වැලිඔය කුම්භකර්ණ ගල පර්වතයේ පුරාවිද්‍යා නටබුන්

⚙️ [Top with rating]
RATE THIS LOCATION : (2 votes, average: 1.00 out of 5)
වැලිඔය කුම්භකර්ණ ගල පර්වතයේ  පුරාවිද්‍යා නටබුන්  - Walioya Kumbhakarna Ggala Archaeological Ruins
වැලිඔය කුම්භකර්ණ ගල පර්වතයේ පුරාවිද්‍යා නටබුන් – Walioya Kumbhakarna Ggala Archaeological Ruins
ජයාරුපය : Proposed Kivul Oya Reservoir Project – EIA FINAL Report.

ඉපැරිණි කිරිඉබ්බන් වැව ජලාශය වැලිඔය සිට මුලතිව් මාර්ගයේ කිලෝමීටර 5ක් ගමන් කලවිට හමුවේ. කුම්භකර්ණ ගල (දෙමළ : කුම්බකර්නමලෛයි) නමින් හඳුන්වන පර්වතය කිරිඉබ්බන් වැවට මීටර 500ක් පමණ දුරින් වැව් ඉස්මත්තේ පවතී.

⚙️ [Google Ad 01 -SI]

ප්‍රදේශයේ විශ්වාසයන්ට අනුව මෙම පර්වතය කුම්භකර්ණ යෝධයාගේ නිවහණය. කුම්භකර්ණ යනු රාවණාගේ සොහොයුරාය. උතුරු මැද පළාතේ දැදුරු ඔයෙන් ඉහළ සිට යාපනය දක්වා වූ වන්නි හත්පත්තුවට අධිපති දෙවියන් ලෙස වන්දනාමානයට ලක්ව ඇති අයියනායක දෙවියන්, අයියනායක, අයියනායක මුකරේනාරේ, කයියනාරේ, අයියනායගම්, අරියනායගම් ආදී නම්වලින් විවිධ ප‍්‍රදේශවල ජනයා හඳුන්වයි. අයියනායක යනු කුම්බකර්ණ යෝධයා බවද එක් ජනප්‍රවාදයකි.

කුම්භකර්ණගල පර්වතය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට අයත් ස්ථානයක් ලෙස නම් කොට ඇත. මෙහි ඇති කටාරම් කෙටූ ගල්ලෙන කොටස් දෙකකින් යුක්ත වේ. ලෙන් මිදුලෙහි ගල් කණු හතරක් ඉතා හොඳ මට්ටමින් පෙනෙන්නට තිබේ. අනෙක් ගල් කණු සහ ගඩොල් යුද සමයේදී යුද හමුදාව කඳවුරු සකස් කිරීම සඳහා භාවිතා කොට ඇත. ඉතා අලංකාර ලෙස නිර්මාණය කොට ඇති පාදම් ගලක් දෙකට කැඩී ඇත. මෙය සෙන්ටිමීටර 145 ක් දිග, සෙන්ටිමීටර 40 පළල හා සෙන්ටිමීටර 15 ඝනකම වේ. මැටි බඳුන් අවශේෂ උළු හා ගඩොල් කැබලි භූමිය මතුපිට බහුලව දක්නට තිබේ.

මූලාශ්‍ර :

  • 2014. Proposed Kivul Oya Reservoir Project. EIA FINAL Report. Colombo: Mahaweli Authority of Sri Lanka, pp.228-231.
  • Archaeologysl.maps.arcgis.com. 2020. Web GIS Portal – Web GIS Unit. [online] Available at: <https://archaeologysl.maps.arcgis.com/home/index.html> [Accessed 30 September 2020].

සම්බන්ධ වෙනත් පිටු

වැලිඔය කුම්භකර්ණ ගල පර්වතය සිතියම

ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් විවෘත කිරීමට පහත බොත්තම් භාවිතා කරන්න –
.

