මුලතිවු සුගන්ධිපුරම් බෞද්ධ පුරාවිද්‍යා නටබුන්

⚙️ [Top with rating]
RATE THIS LOCATION : (2 votes, average: 3.00 out of 5)
නිදන් සොරුන් විසින් විනාශ කොට ඇති ස්තූප ගොඩැල්ල - මුලතිවු සුගන්ධිපුරම් බෞද්ධ පුරාවිද්‍යා නටබුන් - Sugandhipuram Archaeological Ruins in Mulativu
නිදන් සොරුන් විසින් විනාශ කොට ඇති ස්තූප ගොඩැල්ල – මුලතිවු සුගන්ධිපුරම් බෞද්ධ පුරාවිද්‍යා නටබුන් – Sugandhipuram Archaeological Ruins in Mulativu
ජයාරුපය : පෞරාණික ස්ථාන හා ස්මාරක – මුලතිව් දිස්ත්‍රික්කය – පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව

සුගන්ධිපුරම් (සුතන්තිපුරම්) ග්‍රාමය පිහිටා ඇත්තේ මුලතිව් පුදුකුඩුඉරිප්පු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේය. පරන්තන් සිට පුතුකුඩුරිප්පු මාර්ගයේ කිලෝමීටර 24.5ක් ගමන් කර තැන සුගන්ධිපුරම් (සුතන්තිපුරම්) හන්දියට පැමිණිය හැක. පුතුකුඩුරිප්පු සිට මෙම මංසන්ධියට දුර කිලෝමීටර් 10ක් වේ. එම මංසන්ධියේ සිට සුගන්ධිපුරම් කොලනිය දෙසට කිලෝමීටර 6ක් පමණ ගමන් කල විට සැටලයිට් හංදිය ලෙස හඳුන්වන මංසන්දියෙන් වමට ඇති 16වන ආධාරක කාලතුවක්කු රෙජිමේන්තු කඳවුර මාර්ගයේ කිලෝමීටර 2.5ක් පමණ ගමන් කළ විට මාර්ගයේ වම් පසට මුහුණලා මෙම පුරාවිද්‍යා ස්ථානය පිහිටා තිබේ.

⚙️ [Google Ad 01 -SI]

දාගැබ් ගොඩැල්ල

මෙම මාර්ගය අසලින්ම වම් පසින් මීටර් දෙකක් පමණ උස්වූ දාගැබ් ගොඩැල්ලක් දක්නට ඇත. මෙහි විෂ්කම්භය මීටර් 10 පමණ වේ. දාගැබ් ගොඩැල්ල මධ්‍යයේ මීටර් 3×3 පමණ වූ වලක් මීටරයක් පමණ ගැඹුරට නිදන් සොරුන් සාරා ඇත. මෙය තුළ ගඩොල් වැටි දහයක් පමණ දක්නට තිබේ. මෙම ගොඩැල්ලට උතුරින් මාර්ගයේ අනිත් පස මීටර 50 ක පමණ විශ්කම්භයකින් යුත් පොකුණක් ලෙස අනුමාන කළ හැකි ස්ථානයකි.

වෙනත් නටබුන්

දාගැබ් ගොඩැල්ලට මීටර විස්සක් පමණ බටහිරින් කුඩා ගල් කණු සහිත ගොඩැල්ලක් දක්නට ලැබේ. මෙම ස්ථානයද නිදන් හොරුන් විසින් කැණීම් කොට ඇති අතර එම ගොඩැල්ලට අයත් බැම්මක අවශේෂ කොටස් දක්නට ඇත.

මෙම ස්ථානයේ මතුවී ඇති බොහෝ ගල්කණු කොටස් පසින් යට ව තිබී නිධන් හොරුන්ගේ කැණීම් වලින් මතු වී ඇති බව පෙනේ.

මූලාශ්‍ර :

  • Asanga, M. V. P. K., & Nishantha, I. P. S. (2018). පෞරාණික ස්ථාන හා ස්මාරක – මුලතිව් දිස්ත්‍රික්කය (1st ed.). Department of Archaeology, Sri Lanka.
  • Archaeologysl.maps.arcgis.com. 2020. Web GIS Portal – Web GIS Unit. [online] Available at: <https://archaeologysl.maps.arcgis.com/home/index.html> [Accessed 30 September 2020].

සම්බන්ධ වෙනත් පිටු

මුලතිවු සුගන්ධිපුරම් බෞද්ධ පුරාවිද්‍යා නටබුන් සිතියම

ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් විවෘත කිරීමට පහත බොත්තම් භාවිතා කරන්න –
.

ඉහල සිතියමේ මෙම ස්ථානය පමණක් නොව කිලෝමීටර 20ක් ඇතුලත තවත් වැදගත් ස්ථාන ලකුණු වී ඇත. මේ ස්ථාන බැලීමට සිතියම කුඩා කර බලන්න. වැඩි විස්තර සඳහා අවශ්‍ය ස්ථානය මතට මුසිකය ගෙනයන්න. එසේ නැතිනම් click කරන්න.

ගූගල් සිතියම වෙනත් ස්ථාන වලට චලනය කර ගෙනයාමෙන් එම ප්‍රදේශයේ වැදගත් ස්ථාන බලාගත හැක.

මුලතිවු සුගන්ධිපුරම් බෞද්ධ පුරාවිද්‍යා නටබුන් රියදුරු දිශාවන්

පරන්තන් සිට මුලතිවු සුගන්ධිපුරම් බෞද්ධ පුරාවිද්‍යා නටබුන් දක්වා
හරහා : පුතුකුඩුරිප්පු පාර
මුළු දුර : කිලෝමීටර් 31
ගතවන කාලය : විනාඩි 45
ගත කිරිය යුතු කාලය : විනාඩි 20-30  පමණ
රියදුරු දිශාවන් : ගූගල් සිතියමේ බලන්න
⚙️ [Google Ad 02 (bottom)]

© www.amazinglanka.com

Kovils (1) අම්බලම (57) ආකර්ෂණ (9) ආසනඝර (7) ඉතිහාසය (0) උණුදිය උල්පත් (1) උරුමය (303) ඓතිහාසික උරුම ලිපි (3) ඓතිහාසික සිදුවීම් (1) කුළුදාගේ (1) ගිරි සෙල්ලිපි (8) ටැම්පිට විහාර (41) දිය ඇලි (4) දූපත් (1) දෙතිස් ඵල බෝධින් (5) දේවාල (2) පබ්බත විහාර (3) පර්වත චිත්‍ර (2) ප්‍රදීපාගාර (1) ප්‍රාග් ඉතිහාස ලිපි (1) ප්‍රාග් ඓතිහාසික (6) පාලම් (3) පුරාණ අමුණු (14) පුවරු හා ටැම් ලිපි (9) බලකොටු (11) මීටර 20-29 (1) මීටර 30-39 (1) යාල තුල නටබුන් (6) ලිපි (2) වනජීවී (2) වනජීවී ලිපි (1) වාරි කර්මාන්ත (27) වැව් හා ජලාශ (15) සංචාරක ආකර්ෂණ (14) ස්මාරක (4) සුසාන භූමි (5)

z Jaffna 3 (4) අනුරාධපුර දිස්ත්‍රික්කය (42) අනුරාධපුර රාජධානිය (5) අම්පාර දිස්ත්‍රික්කය (7) කළුතර දිස්ත්‍රික්කය (5) කෑගල්ල දිස්ත්‍රික්කය (31) කිලිනොච්චි දිස්ත්‍රික්කය (3) කුරුණෑගල දිස්ත්‍රික්කය (25) කොළඹ දිස්ත්‍රික්කය (3) ගම්පහ දිස්ත්‍රික්කය (5) ගාල්ල දිස්ත්‍රික්කය (6) ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය (47) නුවරඑළිය දිස්ත්‍රික්කය (5) පුත්තලම දිස්ත්‍රික්කය (5) පොළොන්නරුව දිස්ත්‍රික්කය (14) පොළොන්නරුව රාජධානිය (7) බදුල්ල දිස්ත්‍රික්කය (3) මඩකලපුව දිස්ත්‍රික්කය (2) මන්නාරම දිස්ත්‍රික්කය (10) මන්නාරම දූපත (2) මහනුවර දිස්ත්‍රික්කය (39) මාතර දිස්ත්‍රික්කය (5) මාතලේ දිස්ත්‍රික්කය (7) මුලතිවු දිස්ත්‍රික්කය (27) මොණරාගල දිස්ත්‍රික්කය (6) යාපනය දිස්ත්‍රික්කය (16) රත්නපුර දිස්ත්‍රික්කය (10) වවුනියා දිස්ත්‍රික්කය (8) හම්බන්තොට දිස්ත්‍රික්කය (7)

Leave a Reply