
ජයාරුපය : පෞරාණික ස්ථාන හා ස්මාරක – මුලතිව් දිස්ත්‍රික්කය – පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව
මෙම නටබුන් දක්නට ඇත්තේ වැලිඔය ඇහැටුගස්වැව ග්‍රාමනිලධාරී වසමේ ජනකපුර ග්‍රාමයට අයත් ප්‍රදේශයකය. ජනකපුර යනු වැලිඔය යන නාමය හා සමීපව බැඳුන දුෂ්කර ගම්මානයකි. මෙම ගම්මානය නම්වන්නේ වැලිඔය ජනතාව දේවත්වයෙන් සලකන මේජර් ජනරාල් ජානක පෙරේරාගේ නමිනි.
වැව් හතක් තනමින් වැලිඔය ජනතාවගේ ගෞරවාදරයට පත්වූ හෙතෙම වැලිඔය ජනපදය ගොඩනැඟුණු අවසන් ගම වන ‘ගාමිණීපුර’ විවෘත කිරීමට පැමිණි එවකට මහවැලි ඇමැති ගාමිණී දිසානායක මහතා සමඟින් එහිදී වැලිඔය ජනතාව කරන ලද ඉල්ලීමක් මත ‘ජනකපුර’ ලෙස නම්කෙරිණි. ජනකපුර එදා පටන් අදටත් නොවෙනස්ව පවතින්නේ ජනක පෙරේරා වැලිඔයට කළ උදාර සේවය බැවිනි.
ජනකපුර හමුදා කඳවුරු ජාලය හා අවට ගම්මාන කොටින්ට අත්පත් කරගන්නට මේජර් ජනරාල් ජානක පෙරේරා කිසිදා ඉඩ දුන්නේ නැත. 1995 ජූලි 29 වැනිදා වැලිඔය ජනකපුර හමුදා කඳවුර යන සේනාංක මූලස්ථානයත් අවට සිංහල ගම්මාන මුල් කරගනිමින් LTTE ත්‍රස්තවාදීන් අතිවිශාල ප්‍රහාරයක් දියත් කරන ලදී. ජානක පෙරේරා යටතේ තිබූ මෙම කඳවුරු ජාලය උපක්‍රමශීලීව කොටි ත්‍රස්තවාදීන් 500 ක් මරා දැමුණු අතර ප්‍රහාරයෙන් මිය ගියේ හමුදා සෙබළුන් දෙදෙනකු පමණි. මෙම ජයග්‍රහණය තිස් වසරක ත්‍රස්තවාදී යුද්ධයේදී ශ්‍රී ලංකා හමුදාව දිනාගත් ඉහළම ජයග්‍රහණයක් ලෙස අදටත් යුද ඉතිහාසයේ ලියැවී ඇත.
ජනකපුර සුපර් මාකට් හන්දිය පසුකර මීටර් දෙසීයක් පමණ ගිය විට කලපු පාර හමුවේ. ඉන් දකුණට හැරී දෙක ඇළ හරහා දකුණු දෙසට ගමන් කළ විට හමුවන අභය භූමිය තුළ පිහිටි මහපිටිය නම් ස්ථානයේ මෙම නටබුන් පවතී.
මෙම භූමියේ නටබුන් විශාල භූමි ප්‍රමාණයක පැතිරී ඇත. නමුත් සියලුම නටබුන් නිදන් හොරුන් විසින් විනාශ කර ඇති බව පෙනේ. මෙම ස්ථානයට පිවිසීමේදී කලපු මායිමට යාබදව ගල්කණු සහිත ගොඩනැගිල්ලක සාධක දැකගත හැක. නිදන් හොරුන් විසින් මෙහි මධ්‍යයේ මීටරයක පමණ ගැඹුර වරක් හාරා ඇත. මෙහි තවමත් සිරස්ව සිටින ගල් කණු දෙකක් ද ගලවා දමන ලද ගල් කණු තුනක්ද කඩා දමන ලද ගල් කණු කැබලි කිහිපයක් ද දැකගත හැක.
මෙම ගොඩනැඟිල්ල දකුණින් ඒ අසලම ගල් කණු කොටස් සහිත ගොඩනැගිල්ලක පාදමක් දැකගත හැක. මෙම ගොඩනැඟිල්ලට මද දුරකින් ගල්කණු 12 සහිත ගොඩනැගිල්ලක නටබුන් දැකගත හැක. නිදන් හොරුන් විසින් මෙම ගොඩනැගිල්ලේ ස්ථාන කිහිපයක්ම කැන ඇති බැවින් ගොඩනැගිල්ලේ ස්වභාවය හඳුනා ගැනීමට අපහසුය. මේ අවට බොරදම් සහිත පාදම් ගල්, කැටයම් රහිත සඳකඩ පහනක්, ශිලාමය කණු කොටස් , උළු හා ගඩොල් කොටස් තැනින් තැන දක්නට හැක.
