යාන් ඔය නිම්නයේ සැඟවුණු පුරාණ වාහල්කඩ අමුණ – Ancient Wahalkada Amuna on Yan Oya

RATE THIS LOCATION :1 Star2 Stars3 Stars4 Stars5 Stars (1 votes, average: 5.00 out of 5)
Loading...
යාන් ඔය නිම්නයේ පුරාණ වාහල්කඩ අමුණ - Ancient Wahalkada Amuna on Yan Oya
යාන් ඔය නිම්නයේ පුරාණ වාහල්කඩ අමුණ – Ancient Wahalkada Amuna on Yan Oya
ජයාරූපය : මධ්‍ය යාන් ඔය නිම්නයේ කොක්එබේ මෙගලිතික සුසානය ආශ්‍රිත පුරාවිද්‍යා කැනීම හා තදාශ්‍රිත ප්‍රදේශයේ පුරාණ මානව ජනාවාසකරණය

පුරාණයේ යාන් ඔය හරහා ගල් අමුණු ගණනාවක් පැවති බව ඔයේ තැනින් තැන තවමත් පවත්නා ශෛලමය ශේෂයන් කියාපායි. වාහල්කඩ අමුණ මධ්‍ය යාන් ඔය නිම්නයේ යාන්ඔය හරස් කොට සැදු එවන් පුරාණ අමුණු කිහිපයෙන් එකකි.

අනුරාධපුරය සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයන්ට මායිම්ව වාහල්කඩ ගොවි ජනපදයේ D2 කළාපයේ සිට කිලෝමීටර 3ක් පමණ දුරින් වනාන්තරය තුල මෙම අමුණ යාන් ඔය හරහා දැකගත හැක.

මෙම අමුණ පිලිබඳ විස්තර ඓතිහාසික මුලාශ්‍රයන්ගේ සඳහන් නොවේ. නමුත් 1897 වසරේ පුරාවිද්‍යා පරිපාළන වාර්තාවේ වික්වෝර් නම්වූ මිනින්දෝරුවා විසින් වාර්තා කොට ඇත.

“මුල් අමුණට පහළින් පිහිටා තිබෙන මෙය මා විසින් දක්නා ලද පුරාණ විචිත්‍ර කර්මාන්තයන් ගෙන් එකකි. යටකී අමුණේ මෙන්ම මෙහිදීද ගඟ අමුණට දකුණෙන් හැරී ගොස් තිබේ. මේ නිසා මෙම අමුණේ එක ගලක්වත් ඉවතට පෙරළී නැත. එය සම්පූර්ණයෙන්ම කපාපු ගල් ඉතා දක්ෂ ලෙස පිරිද්දීමෙන් සාදා ඇත. ගල් පේලියේ පෙළ වරක් ගඟේ වතුර පාරට අනුවද වරක් ඊට විරුද්ධව ද පිහිටුවා අමුණ බැන තිබේ. සමහර ගල් අඩි 11½ ක් දිගය 1½ ක් පළලය. අමුණ අඩි 92ක් දිගය, අඩි 38 ක් පළලය. ගඟ පතුලේ සිට අඩි 10ක් උස ය. අමුණ දෙකෙළවර අඩි 6ක් උසට ගංඉවුර අතට හැඩකර සාදා තිබේ. අමුණ උඩින් ගලා යන ගංවතුර සීමා කිරීමට මෙසේ සාදා ගන්නට ඇත.”

(Administration Report- 1897)

මෙසේ වික්වෝර් විසින් 1897දී විස්තර කරනලද මෙම අමුණ ශතවර්ෂයකට පසුද එසේම පවතින බව ආචාර්ය විතානාච්චි 2017දී දක්වා ඇත. ආචාර්ය විතානාච්චිට අනුව මෙම අමුණේ දිග මීටර 26.8කි (අඩි 88), පළල මීටර 11.5කි (අඩි 37.7). මෙය වික්වෝර්ගේ මිනුම් හා ආසන්නව සැසදේ. යාන් ඔයේ ප්‍රමාණය හා සසඳන කල මෙම අමුණ සාපේක්ෂ වශයෙන් එය විශාල අමුනකි. අමුණේ සැලකිය යුතු කොටසක් තවමත් නිරුපද්‍රිතව පවතී. ඔයේ ජලපහර වැඩි වනවිට ඉවුරු කන්ඩි සේදී යෑම වැලක්වීමට ගල් කුට්ට්ටි යොදා සෑදු සැඬපනාව එසේම පවතී. බැම්ම මතුපිට ගල් ස්ථරයෙන් 80% පමණ ඉතිරිව පවතී.