ඉහල සිතියමේ මෙම ස්ථානය පමණක් නොව කිලෝමීටර 20ක් ඇතුලත තවත් වැදගත් ස්ථාන ලකුණු වී ඇත. මේ ස්ථාන බැලීමට සිතියම කුඩා කර බලන්න. වැඩි විස්තර සඳහා අවශ්‍ය ස්ථානය මතට මුසිකය ගෙනයන්න. එසේ නැතිනම් click කරන්න.

ගූගල් සිතියම වෙනත් ස්ථාන වලට චලනය කර ගෙනයාමෙන් එම ප්‍රදේශයේ වැදගත් ස්ථාන බලාගත හැක.

වැලිඔය කුම්භකර්ණ ගල පර්වතය රියදුරු දිශාවන්

පදවිය සිට වැවැලිඔය කුම්භකර්ණ ගල පර්වතය දක්වා
හරහා :වැලිඔය
මුළු දුර : කිලෝමීටර් 24
ගතවන කාලය : විනාඩි 35
ගත කිරිය යුතු කාලය : විනාඩි 30-60  පමණ
රියදුරු දිශාවන් : ගූගල් සිතියමේ බලන්න
⚙️ [Google Ad 02 (bottom)]

© www.amazinglanka.com

Kovils (1) අම්බලම (57) ආකර්ෂණ (9) ආසනඝර (7) ඉතිහාසය (0) උණුදිය උල්පත් (1) උරුමය (303) ඓතිහාසික උරුම ලිපි (3) ඓතිහාසික සිදුවීම් (1) කුළුදාගේ (1) ගිරි සෙල්ලිපි (8) ටැම්පිට විහාර (41) දිය ඇලි (4) දූපත් (1) දෙතිස් ඵල බෝධින් (5) දේවාල (2) පබ්බත විහාර (3) පර්වත චිත්‍ර (2) ප්‍රදීපාගාර (1) ප්‍රාග් ඉතිහාස ලිපි (1) ප්‍රාග් ඓතිහාසික (6) පාලම් (3) පුරාණ අමුණු (14) පුවරු හා ටැම් ලිපි (9) බලකොටු (11) මීටර 20-29 (1) මීටර 30-39 (1) යාල තුල නටබුන් (6) ලිපි (2) වනජීවී (2) වනජීවී ලිපි (1) වාරි කර්මාන්ත (27) වැව් හා ජලාශ (15) සංචාරක ආකර්ෂණ (14) ස්මාරක (4) සුසාන භූමි (5)

z Jaffna 3 (4) අනුරාධපුර දිස්ත්‍රික්කය (42) අනුරාධපුර රාජධානිය (5) අම්පාර දිස්ත්‍රික්කය (7) කළුතර දිස්ත්‍රික්කය (5) කෑගල්ල දිස්ත්‍රික්කය (31) කිලිනොච්චි දිස්ත්‍රික්කය (3) කුරුණෑගල දිස්ත්‍රික්කය (25) කොළඹ දිස්ත්‍රික්කය (3) ගම්පහ දිස්ත්‍රික්කය (5) ගාල්ල දිස්ත්‍රික්කය (6) ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය (47) නුවරඑළිය දිස්ත්‍රික්කය (5) පුත්තලම දිස්ත්‍රික්කය (5) පොළොන්නරුව දිස්ත්‍රික්කය (14) පොළොන්නරුව රාජධානිය (7) බදුල්ල දිස්ත්‍රික්කය (3) මඩකලපුව දිස්ත්‍රික්කය (2) මන්නාරම දිස්ත්‍රික්කය (10) මන්නාරම දූපත (2) මහනුවර දිස්ත්‍රික්කය (39) මාතර දිස්ත්‍රික්කය (5) මාතලේ දිස්ත්‍රික්කය (7) මුලතිවු දිස්ත්‍රික්කය (27) මොණරාගල දිස්ත්‍රික්කය (6) යාපනය දිස්ත්‍රික්කය (16) රත්නපුර දිස්ත්‍රික්කය (10) වවුනියා දිස්ත්‍රික්කය (8) හම්බන්තොට දිස්ත්‍රික්කය (7)

Leave a Reply