේ වැලිඔය මහා සෑය විහාරය දැකගත හැක. මෙහි වයඹ දෙසට විවෘත වූ කටාරම් සහිත තරමක් විශාලවූ ලෙනකි. ප්‍රදේශය පුරා මැටි බඳුන් හා ගඩොල් කැබලි විසිරී පවතී. මෙය අනුරාධපුර මුල් අවධියට අයත් ස්ථානයක් ලෙස හැඳින්විය හැක.
මොණරවැව යනු මුලතිව් දිස්ත්රික්කයේ පදවිය සිට කිලෝමීටර 22 ක් පමණ නැදුන්කේනි දෙසට ඇති දුෂ්කර ගම්මානයකි. තිස් වසරක කොටි ත්‍රස්තවාදීන්ගෙන් බැටකෑ මෙම ගම් වැසියෝ තවමත් ගෙවන්නේ දුෂ්කර දිවියකි.
මෙම පුරාවිද්‍යා භූමිය මත වර්තමාන ශ්‍රී උදුම්බරාරාම රජමහා විහාරය ගොඩනැගී පවතී. මෙහි නව ගොඩනැගිලි හා ඒ වටා මානව ක්‍රියාකාරකම් මගින් පුරවස්තුන් අස්ථානගත වී ඇති නමුත් මෙහි ගල්කණු සහිත ගොඩැලි 2ක් හා දාගැබ් ගොඩැල්ලක අවශේෂ පවතී.
නිකවැව වැව් බැම්මේ නැගෙනහිර කෙළවර උදුම්බරාරාම රජමහා විහාරය පවතී. මෙය පුරා වස්තූන් ගෙන් සපිරි කුඩා විහාරස්ථානයකි. වර්තමාන විහාරස්ථානයේ නව බෝධියක් හා කුඩා ආවාස ගෙයක් ඉදිකර ඇත. බුද්ධ මන්දිරයක් තනමින් පවතී.
පන්සල්ගොඩැල්ල යනුවෙන් හඳුන්වන ස්ථානය කිරිඉබ්බන්වැව දකුණ ප්‍රදේශයේ මීටර 15ක් පමණ උස කිලෝමීටරයක් පමණ දිගින් යුතු කුඩා කඳු ගැටයකි. මෙහි අනුරාධපුර මුල් යුගයට අයත් කටාරම් සහිත ලෙන් 3ක් හා නටබුන් වූ ගොඩනැගිලි සහිත පුරාණ සංඝාරාමයක සාධක පවතී.
තන්නිමුරුප්පුකුලම වැව් බැම්මේ උතුරු දෙසින් වර්තමාන සොරොව්ව දැකගත හැක. මේ අසල යම් ක්‍රමයකට සකසා තිබුණු බව සැක කළ හැකි විශාල ගල් පුවරු සමූහයක් දැක ගත හැක. මම ගල්පුවරු එකිනෙකට වැද්දීම සඳහා කුඩුම්බි සිදුරු ද ගල් මුහුනතට යොදන ලද කැපුම් වලින්ද යුක්තය.
මෙම නටබුන් පවතින්නේ මුහුදුබඩපත්තුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ කෝමලමුනේ මුහුණේ මධ්‍යම ග්‍රාම නිලධාරී වසමේ නයිතික්කායිකුලම රක්ෂිතය ඇතුළතය.
මෙහි නටබුන් විශාල භූමි ප්‍රමාණයක පැතිරී ඇත. නමුත් සියලුම නටබුන් නිදන් හොරුන් විසින් විනාශ කර ඇති බව පෙනේ. මෙම ස්ථානයට පිවිසීමේදී කලපු මායිමට යාබදව ගල්කණු සහිත ගොඩනැගිල්ලක සාධක දැකගත හැක. නිදන් හොරුන් විසින් මෙහි මධ්‍යයේ මීටරයක පමණ ගැඹුර වරක් හාරා ඇත
කිරිඇල්ල බලකොටුව ගැන තරමක් දුරට හෝ විස්‌තරයක් සඳහන් වන්නේ, බ්‍රිතාන්‍ය පාලන සමයේ, මෙරට සිවිල් නිලධාරියෙකු වශයෙන් සේවය කළ, ආර්. එච්. බැසට් (Ralph Henry Basset) විසින් 1929 දී ප්‍රකාශයට පත් කරන ලද, Romantic Ceylon නම් ග්‍රන්ථයේ ය.
