
ලංකාවේ ජනාවාස ක්‍රිස්තු පූර්ව 125,000 කාලය දක්වා ගමන් කරන බව ආචාර්‍ය ශිරාන් දැරණියගල මහතා පෙන්වා තියනවා. ලංකාව පුරා විවිධ ප්‍රදේශවල ලෙන් කැනීම් වලින් ප්‍රාග් ඓතිහාසික මානවයන්ගේ ක්‍රියාකාරකම් ලේඛනගත කර ලේඛනගත කර තිබෙනවා.
රත්නපුර දිස්ත්‍රික්කයේ බෙලිගල්ලෙන එවන් ලෙනක්. මෙම ලෙනේ කරනලද කැනීම් පිළිබඳ විස්ථර එතරම් සොයාගන්න අමාරුයි.
විසිවන ශතවර්ෂයේ මුල් කාලයේදී රජයේ ප‍්‍රධාන ඛනිජ සම්පත් පර්යේෂකයා වූ පාර්සන්ස් (Parsons) විසින් බඹරබොටුව ආසන්නයේ දික්මුකලාන තේ වත්තේ පිහිටි මේ ගුහාව කැනීමට ලක්කොට අඩි 8ක් ගැඹුරින් මිනිස් සැකිලි කොටස් කීපයක් අනාවරණය කොට ගෙන තියනවා. එමෙන් ම ලංකාවේ ප‍්‍රාග් ඓතිහාසික යුගයේ දි ශිලාමෙවලම් සඳහා මූලික වශයෙන් ක්වාට්ස් හා කහද පාෂාණ යොදාගෙන ඇති බව පෙන්වා දී තියනවා.
1910 දී හාර්ට්ලි (C. Hartley) විසින් මෙම ලෙනහි කැනීම් කර තිබෙනවා. මෙහි සාමාන්‍යයෙන් හමුවන ඌරන්, මුවන් වැනි විශාල සතුන්ගේ ඇට කැබලි හමුවූ නැති බව පවසනවා. ඔහුට වැඩිපුරම හමුවෙලා තියෙන්නේ දිය ගොළුබෙල්ලන්ගේ කටු කැබලියි. ඒ කියන්නේ මෙහි සිටි ප්‍රාග් ඓතිහාසික මානවයෝ ඉතා සරළ ආහාර වේලකට හුරුවු සිටි බව පෙනෙනවා.
මෙම ලෙන දැන් පුරා විද්‍යා ස්ථානයක් ලෙස නම් කර තියනවා. මේ ලෙනට ලඟා වීමට රත්නපුර වේවැල්වත්ත මාර්ගයේ බලංගොඩ ගුරුබාවිලගම වැල්ලගම හංදියෙන් දකුණු මාර්ගයේ කිලෝමීටර් 2ක් පමණ ගමන්කළ යුතුයි. මේ මාර්ගයේ අවසාන කොටස් ගූගල් සිතියමේ තාම ලකුණු වෙලා නෑ . නමුත් සැටලයිට් සිතියමෙන් සොයාගන්න පුළුවන්.
සම්බන්ධ වෙනත් පිටු
- ශ්‍රී ලංකාවේ ප්රාග් ඉතිහාසය
- ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා ස්ථාන ලැයිස්තුව
- කිලෝමීටර 20ක් ඇතුලත ඇති වෙනත් නැරඹිය හැකි ස්ථාන
බලංගොඩ බෙලිගල්ලෙන ප‍්‍රාග් ඓතිහාසික ලෙන සිතියම
ඉහල සිතියමේ මෙම ස්ථානය පමණක් නොව කිලෝමීටර 20ක් ඇතුලත තවත් වැදගත් ස්ථාන ලකුණු වී ඇත. මේ ස්ථාන බැලීමට සිතියම කුඩා කර බලන්න. වැඩි විස්තර සඳහා අවශ්‍ය ස්ථානය මතට මුසිකය ගෙනයන්න. එසේ නැතිනම් click කරන්න.
ගූගල් සිතියම වෙනත් ස්ථාන වලට චලනය කර ගෙනයාමෙන් එම ප්‍රදේශයේ වැදගත් ස්ථාන බලාගත හැක.
බලංගොඩ බෙලිගල්ලෙන ප‍්‍රාග් ඓතිහාසික ලෙන රියදුරු දිශාවන්
| රත්නපුර සිට බලංගොඩ බෙලිගල්ලෙන ප‍්‍රාග් ඓතිහාසික ලෙන |
| හරහා :වේවැල්වත්ත – ගුරුබාවිල මුළු දුර : කිලෝමීටර් 34 ගතවන කාලය : පැය 1 විනාඩි 30 ගත කිරිය යුතු කාලය : පැය 1 රියදුරු දිශාවන් : ගූගල් සිතියමේ බලන්න |
අම්බලම (57) ආකර්ෂණ (9) ආසනඝර (7) ඉතිහාසය (0) උණුදිය උල්පත් (1) උරුමය (301) ඓතිහාසික උරුම ලිපි (3) ඓතිහාසික සිදුවීම් (1) කුළුදාගේ (1) ගිරි සෙල්ලිපි (8) ටැම්පිට විහාර (41) දිය ඇලි (4) දූපත් (1) දෙතිස් ඵල බෝධින් (5) දේවාල (2) පබ්බත විහාර (3) පර්වත චිත්‍ර (2) ප්‍රදීපාගාර (1) ප්‍රාග් ඉතිහාස ලිපි (1) ප්‍රාග් ඓතිහාසික (6) පාලම් (3) පුරාණ අමුණු (14) පුවරු හා ටැම් ලිපි (9) බලකොටු (11) මීටර 20-29 (1) මීටර 30-39 (1) යාල තුල නටබුන් (6) ලිපි (2) වනජීවී (2) වනජීවී ලිපි (1) වාරි කර්මාන්ත (27) වැව් හා ජලාශ (15) සංචාරක ආකර්ෂණ (14) ස්මාරක (4) සුසාන භූමි (5)
z Jaffna 3 (4) අනුරාධපුර දිස්ත්‍රික්කය (41) අනුරාධපුර රාජධානිය (4) අම්පාර දිස්ත්‍රික්කය (7) කළුතර දිස්ත්‍රික්කය (5) කෑගල්ල දිස්ත්‍රික්කය (31) කිලිනොච්චි දිස්ත්‍රික්කය (3) කුරුණෑගල දිස්ත්‍රික්කය (25) කොළඹ දිස්ත්‍රික්කය (3) ගම්පහ දිස්ත්‍රික්කය (5) ගාල්ල දිස්ත්‍රික්කය (6) ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය (47) නුවරඑළිය දිස්ත්‍රික්කය (5) පුත්තලම දිස්ත්‍රික්කය (5) පොළොන්නරුව දිස්ත්‍රික්කය (14) පොළොන්නරුව රාජධානිය (7) බදුල්ල දිස්ත්‍රික්කය (3) මඩකලපුව දිස්ත්‍රික්කය (2) මන්නාරම දිස්ත්‍රික්කය (10) මන්නාරම දූපත (2) මහනුවර දිස්ත්‍රික්කය (38) මාතර දිස්ත්‍රික්කය (5) මාතලේ දිස්ත්‍රික්කය (7) මුලතිවු දිස්ත්‍රික්කය (27) මොණරාගල දිස්ත්‍රික්කය (6) යාපනය දිස්ත්‍රික්කය (16) රත්නපුර දිස්ත්‍රික්කය (10) වවුනියා දිස්ත්‍රික්කය (8) හම්බන්තොට දිස්ත්‍රික්කය (7)



(6 votes, average: 3.50 out of 5)