වික්වෝර් විසින් මෙම අමුණ හා සම්බන්ධ ඇළ මාර්ගය අමුණට දම්වැල් 14ක් (මීටර 280) ක් ඉහලින් දකුණු ඉවුරේ පවතින බවත්, එය තවත් දම්වැල් 10ක් (මීටර 201) පහළින් නැවත ඔයට සම්බන්ධ වන බවත්ය. මේ හැර ඔහුට වෙතන් ඇළ මාර්ගයක් හමුවී නැති අතර එය බොහෝ විට පසින් වැසී ඇති තිබිය හැකි බව පවසයි. ආචාර්ය විතානාච්චි මහතාගේ සමීක්ෂණයේදී මෙම ඇළ මාර්ගය හමු නොවූ බවත් බොහෝවිට මෙය යාන් ඔයේ ස්වභාවිකව ඇතිවූ ඛාදනයක් වික්වෝර් විසින් ඇළ මාර්ගය ලෙස අනුමාන කළා වියහැකි බවත් පවසයි. ආචාර්ය විතානාච්චිට අනුව මෙම අමුණෙන් ජලය ලබාගෙන ඇත්තේ වම් ඉවුරට පමණි. මෙම අමුණ හා සම්බන්ධ ඇළ මාර්ගය අමුණට මීටර 20ක් පමණ ඉහළින් පිහිටයි. මෙම අමුණෙන් ජලය ලබාගෙන ඇත්තේ වාහල්කඩ වැවෙන් ජලය සැපයීමට නොහැකි වූ විශාල භූමි ප්‍රදේශයකට බව ඔහු පවසයි. ආචාර්ය විතානාච්චිට අනුව මෙම අමුණ පිහිටා ඇත්තේ අක්ෂාංශ දේශාංශ 8.78373245555, 80.8838876527 හි දීය.

අනුරාධපුරය සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයන්ට මායිම්ව පිහිටි වාහල්කඩ අමුණේ මතුපිට සැලැස්ම සහ හරස්කඩ සැලැස්මක් - The Plan and the cross section of the ancient Wahalkada Amuna bordering Anuradhapura and Trincomalee Districts
අනුරාධපුරය සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයන්ට මායිම්ව පිහිටි වාහල්කඩ අමුණේ මතුපිට සැලැස්ම සහ හරස්කඩ සැලැස්මක් – The Plan and the cross section of the ancient Wahalkada Amuna bordering Anuradhapura and Trincomalee Districts
රූපය: මධ්‍ය යාන් ඔය නිම්නයේ කොක්එබේ මෙගලිතික සුසානය ආශ්‍රිත පුරාවිද්‍යා කැනීම හා තදාශ්‍රිත ප්‍රදේශයේ පුරාණ මානව ජනාවාසකරණය
යාන් ඔය නිම්නයේ පුරාණ වාහල්කඩ අමුණ - Ancient Wahalkada Amuna on Yan Oya
යාන් ඔය නිම්නයේ පුරාණ වාහල්කඩ අමුණ – Ancient Wahalkada Amuna on Yan Oya
ජයාරූපය : මධ්‍ය යාන් ඔය නිම්නයේ කොක්එබේ මෙගලිතික සුසානය ආශ්‍රිත පුරාවිද්‍යා කැනීම හා තදාශ්‍රිත ප්‍රදේශයේ පුරාණ මානව ජනාවාසකරණය

Scattered ruins along the Yan Oya at various places indicate that there were a number of stone anicuts across the Yan Oya in ancient times. Wahalkada Amuna is one of the few such ancient anicuts built across the Yan Oya in the Central Yan Oya valley.

This amuna is found across the Yan Oya in the jungle about 3 km from the D2 zone of the Wahalkada farming colony bordering the Anuradhapura and Trincomalee districts.

