Kanchikudichchi Aru Ruins – කංචිකුඩිච්චි ආර නටබුණ්

RATE THIS LOCATION :1 Star2 Stars3 Stars4 Stars5 Stars Be the first to rate
Loading...
View from the top of the rock at the Kanchikudichchi Aru Reservoir
View from the top of the rock at the Kanchikudichchi Aru Reservoir
Image courtesy of Dr. Ashan Geeganage

Kanchikudichchi Aru Ruins lies on the two hills on either side of the Kanchikudichchi reservoir embankment. One hill has a 20 ft. dagaba which has been pillaged. A Hindu Kovil has been built on another ruined place, using ancient stone slabs and pillars from this site. Below this stupa at the bottom of the rock near the road lies a drip ledge cave with some cave art.

The other hill has 11 caves which have been used by the meditation monks.  One cave has a stone inscription with Brahmi (early Sinhala) inscriptions which can be dated to 2nd century B.C. or older. Other stone slabs are dated to be belonging to the  8th century. The presence of these slabs is proof that this temple complex has been flourishing for at least 600 years before abandonment.

The name Kanjikudichchi may mean `the tank with broken bunds’ However, the tank would have had a name before the `bunds’ fell. The name can be also interpreted in tamil as the `tank (where) broth was drunk’. Therefore it has been claimed that the ancient name of this tank could have been Kandegoda Wewa and the stream Kandegoda Ara.

During the LTTE Terrorists were active, this site was used as one of their camps and currently there is a Army camp nearby. You will need to obtain permission from the camp to explore this area.

separator divider

අම්පාර දිස්ක්‍රි­ක්කයේ තිරු­ක්කෝ­විල් ප්‍රාදේ­ශීය ලේකම් කොට්ඨා­ස­යට අයත් තිරු­ක්කෝ­විල් සිට පොතු­විල් මාර්ගයේ ටික දුරක් ගොස් තාන්ඩිඅඩි හන්දි­යට පැමිණ කුඹු­රු­යා­යක් මැදින් වනය ඇතු­ළට කිලෝ­මී­ටර් 12 ක් ගමන් කළ විට කංජි­කු­ඩි­ච්චි­ආරු නට­බුන් පිහිටි පුද­බි­මට ළඟා විය හැකිය.

කොටි ත්‍රස්ත­වා­දීන්ගේ නාය­ක­ය­කුගේ කඳ­වු­රක් ලෙස පැවති මේ පුද­බිම වර්ත­මා­නයේ දී යුද හමු­දාවේ රැක­ව­ර­ණය යටතේ ආරක්ෂා වේ. කැඳ බිව් බිමේ ගඟ යන අරු­තින් කංජි­කු­ඩි­ච්චි­ආරු හඳුන්වා ඇත. කංජි­කු­ඩි­ච්චි­ආ­රුව කුඩා ඔයකි. අක්ක­ර­ප­ත්තුවේ සිට පොතු­විල් දක්වා ගමන් මාර්ගයේ පැමි­ණෙන විට තිරු­ක්කෝ­විල් දක්වා විහි­දුණු පෙරිය කල­පුව දිස්වේ. ඉන් පසුව කෝරායි, පුල්ලි­යාඩි, කන්නි­යාඩි, ඕමාරි හා කෝමාරි යන කලපු පිහිටා ඇත. එල්ලා­වල මේධා­නන්ද හිමි­යන් සඳ­හන් කරන්නේ මේ කොට­සට අයත් කෝමාරි, තිරු­ක්කෝ­විල්, බක්මි­ටියා, හුලං­නුගේ හා පොතු­විල් යන වසම් වැඩි හරි­යක් එකල ගන කැලෑ­වෙන් යුක්ත වූ බවය.

කංජි­කු­ඩි­ච්චි­ආරු නට­බුන් පිහිටි භූමි­යට පිවි­සී­මට වනය මැදින් ගමන් කළ යුතු බැවින් නිශ්චිත ගමන් මාර්ග­යක් ඉදිවී නැත. මීටර් කනු­වෙන් රූප­ස්කු­ලම් මාර්ගය ඇර­ඹෙන අතර එම මාර්ගයේ සැත­පුම් තුනක් පමණ ගිය විට බක්මි­ටි­යාව, මීර­හල අඩි­පාරේ නැව­තත් සැත­පුම් හයක් පමණ ගිය විට කංජි­කු­ඩි­ච්චි­ආ­රු­වට ළඟා­විය හැකි බවත් මීර­හල සිට හුලං­නු­ගේට කරත්ත පාර­කින් සම්බන්ධ විය හැකි බවත් එමෙන්ම මුළු ගම­නින් වැඩි කොට­සක් මහ වන­යෙන් යුක්ත බවත් මේධා­නන්ද හිමි නැගෙ­න­හිර පළාත හා උතුරු පළාතේ සිංහල බෞද්ධ උරු­මය යන ග්‍රන්ථයේ සඳ­හන් කර තිබේ.

මීට ආස­න්නව ඇති කිරි­මැටි ආරුව ඉහ­ත්තාවේ පොතු­විල් වස­මට අනු­රූ­පව ඇති ජය­ර­ම්පල, දුටු­ගැ­මුණු රජුගේ සේනාව ජය ඝෝෂා නැගූ ස්ථාන­යක්ය. පළ­මු­වැනි විජ­යබා හා පළ­මු­වැනි පරා­ක්‍ර­ම­බාහු රජුන්ගේ සටන් මාර්ග ද වැටී තිබුණේ මේ පෙදෙස් හර­හාය යැයි සඳ­හන්ය.

කංජි­කු­ඩි­ච්චි­ආ­රුව හර­ස්කර වැවක් නිමවා ඇති අතර එහි වැවේ වෑ කන්දෙ වම් පසට වන්නට කඳු ගැට­යක් පිහිටා ඇත. ස්තූප­යක් යැයි අනු­මාන කළ හැකි අඩි 26 ක් උස ගොඩැ­ල්ලක් එහි දක්නට ලැබේ. නිධන් හොරුන් විසින් ස්තූපයේ ස්ථාන කිහි­ප­යක්ම හාරා විනාශ කිරීම හේතු­වෙන් පැරණි ගඩොල් විසිර පවතී. එමෙන්ම ගල් කණු රැසක්, කණු පාදම්, ඔප­ම­ට්ටම් කළ මල් ආසන කොටස් හා ස්තූප­යට සම්බන්ධ අව­ශේෂ අවට භූමිය පුරාම දක්නට ලැබේ.

එසේම මෙම ස්ථාන­යට ආස­න්නව ඇති පැරණි ගොඩැ­ල්ලක හින්දු කෝවි­ලක් ඉදි­කර ඇත. ස්තූප­යට අයත් යැයි සැල­කෙන මල් ආසන දෙකක් ඒ සඳහා යොදා­ගෙන තිබේ. ඉන් එක් මල් ආස­න­යක් කෝවි­ලට පිවි­සුම් දොර­ටුව ඉදි­රි­පිට පඩි­යක් ලෙස යොදා තිබෙන අතර කණු පාද­මක් ද පිහි­ටුවා එහි ඔවුන්ගේ ආග­මික වතා­වත් සඳහා භාවිත කොට ඇත. එමෙන්ම අනෙක් මල් ආස­නය ද දේව රූප තැන්පත් කොට ඇති ස්ථානය ඉදි­රි­පිට පිහි­ටුවා තිබේ. එය පූජා­ස­න­යක් ලෙස භාවිත කර­නවා විය හැකිය.
වෑ කන්දට දකුණු පසින් විහි­දුණු විශාල වූ පර්වත තලා­වකි. එහි ලෙන්, වැවට මුහුණ ලා පිහිටා ඇත. කටා­රම් කොටන ලද ලෙන් 11 කි. මෙම ලෙන් සිය­ල්ලේම කටා­රම් කොටා වාස­යට සුදුසු පරිදි සකස් කොට ඇත. එහි ගඩො­ලින් බැඳි බිත්ති තිබී ඇති අතර එම ගඩොල් භූමිය පුරා තැනින් තැන විසිර පවති. එල්ලා­වල මේධා­නන්ද හිමි පව­සන්නේ මෙහි කැණීම් කිසි­වක් සිදු­කොට නොමැති බැවින් ලෙන් තුළ පොළොව අභ්‍ය­න්ත­රයේ පිහි­ටීම කෙසේ දැයි හඳුනා ගැනී­මට අප­හසු බවය. උන්ව­හන්සේ මෙම ස්ථානයේ දෙදි­නක ගවේ­ෂ­ණ­යක් සිදු කර ලෙන් ලිපි දෙකක් පිට­පත් කොට ඇති අතර එය ක්‍රි.පූ. 2 වන සිය­ව­සට අයත් බ්‍රහ්මී අක්ෂ­ර­ව­ලින් ලියන ලදැයි සඳ­හන් කරයි.

එම ලෙන් ලිපි හා අර්ථය
පළමු ලිපිය – පරු­මක වශබ පුත වශ……(ප්‍රමුඛ වස­භගේ පුත්‍රයා වූ වස….)
දෙවන ලිපිය – පරු­මක පුනශ ගුත පුත මහ තිශහ ලෙණෙ
(ප්‍රමුඛ පුන­ශ­ගු­ප්තගේ පුත්‍රයා වූ මහා තිෂගේ ලෙණ මහ­ස­ඟ­නට පුදන ලදී)

ඉහත දැක් වූ ලෙන් ලිපි දෙකේම සඳ­හන් වන්නේ එම ලෙන් මහ සංඝ­යාට පූජා කර ඇති බවයි. මෙහි සඳ­හන් භාෂාව පැරණි ප්‍රාකෘත සිංහල බවත් මෙවැනි බ්‍රාහ්මී ලෙන් ලිපි රිටි­ගල, වෙස්ස­ගි­රිය, මිහි­න්ත­ලය ආදි ස්ථාන වල ඇති බවත් ඒවායේ රටා­වට සියලු අතින් සමාන වන බවත් එමෙන්ම මේ ලිපි අනුව මෙම ස්ථානය රාජ්‍ය වර්ෂ පූර්ව දෙවන සිය­වසේ දී භික්ෂු ආරා­ම­යක් වශ­යෙන් පව­ති­න්නට ඇතැයි යන්න ද මේධා­නන්ද හිමිගේ අද­හ­සයි.

කුච්ච­වේලි සමු­ද්‍ර­ගිරි පිච්ච­මල් විහා­ර­වාසී පූජ්‍ය කැප්පෙ­ටි­යාවේ අර­ණ­වි­හාරී ස්වාමීන් වහන්සේ කංජි­කු­ඩි­ච්චි­ආ­රුහි මෑතක දි කළ සංචා­ර­යක දී දකි­න්නට ලැබුණු නට­බුන් පිළි­බ­ඳව ප්‍රකාශ කරනු ලැබූයේ පුරා­විද්‍යා දෙපා­ර්ත­මේ­න්තුවේ මැදි­හ­ත්වීම අත්‍ය­වශ්‍ය බවය. මෙතෙක් රජයේ කිසිදු අනු­ග්‍ර­හ­යක් හෝ පුරා­විද්‍යා දෙපා­ර්ත­මේ­න්තුවේ මැදි­හ­ත්වී­මක් මෙම ස්ථානය කෙරෙහි යොමු­කොට නැතැයි යන්න උන්ව­හ­න්සේගේ අද­හ­සයි. යුද හමු­දාවේ සෙබළු කිහිප දෙනෙක් මෙහි ආර­ක්ෂාව වෙනු­වෙන් යොදවා ඇති බවත් පූජ්‍ය කැප්පෙ­ටි­යාවේ අර­ණ­වි­හාරී හිමි සමඟ කළ සාක­ච්ඡාවේ දී ප්‍රකාශ කරනු ලැබීය.

අම්පාර, පොතු­විල් මාර්ගයේ පානම ගමට සැත­පුම් කීප­යක් මෙපි­ටින් ශාස්ත්‍ර­වෙල විහා­රය පිහිටා ඇති අතර මෙම පුද­බි­මට පිවි­සීම සඳහා පොතු­විල් නග­රයේ සිට පානම දක්වා දිවෙන මාර්ගයේ ශාස්ත්‍ර­වෙල පොලිස් විශේෂ කාර්ය­බ­ලකා කඳ­වුර පසු­කොට මුහුද දෙසට කි.මී. 1 ක් පමණ ගමන් කළ යුතුය. හැඩ­ඔය, ශාස්ත්‍ර­වෙල වෙහෙ­රට උතු­රින් හා ඊසාන දෙසින් නැගෙ­න­හිර මුහු­දට පිවි­සෙන අතර මන­රම් වෙර­ළ ­තී­ර­යක් මෝයට උතු­රින් දිස්වේ.

වර්ත­මා­නයේ මෙම පුද­බිම ශාස්ත්‍ර­වෙල නමින් හැඳි­න්වූව ද එය මෑත දී යෙදුණු ව්‍යව­හා­ර­යක් සේ සැලකේ. මෙම නට­බුන් සහිත භූමිය සම්බන්ධ විශාල වෙලක් ඇති අතර එය ශාස්ත්‍ර­වෙල, රාත්‍ර­වෙල යනු­වෙන් හැඳින්වේ. හැඩ ඔය ඉවු­රෙන් මෙම වෙල කෙළ­වර වේ. විහා­රයේ වැඩ වාසය කළ රහ­තන් වහ­න්සේලා ඔයෙන් පැන් ගැනී­මට මෙම වෙල හරහා නිතර වැඩිය හෙයින් රහ­තුන් යන වෙල, රහත් වෙල විය. එය ව්‍යව­හා­රයේ දී රාත්‍ර­වෙල ශාස්ත්‍ර­වෙල වූයේ යැයි කියැවේ.

පුද­බිම පුරා මුහු­දට ආස­න්නව, පර්ව­තයේ හා පර්ව­තය පාමුල පුරා­වි­ද්‍යා­ත්මක අව­ශේෂ විසිර පවතී. පන් කන්ද හෙළ නමින් මෙහි ප්‍රධාන කන්ද හැඳි­න්වෙන අතර මෙහි සිට මුහුදු වෙරළ අසල මූහු­දට යාවන සේ මීටර් 500 ක් පමණ ගිය විට පර්ව­ත­යක් දැකිය හැකිය. හැඩ ඔයේ එක් ශාඛා­වක් වූ “කුඩා කල්ලිය” මුහු­දට පිවි­සෙන්නේ මෙම ස්ථාන­යෙනි. පර්ව­තය පාමුල මුහුද ඉතා ගැඹුරු වන අතර මෙරට පිහිටි දර්ශ­නී­යම ස්ථාන වලින් එකක් යැයි මෙම ස්ථානය සැලකේ.

මෙම පර්ව­තය මත පිහිටි තවත් ගල් කුළකි. එහි කටා­රම් කොටන ලද ලෙනක් පිහිටා තිබේ. අතී­තයේ දී එම ලෙනෙහි බිත්ති බැඳ තිබෙ­න්නට ඇතැයි යන්න එහි ඉති­රිව ඇති පැරණි ගඩොළු සාක්ෂි දරයි. කටා­රමේ සෙල් ලිපි­යක් කොටා ඇති බවට සල­කුණු පෙන්නුම් කළද මුහුදු සුළඟ හේතු­වෙන් එම ලිපිය විනාශ වී ඇතැයි යන්න එල්ලා­වල මේධා­නන්ද හිමි සඳ­හන් කර ඇත.

ලෙනේ සිට පර්ව­ත­යට නැගී­මට කුඩා පිය­ගැට හත­රක් නෙළා ඇති අතර පටු කපො­ල්ල­කින් රිංගා යා යු­තුය. ගල් උගුල නමින් එය හැඳින්වේ. පර්ව­තය මුදුනේ ස්තූප ගොඩ­ලැ­ල්ලක් යැයි සිතිය හැකි ශේෂ වූ සාධක පවතී. අඩි 30 ක් පමණ වට ඇති අඩි 8 ක් උස ගඩොල් ගොඩැ­ල්ලක් වන එය අතී­තයේ දී “ලංකා සෑය” නමින් හඳුන්වා ඇත.

