හිරුවල්පොල ශ්‍රී පුෂ්පාරාමය ටැම්පිට විහාරය – Hiruwalpola Sri Pushparamaya Tampita Viharaya
හිරුවල්පොල ශ්‍රී පුෂ්පාරාමය පුරාණ විහාරය පිහිටා ඇත්තේ බිංගිරිය (හලාවත – පඩුවස්නුවර මාර්ගයේ) සහ දුම්මලසූරිය (මාදම්පේ-කුලියාපිටිය මාර්ගයේ) අතර ය. මෙම විහාරස්ථානය බිංගිරිය සිට කි.මී. 7.5 ක් සහ දුම්මලසූරිය සිට කි.මී. 8.8 ක් දුරින් පවතී.
ටැම්පිට විහාර මහනුවර රාජධානිය පැවති කාලය තුල ජනප්‍රිය ගෘහ නිර්මාණ අංගයක් වූ අතර මෙහිදී ගෘහය වේදිකාවක් මත ඉදිකරන ලද අතර එම වේදිකාව ගල් කුළුණු මත තබා ගොඩනැගිණි.
හිරුවල්පොල ටැම්පිට විහාරය සෙන්ටිමීටර 82.5 ක් උස ශෛලමය කණු 20 ක් මත පිහිටුවා ඇත. අභ්‍යන්තරයේ ඇති පිළිම ගෙය වටා ප්රදක්ෂිණා පථයකි. මෙම පථයේ ඉදිරිපස පළල මීටර් 1.30 ක් වන අතර දෙපැත්ත සහ පිටුපස පුද්ගලයෙකුට යන්තම් ඇවිදීමට තරම් ප්‍රමාණවත් සෙන්ටිමීටර 56 ක් පළල වේ. අභ්‍යන්තර පිළිම ගෙය දිග මීටර් 3.30 ක් වන අතර පළල මීටර් 2.51 කි. සම්පූර්ණ ගොඩනැගිල්ලේ දිග මීටර් 5.16 ක් වන අතර පළල මීටර් 3.63 කි.
ටැම්පිට විහාරයට සම්බන්ධ කරමින් ඉදිරිපස මණ්ඩපයක් ඉදිකර ඇත. දෙපස ජනේල 4 ක් සහ පුළුල් ඉදිරිපස දොරටුව හැර මෙය සෑම පැත්තකින්ම ආවරණය වේ. මෙම ගොඩනැගිලි දෙකම සෙවිලි කර ඇත්තේ මහනුවර යුගයේ ගොඩනැගිලිවල දක්නට ලැබෙන සාමාන්‍ය පැතලි උළු භාවිතා කරමිනි.

Hiruwalpola Sri Pushparamaya Ancient Viharaya lies between Bingiriya (on Chilaw – Panduwasnuwara road) and Dummalasuriya (on Madampe-Kuliyapitiya road). The temple lies 7.5 kms from Bingiriya and 8.8 kms from Dummalasuriya.
Tampita Vihara was a popular architectural feature during the Kandyan kingdom where the temple was built on a platform which was held on an array of pillars, mostly stone.
The Hiruwalpola Tampita viharaya lies on 20 rock pillars 82.5 centimeters tall. A circumambulating path has been built around the inner chamber which is the image house. The front of this path is 1.30 meters wide and the two sides and the rear of the path is 56cm wide, barely enough for a person to walk. The inner chamber (image house) is 3.30 meters long and 2.51 meters wide. The whole structure is 5.16 meters long and 3.63 meters wide.
A mandapa has been built in front connecting to the Tampita structure. This is covered in all sides except for 4 windows on the 2 sides and the wide front entrance. Both this structures have are tiled using the typical flat clay tiles found on buildings from Kandyan era.
මූලාශ්‍ර
සම්බන්ධ වෙනත් පිටු
- Tampita Heritage of Sri Lanka ( ශ්‍රී ලංකාවේ ටැම්පිට විහාර ලැයිස්තුව)
- Ancient Heritage Sites of Sri Lanka (ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා ස්ථාන ලැයිස්තුව)
- Other Places of Interest Within 25 kilometers (කිලෝමීටර 20ක් ඇතුලත ඇති වෙනත් නැරඹිය හැකි ස්ථාන)
හිරුවල්පොල ටැම්පිට විහාරය සිතියම
ඉහල සිතියමේ මෙම ස්ථානය පමණක් නොව කිලෝමීටර 20ක් ඇතුලත තවත් වැදගත් ස්ථාන ලකුණු වී ඇත. මේ ස්ථාන බැලීමට සිතියම කුඩා කර බලන්න. වැඩි විස්තර සඳහා අවශ්‍ය ස්ථානය මතට මුසිකය ගෙනයන්න. එසේ නැතිනම් click කරන්න.
ගූගල් සිතියම වෙනත් ස්ථාන වලට චලනය කර ගෙනයාමෙන් එම ප්‍රදේශයේ වැදගත් ස්ථාන බලාගත හැක.
හිරුවල්පොල ටැම්පිට විහාරය රියදුරු දිශාවන්
මාදම්පේ සිට හිරුවල්පොල ටැම්පිට විහාරය දක්වා |
හරහා :පඬුවස්නුවර පාර මුළු දුර : කිලෝමීටර් 20 ගතවන කාලය : විනාඩි 30 ගත කිරිය යුතු කාලය : විනාඩි 30 පමණ රියදුරු දිශාවන් : ගූගල් සිතියමේ බලන්න |