යාන් ඔය වේල්ල අසල පුරාවිද්‍යා ස්ථානය – Archaeological Ruins at Yan Oya new Dam
අනුරාධපුර රිටිගල කඳුවැටි පෙදෙසින් ආරම්භ වී රිටිගල හා හුරුළුවැව රක්ෂිත වලින් පෝෂණය ලබා ගලෙන්බිදුණු වැව, මොරකෑව, හොරොව්පතාන, රත්මලේ, කපුගොල්ලෑව, කහටගොල්ලෑව, ගෝමරන්කඩවල ආදී ප්‍රදේශ සරුසාර කරමින් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ කල්ලරාව අසලින් මුහුදට ගලා බස්නා විසල් දිය දහරාවකි යාන් ඔය.
ස්වාභාවික කදු පන්ති යා කරමින් ඉදි කර මෙහි ප්‍රධාන වේල්ල ඉදි කර ඇති අතර, හොරොව්පතාන ”යකිනිකන්ද” හා ගෝමරන්කඩවල ”වෙහෙරබැඳි කන්ද” යා කරමින් කොටස් 4 කට ඉදිකරන මෙම ජලාශය මගින් හෙක්ටයාර් 4100 ක් පමණ වූ ඉඩම් ප්‍රමාණයක් යටවන බව ගණන් බලා තිබේ.
යෝජිත ජලාශයේ ජල ධාරිතාව අක්කර අඩි 140,000 කට ආසන්නය. එහි ප්‍රධාන වේල්ල කි.මි 1.2 ක් දිගින් යුක්ත වන අතර ජල සුරක්ෂිතභාවය හා අපතේ යාම පාලනය කිරීම පිණිස ඉදිකළ සදැලි වේලි හතරේ සමස්ථ දිග ප්‍රමාණය කි.මි 5.6 කි.
මෙම පුරාවිද්‍යා ස්ථානය යාන්ඔය දෙවන වේල්ල ආරම්භක ස්ථානය අසල දැකගත හැක. මෙහි ගරා වැටුණ දාගැබක් සහ පුරාණ ආරණ්‍යයක නටබුන් තැනින් තැන දැකිය හැක. මේ නටබුන් අතර ආසනඝර හෝ මල් ආසන විය හැකි ඔප මට්ටම් කල ගල් ලෑලි, සිරිපතුල් ගල්, කොරවක්ගල් හා මුරගල් ගල් තලාවක් මත විසිරී තිබෙනු දැක ගත හැක.
මෙම ස්ථානයට හොරොව්පතාන, හෝ පදවිය දෙසින් ලඟා වියහැක. කැබිතිගොල්ලෑව
මූලාස්ත්ර
- යාන් ඔය ජලාශයේ ඉදිකිරිමේ අවසන් අදියරේ by R.D. Aruna Shantha
සම්බන්ධ වෙනත් පිටු
යාන් ඔය වේල්ල අසල පුරාවිද්‍යා ස්ථානය සිතියම
ඉහල සිතියමේ මෙම ස්ථානය පමණක් නොව කිලෝමීටර 20ක් ඇතුලත තවත් වැදගත් ස්ථාන ලකුණු වී ඇත. මේ ස්ථාන බැලීමට සිතියම කුඩා කර බලන්න. වැඩි විස්තර සඳහා අවශ්‍ය ස්ථානය මතට මුසිකය ගෙනයන්න. එසේ නැතිනම් click කරන්න.
ගූගල් සිතියම වෙනත් ස්ථාන වලට චලනය කර ගෙනයාමෙන් එම ප්‍රදේශයේ වැදගත් ස්ථාන බලාගත හැක.
යාන් ඔය වේල්ල අසල පුරාවිද්‍යා ස්ථානය රියදුරු දිශාවන්
අනුරාධපුර සිට යාන් ඔය වේල්ල අසල පුරාවිද්‍යා ස්ථානය |
හරහා :හොරොව්පතාන මුළු දුර : කිලෝමීටර් 90 ගතවන කාලය : පැය 2 ගත කිරිය යුතු කාලය : පැය 1 – 1.5 අතර රියදුරු දිශාවන් : ගූගල් සිතියමේ බලන්න |
© www.amazinglanka.com