කිවුල් ඔය ජලාශ ව්‍යාපෘතියෙන් මතුවුණු වැලිඔය නිකවැව ප්‍රදේශයේ පුරාවිද්‍යා ස්ථාන - Archaeological Ruins in Welioya Nikawewa Area

කිවුල් ඔය ජලාශ ව්‍යාපෘතියෙන් මතුවුණු වැලිඔය නිකවැව ප්‍රදේශයේ පුරාවිද්‍යා ස්ථාන

යෝජිත කිවුල් ඔය ජලාශ ව්‍යාපෘතිය යටතේ සිදුකරන ලද පාරිසරික බලපෑම් තක්සේරු වාර්තාවේ මෙම ව්‍යාපෘතියෙන් බලපෑම් ඇතිවිය හැකි මුලතිව් දිස්ත්රික්කයේ පුරාවිද්‍යා ස්ථාන පනහකට වැඩි ප්‍රමාණයක් හඳුනාගෙන ඇත. මේ අතර නිකවැව ප්‍රදේශයේ පුරාවිද්‍යා ස්ථාන කිහිපයක් එහි සඳහන් වේ. එම ස්ථාන පහත දැක්වේ.

Read More
The Yupa Gala found among the ruins of Ancient Kurundumale (Kurundavashoka) Viharaya in Mullaitivu - මුලතිවු කුරුඳුමලේ (කුරුන්දවාශෝක) පුරාවිද්‍යා භූමියේ හමුවූ ස්ටුපයේ යූපගල

මුලතිවු කුරුන්දි (කුරුඳුමලේ) විහාර පුරාවිද්‍යා භූමිය

මුලතිව් දිස්ත්‍රික්කයේ කුරුන්දි (කුරුඳුමලේ, කුරුන්දවාශෝක දෙමළ: කුරුඳුමලෙයි) නටබුන් වර්තමානයේ දේශපාලනඥයින් විසින් නොකඩවා බාධා කරනු ලබන මෙවන් ස්ථානයක් වන අතර මෙය හින්දු කෝවිල් භූමියක් මිස බෞද්ධ ස්ථානයක් නොවන බව ප්‍රකාශ කරයි. කුරුඳුමලේ නටබුන් 1905 පුරාවිද්‍යා වාර්තාවේ විස්තර වශයෙන් ලේඛනගත කොට තිබේ.

Read More
මුලතිවු වනයේ සැඟවුණු වන්නඩි පාළම හා අමුණ - Ancient Wannadi Bridge and Amuna in Mulathivu

මුලතිවු වනයේ සැඟවුණු වන්නඩි පාළම හා අමුණ

වන්නඩි අමුණ තිබෙන්නේ මුලතිවු දිස්ත්‍රික්කයේ මුහුදුබඩ පත්තුව ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ වැලිඔය ග්‍රාමයේ රූස්ස කැලයක් හරහා ගලායන දියපහරක් හරස් කරමින්. මෙම අමුණ ගොඩනැගීමට ගත් ගල් කුට්ටි මත ඇති ගල්කටු සලකනු අනුව මෙම අමුණ අනුරාධපුර යුගයට අයත් බව නිර්ණය කොට තිබෙනවා.

Read More
Wedivettukallu Amuna Archeological Ruins

මුලතිව් වෙඩිවෙට්ටුකල්ලු අමුණ පුරාවිද්‍යා නටබුන්

වෙඩිවෙට්ටුකල්ලු හා වැලිඔය මාර්ගයට යාබදව වනය තුල සැඟවී ඇති මෙම අමුණ කිවුල් ඔයෙහි අතු ඔයක් හරස් කර බඳින ලද විශාල ප්‍රමාණයේ අමුණකි. භූමිය මතුපිට සිට මීටර 1.5 ක් පමණ උසින් යුත් මෙම අමුණ දිගින් මීටර් 40ක්ද, පළලින් මීටර 8ක්ද පමණ වේ.

Read More
වැලිඔය කුම්භකර්ණ ගල පර්වතයේ පුරාවිද්‍යා නටබුන් - Walioya Kumbhakarna Ggala Archaeological Ruins

වැලිඔය කුම්භකර්ණ ගල පර්වතයේ පුරාවිද්‍යා නටබුන් (Walioya Kumbhakarna Gala Archaeological Ruins)

ඉපැරිණි කිරිඉබ්බන් වැව ජලාශය වැලිඔය සිට මුලතිව් මාර්ගයේ කිලෝමීටර 5ක් ගමන් කලවිට හමුවේ. කුම්භකර්ණ ගල (දෙමළ : කුම්බකර්නමලෛයි) නමින් හඳුන්වන පර්වතය කිරිඉබ්බන් වැවට මීටර 500ක් පමණ දුරින් වැව් ඉස්මත්තේ පවතී.

