සීලවතී රජමහා විහාරය – Seelawathi Rajamaha Viharaya

RATE THIS LOCATION :1 Star2 Stars3 Stars4 Stars5 Stars (3 votes, average: 3.67 out of 5)
Loading...
Stupa at the summit - Seelawathi Rajamaha Viharaya
Stupa at the summit – Seelawathi Rajamaha Viharaya
photo by lakshitha arunajith

මෝදරවාන පිහිටි සීලවතී පර්වතය හා මුල්ගිරිගල පර්වතය කිලෝමීටරයක පමණ දුරින් පිහිටි පර්වත දෙකකි. සීලවතී පර්වතය මුල්ගිරිගල තරම් උස්  නුවත් එය මුල්ගිරිගලට වඩා විශාල ප්‍රදේශයක පැතිරී පවතී. පර්වතයේ තුන් දිශාවක්  තරමක තීව්‍ර ප්‍රපාත වන අතර ඉතිරි දිශාවෙන් පර්වතය මුදුනට ලඟා විය හැක.

සීලවතී රජමහා විහාරය පෞරාණික වුවත් එහි ආරම්භය කුමන කාලයකදී සිදුවූවද පැහැදිළි  නැත.

මෙම විහාරය පිලිබඳව ලිපියක් එෆ්. ලුවිස් නම් බ්‍රිතාන්‍ය ජාතිකයෙකු විසින් 1926දී රාජකීය ආසියාතික සංගමයේ  සඟරාවේ පලකර ඇත.  මේ මගින් 20 වන ශතවර්ෂයේ මුල්භාගයේදී මෙම ස්ථානයේ ස්වභාවය සිහියට නගා ගත හැක.  එකල ඔහු පර්වතය යට සිට බැලූ කල පර්වතය මුදුනේ ස්ථූපය හා අපූර්ව කුළුණක් දුටු බව වාර්තා කරයි.

පහළ  සඳහන් තොරතුරු එම වාර්තාවේ අඩංගු කරුණු මත පදනම් වී ඇත.  එකල මුල්කිරිගල භික්‍ෂූන්  හා  සීලවතී විහාරයේ  භික්‍ෂූන්  අයත් වී ඇත්තේ නිකාය දෙකකට. එමනිසා මෙම විහාර දෙක අතර නිරන්තරයෙන් ගට්ඨනයන්  ඇතිවී ඇත.  අවසානයේදී මෙම ගට්ඨනය නිසා වැඩිම බලපෑම ඇති වන්නේ සීලවතී විහාරයට.  එම විහාරය ක්‍රමයෙන් පරිහාණියට  පත්වී අවසානයේදී අවසරණක් නොමැතිව පාලුවට ගොස් ඇත.  වනයෙන් ගිලගත් මෙම පූජා ස්ථානය පැවතුනේ අවට ජනතාව  නටබුන් වී ගිය චෛත්‍යට සුපුරුදු වත් පිළිවෙත් නොනවත්වා කිරීම නිසාවෙනි.

ලුවිස් සීලවතී විහාරය සංචාරය කරන අවස්ථාවේ එහි වැඩ සිට ඇත්තේ සියම් (අද තායිලන්තය) දේශයේ සිට පැමිණි භික්‍ෂුවකි. ඔහු ලංකාවට පැමිණ ඇත්තේ ගිහි වන්දනාකරුවෙකු ලෙසයි. සිංහල වචනයක් නොදත් ඔහු අනුරාධපුර වැනි බෞද්ධ පූජා නගර වන්දනා කර ඇත. සීලවතී පර්වතය මත ඇති අතහැර දමන ලද විහාරය පිළිබඳව දැනගත් ඔහු එම විහාර භූමිය ඔහුගේ වාසස්ථානය කරගෙන ඇත.  පසුව ඔහු ස්වෞත්සාහයෙන් සිංහල කථා  කිරීමට, කියවීමට හා ලිවීමට ඉගෙනගෙන ඇත.  එපමණක් නොව ඔහු නොයෙක් පරිත්‍යාගශීලීන් සොයා මෙම විහාරස්ථානයේ පුරාණ   ශ්‍රී විභූතිය නැවත ගොඩනංවාලීමට කටයුතු කර ඇත. 