Details of this amuna are not found in the ancient annals, however a surveyor named Wickwore (?) has recorded the state of this amuna in the Archaeological Administration Report of 1897.

“Below the original weir, this is one of the oldest constructions I have ever seen. Like the previous anicut, the river has now turned towards right to the anicut. As a result, not a single stone has fallen out of this amuna. It is made entirely of finely cut stone. The row of rocks was set up along the river’s waterway and another against it. Some stones are 11½ feet long and 10 feet wide. The weir is 92 feet long and 38 feet wide. It is 10 feet high from the bottom of the river. Both ends of the weir are 6 feet high and shaped towards the river banks. This was done to control the floodwaters flowing over the weir ”

(Administration Report- 1897)

In 2017, Dr. Withanachchi reported that the amuna described by Wickwore in 1897 had remained more or less the same for over a century. According to Dr. Withanachchi, the amuna is 26.8 meters (88 feet) long and 11.5 meters (37.7 feet) wide. This compares closely to Wickwore’s measurements. The anicut is relatively large compared to the size of the Yan Oya. A significant portion of the anvil is still intact. There is also a structure made of stones to prevent the banks of the river from being washed away when the water level in the river rises. About 80% of the rock layer laid on the surface still remains in tact.

Wickwore states that the canal connected to this anicut is 14 chains (280 m) above the amuna on the right bank it connects back to Yan Oya after further another 10 chains (201 m). Apart from this he has not found any other canal and states that any other canal may have been covered by mud. Dr. Withanachchi states that the canal mentioned by Wickwore could not be located during the survey and that it is possible that Wickwore had speculated this as a canal but possibly a natural erosion of the Yan Oya. According to Dr. Withanachchi, water was diverted from this anicut only on the left bank of Yan Oya. The canal connected to this gal amuna lies about 20 meters above the amuna. He says that this amuna has been used to su[[;y water to an large agricultural area which could not be irrigated from the Wahalkada wewa. According to Dr. Withanachchi, this anicut is located at latitude and longitude 8.78373245555, 80.8838876527.

ආශ්‍රිත ලිපි හා ග්‍රන්ථ

  1. විතානාච්චි, ච. රෝ. සහ මෙන්ඩිස්, ඩී. තු. , 2017. මධ්‍ය යාන් ඔය නිම්නයේ කොක්එබේ මෙගලිතික සුසානය ආශ්‍රිත පුරාවිද්‍යා කැනීම හා තදාශ්‍රිත ප්‍රදේශයේ පුරාණ මානව ජනාවාසකරණය. 1st ed. මිහින්තලේ: ශ්‍රී ලංකා රජරට විශ්ව විද්‍යාලය.

සම්බන්ධ වෙනත් පිටු

යාන් ඔය නිම්නයේ සැඟවුණු පුරාණ වාහල්කඩ අමුණ රියදුරු දිශාවන්

අනුරාධපුර සිට කලා ඔය යකාබැම්ම අමුණ දක්වා
හරහා : මැදවච්චිය – කැබිතිගොල්ලෑව
මුළු දුර: කිලෝමීටර 88
ගතවන කාලය  : විනාඩි 120
ගත කිරිය යුතු කාලය : විනාඩි 30 පමණ
රියදුරු දිශාවන් : ගූගල් සිතියමේ බලන්න

යාන් ඔය නිම්නයේ සැඟවුණු පුරාණ වාහල්කඩ අමුණ සිතියම


ගූගල් සිතියම් පහලින් - Please click on the button below to load the Dynamic Google Map -
.

ඉහල සිතියමේ මෙම ස්ථානය පමණක් නොව කිලෝමීටර 20ක් ඇතුලත තවත් වැදගත් ස්ථාන ලකුණු වී ඇත. මේ ස්ථාන බැලීමට සිතියම කුඩා කර බලන්න. වැඩි විස්තර සඳහා අවශ්‍ය ස්ථානය මතට මුසිකය ගෙනයන්න. එසේ නැතිනම් click කරන්න.

ගූගල් සිතියම වෙනත් ස්ථාන වලට චලනය කර ගෙනයාමෙන් එම ප්‍රදේශයේ වැදගත් ස්ථාන බලාගත හැක.



© www.amazinglanka.com