Read More
කිවුල් ඔය ජලාශ ව්‍යාපෘතිය නැතිවිය හැකි හැළඹවැව පුරාවිද්‍යා ස්ථාන - Archaeological Ruins in Welioya Halambawewa Area

කිවුල් ඔය ජලාශ ව්‍යාපෘති ප්‍රදේශයේ හමුවූ හැළඹවැව පුරාවිද්‍යා ස්ථාන – Archaeological Ruins in Welioya Halambawewa Area

මෙම පුරාවිද්‍යා ස්ථාන පවතින්නේ හැළඹවැව අලුතින් ඉදිවෙන රණතිස්පුර නැවත පදිංචි කිරීමේ ගම්මානය තුල හා අවට වේ. මෙහි මද්‍යය ගම්මානය ඉදි කිරීම සඳහාද ඒ වටා ඉඩම් කෘෂිබෝග වගා සඳහා බෙදා දීමද එලි කරමින් පවතී. වසර දහස් ගණනක් වනයෙන් වැසී තිබූ මෙම ප්‍රදේශ එලි කිරීමේදී පුරාණ බෞද්ධ සිද්ධස්ථානයන්හි අවශේෂ තැනින් තැන මතු වෙමින් පවතී.

Read More
වැලිඔය පොඩිගල්කන්ද පුරාවිද්‍යා ස්ථානයේ නිදන් කොල්ලකරුවන්ට බිලිවූ පුරාණ ආරාම ගොඩනැගිළි - Welioya Podigalkanda Archaeological Site

වැලිඔය පොඩිගල්කන්ද පුරාවිද්‍යා ස්ථානය – Welioya Podigalkanda Archaeological Site

වැලිඔය පොඩිගල්කන්ද හඳුන්වන ප්‍රදේශය පවතින්නේ වැලිඔය හරහා ගලා යන මා ඔය සහ වැලි ඇළ යන දිය පහර ද්විත්වය අතරය. මෙම ස්ථානය පුංචිගල්කන්ද ලෙසද හැඳින්වේ.

Read More
වෙඩිවෙට්ටුකල්ලු දකුණ පිළිම ගෙය සහිත පුරාවිද්‍යා ස්ථානය – Wediwettukallu South Archaeological Site with a Image House

මුලතිව් වෙඩිවෙට්ටුකල්ලු දකුණ පිළිම ගෙය සහිත පුරාවිද්‍යා ස්ථානය (Wediwettukallu South Archaeological Site with a Image House)

ගල් කණු 4 බැගින් සිටින ලෙස සකස් කරන ලද මෙම පිළිමගෙයි මධ්‍ය නිදන් හොරුන් විසින් දැනට වසර කීපයකට පෙර හාරා ඇත. මෙම පිළිම ගෙය දිගින් මීටර් 38ක් සහ පළලින් මීටර 8ක් වන ගොඩනැගිල්ලකි.

Read More
වැලිඔය මහා සෑය පුරාවිද්‍යා භූමිය - Welioya Maha Seya Archaeological Ruins

වැලිඔය මහා සෑය පුරාවිද්‍යා නටබුන් – Welioya Maha Seya Archaeological Ruins

වැලිඔය මාඔය හරහා ඇති පාලම පසු කල විගස මාර්ගයෙන් දකුණු අත දිශාවේ වැලිඔය මහා සෑය විහාරය දැකගත හැක. මෙහි වයඹ දෙසට විවෘත වූ කටාරම් සහිත තරමක් විශාලවූ ලෙනකි. ප්‍රදේශය පුරා මැටි බඳුන් හා ගඩොල් කැබලි විසිරී පවතී. මෙය අනුරාධපුර මුල් අවධියට අයත් ස්ථානයක් ලෙස හැඳින්විය හැක.

Read More
මොණරවැව ශ්‍රී මයුරවාපී විහාරය පුරාවිද්‍යා නටබුන් - Monarawewa Sri Mayurawapi Viharaya Archaeological Ruins

මොණරවැව ශ්‍රී මයුරවාපී විහාරය පුරාවිද්‍යා නටබුන් (Monarawewa Sri Mayurawapi Viharaya Archaeological Ruins)

මොණරවැව යනු මුලතිව් දිස්ත්රික්කයේ පදවිය සිට කිලෝමීටර 22 ක් පමණ නැදුන්කේනි දෙසට ඇති දුෂ්කර ගම්මානයකි. තිස් වසරක කොටි ත්‍රස්තවාදීන්ගෙන් බැටකෑ මෙම ගම් වැසියෝ තවමත් ගෙවන්නේ දුෂ්කර දිවියකි.

