
ජයාරුපය : පෞරාණික ස්ථාන හා ස්මාරක – මුලතිව් දිස්ත්‍රික්කය – පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව
මෙම නටබුන් පවතින්නේ මුහුදුබඩපත්තුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ කෝමලමුනේ මුහුණේ මධ්‍යම ග්‍රාම නිලධාරී වසමේ නයිතික්කායිකුලම රක්ෂිතය ඇතුළතය.
මෙම ස්ථානයේ පැරණි ගඩොල් සහිත වැනසී ගිය දාගැබ් ගොඩැල්ලක් දැකගත හැක එය උසින් මීටර නමයක් හා විෂ්කම්භය මීටර පහළොවක් පමණ වෙයි. පුරාවිද්‍යා නිලධාරීන් 2011 දී මෙම ස්ථානය නිරීක්ෂණය කරන විට එහි මධ්‍යය නිදන් හොරුන් විසින් හැරීමට උත්සාහ කර තිබිණි. නමුත් 2016 වසර අගභාගයේ එම ස්ථානයට නැවත පුරාවිද්‍යා නිලධාරීන් පැමිණෙන විට මීටර පහක පමණ ගැඹුරු වළක් හාරා නිධන් කොල්ලය අවසාන කොට තිබිණි. මෙම ස්තූපයේ ගඩොල් නිරීක්ෂණය කිරීමෙන් මෙම පුරාවිද්‍යා ස්ථානය අනුරාධපුර අවධියට අයත් බව නිගමනය කොට ඇත. මෙම ස්ථූප ගොඩැල්ල ට ආසන්නයේ කණු පාදම් ගල් දෙකක් හමුවේ.
මෙම ස්ථානයේ වැදගත් සොයා ගැනීමක් වන්නේ අන්ද්‍රා සම්ප්රදායේ බුද්ධ ප්‍රතිමා ඵලකයක් හමුදා නිලධාරීන් විසින් සොයා ගැනීමයි. මෙම ඵලකය ක්‍රිස්තු වර්ෂ 2-4 සියවස් අතර කාලයකට අයත් යැයි විශ්වාස කෙරේ. බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයෙන් 6වන සතිය ගතකල මුචලින්ද නාග දරණය සහ හත්වන සතිය ගතකල රාජායතනයේ වැඩ සිටින අවස්ථාව මෙහි නිරූපණය කර ඇත.
මුචලින්ද නාගරාජයා නයි පෙන හතකින් යුත් නාගයෙකු ලෙස මූර්තිමත් කොට ඇත. හයවන සතියේදී බුදුරජුන්ට හමුවන තපස්සු භල්ලුක වෙළඳ දෙබෑයන් සහ බ්‍රහ්ම හා ඉන්ද්‍ර යන දෙවිවරුන් බුදු රජුන්ට දෙපසින් නිර්මාණය කොට ඇත. මෙවන් ඵලක ලංකාවෙන් හමුවන්නේ ඉතා සුළු ප්‍රමාණයක් වන අතර උතුරු පළාතින් දැනට හමු වී තිබෙන එකම ඵලකය මෙයයි.
මෙම ඵලකය පස්වන සිංහ රෙජිමේන්තුවේ අණ දෙන නිලධාරී නිවාසයේ වර්තමානයේ තැම්පත් කොට ඇත.
පදවිය ජනකපුර මාර්ගයේ පරාක්‍රමපුරය පසු කර කිරිඉබ්බන්වැව මාර්ගයේ ගමන් කොට නයිතික්කායිකුලම වැව පසු කර කිලෝමීටර 1.5 ක් පමණ ගමන් කළ යුතුය. එහිදී දකුණු පසින් පිහිටි පැලවි ආරු හරහා මීටර් 600ක් පමණ ගමන් කිරීමෙන් පසු මෙම ස්ථානයට ළඟාවිය හැක.
පහත GPS ස්ථානය ලකුණු කොට ඇත්තේ පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවේ GIS දත්ත ගබඩාව ඇසුරෙනි.
මූලාශ්‍ර :
- අසංග, එම්. වී. පී. කේ. සහ නිශාන්ත, අයි. පී. ඇස්., 2018. පෞරාණික ස්ථාන හා ස්මාරක – මුලතිව් දිස්ත්‍රික්කය – පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව. 1වන සංස්කරණය. කොළඹ: රජයේ මුද්‍රණ දෙපාර්තුමේන්තුව, පි140-1142
- Archaeologysl.maps.arcgis.com. 2020. Web GIS Portal – Web GIS Unit. [online] Available at: <https://archaeologysl.maps.arcgis.com/home/index.html> [Accessed 30 September 2020].
සම්බන්ධ වෙනත් පිටු
වැලිඔය නයිතික්කායිකුලම පුරාවිද්‍යා නටබුන්යා නටබුන් සිතියම
ඉහල සිතියමේ මෙම ස්ථානය පමණක් නොව කිලෝමීටර 20ක් ඇතුලත තවත් වැදගත් ස්ථාන ලකුණු වී ඇත. මේ ස්ථාන බැලීමට සිතියම කුඩා කර බලන්න. වැඩි විස්තර සඳහා අවශ්‍ය ස්ථානය මතට මුසිකය ගෙනයන්න. එසේ නැතිනම් click කරන්න.
ගූගල් සිතියම වෙනත් ස්ථාන වලට චලනය කර ගෙනයාමෙන් එම ප්‍රදේශයේ වැදගත් ස්ථාන බලාගත හැක.
වැලිඔය නයිතික්කායිකුලම පුරාවිද්‍යා නටබුන් රියදුරු දිශාවන්
පදවිය සිට නයිතික්කායිකුලම පුරාවිද්න් දක්වා |
හරහා : වැලිඔය මුළු දුර : කිලෝමීටර් 62 ගතවන කාලය : පැය 1.30 ගත කිරිය යුතු කාලය : විනාඩි 30 පමණ රියදුරු දිශාවන් : ගූගල් සිතියමේ බලන්න |