මෙම ගොඩනැඟිල්ල දකුණු පසින් ශිලාමය කණු පහක් සහිත තවත් ගොඩනැගිල්ලකි. මෙය මද්‍යයද නිධන් හොරුන් විසින් හාරා ඇති අතර මේ අවට පැතිරුණ ගල් කණු, ආසන ගල්, හා සඳකඩ පහන් කොටස් දැකගත හැක. ඊට අමතරව මෙම ගොඩනැගිල්ලට දකුණු හා නැගෙනහිර දෙසින් තවත් ගොඩනැගිලි දෙකක සාධක දක්නට තිබේ.
මුලින්ම හමුවන ගල් කණු සහිත ගොඩනැගිලි නිරිතදිග දෙසින් මීටර 4ක් පමණ විශ්කම්භයකින් යුත් කුඩා දාගැබක නටඹුන් තිබේ. මෙම දාගැබ මධ්‍යයේ ද මීටර් තුනක් පමණ ගැඹුර කුහරයක් නිධන් හොරුන් විසින් හාරා ඇත.
පුරාවිද්‍යාත්මක සාධක අනුව මෙම විහාරය අනුරාධපුර මුල් යුගයට අයත් බව නිගමනය කළ හැක. මෙම පුරාණ ආරාමය අලංකාර වූ බොරදම් සහිත ගොඩනැගිලි සමූහයකින් සමන්විත වී ඇති බව පෙනේ. වර්තමානයේදී මෙම ප්‍රදේශය මහපිටිය යන නමින් ප්‍රදේශීය ප්‍රදේශයේ ජනතාව අතර ප්‍රකට ය.
මූලාශ්‍ර :
- අසංග, එම්. වී. පී. කේ. සහ නිශාන්ත, අයි. පී. ඇස්., 2018. පෞරාණික ස්ථාන හා ස්මාරක – මුලතිව් දිස්ත්‍රික්කය – පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව. 1වන සංස්කරණය. කොළඹ: රජයේ මුද්‍රණ දෙපාර්තුමේන්තුව, පි108-110
- Archaeologysl.maps.arcgis.com. 2020. Web GIS Portal – Web GIS Unit. [online] Available at: <https://archaeologysl.maps.arcgis.com/home/index.html> [Accessed 30 September 2020].
- මෙන්ඩිස්, ක., 2017. අපෙන් එෙකක් නොවේද මේ මිනිසා. [online] සිළුමිණ. Available at: <https://www.silumina.lk/2017/10/14/විශේෂාංග/අපෙන්-එෙකක්-නොවේද-මේ-මිනිසා> [Accessed 25 October 2020].
සම්බන්ධ වෙනත් පිටු
වැලිඔය ජානකපුර මහපිටිය බෞද්ධ පුරාවිද්‍යා නටබුන් සිතියම
ඉහල සිතියමේ මෙම ස්ථානය පමණක් නොව කිලෝමීටර 20ක් ඇතුලත තවත් වැදගත් ස්ථාන ලකුණු වී ඇත. මේ ස්ථාන බැලීමට සිතියම කුඩා කර බලන්න. වැඩි විස්තර සඳහා අවශ්‍ය ස්ථානය මතට මුසිකය ගෙනයන්න. එසේ නැතිනම් click කරන්න.
ගූගල් සිතියම වෙනත් ස්ථාන වලට චලනය කර ගෙනයාමෙන් එම ප්‍රදේශයේ වැදගත් ස්ථාන බලාගත හැක.
වැලිඔය ජානකපුර මහපිටිය බෞද්ධ පුරාවිද්‍යා නටබුන් රියදුරු දිශාවන්
පදවිය සිට මහපිටිය බෞද්ධ පුරාවිද්‍යා නටබුන් දක්වා |
හරහා : වැලිඔය මුළු දුර : කිලෝමීටර් 32 ගතවන කාලය : විනාඩි 45 ගත කිරිය යුතු කාලය : විනාඩි 30-60 පමණ රියදුරු දිශාවන් : ගූගල් සිතියමේ බලන්න |