
ජයාරුපය : පෞරාණික ස්ථාන හා ස්මාරක – මුලතිව් දිස්ත්‍රික්කය – පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව
සුගන්ධිපුරම් (සුතන්තිපුරම්) ග්‍රාමය පිහිටා ඇත්තේ මුලතිව් පුදුකුඩුඉරිප්පු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේය. පරන්තන් සිට පුතුකුඩුරිප්පු මාර්ගයේ කිලෝමීටර 24.5ක් ගමන් කර තැන සුගන්ධිපුරම් (සුතන්තිපුරම්) හන්දියට පැමිණිය හැක. පුතුකුඩුරිප්පු සිට මෙම මංසන්ධියට දුර කිලෝමීටර් 10ක් වේ. එම මංසන්ධියේ සිට සුගන්ධිපුරම් කොලනිය දෙසට කිලෝමීටර 6ක් පමණ ගමන් කල විට සැටලයිට් හංදිය ලෙස හඳුන්වන මංසන්දියෙන් වමට ඇති 16වන ආධාරක කාලතුවක්කු රෙජිමේන්තු කඳවුර මාර්ගයේ කිලෝමීටර 2.5ක් පමණ ගමන් කළ විට මාර්ගයේ වම් පසට මුහුණලා මෙම පුරාවිද්‍යා ස්ථානය පිහිටා තිබේ.
මෙම මාර්ගය අසලින්ම වම් පසින් මීටර් දෙකක් පමණ උස්වූ දාගැබ් ගොඩැල්ලක් දක්නට ඇත. මෙහි විෂ්කම්භය මීටර් 10 පමණ වේ. දාගැබ් ගොඩැල්ල මධ්‍යයේ මීටර් 3×3 පමණ වූ වලක් මීටරයක් පමණ ගැඹුරට නිදන් සොරුන් සාරා ඇත. මෙය තුළ ගඩොල් වැටි දහයක් පමණ දක්නට තිබේ. මෙම ගොඩැල්ලට උතුරින් මාර්ගයේ අනිත් පස මීටර 50 ක පමණ විශ්කම්භයකින් යුත් පොකුණක් ලෙස අනුමාන කළ හැකි ස්ථානයකි.
දාගැබ් ගොඩැල්ලට මීටර විස්සක් පමණ බටහිරින් කුඩා ගල් කණු සහිත ගොඩැල්ලක් දක්නට ලැබේ. මෙම ස්ථානයද නිදන් හොරුන් විසින් කැණීම් කොට ඇති අතර එම ගොඩැල්ලට අයත් බැම්මක අවශේෂ කොටස් දක්නට ඇත.
මෙම ස්ථානයේ මතුවී ඇති බොහෝ ගල්කණු කොටස් පසින් යට ව තිබී නිධන් හොරුන්ගේ කැණීම් වලින් මතු වී ඇති බව පෙනේ.
මූලාශ්‍ර :
- අසංග, එම්. වී. පී. කේ. සහ නිශාන්ත, අයි. පී. ඇස්., 2018. පෞරාණික ස්ථාන හා ස්මාරක – මුලතිව් දිස්ත්‍රික්කය – පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව. 1වන සංස්කරණය. කොළඹ: රජයේ මුද්‍රණ දෙපාර්තුමේන්තුව, පි108-110
- Archaeologysl.maps.arcgis.com. 2020. Web GIS Portal – Web GIS Unit. [online] Available at: <https://archaeologysl.maps.arcgis.com/home/index.html> [Accessed 30 September 2020].
සම්බන්ධ වෙනත් පිටු
මුලතිවු සුගන්ධිපුරම් බෞද්ධ පුරාවිද්‍යා නටබුන් සිතියම
ඉහල සිතියමේ මෙම ස්ථානය පමණක් නොව කිලෝමීටර 20ක් ඇතුලත තවත් වැදගත් ස්ථාන ලකුණු වී ඇත. මේ ස්ථාන බැලීමට සිතියම කුඩා කර බලන්න. වැඩි විස්තර සඳහා අවශ්‍ය ස්ථානය මතට මුසිකය ගෙනයන්න. එසේ නැතිනම් click කරන්න.
ගූගල් සිතියම වෙනත් ස්ථාන වලට චලනය කර ගෙනයාමෙන් එම ප්‍රදේශයේ වැදගත් ස්ථාන බලාගත හැක.
මුලතිවු සුගන්ධිපුරම් බෞද්ධ පුරාවිද්‍යා නටබුන් රියදුරු දිශාවන්
පරන්තන් සිට මුලතිවු සුගන්ධිපුරම් බෞද්ධ පුරාවිද්‍යා නටබුන් දක්වා |
හරහා : පුතුකුඩුරිප්පු පාර මුළු දුර : කිලෝමීටර් 31 ගතවන කාලය : විනාඩි 45 ගත කිරිය යුතු කාලය : විනාඩි 20-30 පමණ රියදුරු දිශාවන් : ගූගල් සිතියමේ බලන්න |