Ampara Nuwaragala Kanda Ruins – අම්පාර නුවරගල කන්ද නටබුන්

RATE THIS LOCATION :1 Star2 Stars3 Stars4 Stars5 Stars (2 votes, average: 3.00 out of 5)
Loading...
To infinity pool of the kings on the top of Nuwaragala Kanda, Ampara

The infinity pool of the kings on the top of Nuwaragala Kanda, Ampara

Sunday Observer photographer, Thilak Perera takes a rare excursion to ancient Nuwara Gala through a picturesque Polle Badda, a veddah village in the Ampara District.

Nuwara Gala, once the kingdom of Saddatissa, brother of King Dutugemunu, still boasts of ruins of an old castle and a rock pool built on top of the mountain. It is believed that Saddhatissa who was hiding from his brother lived in Nuwara Gala until the death of King Dutugemunu.

A veddha community, originally from Dambana, reside in Polle Badda a hamlet in the Ampara district. Farming being their main income, the community is headed by vannila aththo ‘Goba’ who still continues to practise their rare rituals and customs.

Thilak captured these breathtaking landscapes and sceneries during his unique journey.

– Chamitha
Sunday Observer, 30 April 2006

According the Ellawala Medhananda Thero, the ruins are of a great Buddhist monastery built by King Lanjatissa (119-109 BC), the son of King Saddhatissa.

A stone paved pathway with a width of nearly 20 feet leads to the top of the mountain and to a large drip ledged cave, which can comfortably house nearly 150 people. The cave has been partitioned with brick walls and had had a plastered and decorated interior but the walls and the inner plaster is in ruins today.

Further uphill is a pond, an eternal water source to the creatures of the wild today, but would have been initially built to cater hundreds of Arhat Monks, who whiled away in meditation. The ruins of monastery spread in and around Nuwaragala as witness to the prosperity of monastery during the first century BC. One of the most prominent among is the ruins is a statue house, which would have been built nearly three hundred years after the initial construction of the monastery.

According to some archeologists Nuwaragala could have been the Girinuwara, the famed city of Prince Giri Abaya, the partner of Princess Soma, the sister of King Kawanthissa. Sinhala historical chronicles Datuwansa records Prince Dutugamunu visiting the site with a Minister named Dava. A confrontation between the uncle and nephew broke up the kingdom and Prince Giri Abaya eventually left to Seru Nuwara abandoning his mountain fortress.

Today this mountain fortress turned monastery is in the homeland of a Vedda community, who lives in and around Pollebedda, few miles away from Nuwaragala, in a well-known vedda village immortalized in Dr. Spittel’s books.

Also See

Map of  the Ampara Nuwaragala Ruins


Please click on the button below to load the Dynamic Google Map
.

The map above also shows other places of interest within a approximately 20 km radius of the current site. Click on any of the markers and the info box to take you to information of these sites.

Zoom out the map to see more surrounding locations using the mouse scroll wheel or map controls.


Traveling Directions to Ampara Nuwaragala Ruins

Route from Ampara to Nuwaragala Ruins

Though : Aranthalawa
distance : 52 km
Travel time : 1 hours + 45 minutes hike
Driving directions : see on google map

හෙළයාට අමතකවූ නුවරගල මුදුනේ නටබුන් නගරය

Lankadeepa
2017 පෙබ 28 වන අඟහරුවාදා

Ampara Nuwaragala

දිගාමඬුලු බින්තැන්නේ වන අසිරිය විඳ ගන්නට මෙන්ම පුරාවිද්‍යාත්මක ඓතිහාසික ස්ථානයක් දැක බලා ගැනීමටත් ජෛව විවිධත්වයෙන් යුතු විවිධ වර්ගයන් ගෙන් සුසැඳි ඵලබර ගහ කොළ ද සියොතුන් ද සාවුන් මීමින්නන්, මුවන් ගෝනුන් ආදි සිවුපාවුන් ද දැක බලා ගැනීමට හැකි දෙස් විදෙස් සංචාරකයින්ගේ මනදොළ පුරවන නුවර ගල ගිරිශිඛරය වු කලී කුවේරයාගේ ආලකමන්දාව තරම් විසිතුරුය. මනස්කාන්තය. කිවහොත් එය නුවර ගලට කරන සමච්චලයකි.

නුවර ගල ඒ තරම් ම චිත්තාකර්ෂණීය දිය කඳුරු, දිය කඩිති හෝ පොකුණු ආදියෙන් ද සුපෝෂිත ලතා මඬුල්ලෙන් ද අලංකෘත ය. පිල් විදහා රඟන පිල්බරුන්ගේ කාහල නදින් ද නින්නාද දෙන්නා වු නුවර ගල සොබාදම් දියනියගේ මන්දස්මිතයෙන් ශෝහාමත් වු නන්දන උයනට උවම් තබන වන උයනකි.

අම්පාර දිස්ත්‍රික්කයට අයත් මහඔය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පොල්ලේබැද්ද ආදිවාසී ගම්මානය හරහා රඹකැන් ඔය මිටියාවත ඔස්සේ වන සංචාරයක යෙදෙන්නකුට සොබා දහමේ අපූර්ත්වයක්, පෙර රජ දරුවන්ගේ විස්මිතයනුත් නරඹමින් සොබා දහමේ අපුරු නිමවුමක් වු නුවර ගල වෙත ළඟා විය හැක. මා නුවර ගල අසිරිය විඳ ගන්නට එහි ගියේ. බ්‍රෝහියර් දුටු ලංකාව නැමැති කෘතිය කියවීමෙන් උපන් කුතුහලයත් විස්මිතයත් හේතුවෙනි.

ගල් පර්වත වලින් ගහන වු මේ පෙදෙසේ ගලින් සෑදුණු ගල් ගුහා රැසක් දක්නට ඇත. එකල ඒවා වැදි ගෝත්‍රික ජනයාගේ වාසස්ථාන විය. එහෙත් පසු කාලීනව මේ ප්‍රදේශය වඩාත් බුද්ධිමත් ජන සමූහයක වාසස්ථානයක් වු බවට සාධක තිබේ.

නටබුන්ව ගිය වැව් අමුණු සහ ජනාවාසයන් හි නටබුන් පෙදෙස පුරාම විසුරුණේය. නුවර ගල නමැති පර්වතය මුදුණේ විසල් නුවරක නටබුන් දැකිය හැකිය. අනිවාර්යයෙන්ම මේ නුවර එකල පාලන කේන්ද්‍රස්ථානය බවට පත්ව තිබෙන්නට ඇත. දුෂ්කර වනගත ගමන් වල පුරුදු සංචාරකයකුට මේ වැළලී ගිය නුවර ගල නගරය පිළිබඳ කිසිවක් නොවැටහෙනු ඇත. එයින් ඔහුගේ ඥාන ක්ෂුද්‍රාවට කිසි පිළිසරණයක් නොදෙනු ඇත. එහෙත් එක් දිනක් හෝ ඉවසිල්ලෙන් එය නැරඹුව හොත් එකල මෙහි තිබු ශ්‍රී විභූතිය පිළිබඳ යම් උපකල්පනයක් ඇති කර ගැනීමට බැරි නොවේ.

 

Ampara Nuwaragalaනුවර ගල මුදුනට පිවිසිය හැකි එකම මඟ පොළොවට ලම්භකව පිහිටි පර්වත බෑවුම ඔස්සේ වැටී ඇති පැරණි දුර්ග මාර්ගයයි. ආරක්ෂාව පිළිබඳ මේ ස්වභාවික සාධකය නිසා මෙය සැබවින්ම සුපතළ බළකොටුවක් වන්නට ඇත.  පැරණි රජුන් තම බළකොටු පිහිටුවා ගත්තේ මහ වන මැද රළු බෑවුම් ඇති පර්වත මතය. බොහෝවිට ජලාශයකින් ද එය තවදුරටත් සුරැකුණි. පර්වතය මුදුණේ දැකිය හැකි පැරණි නගරයේ නටබුන් වලට අමතරව ඉතා සුන්දර කෘතිම කෙමක් දැකියා හැක. කෙම යනු ගල්පර්වත වල පිහිටා ඇති සුන්දර පොකුණකි. නුවර ගලේ බටහිර පවුරක් වන් තද බෑවුමකි. (බ්‍රෝහියර් දුටු ලංකාව පිටුව 136)

බ්‍රෝහියර් දුටු නුවරගල චමත්කාරය දෑසින් දැක ගන්නට අපිදු වන පියස පියමං කර රඹ පැහැ දියෙන් පිරි රඹකැන්ඔය තරණය කර සුවිශාල තැනිතලාවකට අවතීර්ණ වූවෙමු. තැනිතලාව අක්කර දහස් ගණනකින් යුක්ත විය. තලා බිම් කඩෙහි පසෙකින් යෝධයෙකු මෙන් නැගී සිටි මහා ගල් පර්වතයකි. ඒ තමා නුවර ගල හෙවත් නුවර තිබු ගල.

දුෂ්කර ගමන් මගේ අසීරුතම කොටස වුයේ එක එල්ලේම ඉහළට නගින්නට තිබූ කොටසය. රැහැයියන්ගේ ක්‍රීස් ක්‍රීස් නාදයන් නාද රටාවන් අපගේ සරතැස නිවන්නට සමත් වූයෙන් රිඳුම් දෙන දෙපා ගැන නොහිතාම අපි කඳු මුදුන කරා පිවිසුණෙමු.

ගල් අතුරා මනාව සකස් කර තිබුණු අඩි 8 ක් පමණ පළල් වූ මෙම පැරණි මාර්ගය නුවරගල දක්වා ගිය රජ දරුවන් ගමන් ගත් රජ මාවත ලෙස සැලකිය හැක. මේ මාවතේ බෑවුම පැත්තේ ගල් වැටි දමා මනාව සකස් කර ඇති අතර මාර්ගයේ තැනින් තැන කුඩා කුටි කිහිපයක නටබුන් දක්නට ඇත. ඒවා මඟ දෙපස තිබු මුර කුටි විය හැක. මෙකී මුර කුටි වල පාදම් පවා කලකට පෙර නිදන් හොරුන්ගේ ග්‍රහණයට ලක්ව තිබුණි.

බ්‍රෝහියර්ගේ නිගමනය අනුව මෙන්ම ජනප්‍රවාදයක් අනුව ද මෙම ස්ථානය පැරණි රජ දවස පාලන කේන්ද්‍රස්ථානයක් ව තිබෙන්නට ඇතැයි යන්න අපට ද නිගමනය කළ හැකි ජනප්‍රවාදයේ එන කතා පුවත්වලින් කියවෙන්නේ සද්ධාතිස්ස රජු විසින් මෙම බළකොටු නගරය ඉදි කළ බවය. එහෙත් නුවර ගල නටබුන් හා නුවර ගල පහළ නිම්නයේ රඹකැන්ඔය හරස් කර බඳින ලද වැවේ නටබුන් අධ්‍යයනය කිරීමේදී අපට හැඟීයන්නේ මේ ස්ථාන දෙකෙහිම ඉදිකිරීම් කටයුත අඩක් නිම වීමෙන් පසු කිසියම් කරුණක් නිසා අතහැර දමන ලද බවකි.

සද්ධාතිස්ස රජතුමා දිගාමඬුල්ල පාලනය කළ කාලයේ දී ඉන්පසු ඔහු රාජ්‍යත්වයට පත් වූ සමයේ දී මේවා සම්පූර්ණයෙන්ම ඉදි කිරීමට අවකාශ තිබුණි. නමුත් එසේ කළ බවත් දක්නට නොමැත. සද්ධාතිස්ස වැනි බලගතු රජෙකු අත ගැසු කර්මාන්තයක් කිසියම් කරුණක් නිසා අත හැර දැමු බවත් සඳහන්ව නැත. එමෙන්ම නුවරගල බළකොටු නගරයේ හෝ රඹකැන්ඔය ජලාශයේ නටබුන් අතර සද්ධාතිස්ස රජතුමා ගැන සඳහනක් මෙතෙක් හමු වී නැත. නුවරගල ලෙනෙහි ඇති සෙල් ලිපියෙහි සඳහන් වෙන්නේ එම ලෙන සද්ධාතිස්ස රජුගේ පුත් ලඤ්ජතිස්සයන් විසින් කරවු බවකි.

මේ හේතුව නිසා නුවරගල බළකොටුව මෙන්ම අඩක් නිම වී අත හැර දමන ලදැයි සැලකෙන රඹතැන් ඔය වැවද සද්ධාතිස්ස රජ විසින් ආරම්භ කරන ලද්දක් විය නොහැකි බව නිගමනය කළ හැකිය. නුවරගල ගිරි ශිඛරයෙහි පවතින ආරක්ෂිත ස්වභාවයත් විචිත්‍රවත් වු ස්වභාවික පරිසරයත් පමණක් නොව රුහුණේ මාගම සිට රජරට දක්වා දිවෙන මාර්ගයේ පිහිටීමක් නිසා මේ ස්ථානය සැබවින්ම රාජධානි සුරක්ෂිත කෙරෙන ආරක්ෂිත බළකොටුවක් වශයෙන් රුහුණු රාජ්‍යයේ ආරම්භයේ සිටම පවතින්නට ඇත. ඉක්බිති සද්ධාතිස්ස රජතුමාද ඔහුගේ පුත් ලඤ්ජයතිස්ස ද භාවිත කරන්නට ඇත.

