යාපනය කයිට්ස් බලකොටුව – Kayts Fort of Jaffna

RATE THIS LOCATION :1 Star2 Stars3 Stars4 Stars5 Stars (2 votes, average: 3.00 out of 5)
Loading...
Ruins of Kayts Island Fort
Ruins of Kayts Island Fort
Photo By : anOj pathy

අතීතයේ ඌරාතොට (ඌරුතොට) නමින් හැඳුන්වූ කයිට්ස් පුරාණ කාලයේ ශ්‍රී ලංකාවේ ප්‍රධාන වරායක් විය.  නාගදීප දෙමළ  සෙල්ලිපියට අනුව 1වන පරාක්‍රමබාහු රජ සමයේ උරාතොට ඉන්දීය වෙළඳ නැව්  සඳහා විශේෂ තොටුපළක්  වූ බවත් අශ්වයින් සහ ඇතුන් ගෙන එන නැව්වලට රජු  විශේෂ සැලකිලි දැක් වූ බවත් සඳහන් වේ.

ඌරාතොටට කයිට්ස් යන නම ලැබුනේ පෘතුගිසීන්ගෙන්. එය  “Caes dos Elefantes” යන්නෙන් බිඳී ආ නාමයක්.  මෙම පදයේ තේරුම “ඇතුන්ගේ තොට” යන්නයි. පෘතුගිසීන් මෙම වරාය මෙසේ හඳුන්වන්නට යෙදුනේ ලංකාවේ අලි ඇතුන් ඉන්දියාවට අපනය කලේ මේ තොට හරහා බැවින්. “Caes dos Elefantes” යන නම පහසුවට “Cais” ලෙස හැඳින්වුවා. පෘතුගිසීන් පලවාහැර ලන්දේසීන් යාපනයට පැමිණි පසු මෙම නම තවදුරටත් “Cays” ලෙසද ඉන්පසු කයිට්ස් (“Kayts”) ලෙස පරිනාමණය වුවා.

කයිට්ස්හි ඇති බලකොටුව තනා ඇත්තේ පෘතුගිසීන් විසින්. ලන්දේසීන් යාපන ප්‍රදේශ 1658දී යටත්කර ගන්නා සටනේ කයිට්ස් බලකොටුව භාරව සිටි පෘතුගිසී අණ දෙන නිලධාරීයාට ලංදෙසීන් විසින් යටත් වනලෙස යැවූ පණිවිඩය පිළිබඳව ලන්දේසි දේවගැතියෙකු වන බැල්ඩියස් (Baldaeus) විසින් 1672දී පළකරන ලද ග්‍රන්ථයක සඳහන් කර ඇත. මීට අමතරව මෙම බලකොටුව පිලිබඳ විසිතරයක් ඔහු සඳහන් නොකරයි. ලංදේසි හමුදාව කයිට්ස් බලකොටුව නැවත ගොඩනැගීමට තැත් කර නොමැත. මීට හේතුව මීට ආසන්නයේ පැවතුන හැමන්හිල් බලකොටුව නිසා වියහැකිය.

මෙම බලකොටුව  ඉන්පසු වාර්තා කරන්නේ 1832දී “පෙන්” (PENN) යන කතෘ අන්වර්ථ නාමය භාවිතා කරන පුද්ගලයෙකු වසින් “කොලම්බෝ ජර්නල්”  (Colombo Journal) පුවත්පතටයි. ඔහු මෙම බලකොටුව සංචාරය කරනා විටදීත් එය නටබුන් වී පැවති බව වාර්ථා කරයි. එකල මෙය හඳුන්වා ඇත්තේ “අයර් බලකොටුව” (Erie Fort) යන නමිනුයි. මෙම නටබුන් අද්‍යයනය කිරීමෙන් මෙය අඩි  130 දිග හා පළල, සිලින්ඩාකාර අට්ටාල 4 ක් සහිත ඉතා පුළුල්වූ බිත්ති ඇති බලකොටුවක් බව සඳහන් කරයි. එහි නැගෙනහිරින් හා බස්නාහිරින් දොරටු දෙකක් හා උතුරු දිශාවෙන් මුහුදට මුහුණලා බලකොටුවේ පිටත බෑවුමේ කොටසක් ඉතිරිවී තිබුන බව පවසයි.