Read More
වැලිඔය ඇතාවැටුණුවැව ශ්‍රී උදුම්බරාරාම රජමහා විහාරය පුරාවිද්‍යා නටබුන් - Welioya Ethawatunuwewa Sri Udumbararama Rajamaha Viharaya Archaeological Ruins

වැලිඔය ඇතාවැටුණුවැව ශ්‍රී උදුම්බරාරාම රජමහා විහාරය පුරාවිද්‍යා නටබුන්

මෙම පුරාවිද්‍යා භූමිය මත වර්තමාන ශ්‍රී උදුම්බරාරාම රජමහා විහාරය ගොඩනැගී පවතී. මෙහි නව ගොඩනැගිලි හා ඒ වටා මානව ක්‍රියාකාරකම් මගින් පුරවස්තුන් අස්ථානගත වී ඇති නමුත් මෙහි ගල්කණු සහිත ගොඩැලි 2ක් හා දාගැබ් ගොඩැල්ලක අවශේෂ පවතී.

Read More
වැලිඔය නිකවැව විහාරය පුරාවිද්‍යා නටබුන් – Welioya Nikawewa Viharaya Archaeological Ruins

වැලිඔය නිකවැව ශ්‍රී විජයාරාම විහාරය පුරාවිද්‍යා නටබුන්

නිකවැව වැව් බැම්මේ නැගෙනහිර කෙළවර උදුම්බරාරාම රජමහා විහාරය පවතී. මෙය පුරා වස්තූන් ගෙන් සපිරි කුඩා විහාරස්ථානයකි. වර්තමාන විහාරස්ථානයේ නව බෝධියක් හා කුඩා ආවාස ගෙයක් ඉදිකර ඇත. බුද්ධ මන්දිරයක් තනමින් පවතී.

Read More
වැලිඔය කිරිඉබ්බන්වැව පන්සල්ගොඩැල්ල දෙමහල් ලෙණ – Walioya Kiriibbanwewa Pansalgodella Archaeological Ruins

වැලිඔය කිරිඉබ්බන්වැව පන්සල්ගොඩැල්ල පුරාවිද්‍යා නටබුන් (Walioya Kiriibbanwewa Pansalgodella Archaeological Ruins)

පන්සල්ගොඩැල්ල යනුවෙන් හඳුන්වන ස්ථානය කිරිඉබ්බන්වැව දකුණ ප්‍රදේශයේ මීටර 15ක් පමණ උස කිලෝමීටරයක් පමණ දිගින් යුතු කුඩා කඳු ගැටයකි. මෙහි අනුරාධපුර මුල් යුගයට අයත් කටාරම් සහිත ලෙන් 3ක් හා නටබුන් වූ ගොඩනැගිලි සහිත පුරාණ සංඝාරාමයක සාධක පවතී.

Read More
මුලතිව් තන්නිමුරුප්පුකුලම වැව පුරාණ සොරොව්ව අසල පෙණ 5ක් සහිත ශිලාමය නාග රුව මෑත යුගයේදී සිමෙන්තියෙන් පිළිසකර කර නැවැත සිටුවා ඇත - Mulativu Tannimuruppukulama Wewa Archaeological Ruins

මුලතිව් තන්නිමුරුප්පුකුලම වැව පුරාවිද්‍යා නටබුන් (Mulativu Tannimuruppukulama Wewa Archaeological Ruins)

තන්නිමුරුප්පුකුලම වැව් බැම්මේ උතුරු දෙසින් වර්තමාන සොරොව්ව දැකගත හැක. මේ අසල යම් ක්‍රමයකට සකසා තිබුණු බව සැක කළ හැකි විශාල ගල් පුවරු සමූහයක් දැක ගත හැක. මම ගල්පුවරු එකිනෙකට වැද්දීම සඳහා කුඩුම්බි සිදුරු ද ගල් මුහුනතට යොදන ලද කැපුම් වලින්ද යුක්තය.

Read More

වැලිඔය නයිතික්කායිකුලම පුරාවිද්‍යා නටබුන් (Archaeological Ruins at Naiththikkaikulama in Nelumwewa, Welioya)

මෙම නටබුන් පවතින්නේ මුහුදුබඩපත්තුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ කෝමලමුනේ මුහුණේ මධ්‍යම ග්‍රාම නිලධාරී වසමේ නයිතික්කායිකුලම රක්ෂිතය ඇතුළතය.

Read More
නෙළුම්වැව 9වන ගජබා රෙජිමේන්තු මූලස්ථානයේ පුරාවිද්‍යා නටබුන් - Archaeological Ruins in the 9th Gajaba Regiment Head Quarters at Nelumwewa, Welioya

නෙළුම්වැව 9වන ගජබා රෙජිමේන්තු මූලස්ථානයේ පුරාවිද්‍යා නටබුන් (Archaeological Ruins in the 9th Gajaba Regiment Head Quarters at Nelumwewa, Welioya)

මෙහි ඇති බෝධි වෘක්ෂය වටා පුරාණ බෝධිඝරයට අයත් ගල්කණු කිහිපයක් දැකගත හැක. බෝධිඝරය මධ්‍යයේ ශෛලමය සමාධි බුදු පිළිමයක් දක්නට තිබේ. බෝධිඝරයෙන් පිටත මුල් වලින් හා පසින් වැසුනු ගල් කණු කිහිපයක්, කොරවක් ගලක් හා පියගැට පෙළක සාධක දැකගත හැක.

Read More
වැලිඔය ජානකපුර මහපිටිය බෞද්ධ පුරාවිද්‍යා නටබුන් - Mahapitiya Archaeological Ruins in Janakapura, Welioya

වැලිඔය ජානකපුර මහපිටිය බෞද්ධ පුරාවිද්‍යා නටබුන් (Mahapitiya Archaeological Ruins in Janakapura, Welioya)

මෙහි නටබුන් විශාල භූමි ප්‍රමාණයක පැතිරී ඇත. නමුත් සියලුම නටබුන් නිදන් හොරුන් විසින් විනාශ කර ඇති බව පෙනේ. මෙම ස්ථානයට පිවිසීමේදී කලපු මායිමට යාබදව ගල්කණු සහිත ගොඩනැගිල්ලක සාධක දැකගත හැක. නිදන් හොරුන් විසින් මෙහි මධ්‍යයේ මීටරයක පමණ ගැඹුර වරක් හාරා ඇත

Read More
මුලතිවු ගුරුකන්ද රජමහා විහාරය පුරාවිද්‍යා නටබුන් - Mulativu Gurukanda Rajamaha Viharaya Archaeological Ruins

මුලතිවු ගුරුකන්ද රජමහා විහාරය පුරාවිද්‍යා නටබුන් (Mulativu Gurukanda Rajamaha Viharaya Archaeological Ruins)

ජනප්‍රවාදයට අනුව ගුරුකන්ද රජමහා විහාරය කිත්සිරිමෙවන් රජ දවස බුදුන්ගේ දන්ත ධාතුව හේමමාලා සහ දන්ත කුමරුන් ලංකා පටුන ඔස්සේ ශ්‍රී ලංකා භූමියට ගෙන ඒමෙන් පසුව ගමන් ගත් මාර්ගයේ ඔවුන් විවේක ගත් ස්ථානයක් ලෙස පිළිගැනේ.

Read More
නිදන් සොරුන් විසින් විනාශ කොට ඇති ගල් කණු සහිත ගොඩනැගිල්ල - මුලතිවු සුගන්ධිපුරම් බෞද්ධ පුරාවිද්‍යා නටබුන් - Sugandhipuram Archaeological Ruins in Mulativu

මුලතිවු සුගන්ධිපුරම් බෞද්ධ පුරාවිද්‍යා නටබුන් (Sugandhipuram Archaeological Ruins in Mulativu)

සුගන්ධිපුරම් (සුතන්තිපුරම්) ග්‍රාමය පිහිටා ඇත්තේ මුලතිව් පුදුකුඩුඉරිප්පු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේය. පරන්තන් සිට පුතුකුඩුරිප්පු මාර්ගයේ කිලෝමීටර 24.5ක් ගමන් කර තැන සුගන්ධිපුරම් (සුතන්තිපුරම්) හන්දියට පැමිණිය හැක. පුතුකුඩුරිප්පු සිට මෙම මංසන්ධියට දුර කිලෝමීටර් 10ක් වේ.

Read More
කුරුවිල්කුලම් බෞද්ධ පුරාවිද්‍යා නටබුන් - Kuruwilkulam Archaeological Site in Mulativu

හින්දු කෝවිලකින් යටවූ කුරුවිල්කුලම් බෞද්ධ පුරාවිද්‍යා නටබුන්

කුරුවිල්කුලම් වැව පිහිටියේ පුතුකුඩුඉරිප්පු ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ උදයාර්කට්ටු දකුණු 47 ග්‍රාමයේ ය. . ජේ.පී. ලුවිස් විසින් 1895 දී රචිත වන්නිය පිළිබඳව ප්‍රකාශනයක මෙම ස්ථානය අතීතයේ දී කුරාවිල් කෝවිල් යන නමින් හැඳින්වූ බවත් මෙහි ගඩොල් ඉදිකිරීමක් මත ශෛලමය වෘත්තයක් ඔහුට දැක ගන්නට ලැබුණු බව වාර්තා කරයි.

Read More