හැඩ ඔයේ තවත් එක් ශාඛා­වක් වූ “සින්නඩි කෝසුව” මුහු­දට පිවි­සෙන ස්ථානය මෙතැන් සිට උතු­රට කි.මී. කාලක් පමණ ගමන් කළ විට හමුවේ. එහි මුහු­දට හා කෝසු­වට යාව පිහිටි වඩා උස් නොවූ ගල් තලා­වක මුදුනේ ශේෂ වූ ගොඩ­නැ­ගිලි දෙකක් දැක ගත හැකිය. පර්ව­තයේ නෙළන ලද පිය ගැට 50 කින් යුත් පෙළක් ඔස්සේ කෝසු­වට බැසී­මට හැකිය. එහි එක් පිය­ගැ­ට­යක් අඩි තුනක් දිගුය.

පහන් කන්ද හෙළ හා පන්කන්ද හෙළ නමින් හැඳි­න්වෙන මෙහි ප්‍රධාන පර්ව­තය සැත­පු­මක් පමණ දුරට විහිදේ. මුහුදු මට්ටමේ සිට අඩි 200 ක උස­කින් එය පිහිටා ඇත. කන්දේ මුදුන හා නැගෙ­න­හිර බෑවුම සිසාරා නට­බුන් දක්නට ලැබේ. එහි කටා­රම් කොටන ලද ලෙන් 10 කි. එක් ලෙනක බුදු මැඳු­රක් තිබෙ­න්නට ඇතැයි අනු­මාන කළ හැකි සාධක කිහි­ප­යකි. ලෙන ඉදි­රි­ප­සින් පිය­ස්සක් ඉදි කර තිබෙ­න්නට ඇතැයි යන්න ශේෂ වූ බැම්ම හා ගල් කණු හතරේ අව­ශේෂ වලින් හඳු­නා­ගත හැකිය.

ඩො­ලින් කළ ඔත් පිළි­ම­යක හැඩ­යෙන් යුත් බුදු පිළි­ම­යක් දක්නට ඇත. ලෙන් වහලේ ගලේ අඳින ලද පැරණි සිතු­වම්හි රේඛා සට­හන් අතර ඉතා අසී­රු­වෙන් හඳුනා ගත හැකි දේවතා රූප තිබුණු බවට මේධා­නන්ද හිමි තම වාර්තාවේ දක්වා ඇත.

මෙහි කන්දේ ඇති සෑම ගල් කුලකම ස්තූප­යක් හෝ දෙකක් දක්නට හැකි වූ බව හා හඳුනා ගැනීමේ තත්ත්වයේ පැවති ස්තූප 22 ක් පිළි­බ­ඳව වාර්තා වේ. ඒ සියලු ස්තූප හාරා විනාශ කර ඇත. ශේෂව ඇති විශාල බැමි වලින් යුක්ත අංගණ හා ගොඩ­නැ­ගිලි අනුව අවම වශ­යෙන් ගොඩ­නැ­ගිලි 18 ක් වත් තිබෙ­න්නට ඇතැයි විශ්වාස කෙරේ. ඉන් එක් ගොඩ­නැ­ගි­ල්ල­කට අයත් කැට­යම් සහිත කුලුනු කිහි­ප­යකි. එහි පාදම් බැම්ම ගැලවී ඇති හෙයින් ගොඩ­නැ­ගි­ල්ලට අයත් කොටස් ගැලවී පර්ව­තය බෑවු­මට පෙරළී ඇත. එමෙන්ම මෙහිදි කැසි­කිලි ගලක් දක්නට ලැබීම හේතු­වෙන් මෙම ගොඩ­නැ­ගිල්ල පධා­න­ඝ­ර­යක් හෝ උපෝ­ස­ථා­ගා­ර­යක් විය හැකිය යන්න එල්ලා­වල මේධා­නන්ද හිමිගේ අද­හ­සයි.

අඩි 160 ක් පමණ දිගු කටා­රම් කොටන ලද ලෙනක් කන්ද මුදුනේ පිහිටි විශාල පර්ව­තයේ දක්නට ඇත. එහි පළ­මු­වැනි සිය­ව­සට අයත් යැයි සැල­කෙන බ්‍රාහ්මී ලිපි­යකි. තැනිත් තැන පර්ව­ත­වල නෙළන ලද පිය­ගැට 20 ක් පමණ දක්නට ඇත.