නුවරගල කන්දේ කටාරම් සහිත ලෙන් රාශියක් නැත. ඇත්තේ කටාරම් සහිත අඩි 150 ක් තරම් දිග් වූ එක් ලෙනක් පමණකි. එම ලෙන් පියස්සේ සෙල් ලිපියක් දක්නට ඇත.

මේ කන්ද පුරාම දක්නට ඇත්තේ මහා ගල් කුළුය. බිම්තැන්නේ ශේෂ කඳුවැටි සියල්ලක්ම  පාහේ දක්නට ලැබෙන මෙම ස්වභාවය නුවරගල දී අපට වැඩි වශයෙන් දැක ගත හැකි වේ. දීර්ඝ කාලයක් තිස්සේ අව්වට රත් වෙමින්, වැස්සට තෙමෙමින් පැවතීම හේතුවෙන් පාරිසරික බලපෑම් වලට ලක්ව ශේෂව ඇත්තා වූ සියයට අනූවක් තරම් ගල් ප්‍රදාමයන් ගෙන් සෑදී මෙකී නුවර ගල කන්ද මුදුනට අපි කෙමෙන් කෙමෙන් ළඟා වෙමින් සිටියෙමු. අප ගමන් ගන්නා ගලින් නිර්මිත ගමන් මාර්ගයෙහි ගල්කුළු ආවරණය කරමින් නැගී සිටි විවිධ වර්ගයේ ගස් වැල් ද මීවන උඩවැඩියාද කුඩා පඳුරුද ඒවායේ සුපිපුණු මල් කිනිති ද දළුපත් ද මනස්කාන්ත දර්ශනයක් මවා පෑවේය. ඉහළ මුදුනට නැගෙන ගමන් මගෙහි සුවිශාල එක් ගල් පව්වක සිට ඒ අසලින්ම වූ තවත් එතරම්ම වූ ගල් කුළක් වෙත යාමට යොදා ඇත්තේ ගලෙන් කළ පාලමකි.

Ampara Nuwaragala
ගල් කුළු දෙකක් අතර එළන ලද ගල් ලෑලි දෙකක් ඒ සඳහා යොද ගෙන තිබුණේ ඉතා සූක්ෂම අන්දමින්ය. එහි ආරක්ෂාවට කන්දේ බෑවුම පැත්තෙන් බැම්මක් බැඳ තිබුණු බවට සාධක ඇත. මේ ස්ථානයේ පමණක් නොව කන්ද මුදුන දක්වා දිවෙන ගමන් මඟේ තැනින් තැන මේ අන්දමට ආරක්ෂක බැමි ඉදි කර තිබී ඇත. එම වැටි බොහොමයක් කාලයාගේ ඇවෑමෙන් ගරා වැටී නටබුන් බවට පත්ව ඇත.

නුවරගල කඳු මුදුන පෙනී පෙනී එහි ප්‍රවිශ්ඨ වීම සඳහා කන්දේ වටේ ඉහළට විහිදෙන මඟක ගමන් කරමින් සිටින අපේ නෙත් සිත් පැහැර ගන්නා දසුනක් විය. ඒ අනෙකක් නොව කඳු ශිඛරය මුදුනේ සිට පහළට ඇද හැළෙන සිසිල් දිය දහරාවකි. දිය ඇල්ල අඩි සිය ගණනක ඉහළ සිට අප ගමන් ගන්නා මාර්ගයට ඇද හැළෙන්නේ මුතු කැට පොකුරක් විසි කරන්නාක් මෙනි. ගල් හොකර මැද්දෙන් එසේ ඇද හැළෙන දිය ඇල්ල දඟකාර ළමිස්සියක මෙන් අඟර දඟර පාමින් කැකිරි පළන හිනාපාමින් ගල් තලාව මැද්දෙන් පහළට ඇද මහ ඔය නිම්නය ඔස්සේ ගලා ගොස් බොරපොළ ඇළ නමින් මුන්දෙරනි ආරුවට එක් වන්නේ මහඔය නගරයට ඔබ්බෙන් (්5) මාර්ගයේ පාලම අසලිනි.

දිය පහර ඇද හැලෙන ඉසව්වට මඳක් පහළින්, එනම් නුවරගල පව්වේ ඉහළ කොටසෙහි බඳෙහි, උසින් අඩි දහයක් පමණ වු ද පළලින් අඩි තුනක් පමණ වු ද කුහර හතක් නිමවා ඇත. ගල් නළලේ කොටා ඇති ජනේල වැනි මේ ගල් කුහර අඩි පහක් පමණ හාරා ඇතැයි සිතිය හැක. ගැමියන් විසින් මේවා හඳුන්වන්නේ ගල් දොරක් යනුවෙනි. ඒ නිසාම මේ අපූරු ස්ථානය “දොරෙන් පේන ඇල්ල ” නම් වේ. ගල් තලාවේ කොටා ඇති මේ කුටි හත අප දර්ශනය කර ගත්තේ දුර දක්නයක් ආධාරයෙනි. මෙම ගල් කුහර වෙත ළඟා විය හැක්කේ ගල මුදුනේ සිට පහළට හෙළන වැල් ඉණිමඟක ආධාරයෙනි. එවැනි අනතුරුදායක ප්‍රයත්නයක නිරත වීමට කිසිවෙක් ඉදිරිපත් නොවෙති.

Ampara Nuwaragalaගල් වඩුවන් යෙදා එකල නිර්මිත මේ ගල් කුහර මුර කුටි ලෙස යොදා ගැනීමට සකස් කරන ලද ඒවා විය හැක. එසේ නම් මෙම මුර කුටි වෙත යෑමට ඒවාට යොදා ගන්නට ඇත්තේ වැල් ඉණිමං විශේෂයක් යැයි සිතිය හැක. එසේ නොමැති නම් අජන්තාවෙහි මෙන් සිතුවම් නිර්මාණය කිරීමට මෙම කවුළු නිම කෙරුවා විය හැක. මේවා මුර කුටි ලෙස යොදා ගත්තේ නම් නුවරගල කඳු ශිඛරය අනිවාර්යයෙන්ම ආරක්ෂිත බළකොටු නගරයක් වෙන්නට ඇත. කෙසේ වෙතත් “දොරන් පේන ඇල්ල” නරඹා මඳ දුරක් ඉදිරියට  ගිය විට පැරණි රජ දරුවන්ගේ තවත් විස්මිත නිර්මිතයන් ගෙන් සැදී කන්ද මුදුනට අවතීර්ණ වීමට හැකි විය.

ඒ මනහර ගිරිකුළ මුදුණේ සිට පහත බැලු අප නෙත ගැටුණේ නිදහස් නිවහල් ලක් දෙරණත සුන්දර වු දසුනකි. ඈතින් සුදෝ සුදු බුබුළක් මෙන් දිස් වන්නේ මහියංගණ මහ සෑ රදුන්ය. මෑතින් දිස් වන්නේ නැගෙනහිර මුහුදු තීරය යි. නිල් සේද සළුවක් දිග හැරියාක් මෙන් දිස්වෙන නැගෙනහිර සමුදුර කෙතරම් චිත්තාකර්ෂණීය දර්ශනයක් මවා පාන්නේද යත් ඒ දෙසින් නෙත්  ඉවත හැරවිය නොහැකි තරම් වූයෙන් අපි බොහෝ වේලාවක් ඒ දෙස බලා සිටියෙමු. අප අත අවි නොවුයෙන් ද ඇකයෙහි දරුවන් නොවු හෙයින් ද නොදැනිම කිසිවක් අප කෙරෙන් නොගිලිහුණි. එසේ වුවද නැවත ද අපේ දෑස් අනෙක් දෙසට යොමු කෙරුණි.

මහියංගණ සෑ රදුන්ට ඔබ්බෙන් වු සදාහරිත ගල් වදුලෙන් සුරක්ෂිත වු කඳු වැටිය දැක්මෙන් දෙනෙතට අඳුන් ගැල්වු කලක මෙන් සිසිලක් දැනුණි. දුර දක්නය දෙනෙත් සනසවන චමත්කාර ජනක වු පරිසර පද්ධතියක රූප රාමුය. කඳු පාමුලින් මහවැලිය ප්‍රධාන කොටගත් අන්තර් ගංඟා මණ්ඩලය ගලා බසියි. හුන්නස්ගිරිය, ලකේගල කඳු වැටි වසා ගත් හරිත වර්ණාලේපිත ගස් වදුලු ද මෑත තැනිතලා බිම් කඩ පුරා තැනින් තැන ඉදි කෙරුණ ජලාශයන් ද අපේ නෙත් සිත් පහන් කරන්නට වුයේ ජාතික අභිමානයත් දේශවාත්සල්‍යයත් හදවත් තුළ ජනිත කරවමිනි. පැරණි රෝහණ රාජ්‍යයේ දිගාමඬුලු නිම්නය හා පුළතිසි පුරයේ විශාල පෙදෙසකුත් පෙරඹරෙහි පැරණි බින්තැන්න වෙල්ලස්සත් එක තැනක සිට ඇසි දිසිමානයෙන් නැරඹීමට හැකි එකම ස්ථානය නුවරගල කඳු මුදුන බව අපට පසක් වුයේ මේ රම්‍ය වු දර්ශනයත් නෙත ගැටුණාට පසුවය.

අපි අවට සිරි නැරඹීම මඳකට නවතා නුවර ගල කඳු මුදුනේ බිම් කඩ ඔස්සේ පිය නඟන්නට වූයෙමු. පර්වත මුදුන මඳ බෑවුම් සහිත තැනිතලාවකි. ගල් තලාවන් ද අතරින් පතර පස් සහිත පොළොවෙන් ද යුතුය. කුඩා පඳුරු ද ගස් වැල් ද එම තැන් වලින් පැන නැගී ඇත. මාදං මෝර වැනි මධ්‍ය ප්‍රමාණයේ ගස් ද නැත්තේ නොවේ. කඳු මුදුන එසේ මෙසේ එකක් නොව අක්කර හැටක පමණ වපසරියෙන් යුක්ත වුවකි. දිගාමඬුල්ලේ පිහිටි එකම ආරක්ෂක බළකොටු නගරය වු නුවරගල භූමියේ බෑවුම් පෙදෙස ගල් තලාවකින් යුතුය. මෙම ගල් තලාව පාදක කර ගෙන පැරණි ගල්වඩුවන්ගේ දෑතින් නිම වු ජල පොකුණ අතිශය රමණීය වුවකි.
මේ ගිරි ශිඛරය මුදුනේ සිසිල් ජල පොකුණක් සඳහා දිය උල්පත් කෙසේ පහළ විනිදැයි කිව නොහැක. පිහිටි කළු ගල් තලය කපා සාදා ඇති මේ දිය පොකුණ වැහි ජල රැඳවුමක්ද විය හැක. පැරණි හෙළයන් ජලය සුරක්ෂිත කර ගැනීම සඳහා මෙවැනි උපක්‍රම භාවිත කළේය. දිගින් අඩි 77 ක් වු ද පළලින් අඩි 55 ක් වුද මෙම නිල් දිය පොකුණේ දැනට ඇති ගැඹුර අඩි 7 ක් පමණ වුවද රොන්මඩ පස් නෙරැඳුණු තැන්හි ගැඹුර අඩි 11 කි. නිරන්තරයෙන් දියෙන් පිරී තිබෙන මේ ජල තටාකය වෙත නියං සමයේ දී දිය බීම සඳහා සිවුපාවුන් ද අලි ඇත්තු ද පැමිණෙති. එකලට අලි කොටි වලසුන්ගේ තිප්පොළක් වන නුවරගල පුරවරයෙහි වෙසෙන හෙල් ගෝනුන්ට අවාසනාවන්ත කාල පරිච්ඡේදයකි.

අපි නුවරගල නගිද්දී තැනින් තැන අලි වසුරු තිබෙනු දුටුවෙමු. කිසි දිනක නොසිඳෙන මේ කෘත්‍රිම ජලාශයට ස්වාභාවික ජල උල්පතක් තිබේ ද? එසේ නොවේ නම් වර්ෂා ජලය විසින් මෙය නිරන්තරයෙන් ම පෝෂණය කරන්නේ දැයි නිශ්චිතවම කිව නොහැකි වුවත් මෙතරම් විශාල ජල තටාකයක් නිර්මාණය කිරීමෙන් බලාපොරොත්තු වන්නට ඇත්තේ ජලස්නාන පහසුකම් සුපරා ගැනීම පමණක් නොවන බව පැහැදිලිය. පාරිසරික අලංකරණයට ද නිර්මිත දිය පොකුණකින් ලැබෙන පිටිවහල අපමණය.