ලුවිස් දුටුව ඒ අපූර්ව කුලුණද   ඔහු විසින් පුද්ගලිකව නිර්මාණය කල බව මහත් ආඩම්බරෙන් පවසා ඇත. විවිධාකාර කැටයම් සහිතව මෙම නිර්මාණය කර ඇති මෙය නොයෙක් වර්ණයේ තහඩු වලින් අලංකාර කර තිබු චමත්කාර කුළුණක් බව ඔහු දක්වයි. සියම් හාමුදුරුවෝ නමින් අවට ප්‍රසිද්ධ වූ ඔහු මෙම කුළුණට  සියම් ආභාෂය ලබා දුන්න විය හැක. මෙම කුළුණ වසර සියයකට පසුත් අදත් චෛත්‍ය අසල ඔබට දැකගත හැකිය.

මීට අමතරව ඔහු ලුවිස්ට මෙම භූමියෙන් හමුවූ පුරාවස්තු රාශියක් පෙන්වා ඇත. ඔහුට සිත්ගත් කිහිපයක් ඔහු විස්තර කර ඇත. ඉන් එකක් රිදියෙන් කල දාගැබ් මංජුසාවකි. එය විවෘත කලපසු එයතුල විදුරු අර්ධගොලයක් තුල ඇති රනින් කල නෙලුම් මලකි. එම නෙලුම් මල මද්‍යයේ ඉහල පුඩුවක් සහිත කම්බියකි. මෙය මහනුවර දළදාව බහාලන මංජුසාවේ අනුරුවකි.  පුඩුව තුලට තබන දන්ත ධාතුවේ අනුරුව තැම්පත් කර ඇත්තේ තවත් ඇත් දළින්  නිමාකල  දාගැබ් මංජුසාවකය. ඔහු විසින් මහනුවර දළදාවේ අනුරුවක් නියමිත පරිමාණයට සාදාගෙන පැමිණ ඔහුගේ අතින්ම මෙම අනුරුව ඇත්දලින් සදා  ඇත.

ඉන්පසු සියම් හාමුදුරුවෝ ඔහු ළඟ තිබූ වටිනාම පුරාවස්තුව පෙන්වා ඇත. එය ඇත්  දළින්  කල කරඬුවකි. මෙය තුල අඟල් භාගයක් පමණ දිග පබළුවක් වන්  මැණිකකි. මෙය නොයෙක් වර්ණයෙන් දිලිසෙන රතු කහ වර්ණ පාරභාශක මැණිකක් බවත් මතුපිට මුතු ඇටයක විලාශයක් ගත්  බවත් ලුවිස් සඳහන් කොට ඇත. මෙම කරඬුව හමුවී ඇත්තේ පුරාණ  ස්ථුපය තුලිනි. ඔහු මෙම පංසලට පැමිණෙන විට එහි ස්ථූපය  නිදන් සොරුන් විසින් කඩා බිඳ දමා තිබිණි. නමත් මෙම “කරඬු පෙට්ට්ය” තැම්පත් කර තිබී ඇත්තේ ස්තූපය  පත්ලයේ ගල්තලාව සාරා එම කුහරය තුලය. ඉන්පසු එම කුහරය නොපෙනෙන ලෙස එම ප්‍රමානයේම තවත් ගල් පතුරකින් මුද්‍රා තබා ඇත. මෙම ස්වාමීන් වහන්සේ විසින් ස්ථූපය නැවත ගොඩනගන අවස්තාවේදී මෙම මුද්‍රා තබන ලද කුහරය මතුවී ඇත.

