මොණරවැව ශ්‍රී මයුරවාපී විහාරය පුරාවිද්‍යා නටබුන්

⚙️ [Top with rating]
RATE THIS LOCATION : (2 votes, average: 1.50 out of 5)
මොණරවැව ශ්‍රී මයුරවාපී විහාරය පුරාවිද්‍යා නටබුන් - Monarawewa Sri Mayurawapi Viharaya Archaeological Ruins
මොණරවැව ශ්‍රී මයුරවාපී විහාරය පුරාවිද්‍යා නටබුන්
ජයාරුපය : පෞරාණික ස්ථාන හා ස්මාරක – මුලතිව් දිස්ත්‍රික්කය – පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව

මොණරවැව යනු මුලතිව් දිස්ත්රික්කයේ පදවිය සිට කිලෝමීටර 22 ක් පමණ නැදුන්කේනි දෙසට ඇති දුෂ්කර ගම්මානයකි. තිස් වසරක කොටි ත්‍රස්තවාදීන්ගෙන් බැටකෑ මෙම ගම් වැසියෝ තවමත් ගෙවන්නේ දුෂ්කර දිවියකි.

කොටි ත්‍රස්තවාදී සමයේදී මොණරවැව ශ්‍රී මයුරවාපී විහාරය ත්‍රස්තවාදී ප්‍රහාරයන්ට ලක්ව මුළුමනින්ම විනාශ වී තිබිණි. නමුත් 2012 දී යුධ හමුදාවේ ශ්‍රමයෙන් මෙම විහාරය නැවත ගොඩනඟන ලදී.

⚙️ [Google Ad 01 -SI]

මෙම විහාරයේ ප්‍රතිමා ගෘහයක් ලෙස සළකන ගොඩනැගිල්ලක කෙටි ගල් කණු 17ක් දැකිය හැක. මෙම ගෘහයේ නැගෙනහිරට මුහුණලා ඇතිබව පෙනේ. දිගින් මීටර 4.4ක්ද පළලින් මීටර 4.26ක්ද පමණ වේ.

ඒ ආසන්නයේම හිටි ප්‍රතිමාව ක්වනධයක කොටස් 2ක් හා පිළිම පාදම් ගලක් වේ. ස්පටික හුනුගලෙන් නිමවා ඇති මෙම පිළිමය ඉනෙන් දෙකට වෙන්වී ඇත. හිස හා දෙපා නොමැත. ඉනෙන් උඩු කොටසේ උස සෙන්ටිමීටර 56ක් ද දෙවුර අතර පළල සෙන්ටිමීටර 56ක්ද වේ. ඉනෙන් පහළ කොටසේ උස සෙන්ටිමීටර 76ක් වේ. සිවුරේ රැළි මනාව මතුකොට ඇති අකාරය අදටත් දැකගත හැක. පිළිම පාදම් ගල මෙම පිළිමයේ කොටසක් විය යුතුය.

මෙම පුරාවිද්‍යා ස්ථානයට ලඟා වීම සඳහා පදවිය වැලිඔය මාර්ගයේ නිකවැව දක්වා පැමිණ ඇතාවැටුනුවැව මාර්ගයේ කිලෝමීටර 7ක් පමණ ගමන් කලවිට මොණර වැව හමුවේ. මෙම වැව පසුකළ විගස ඊට මුහුණලා මෙම විහාරය හමුවේ.

මූලාශ්‍ර :

  • Asanga, M. V. P. K., & Nishantha, I. P. S. (2018). පෞරාණික ස්ථාන හා ස්මාරක – මුලතිව් දිස්ත්‍රික්කය (1st ed.). Department of Archaeology, Sri Lanka.
  • Archaeologysl.maps.arcgis.com. 2020. Web GIS Portal – Web GIS Unit. [online] Available at: <https://archaeologysl.maps.arcgis.com/home/index.html> [Accessed 30 September 2020].

සම්බන්ධ වෙනත් පිටු

මොණරවැව ශ්‍රී මයුරවාපී විහාරය පුරාවිද්‍යා නටබුන් සිතියම

ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් විවෘත කිරීමට පහත බොත්තම් භාවිතා කරන්න –
.

ඉහල සිතියමේ මෙම ස්ථානය පමණක් නොව කිලෝමීටර 20ක් ඇතුලත තවත් වැදගත් ස්ථාන ලකුණු වී ඇත. මේ ස්ථාන බැලීමට සිතියම කුඩා කර බලන්න. වැඩි විස්තර සඳහා අවශ්‍ය ස්ථානය මතට මුසිකය ගෙනයන්න. එසේ නැතිනම් click කරන්න.

ගූගල් සිතියම වෙනත් ස්ථාන වලට චලනය කර ගෙනයාමෙන් එම ප්‍රදේශයේ වැදගත් ස්ථාන බලාගත හැක.

මොණරවැව ශ්‍රී මයුරවාපී විහාරය පුරාවිද්‍යා නටබුන් රියදුරු දිශාවන්

පදවිය සිට මොණරවැව ශ්‍රී මයුරවාපී විහාරය පුරාවිද්‍යා නටබුන් දක්වා
හරහා :නිකවැව – ඇතාවැටුනුවැව
මුළු දුර : කිලෝමීටර් 22
ගතවන කාලය : විනාඩි 30
ගත කිරිය යුතු කාලය : විනාඩි 30  පමණ
රියදුරු දිශාවන් : ගූගල් සිතියමේ බලන්න
⚙️ [Google Ad 02 (bottom)]

© www.amazinglanka.com

Kovils (1) අම්බලම (57) ආකර්ෂණ (9) ආසනඝර (7) ඉතිහාසය (0) උණුදිය උල්පත් (1) උරුමය (303) ඓතිහාසික උරුම ලිපි (3) ඓතිහාසික සිදුවීම් (1) කුළුදාගේ (1) ගිරි සෙල්ලිපි (8) ටැම්පිට විහාර (41) දිය ඇලි (4) දූපත් (1) දෙතිස් ඵල බෝධින් (5) දේවාල (2) පබ්බත විහාර (3) පර්වත චිත්‍ර (2) ප්‍රදීපාගාර (1) ප්‍රාග් ඉතිහාස ලිපි (1) ප්‍රාග් ඓතිහාසික (6) පාලම් (3) පුරාණ අමුණු (14) පුවරු හා ටැම් ලිපි (9) බලකොටු (11) මීටර 20-29 (1) මීටර 30-39 (1) යාල තුල නටබුන් (6) ලිපි (2) වනජීවී (2) වනජීවී ලිපි (1) වාරි කර්මාන්ත (27) වැව් හා ජලාශ (15) සංචාරක ආකර්ෂණ (14) ස්මාරක (4) සුසාන භූමි (5)

z Jaffna 3 (4) අනුරාධපුර දිස්ත්‍රික්කය (42) අනුරාධපුර රාජධානිය (5) අම්පාර දිස්ත්‍රික්කය (7) කළුතර දිස්ත්‍රික්කය (5) කෑගල්ල දිස්ත්‍රික්කය (31) කිලිනොච්චි දිස්ත්‍රික්කය (3) කුරුණෑගල දිස්ත්‍රික්කය (25) කොළඹ දිස්ත්‍රික්කය (3) ගම්පහ දිස්ත්‍රික්කය (5) ගාල්ල දිස්ත්‍රික්කය (6) ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය (47) නුවරඑළිය දිස්ත්‍රික්කය (5) පුත්තලම දිස්ත්‍රික්කය (5) පොළොන්නරුව දිස්ත්‍රික්කය (14) පොළොන්නරුව රාජධානිය (7) බදුල්ල දිස්ත්‍රික්කය (3) මඩකලපුව දිස්ත්‍රික්කය (2) මන්නාරම දිස්ත්‍රික්කය (10) මන්නාරම දූපත (2) මහනුවර දිස්ත්‍රික්කය (39) මාතර දිස්ත්‍රික්කය (5) මාතලේ දිස්ත්‍රික්කය (7) මුලතිවු දිස්ත්‍රික්කය (27) මොණරාගල දිස්ත්‍රික්කය (6) යාපනය දිස්ත්‍රික්කය (16) රත්නපුර දිස්ත්‍රික්කය (10) වවුනියා දිස්ත්‍රික්කය (8) හම්බන්තොට දිස්ත්‍රික්කය (7)

Leave a Reply