මෙකී ජල පොකුණ කපා සකස් කිරීමේදී ඉවත් කළ ගල් කුට්ටි බෑවුම දෙසින් ගල් වැටියක් ලෙස ගොඩ කර ඇත. මේ දිය පොකුණ තවත් පුළුල් කිරිම සඳහා හෝ පොකුණට ප්‍රවිශ්ට වීම සඳහා මාර්ග පද්ධතියක් ඉදි කිරීමට හෝ කරන ලද සීමා නිර්ණ සලකුණු පොකුණ පිහිටි ගල්තලාව සමීපයේ දක්නට ඇත. ඉදිකිරීම් වැඩ නිම නොවු මෙම ජලාශයට ඉහළ කොටසේ කිසියම් ගොඩනැගිල්ලක් තිබු බවට සලකුණු දක්නට ඇත.

නුවරගල කඳුවැටිය පා මුල සීත වන්නිය කඳු පාමුල අසලින් ගලා යන රඹකැන්ඔය හරස් කර බඳින ලද වැවේ ගල් සොරොව්ව හා දෙපා ඇළ මාර්ග පද්ධතියත්, වැව් බැම්මත් නිරීක්ෂණය කිරීමේ දී හැඟීයන්නේ එම වාරි කර්මාන්ත වැඩ නිම  නොකරන ලද්දක් බවකි.

වර්තමානයේ දී (2013) එම වාරි කර්මාන්තය ඉදි කරන ලද අතර අක්කර අඩි 45,000 ක ජල ධාරිතාවකින් යුත් එකී ජලාශය ඉදිකළ වාර්මාර්ග ඉංජිනේරුවන්ගේ නිගමනය වුයේ ද එම මතයමයි. ඒ අනුව නුවරගල හා රඹකැන්ඔය වැව එකම කාලයක දී ආරම්භ කෙරුණ ඒවා විය හැකිය.
රුහුණේ හා දිගාමඬුල්ලේ ඉතිහාස ගත තොරතුරු බොහොමයක් මෙතෙක් නිසිලෙස හෙළි පෙහෙළි වී නැත. ඒ අතරින් ගිරි නගරය පිළිබඳ පුවත ද ප්‍රබල එකකි.

කාවන්තිස්ස රජුගේ සොයුරිය වු සෝමා දේවිය විවාහ කර ගත් ගිරි අභය නැමති ප්‍රාදේශීය පාලකයා නුවරගල විසු බවත්, ඒ සමයෙහි කුමාර අවධියෙහි වු දුටුගැමුණු කුමාරයා ද කලක් ඔවුන් සමීපයේ වැඩුණු බවක් පැවසේ. නොබෝ කලකින් දුටුගැමුණු කුමරුන් හා ඇති වු හිත් අමනාපයක් හේතුවෙන් ගිරි අභය තෙමේ නුවරගල හැර දමා සේරු නුවරට ගොස් එහි නුවරක් ඉදි කර ගෙන විසු බව වංශ කතා වලින් කියැවේ.

මෙතෙක් නිශ්චිතව හඳුනාගෙන නොමැති ගිරි නුවර නුවරගල විය හැකි යැයි ඇතැම් ඉතිහාසඥයෝ සැක පහළ කරති. එය එසේ වුවේ නම් නුවරගල ඉදිකිරීම් කටයුතු ගිරි අභය විසින් ආරම්භ කොට හිත් අමනාපය නිසා රුහුණෙන් බැහැරව පිහිටි සේරු නුවරට යන්නට ඇත්තේ ඉදිකිරීම් කටයුතු අඩාලව තිබිය දී විය හැක.

අක්කර 62 තරම් වු පර්වත මුදුන් තලයේ ඉහළ කොටසේ විශාල ගොඩනැගිල්ලක් ඉදි කර තිබුණා යැයි හෝ ඉදිකරමින් තිබුණා යැයි සිතිය හැකිය. ජනප්‍රවාදයේ පවතින අන්දමට මාළිගාතැන්න නම් වු මෙම අක්කරයක් පමණ විශාල භූමිය පුරාම ශිලා ස්ථම්භ ගල් පුවරු විසිරී ඇත. හතර පැත්තෙන්ම පඩි පෙළවල් හතරකින් යුක්තය. ප්‍රධාන ගොඩනැගිල්ලේ පාදම කළු ගලෙන් නිමවා ඇත.

ලෙන් ලිපියෙහි සඳහන් දෙවන පිය මහ රජ හා ගාමිණි තිශහ පුතු මහ තිශ අයහා ලෙණ ශගශ. මේ ලෙන සතර දෙසින් එන සංඝයා වහන්සේ වෙත පූජා කරන ලද්දේ සද්ධාතිස්ස රජතුමාගේ දෙටු පුත් ලඤ්ජතිස්සය.

Ampara Nuwaragala
සද්ධාතිස්ස රජ අනුරාධපුර රාජ්‍ය කරමින් සිටි අවධියේ දිගාමඬුල්ලේ පාලකයා වු ඔහුගේ දෙටුපුත් ලඤ්ජතිස්සට සිය පියාගේ මරණයෙන් පසු රජකම හිමි විය යුතු වුවද රජතුමාගේ මරණයෙන් පසු භික්ෂූන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබු රජතුමාගේ කනිටු පුත් කුලත්ථන අනුරාධපුරයේ රජ විය.

මෙය නොඉවසු ලඤ්ජතිස්ස නුවරගල සිට සේනා සංවිධානය කර ගෙන අනුරාධපුරයට ගොස් කුලත්ථන රජ කමෙන් පහකර රාජ්‍යත්වයට පත් වු බව ජනප්‍රවාදයන්ගෙන් හා වංශ කතාවෙන් තහවුරු වෙයි.

මේ අනුව නුවරගල පුරාණය රජවරුන් හා ප්‍රාදේශීය පාලකයින් කිහිප දෙනෙකු ගැන කියැවෙන මෙතෙක් ස්ථිර වශයෙන් නිගමනයකට බැසිය නොහැකි ගුප්ත වූ ද විස්මය ජනක වු ද අපුරු වෘත්තාන්තවලින් පිරුණු සංසිද්ධීන් ගෙන් ගහන වූවකි.
අතීත ඉතිහාසයේ ආදිමානවයන් විසුවේ යැයි ද වැද්දන් හා නිට්ටෑවුන් විසු වේ යැයි ද සඳහන් නුවරගල ඉසව්ව කලක් නිදන් හොරුන්ගේ ද කොටි ත්‍රස්තවාදීන්ගේ ද තිප්පොළක්ව පැවතිණී.

Ampara Nuwaragala
ඉංග්‍රීසින්ගේ සමයේ දී නුවර ගල වන බිම සිය රාජධානිය කරගෙන විසු “තිසාහාමි” සිය පෙම්වතියක වු වල්ලි පැහැර ගෙන ගොස් මධු සමය ගත කළේ නුවරගල ජල පොකුණ හා මෙකී බළකොටුව පිහිටි වන පියසෙහිය.

පොළොන්නරුව දෙසින් රජරට දක්වා දිවෙන මාදුරුඔය වනෝද්‍යානය පසුබිම් කොටගත් දිඹුලාගල, බමුණේගල, ගෝවින් දහෙළ, වාළිඹෙහෙළ, තොප්පිගල, ගෝවින්ද හෙළ, කොකාගල, හුන්නස්ගිරිය, මාතලේ, නකල්ස් කඳු වැටිය ද මහියංගණය, සොරබොර, මහවැලි නිම්නය ආදී ශ්‍රී ලංකාවේ ගිරිදුර්ග, නිම්න, වනපෙත්, ගංඟා ඇළ දොළ ආදියෙන් නැගෙනහිර මුහුදු වෙරළ තෙක්  පැතිර ඇති පතන් හා තැනිතලා භූමියත් එය වටා රළ පෙළ නංවමින් සිය යසෝරාවය පතුරුවන මහ සමුදුරත් එකම නැරඹුම් ස්ථානයක සිට නැරඹිය හැක්කේ දිගාමඬුලු වනපෙතේ සුන්දර කඳු ශිඛරයක් වූ නුවරගල මුදුනේ දීය.

එහි සුන්දරත්වය විඳ දරා ගන්නට යන ඔබ සැමගෙන් අප කරන එකම ආයාචනය ඔබ ගෙන යන කිසි දෙයක් එහි රඳවා නොඑන ලෙසත් ගහක්, කොළක්, පොතුත්, මලක් හෝ අන් කිසිවක් රැගෙන නොඑන ලෙසත්ය. ඒවා අයිති ඔබට නොවේ. වන පෙතටය.

© www.amazinglanka.com
Comments