ජේ. පියර්සන් නැමැති බ්‍රිතාන්‍ය ජාතිකයා 1926දී පල කළ  ලිපියකට අනුව එම කාලය වනවිට “පෙන්” (PENN) විසින් සඳහන් කර තිබූ මෙම බලකොටුව බොහෝ ලෙස විනාශයට පත්ව තිබූ බව සඳහන් කරයි. නමුත් පියර්සන් මෙම බලකොටුව පිලිවෙලින් අධ්‍යනය කරමින් මෙය සතරැස් නොව අශ්ව ලාඩමක හැඩයක් ගත් බව පවසයි. අට්ටාල 2ක්  මුහුදට මුහුණලා තිබු අතර දකුණු දිශාවේ මෙය වක්‍රාකාර වූ බව හඳුනාගෙන .

අට්ටාල 2 සම්බන්ධ වන ප්‍රාකාරයේ සිට මෙහි උපරිම දිග අඩි  274ක් වූ අතර උපරිම පළල ආදී 206ක් විය. මෙහි පිටත බිත්ති අඩි  19ක් පළල විය (පහල බිම් සැලැස්ම බලන්න). මෙහි දකුණු පස ප්‍රදේශය ආරක්ෂක සේනාවන්හි නේවාසික ප්‍රදේශය වූ අතර මැද විවෘත අංගණයක් තිබී ඇත. මෙහි වූ කාමර 10ම  මෙම අංගණයට විවෘතවී තිබිණි.

කයිට්ස් බලකොටුවේ උතුරු කොටසේ පිට හා ඇතුළු පවුරු 2ක් තිබී ඇත. එය නැගෙහිර සිට උතුරු අට්ටාල හරහා බස්නාහිරට අඩි  150ක දිගින් යුක්ත විය. පවුරු 2 අතර අඩි 13ක පරතරයක් තිබිණි.

බොහෝ සේ ගරාවැටී තිබු මෙම බලකොටුවේ සුන්බුන් ඉවත් කොට දැන් වන විට සංරක්ෂණය කර තිබේ.

කයිට්ස් බලකොටුවේ සැළැස්ම 1923දී පලකළ FORTS OF THE JAFFNA ISLANDS ලිපියෙන්
කයිට්ස් බලකොටුවේ සැළැස්ම 1923දී පලකළ FORTS OF THE JAFFNA ISLANDS
From the "Journel of the Duch Burger Union of Ceylon" of April 1940
From the “Journal of the Dutch Burger Union of Ceylon” of April 1940

ආශ්‍රිත ලිපි හා ග්‍රන්ථ

සම්බන්ධ වෙනත් පිටු

කයිට්ස් බලකොටුව සිතියම


ගූගල් සිතියම් පහලින් - Please click on the button below to load the Dynamic Google Map -
.

ඉහල සිතියමේ මෙම ස්ථානය පමණක් නොව කිලෝමීටර 20ක් ඇතුලත තවත් වැදගත් ස්ථාන ලකුණු වී ඇත. මේ ස්ථාන බැලීමට සිතියම කුඩා කර බලන්න. වැඩි විස්තර සඳහා අවශ්‍ය ස්ථානය මතට මුසිකය ගෙනයන්න. එසේ නැතිනම් click කරන්න.

ගූගල් සිතියම වෙනත් ස්ථාන වලට චලනය කර ගෙනයාමෙන් එම ප්‍රදේශයේ වැදගත් ස්ථාන බලාගත හැක.


කයිට්ස් බලකොටුව රියදුරු දිශාවන්

කොළඹ සිට යාපනයට (මාර්ග 1)

කොළඹ සිට යාපනයට (මාර්ග 2)

හරහා : කුරුණෑගල -දඹුල්ල – අනුරාධපුර – වවුනියාව
මුළු දුර :කිලෝමීටර 400
ගතවන කාලය  : පැය 7-8
රියදුරු දිශාවන් : ගූගල් සිතියමේ බලන්න
හරහා : පුත්තලම  – සීලාවතුර – පූනරීන්
මුළු දුර: කිලෝමීටර 365
ගතවන කාලය  : පැය 7-8
රියදුරු දිශාවන් : ගූගල් සිතියමේ බලන්න 

යාපනය සිට කයිට්ස් බලකොටුව දක්වා

හරහා :
මුළු දුර :කිලෝමීටර 23
ගතවන කාලය  :විනාඩි 30
රියදුරු දිශාවන් : ගූගල් සිතියමේ බලන්න

© www.amazinglanka.com

Tagged with: