වැලිඔය ඇතාවැටුණුවැව ශ්‍රී උදුම්බරාරාම රජමහා විහාරය පුරාවිද්‍යා නටබුන් – Welioya Ethawatunuwewa Sri Udumbararama Rajamaha Viharaya Archaeological Ruins

RATE THIS LOCATION :1 Star2 Stars3 Stars4 Stars5 Stars (3 votes, average: 3.00 out of 5)
Loading...
වැලිඔය ඇතාවැටුණුවැව ශ්‍රී උදුම්බරාරාම රජමහා විහාරය පුරාවිද්‍යා නටබුන් - Welioya Ethawatunuwewa Sri Udumbararama Rajamaha Viharaya Archaeological Ruins
වැලිඔය ඇතාවැටුණුවැව ශ්‍රී උදුම්බරාරාම රජමහා විහාරය පුරාවිද්‍යා නටබුන් – Welioya Ethawatunuwewa Sri Udumbararama Rajamaha Viharaya Archaeological Ruins

ඇතාවැටුනුවැව යනු මුලතිව් දිස්ත්රික්කයේ පදවිය සිට කිලෝමීටර 18ක් පමණ වැලිඔය දෙසට ඇති දුෂ්කර ගම්මානයකි. තිස් වසරක කොටි ත්‍රස්තවාදීන්ගෙන් බැටකෑ මෙම ගම් වැසියෝ තවමත් ගෙවන්නේ දුෂ්කර දිවියකි.

මෙම පුරාවිද්‍යා භූමිය මත වර්තමාන ශ්‍රී උදුම්බරාරාම රජමහා විහාරය ගොඩනැගී පවතී. මෙහි නව ගොඩනැගිලි හා ඒ වටා මානව ක්‍රියාකාරකම් මගින් පුරවස්තුන් අස්ථානගත වී ඇති නමුත් මෙහි ගල්කණු සහිත ගොඩැලි 2ක් හා දාගැබ් ගොඩැල්ලක අවශේෂ පවතී.

මෙහි නව ආවාස ගෙයට ගිනිකොණ දිශාවෙන් මෙහි එක ගොඩැල්ලක් පවතී. මෙහි තරමක් විශාල රළුව කැපූ සිටුවා ඇති ගල්කණු 6ක් හා පෙරලී ඇති එක් කණුවක් දැකගත හැක. මෙහි එක් කණුවක් සෙන්ටිමීටර 55×32 වට ප්‍රමාණයක් ගන්නා අතර පෙරලී ඇති කනුව මීටර 2.5ක් උස්වේ. මෙම ගොඩනැගිල්ලේ කණු පිහිටීම අනුව එය පුරාණ පොහොය ගෙයක් බව අනුමාන කරයි.

මෙම ගොඩනැගිල්ලට දකුණින් ගල්කණු 6ක් සිටුවා ඇති තවත් ගොඩැල්ලක් පවතී. මෙම කණුවක් සෙන්ටිමීටර 30×30 පමණ වේ. මෙහි මද්‍යය තරමක් උසය. ගොඩනැගිල්ලට අයත් උළුවහු පඩිකඳ මීටර 2ක් දිගය. දොරටුව සෙන්ටිමීටර 122කි. මෙම ගොඩනැගිල්ලේ වම් අන්තයේ පියගැටපෙලකට අයත් රවක් ගලක් සිටුවා ඇත. තවද මල් ආසනයක කොටසක් යයි සිතිය හැකි ගල් පුවරුවක කොටසක් මෙහි තබා ඇත.

මෙම ගොඩැල්ලට මීටර 15ක් පමණ දකුණින් විශාල පාදම් ගලකි. මීටර 50ක් පමණ නැගෙනහිරින් අලුතින් ගොඩනගනලද වගා ළිඳකි. ඒ අසල ගල්කණු පාදම් 3ක් දක්නට ලැබේ.

මෙම විහාරස්ථානයේ එක්පසෙක ස්තුප ගොඩැල්ලකි. මෙම ගොඩැල්ල මීටර 15ක පමණ විෂ්කම්හයෙන් යුක්ත වේ. නිදන් හොරුන් විසින් මෙම ස්තූපය හා හා බොහෝ පුරා වස්තු වනසා ඇත. ස්ථූප ගොඩැල්ල මත පාදම් ගලක් හා ආසන ගල් යයි සැක කළහැකි ගල් පුවරු 2ක් දැකගත හැක.

නව විහාර භූමියේ එක් ස්ථානයක විහාරය අවටින් හමුවූ පුරාවිද්‍යා නටබුන් කිහිපයක් එක්රැස්කොට ඇත. මෙහි කණු පාදම්, කොරවක්ගල් හා උළුවහු පාදම් ගල් එක් කොට තිබේ. මේ අතර ගලින් නෙළනාලද හිටි පිළිමයක කොටස්ද වේ. මෙම පිළිමය මීටර 1.3 පමණ උස වන අතර දෙවුර අතර පළල සෙන්ටිමීටර 40 ක් වේ. පාද කැඩී ඇත.

මෙම විහාරයට ගමන් කිරීමට පදවිය සිට වැලිඔය මාර්ගයේ නිකවැව වෙත පැමිණ ඇතාවැටුනුවැව මාර්ගයට ඔස්සේ පැමිණ ඇතාවැටුනුවැව හන්දියෙන් මීටර 600ක් පමණ ඇතුලට ගමන් කල යුතුය.

මූලාශ්‍ර :

  • අසංග, එම්. වී. පී. කේ. සහ නිශාන්ත, අයි. පී. ඇස්., 2018. පෞරාණික ස්ථාන හා ස්මාරක – මුලතිව් දිස්ත්‍රික්කය – පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව. 1වන සංස්කරණය. කොළඹ: රජයේ මුද්‍රණ දෙපාර්තුමේන්තුව, පි162-164
  • Archaeologysl.maps.arcgis.com. 2020. Web GIS Portal – Web GIS Unit. [online] Available at: <https://archaeologysl.maps.arcgis.com/home/index.html> [Accessed 30 September 2020].

සම්බන්ධ වෙනත් පිටු

වැලිඔය ඇතාවැටුණුවැව ශ්‍රී උදුම්බරාරාම රජමහා විහාරය පුරාවිද්‍යා නටබුන් සිතියම

ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් විවෘත කිරීමට පහත බොත්තම් භාවිතා කරන්න –
.

ඉහල සිතියමේ මෙම ස්ථානය පමණක් නොව කිලෝමීටර 20ක් ඇතුලත තවත් වැදගත් ස්ථාන ලකුණු වී ඇත. මේ ස්ථාන බැලීමට සිතියම කුඩා කර බලන්න. වැඩි විස්තර සඳහා අවශ්‍ය ස්ථානය මතට මුසිකය ගෙනයන්න. එසේ නැතිනම් click කරන්න.

ගූගල් සිතියම වෙනත් ස්ථාන වලට චලනය කර ගෙනයාමෙන් එම ප්‍රදේශයේ වැදගත් ස්ථාන බලාගත හැක.

වැලිඔය ඇතාවැටුණුවැව ශ්‍රී උදුම්බරාරාම රජමහා විහාරය පුරාවිද්‍යා නටබුන් රියදුරු දිශාවන්

පදවිය සිට වැලිඔය ඇතාවැටුණුවැව ශ්‍රී උදුම්බරාරාම රජමහා විහාරය පුරාවිද්‍යා නටබුන් දක්වා
හරහා : නිකවැව
මුළු දුර : කිලෝමීටර් 19
ගතවන කාලය : විනාඩි 30
ගත කිරිය යුතු කාලය : විනාඩි 30  පමණ
රියදුරු දිශාවන් : ගූගල් සිතියමේ බලන්න

© www.amazinglanka.com

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

This site is protected by reCAPTCHA and the Google Privacy Policy and Terms of Service apply.

%d bloggers like this: