කුච්චවේලි වන මැද සැඟවුණු බඹරගල හා දෙබරගල වන සෙනසුන් පුරාවිද්‍යා නටබුන්

RATE THIS LOCATION :1 Star2 Stars3 Stars4 Stars5 Stars (2 votes, average: 4.00 out of 5)
Loading...
කුච්චවේලි වන මැද සැඟවුණු බඹරගල වන සෙනසුණේ පුරාවිද්‍යා නටබුන් - Archaeological Ruins at the Bambaragala Monastery
ස්වභාවධර්මයා විසින් මවන ලද සිටි පිළිමයක් බඳු ගල් කුට්ටි – කුච්චවේලි වන මැද සැඟවුණු බඹරගල

බඹරගල ලෙස හැඳින්වෙන ස්ථාන කිහිපයක් ලංකාවේ තිබෙනවා.  මෙයින් ප්‍රසිද්ධ බඹරගල තිබෙන්නේ තෙල්දෙණිය ප්‍රදේශයේ. නමුත් අද අප කතා කරන බඹරගල තිබෙන්නේ මීට කිලෝමීටර 175ක් උතුරින් අලි වලසුන්ගෙන් පිරුණු කුච්චවේලි වනය මැදයි.  බඹරගල ස්වභාවධර්මයේ අපූර්ව නිපැයුමක්.  මෙම ගලතලාව මුදුනේ සිරස් අතට විශාල ගලක් පිහිටා තිබෙනවා. මෙම සිරස් ගලමත තවත් සිරස් ගලක් පිහිටා තිබෙනවා. මෙය එක්දිශාවකින්  බලනවිට ස්වභාධර්මය විසින් සැදූ බුදුන්ගේ හිටි පිළිමයක් මෙන් පෙනෙනවා. මෙම ගල්තලාවට මෙම නම වැටුනේ මෙහි අදත් දක්නට තිබෙන විශාල බඹර වද නිසා වෙන්නට පුළුවන්.

ස්වභාවධර්මයා  මවන ලද මෙවන්  ස්ථානයක පුරාණයේ ජනයා  බෞද්‍ය ආරාමයක් පිහිටවූ එක පුදුමයක් නෙවෙයි.  අද මේ ප්‍රදේශය අලි වලසුන්ගෙන් පිරුණු ඝන කැලයක්. අවම වශයෙන් මෙම ප්‍රදේශයට ලඟා වීමට මාර්ගයක්වත් අද නැහැ. මෙම ප්‍රදේශයට යාමට නම් පුල්මුඩේ මාර්ගයේ සල්පයාරු  පාලම අසලින් පාන්කුලම ආරු  ගංගාව හරහා බෝට්ටුවකින් ගමන්කළ යුතුයි.

බඹරගල ගලක් ඇතුලට කපා තනන ලද ලොකු ලෙනක්, එහි ලෙන් කටාරමේ ලිපි 2ක් පුරාණ අක්ෂරයෙන් කොටා තිබෙනවා. මේ ලෙන පිහිටි ගල මුදුනේ  තමයි ස්වභාවධර්මයේ අපූර්ව නිපැයුම තිබෙන්නේ.  මෙම  ලෙනේ ගල්ලෙන් සියල්ල පාහේ අද භාවනායෝගී භික්ෂුන් වෙනුවන් ගොඩනැගිලි බවට පරිවර්තනය කර තිබෙනනවා.

බඹරගල සිට තවත් කිලෝමීටර 2ක් වනය තුලට වන්නට දෙබරගල වන සෙනසුණ පිහිටා තිබේ. මෙයට යාමට එකම මාර්ගය බඹරගල සිට වනසතුන්ගෙන් පිරුණු අඩි  පාරකි.  මෙහිද භාවනායෝගී භික්ෂූන් සදහා ගල්ලෙන් තුල භාවනා කුටි සදා ඇති අයුරු දැකගත හැක.

සම්බන්ධ වෙනත් පිටු

කුච්චවේලි බඹරගල වන සෙනසුණේ පුරාවිද්‍යා නටබුන් සිතියම

ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් විවෘත කිරීමට පහත බොත්තම් භාවිතා කරන්න –
.