ඔහුට  මෙම ස්ථානයේ ශිලාලිපියක් හමුවූ බවත් නමුත් එහි අක්‍ෂර හඳුනාගත නොහැකිවන තරමට ක්‍ෂයවී තිබූ  බව සටහන් කර ඇත.

අවසානයේදී සියම් හාමුදුරුවෝ ලුවිස් හට පාද පෙදෙස පිලිස්සුණ ලෝකඩ පිළිමයක් තෑග්ගක් ලෙස දී ඇත.  විහාරය වටා ලඳු කැලාවේ ඇති වූ ගින්නකින් විහාර ගොඩනැගිලි ගිනිගනිද්දී මෙම පිළිමයද දැවී ගල් පැල්මක්  තුලට වැටී ඉතිරි කොටස ආරක්ෂා වූ බව පවසා ඇත. මෙම පිළිමය සියුම් ලෙස නිපදව තිබූ  අතර යම් රජ කෙනෙකුගේයයි සිතිය හැක. එය යම්තාක් දුරට වැලිගම කුෂ්ටරාජ පිළිමය හා සමාන කමක් දක්වයි.  මෙම පිළිමය සියම් හාමුදුරුවන්ට ලැබුණු ආකාරයක් සඳහන් කර නොමැත.

ලුවිස් නැවතත් 1920 වර්ෂයේදී සීලවතී විහාරයට පැමිණෙන විට මෙම විහාරය නැවතත් තනිවී තිබී ඇත. සියම් හාමුදුරුවෝ සීලවතී පර්වතයට පැමිණ වසර 17ක් එය සංවර්ධනය කර වසර 45ක් පමණ ආයු වළඳා අපවත් වී ඇති බව ඔහු ගම්වාසීන්ගෙන් දැනගෙන ඇත.

සියම් හාමුදුරුවෝ ලුවිස් හට තෑග්ගක් ලෙස දදුන් පාද පෙදෙස පිලිස්සුණ ලෝකඩ පිළිමය. - සීලවතී රජමහා විහාරය
සියම් හාමුදුරුවෝ ලුවිස් හට තෑග්ගක් ලෙස දදුන් පාද පෙදෙස පිලිස්සුණ ලෝකඩ පිළිමය. – සීලවතී රජමහා විහාරය

මූලාශ්‍ර

  1. NOTE ON AN IMAGE OBTAINED AT SILAVATIPARVATA TEMPLE. LEWIS, F. (1926).  The Journal of the Ceylon Branch of the Royal Asiatic Society of Great Britain & Ireland, 30(79), 280-285.

සම්බන්ධ වෙනත් පිටු

සීලවතී රජමහා විහාරය සිතියම

ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් විවෘත කිරීමට පහත බොත්තම් භාවිතා කරන්න –
.

ඉහල සිතියමේ මෙම ස්ථානය පමණක් නොව කිලෝමීටර 20ක් ඇතුලත තවත් වැදගත් ස්ථාන ලකුණු වී ඇත. මේ ස්ථාන බැලීමට සිතියම කුඩා කර බලන්න. වැඩි විස්තර සඳහා අවශ්‍ය ස්ථානය මතට මුසිකය ගෙනයන්න. එසේ නැතිනම් click කරන්න.

ගූගල් සිතියම වෙනත් ස්ථාන වලට චලනය කර ගෙනයාමෙන් එම ප්‍රදේශයේ වැදගත් ස්ථාන බලාගත හැක.

සීලවතී රජමහා විහාරය රියදුරු දිශාවන්

ගාල්ල සිට සීලවතී රජමහා විහාරය

මුළු දුර: කිලෝමීටර 73
ගතවන කාලය  : පැය 1.5
ගත කිරිය යුතු කාලය : පැය 1-2 අතර
රියදුරු දිශාවන් : ගූගල් සිතියමේ බලන්න

© www.amazinglanka.com

Leave a Reply