ආනමඩුව හළඹේ ටැම්පිට රජමහා විහාරය

RATE THIS LOCATION :1 Star2 Stars3 Stars4 Stars5 Stars (1 votes, average: 5.00 out of 5)
Loading...

හලඹේ ගම්මානය තිබෙන්නේ ආණමඩුවට කිලෝමීටර 8ක් පමණ ඇතුලින්.  හළඹේ රජමහා විහාරය තරමක් නවීකරණය වුනු විහාරයක්. නමුත් තැනින් තැන විහාරයේ  සැඟවුණු අතීත ශ්‍රී විභූතිය කියාපාන හෝඩුවාවන් දැක ගන්න පුළුවන්.

මෙම විහාරයේ විශේෂ වූ ගොඩනැගිල්ලක් වන්නේ එහි තිබෙන ටැම්පිට විහාරය.  ටැම්පිට යන වචනයෙන්ම අරුත් ගැන්වෙන පරිදිම ටැම් හෙවත් කුලුනු මත ඉදිකළ විහාර ගෙවල්  ටැම්පිට විහාර ලෙස හැඳින්වේ.  බොහෝ විට සිදුවන පරිදි මෙම කුලුනු ගල්ටැම් විය. කලාතුරකින් ගඩොලින් තැනූ කුලුනු මත ඉදිකළ විහාර ද හමුව තිබේ. මෙම විහාර සම්ප්‍රදාය මහනුවර රාජධානි සමයේ දී එනම් 17 වන සියවසේ දී ආරම්භව 19 වැනි සියවසේ අවසාන භාගය දක්‌වා ප්‍රචලිත වූ ගොඩනැඟිලි විශේෂයකි. බොහෝවිට මෙම ටැම්  සිටුවන්නේ පොළොවෙන් උස්ව බඳින ලද පාදමක් මතය. ඉන්පසු අඩි  2-3 ක් උස ටැම් මත විශාල හරස් බාල්ක යොදා ඒ මත ලෑලි අතුරා සකස් කර ගත් තට්ටුවක් මත මේ විහාරය ඉදි කරයි.

හලඹේ ටැම්පිට විහාරය මෙම වර්ගයේ විහාර අතුරින් විශේවත්වයක් ගනී.  මෙහි ඇති ගල්ටැම් අඩි 5ක්  පමණ උසය. එමනිසා මෙම ටැම්පිට විහාරය දෙමහල් ගොඩනැගිල්ලක දෙවන මහළ  වන පරිදි මෙම ගොඩනැගිල්ල නිර්මාණය කර ඇත.  මෙම විහාරය සඳහා භාවිතා කරන ලද ගල්කණු නටබුන් වූ නොයෙක් පුරාණ  විහාර ගොඩනැගිලි ස්ථානයන්ගෙන් එක්කොට ඇති බව පෙනේ.  මෙහි ඇති ගල්කණු බොහොමයක් එකිනෙකට වෙනස්ය.

ටැම්පිට විහාරයට ඉදිරියෙන් උස්වූ මණ්ඩපයක් අකාරයෙන් සාදා ඇත.  විහාරය වටා වහල් පලයක් යොදා බිම් මහල විශාල කර ඇත. මෙම  කොටස පසුකලකදී කල ඉදිකිරීමක් ලෙස පෙනේ.

විහාරය පුරා නොයෙක්  ශිලාමය නටබුන් දැකගනීනට හැක. ටැම්පිට විහාරය යටින් තරමක විශාල ගලින් නෙළන ටැංකියක් දක්නට ඇත. මීට අමතරව පුරාණ  කොරවක්ගල් හා මුරගල්  විහාර භූමියේ දක්නට ලැබේ.

මෙම විහාරයට ලඟා වීමට ආනමඩුව සිට නිකවැරටිය දෙසට කිලෝමීටර 3.2 ගමන්කොට දකුණු දෙසට ඇති අතුරු මාර්ගයට හරවන්න. එම මාර්ගයේ තවත්  කිලෝමීටර 3ක් ගියවිට හලඹේ රජමහා විහාරය හමුවේ.

