අළුත් හේරත්ගම ශ්‍රී උපතිස්සාරාමය පුරාණ ටැම්පිට විහාරය – Aluth Herathgama Upathissaramaya Purana Tampita Viharaya

Photo Credits : Janaka Roshan Ranasinghe
අළුත් හේරත්ගම යනු පාදෙනිය සහ අනුරාධපුර අතර මධ්‍යයේ පිහිටි ගමකි. මෙම විහාරස්ථානයට ළඟාවීම සඳහා පාදේනියේ සිට අනුරාධපුර මාර්ගයේ කිලෝමීටර 40 ක් හෝ අනුරාධපුර සිට කි.මී. 41 ක් ගමන් ගෙන අළුත්හේරත්ගම වැව දෙසට ඇති මාර්ගයට ඇතුළු විය යුතුය. විහාරය මෙම මාර්ගයේ මීටර 50ක් පමණ ගමන්කලවිට හමුවේ.
මෙම විහාරය නවීන පෙනුමක් ඇති අතර මෑතකදී ඉදිකරන ලද ගොඩනැගිලි බොහොමයක් ඇත. කෙසේ වෙතත් මෙම නවීන ගොඩනැඟිලි මධ්‍යයේ කුඩා ටැම්පිට විහාරයක් දැකගත හැක.
ටැම්පිට විහාර මහනුවර රාජධානිය පැවති කාලය තුල ජනප්‍රිය ගෘහ නිර්මාණ අංගයක් වූ අතර මෙහිදී ගෘහය වේදිකාවක් මත ඉදිකරන ලද අතර එම වේදිකාව ගල් කුළුණු මත තබා ගොඩනැගිණි.
අළුත් හේරත්ගම ටැම්පිට විහාරය ගල් කුළුණු 10 ක් මත ඉදිකර ඇති අතර එහි සාමාන්‍ය උස සෙන්ටිමීටර 51 කි. මෙවන් ගොඩනැගිළිවල සාමාන්‍යයෙන් දක්නට ලැබෙන ප්රදක්ෂිණා පථයක් මෙහි නොමැත. මෙහි ප්‍රථිමා ගෘහයේ දිග මීටර් 2.95 ක් සහ පළල මීටර් 2.36 කි. සම්පූර්ණ ගොඩනැගිල්ල මීටර් 3.94 ක් සහ පළල මීටර් 2.36 වේ.

Aluth Herathgama is is village lying at the center between Padeniya and Anuradhapura. To reach this temple you need to travel 40km from Padeniya along the Anuradhapura road or 41km from Anuradhapura to reach the by lane leading to Aluthherathgama Reservior. The temple lies 500 meters down this lane.
The temple looks modern with most of the buildings being built recently. However at the center of these modern buildings you will find an small Tampita Viharaya, a temple on pillars.
Tampita Vihara was a popular architectural feature during the Kandyan kingdom where the temple was built on a platform which was held on an array of pillars, mostly stone.
The Tampita Viharaya at Aluth Herathgama is built on 10 stone pillars with an average height of 51cm. The building does not have a circumambulating path generally found in such structures. The inner image house is 2.95 meters long and 2.36 meters wide. The whole structure is 3.94 meters and 2.36 meters wide.


මූලාශ්‍ර
සම්බන්ධ වෙනත් පිටු
- Tampita Heritage of Sri Lanka ( ශ්‍රී ලංකාවේ ටැම්පිට විහාර ලැයිස්තුව)
- Ancient Heritage Sites of Sri Lanka (ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා ස්ථාන ලැයිස්තුව)
- Other Places of Interest Within 25 kilometers (කිලෝමීටර 20ක් ඇතුලත ඇති වෙනත් නැරඹිය හැකි ස්ථාන)
අළුත් හේරත්ගම ටැම්පිට විහාරය සිතියම
ඉහල සිතියමේ මෙම ස්ථානය පමණක් නොව කිලෝමීටර 20ක් ඇතුලත තවත් වැදගත් ස්ථාන ලකුණු වී ඇත. මේ ස්ථාන බැලීමට සිතියම කුඩා කර බලන්න. වැඩි විස්තර සඳහා අවශ්‍ය ස්ථානය මතට මුසිකය ගෙනයන්න. එසේ නැතිනම් click කරන්න.
ගූගල් සිතියම වෙනත් ස්ථාන වලට චලනය කර ගෙනයාමෙන් එම ප්‍රදේශයේ වැදගත් ස්ථාන බලාගත හැක.
අළුත් හේරත්ගම ටැම්පිට විහාරය දිශාවන්
පාදෙණිය සිට අළුත් හේරත්ගම ටැම්පිට විහාරය දක්වා |
හරහා :අඹන්පොල මුළු දුර : කිලෝමීටර් 40 ගතවන කාලය : විනාඩි 45 ගත කිරිය යුතු කාලය : විනාඩි 30 පමණ රියදුරු දිශාවන් : ගූගල් සිතියමේ බලන්න |