ඉහල සිතියමේ මෙම ස්ථානය පමණක් නොව කිලෝමීටර 20ක් ඇතුලත තවත් වැදගත් ස්ථාන ලකුණු වී ඇත. මේ ස්ථාන බැලීමට සිතියම කුඩා කර බලන්න. වැඩි විස්තර සඳහා අවශ්‍ය ස්ථානය මතට මුසිකය ගෙනයන්න. එසේ නැතිනම් click කරන්න.

ගූගල් සිතියම වෙනත් ස්ථාන වලට චලනය කර ගෙනයාමෙන් එම ප්‍රදේශයේ වැදගත් ස්ථාන බලාගත හැක.

කුච්චවේලි බඹරගල වන සෙනසුණේ පුරාවිද්‍යා නටබුන් රියදුරු දිශාවන්

අනුරාධපුර සිට කුච්චවේලි බඹරගල වන සෙනසුණේ පුරාවිද්‍යා නටබුන්
හරහා :නිලාවේලි
මුළු දුර : කිලෝමීටර් 28
ගතවන කාලය : විනාඩි 40 + බෝට්ටුවෙන් හා වනය මැදින් ගමන
ගත කිරිය යුතු කාලය : පැය 1-2 අතර
රියදුරු දිශාවන් : ගූගල් සිතියමේ බලන්න

© www.amazinglanka.com

අම්බලම (57) ආකර්ෂණ (9) ආසනඝර (7) ඉතිහාසය (0) උණුදිය උල්පත් (1) උරුමය (301) ඓතිහාසික උරුම ලිපි (3) ඓතිහාසික සිදුවීම් (1) කුළුදාගේ (1) ගිරි සෙල්ලිපි (8) ටැම්පිට විහාර (41) දිය ඇලි (4) දූපත් (1) දෙතිස් ඵල බෝධින් (5) දේවාල (2) පබ්බත විහාර (3) පර්වත චිත්‍ර (2) ප්‍රදීපාගාර (1) ප්‍රාග් ඉතිහාස ලිපි (1) ප්‍රාග් ඓතිහාසික (6) පාලම් (3) පුරාණ අමුණු (14) පුවරු හා ටැම් ලිපි (9) බලකොටු (11) මීටර 20-29 (1) මීටර 30-39 (1) යාල තුල නටබුන් (6) ලිපි (2) වනජීවී (2) වනජීවී ලිපි (1) වාරි කර්මාන්ත (27) වැව් හා ජලාශ (15) සංචාරක ආකර්ෂණ (14) ස්මාරක (4) සුසාන භූමි (5)

z Jaffna 3 (4) අනුරාධපුර දිස්ත්‍රික්කය (41) අනුරාධපුර රාජධානිය (4) අම්පාර දිස්ත්‍රික්කය (7) කළුතර දිස්ත්‍රික්කය (5) කෑගල්ල දිස්ත්‍රික්කය (31) කිලිනොච්චි දිස්ත්‍රික්කය (3) කුරුණෑගල දිස්ත්‍රික්කය (25) කොළඹ දිස්ත්‍රික්කය (3) ගම්පහ දිස්ත්‍රික්කය (5) ගාල්ල දිස්ත්‍රික්කය (6) ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය (47) නුවරඑළිය දිස්ත්‍රික්කය (5) පුත්තලම දිස්ත්‍රික්කය (5) පොළොන්නරුව දිස්ත්‍රික්කය (14) පොළොන්නරුව රාජධානිය (7) බදුල්ල දිස්ත්‍රික්කය (3) මඩකලපුව දිස්ත්‍රික්කය (2) මන්නාරම දිස්ත්‍රික්කය (10) මන්නාරම දූපත (2) මහනුවර දිස්ත්‍රික්කය (38) මාතර දිස්ත්‍රික්කය (5) මාතලේ දිස්ත්‍රික්කය (7) මුලතිවු දිස්ත්‍රික්කය (27) මොණරාගල දිස්ත්‍රික්කය (6) යාපනය දිස්ත්‍රික්කය (16) රත්නපුර දිස්ත්‍රික්කය (10) වවුනියා දිස්ත්‍රික්කය (8) හම්බන්තොට දිස්ත්‍රික්කය (7)

Leave a Reply