සම්බන්ධ වෙනත් පිටු

හළඹේ ටැම්පිට රජමහා විහාරය සිතියම

ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් විවෘත කිරීමට පහත බොත්තම් භාවිතා කරන්න –
.

ඉහල සිතියමේ මෙම ස්ථානය පමණක් නොව කිලෝමීටර 20ක් ඇතුලත තවත් වැදගත් ස්ථාන ලකුණු වී ඇත. මේ ස්ථාන බැලීමට සිතියම කුඩා කර බලන්න. වැඩි විස්තර සඳහා අවශ්‍ය ස්ථානය මතට මුසිකය ගෙනයන්න. එසේ නැතිනම් click කරන්න.

ගූගල් සිතියම වෙනත් ස්ථාන වලට චලනය කර ගෙනයාමෙන් එම ප්‍රදේශයේ වැදගත් ස්ථාන බලාගත හැක.

හළඹේ ටැම්පිට රජමහා විහාරය රියදුරු දිශාවන්

පුත්තලම සිට හළඹේ ටැම්පිට රජමහා විහාරය
හරහා : හලාවත – බංගදෙණිය – ආඬිගම
මුළු දුර : කිලෝමීටර් 130
ගතවන කාලය : පැය 3
ගත කිරිය යුතු කාලය : පැය ½-1 අතර
රියදුරු දිශාවන් : ගූගල් සිතියමේ බලන්න

© www.amazinglanka.com

අම්බලම (57) ආකර්ශණීය ස්ථාන (9) ඉතිහාසය (0) උණුදිය උල්පත් (1) උරුමය (297) ඓතිහාසික උරුම ලිපි (2) ඓතිහාසික සිදුවීම් (1) ගමනාන්ත (1) ටැම්පිට විහාර (40) දිය ඇලි (4) ප්‍රදීපාගාර (1) ප්‍රාග් ඉතිහාස ලිපි (1) ප්‍රාග් ඓතිහාසික (5) පාලම් (3) පුරාණ අමුණු (12) බලකොටු (11) මහනුවර (1) මීටර 20-29 (1) මීටර 30-39 (1) ලිපි (2) වනජීවී (1) වාරි කර්මාන්ත (23) වැව් හා ජලාශ (11) ස්මාරක (4) සුසාන භූමි (4)

අනුරාධපුර දිස්ත්‍රික්කය (39) අම්පාර දිස්ත්‍රික්කය (7) කළුතර දිස්ත්‍රික්කය (5) කෑගල්ල දිස්ත්‍රික්කය (31) කිලිනොච්චි දිස්ත්‍රික්කය (3) කුරුණෑගල දිස්ත්‍රික්කය (25) කොළඹ දිස්ත්‍රික්කය (2) ගම්පහ දිස්ත්‍රික්කය (11) ගාල්ල දිස්ත්‍රික්කය (6) ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය (47) දෙතිස් ඵල බෝධින් (5) නුවරඑළිය දිස්ත්‍රික්කය (3) පබ්බත විහාර (1) පුත්තලම දිස්ත්‍රික්කය (4) පෘතුගීසි බලකොටු (1) පොළොන්නරුව දිස්ත්‍රික්කය (14) පොළොන්නරුව රාජධානිය (7) බදුල්ල දිස්ත්‍රික්කය (2) මඩකලපුව දිස්ත්‍රික්කය (2) මන්නාරම දිස්ත්‍රික්කය (10) මන්නාරම දූපත (1) මහනුවර දිස්ත්‍රික්කය (37) මාතර දිස්ත්‍රික්කය (3) මාතලේ දිස්ත්‍රික්කය (7) මුලතිවු දිස්ත්‍රික්කය (27) මොණරාගල දිස්ත්‍රික්කය (6) යාපනය දිස්ත්‍රික්කය (16) රත්නපුර දිස්ත්‍රික්කය (10) ලන්දේසි බලකොටු (1) වවුනියා දිස්ත්‍රික්කය (8) හම්බන්තොට දිස්ත්‍රික්කය (7)