කුරුළුපෙත්තාගල උතුරු පියන්ගල රජමහා විහාරය නටබුන්

⚙️ [Top with rating]
RATE THIS LOCATION : (1 votes, average: 5.00 out of 5)
Ruins of Piyangala North Rajamaha Viharaya in Kurulupeththagala
Ruins of Piyangala North Rajamaha Viharaya in Kurulupeththagala

නොච්චියාගම ප්‍රදේශයේ ඓතිහාසිකව වැදගත් ඉපැරණි සිද්ධස්ථානයකි ගාලදිවුල්වැව කුරුළුපෙත්තාගල රජමහා විහාරස්ථානය (උතුරු පියංගල රජමහා විහාරය).

ක්‍රි. පූ. 20- ක්‍රි.ව. 7 අතර රජකළ භාතිය අභය රජු විසින් ඉදිකරවා දම්මදින්න මහ රහතන් වහන්සේ ඇතුළු මහ රහතුන් වහන්සේලා 500 නමක් සදහා පූජා කරනු ලැබූ විහාරස්ථානයක් ලෙස කුරුළුපෙත්තාගල රජමහා විහාරස්ථානය සැළකේ. උන් වහන්සේලා භාවිත කරන ලද භාවනා කුටි හා සක්මන් මළුවල සාධක අදටත් මෙම විහාරස්ථානයේ දක්නට ලැබේ.

⚙️ [Google Ad 01 -SI]

ප්‍රධාන වූ දාගැබ් හා පරිවාර දැගැබ් හතරකින් යුක්තව නිම කරන ලද දාගැබ් පහකින් තුනක නටබුන් තවම ඉතිරිව පවතී. විහාරස්ථානය ඉදිරි පසින්වු වන ලැහැබ තුළ අක්කර පහක පමණ භූමි ප්‍රමාණයක් පුරා පැතිරුණ මනස්කාන්ත ගල් තලාවකි. මේ ගල් තලාව මධ්‍යයේ කිසිදා ජලය නොසිදෙන්නේ යැයි සැලකෙන දිය පිරි පොකුණකි. මේ මනරම් පොකුණ මැද රත්‍රං ගිරවකු සිටි නිසාවෙන් කුරුළුපෙත්තාගල නමින් ප්‍රචලිත වී තිබේ.

මේ පොකුණ පතුලේ සිට ලෙන් දොරකින් ඇතුළු වී විහාර ගෙය දක්වා වූ උමං මාර්ගයක් ඇති බව ජනප්‍රවාදයේ තවදුරටත් සදහන් වේ.

ගල් තලාවෙහි පියන්පතකින් ආවරණය කරන ලද්දාවු පරිද්දෙන් ගල් ලෙනක පිහිටි විහාර ගෙයයි. සැතපෙන බුදුරුව හා අටවිසි බුදු රුව සහිත තවත් සිතුවමින් විහාර ගෙය නිමවා තිබේ.

පියන් පතක් වැනි ගල් ලෙනක විහාර ගෙයක් ඉදිකළ බැවින් පියන්ගල රජ මහා විහාරය නමින්ද මේ විහාරස්ථානය නම්ව පැවතිනි. මෙයට දකුණු දිසාවෙන්ද මෙවැනිම අකාරයේ පියන් පතක් වැනි ගල් තලාවකින් සැදුම් ලද විහාරස්ථානයක් තිබී ඇත. වර්ෂ 1950 දී මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා විසින් සොයාගනු ලදුව මෙය උත්තර පියන්ගල විහාරය ලෙසින්ද හැදින් වේ. බොහෝ බැතිමතුන් පුංචි දඹුල්ල යනුවෙන් මේ කුරුලුපෙත්තා ගල විහාරස්ථානය හදුන්වති.

වත්මන් විහාරාධිපති අඹන්පොල නන්ද හිමියෝ මේ වන විට උතුම් ශාසනික හා සමාජ සේවාවක නිරත වෙමින් කාගේත් වන්දනාවට හා ගරුබුහුමනට පාත්‍රව සිටිති.

සටහන : නොච්චියාගම සමූහ – එස්. ටී. බී. සේනාරත්න
www.dinamina.lk

සම්බන්ධ වෙනත් පිටු

කුරුළුපෙත්තාගල උතුරු පියන්ගල රජමහා විහාරය නටබුන් සිතියම

ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් විවෘත කිරීමට පහත බොත්තම් භාවිතා කරන්න –
.

ඉහල සිතියමේ මෙම ස්ථානය පමණක් නොව කිලෝමීටර 20ක් ඇතුලත තවත් වැදගත් ස්ථාන ලකුණු වී ඇත. මේ ස්ථාන බැලීමට සිතියම කුඩා කර බලන්න. වැඩි විස්තර සඳහා අවශ්‍ය ස්ථානය මතට මුසිකය ගෙනයන්න. එසේ නැතිනම් click කරන්න.

ගූගල් සිතියම වෙනත් ස්ථාන වලට චලනය කර ගෙනයාමෙන් එම ප්‍රදේශයේ වැදගත් ස්ථාන බලාගත හැක.

කුරුළුපෙත්තාගල උතුරු පියන්ගල රජමහා විහාරය නටබුන් රියදුරු දිශාවන්

පුත්තලම සිට කුරුළුපෙත්තාගල උතුරු පියන්ගල රජමහා විහාරය නටබුන්
හරහා :සාලියවැව
මුළු දුර : කිලෝමීටර් 61
ගතවන කාලය : පැය 1.15
ගත කිරිය යුතු කාලය : පැය ½-1 අතර
රියදුරු දිශාවන් : ගූගල් සිතියමේ බලන්න
⚙️ [Google Ad 02 (bottom)]

© www.amazinglanka.com

Kovils (1) අම්බලම (57) ආකර්ෂණ (9) ආසනඝර (7) ඉතිහාසය (0) උණුදිය උල්පත් (1) උරුමය (303) ඓතිහාසික උරුම ලිපි (3) ඓතිහාසික සිදුවීම් (1) කුළුදාගේ (1) ගිරි සෙල්ලිපි (8) ටැම්පිට විහාර (41) දිය ඇලි (4) දූපත් (1) දෙතිස් ඵල බෝධින් (5) දේවාල (2) පබ්බත විහාර (3) පර්වත චිත්‍ර (2) ප්‍රදීපාගාර (1) ප්‍රාග් ඉතිහාස ලිපි (1) ප්‍රාග් ඓතිහාසික (6) පාලම් (3) පුරාණ අමුණු (14) පුවරු හා ටැම් ලිපි (9) බලකොටු (11) මීටර 20-29 (1) මීටර 30-39 (1) යාල තුල නටබුන් (6) ලිපි (2) වනජීවී (2) වනජීවී ලිපි (1) වාරි කර්මාන්ත (27) වැව් හා ජලාශ (15) සංචාරක ආකර්ෂණ (14) ස්මාරක (4) සුසාන භූමි (5)

z Jaffna 3 (4) අනුරාධපුර දිස්ත්‍රික්කය (42) අනුරාධපුර රාජධානිය (5) අම්පාර දිස්ත්‍රික්කය (7) කළුතර දිස්ත්‍රික්කය (5) කෑගල්ල දිස්ත්‍රික්කය (31) කිලිනොච්චි දිස්ත්‍රික්කය (3) කුරුණෑගල දිස්ත්‍රික්කය (25) කොළඹ දිස්ත්‍රික්කය (3) ගම්පහ දිස්ත්‍රික්කය (5) ගාල්ල දිස්ත්‍රික්කය (6) ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය (47) නුවරඑළිය දිස්ත්‍රික්කය (5) පුත්තලම දිස්ත්‍රික්කය (5) පොළොන්නරුව දිස්ත්‍රික්කය (14) පොළොන්නරුව රාජධානිය (7) බදුල්ල දිස්ත්‍රික්කය (3) මඩකලපුව දිස්ත්‍රික්කය (2) මන්නාරම දිස්ත්‍රික්කය (10) මන්නාරම දූපත (2) මහනුවර දිස්ත්‍රික්කය (39) මාතර දිස්ත්‍රික්කය (5) මාතලේ දිස්ත්‍රික්කය (7) මුලතිවු දිස්ත්‍රික්කය (27) මොණරාගල දිස්ත්‍රික්කය (6) යාපනය දිස්ත්‍රික්කය (16) රත්නපුර දිස්ත්‍රික්කය (10) වවුනියා දිස්ත්‍රික්කය (8) හම්බන්තොට දිස්ත්‍රික්කය (7)