ජනප්‍රවාදයට අනුව ගුරුකන්ද රජමහා විහාරය කිත්සිරිමෙවන් රජ දවස බුදුන්ගේ දන්ත ධාතුව හේමමාලා සහ දන්ත කුමරුන් ලංකා පටුන ඔස්සේ ශ්‍රී ලංකා භූමියට ගෙන ඒමෙන් පසුව ගමන් ගත් මාර්ගයේ ඔවුන් විවේක ගත් ස්ථානයක් ලෙස පිළිගැනේ.
සුගන්ධිපුරම් (සුතන්තිපුරම්) ග්‍රාමය පිහිටා ඇත්තේ මුලතිව් පුදුකුඩුඉරිප්පු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේය. පරන්තන් සිට පුතුකුඩුරිප්පු මාර්ගයේ කිලෝමීටර 24.5ක් ගමන් කර තැන සුගන්ධිපුරම් (සුතන්තිපුරම්) හන්දියට පැමිණිය හැක. පුතුකුඩුරිප්පු සිට මෙම මංසන්ධියට දුර කිලෝමීටර් 10ක් වේ.
කුරුවිල්කුලම් වැව පිහිටියේ පුතුකුඩුඉරිප්පු ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ උදයාර්කට්ටු දකුණු 47 ග්‍රාමයේ ය. . ජේ.පී. ලුවිස් විසින් 1895 දී රචිත වන්නිය පිළිබඳව ප්‍රකාශනයක මෙම ස්ථානය අතීතයේ දී කුරාවිල් කෝවිල් යන නමින් හැඳින්වූ බවත් මෙහි ගඩොල් ඉදිකිරීමක් මත ශෛලමය වෘත්තයක් ඔහුට දැක ගන්නට ලැබුණු බව වාර්තා කරයි.
මුලතිවු දිස්ත්‍රික්කයේ හමුවන පුරාණ සංඝාරාම අතුරින් කන්නියාර් කෝවිල් පුරාවිද්‍යා ස්ථානය විශාලතම සහ අලංකාරතම සංඝාරාම කිහිපය අතරින් එකකි. ජේ.පී. ලුවිස් විසින් 1895 දී රචිත වන්නිය පිළිබඳව ප්‍රකාශනයක මෙහි විහාරස්ථාන 7ක් වන අතර ජනප්‍රවාදයට අනුව වන්නියේ කන්‍යා ප්‍රධානීන් හතක් සිටි බවත් කියවේ.
මෙම ස්ථානයේ ඇති පුරාවස්තු අතර ශිලා ස්ථම්භයන්ට අමතරව සඳකඩ පහන, සිරි පතුල් ගල, විශාල ශෛලමය මල් ආසනයක්, මුරගලක් හා අෂ්ටමංගල සලකුණු සහිත ශිලා පුවරුවක් මෙම ස්ථානයට පිටතින් ගෙන ආ බව පෙනේ. එබැවින් මෙම ස්ථානයේ පැවතියේ කුමක්දැයි නිගමනය කිරීමට අපහසුබව පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුව පවසයි.
වසර 1903 ඔක්තෝම්බර් 31 අවසාන වන්නි බණ්ඩාර හමුදා හා සටන බ්‍රිතාන්‍ය හමුදාවන්ට කෙතරම් වැදගත් වූ වූවේද යන්න ඔවුන් සටන් භූමියේ සිටුවා ඇති ගලින් නිමයු සමරු පළකයෙන් උපකල්පණය කල ගත හැක.