කන්දේ බට­හිර දෙසින් මැද බෑවුම් සහිත කොටසේ විශාල ලෙස තැනූ මාර්ග­යක් තිබී ඇත. ඒ බැව් ඉති­රිව ඇති සාධක අනුව අව­බෝධ වේ. එම මාර්ගය අසල අඩි 60 ක් උස අඩි 501 ක වට ප්‍රමා­ණ­ය­කින් යුත් විශාල ස්තූප­යක ගොඩැ­ල්ලකි. නීල­ගිරි සෑයට පම­ණක් දෙවෙනි වන මේ ස්තූපය කුඩා කඳු ගැට­යක් සේ ඈතට දිස් වේ. මේධා­නන්ද හිමි මෙම ස්තූපය පිළි­බ­ඳව සට­හන් කරන කාලය තුළදී පුරා­විද්‍යා දෙපා­ර්ත­මේ­න්තුවේ කිසිදු වාර්තා­වක මේ පිළි­බ­ඳව සට­හන්ව නොති­බූණේ යැයි සඳ­හන් කර ඇත.

මෙහි ප්‍රධාන ගල් තලාව මුදුනේ අටැස් කුලුනු මුල්ගල් දෙකක් දක්නට ඇති අතර ඒවා කිසි­යම් ගොඩ­නැ­ගි­ල්ල­කට අයත් අව­ශේෂ විය හැකිය. මෙහි සෙල්ලිපි තුනකි. ලිපි දෙකක් පර්වත ලිපිය. අනෙක ලෙන් ලිපි­යකි. එය මේධා­නන්ද හිමි විසින් සොයා ගනු ලැබූ­වකි. එම ලෙන් ලිපි­යෙන් කිය­වෙන්නේ බුද­ර­කිත තෙර, නගය, උප­සික බගුය, දෙව පුත, තිණි­ඛිත හා සප­තික යන අය මහා­සං­ඝ­යාට ලෙනක් පූජා කළ බවය.

වර්ත­මා­නයේ දී ශාස්ත්‍ර­වෙල නමින් මෙම විහා­රය හැඳි­න්වුව ද පර්වත ලිපිය අනුව ස්ථානයේ ඓති­හා­සික නාමය “බෝධි­ගිරි නාග පබ්බත විහා­රය” බව සඳ­හන්ය. ශාස්ත්‍ර­වෙල විහා­රයේ නට­බුන් යුග කිහි­ප­ය­කට අයත් වන බව පැවසේ. පළ­මුව ලෙන් කර්මා­න්තය ද ඒ අත­රම ස්තූප කිහි­ප­යක් ද ඉදිවී ඇත. චිත්‍ර එම කාල වක­වා­නු­වේම ඇඳි අතර එම චිත්‍ර මත නැවත අඳින ලද බවක් පෙනේ යැයි සඳ­හන්ය. සම­ස්ත­යක් ලෙස ගත් කළ මෙම ආරාම සංකී­ර්ණය ඉතා දියුණු තත්ත්ව­යක පව­ති­න්නට ඇති බව ලැබී ඇති පුරා­වි­ද්‍යා­ත්මක සාධක මත තහ­වුරු වේ.

Source : silumina.lk
By රුක්ෂිලා වෙත්ත­මුණි

Also See

Map of  Kanchikudichchi Aru Ruins


ගූගල් සිතියම් පහලින් - Please click on the button below to load the Dynamic Google Map -
.

ඉහල සිතියමේ මෙම ස්ථානය පමණක් නොව කිලෝමීටර 20ක් ඇතුලත තවත් වැදගත් ස්ථාන ලකුණු වී ඇත. මේ ස්ථාන බැලීමට සිතියම කුඩා කර බලන්න. වැඩි විස්තර සඳහා අවශ්‍ය ස්ථානය මතට මුසිකය ගෙනයන්න. එසේ නැතිනම් click කරන්න.

ගූගල් සිතියම වෙනත් ස්ථාන වලට චලනය කර ගෙනයාමෙන් එම ප්‍රදේශයේ වැදගත් ස්ථාන බලාගත හැක.

Travel Directions to Kanchikudichchi Aru Ruins

Route from Ampara to Kanchikudichchi Aru Ruins

Distance :  47  km
Travel time : 1.15 hour
Driving directions : see on google map

© www.amazinglanka.com