යකුන් ලවා මහසෙන් රජු බැඳී පුරාණ යකාබැම්ම අමුණ – Ancient Yakabamma Amuna on Kala Oya

RATE THIS LOCATION :1 Star2 Stars3 Stars4 Stars5 Stars (2 votes, average: 3.00 out of 5)
Loading...
පුරාණ යකාබැම්ම අමුණ - Ancient Yakabamma Amuna on Kala Oya
පුරාණ යකාබැම්ම අමුණ – Ancient Yakabamma Amuna on Kala Oya
චායාරුපය : Chandana R. Withanachchi, 2014. කලාඔය ආශ්‍රිත පුරාණ යකා බැම්ම අමුණ පිලිබඳ ක්‍ෂේත්‍ර ගවේෂණය

ශ්‍රී ලංකාවේ පුරාණ ශිෂ්ටාචාරය ගොඩනැගුනේ වාරි ශිෂ්ටාචාරයක් ලෙසය. එබැවින් ශ්‍රී ලංකාවේ බිසෝ කොටුව වැනි පුරාණ වාරි තාක්ෂණය ලොව වෙන කිසිම රටක නොතිබුණි. පුරාණ යකාබැම්ම අමුණ ඇත්තේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ තලාව හා ගල්නෑව ප්‍රාදේශීය ලේකම් කොට්ටාශ අතර කලා ඔය හරහාය.

මෙම අමුණ මුලින්ම වාර්තා කරන්නේ වසර 1840දී මේජර් ෆෝර්බ්ස් මහතා විසින් රචිත “සිලොන්හි වසර 11ක්” (Eleven Years in Ceylon: Comprising Sketches of the Field Sports and Natural History of that Colony, and an Account of Its History and Antiquities by Major Forbes) ග්‍රන්ථයේය. වසර 1828දී ඔහු කුරුණෑගල සිට අනුරාධපුරයට යන ගමනේදී කලා ඔය හරහා ඇති අමුණු 2ක් පරීක්ෂා කොට ඇත. මහසෙන් රජතුමා (276-303) යකුන්ගෙන් පවා වැඩ ගැනීමට සපනෙකු බවත් මෙය එවන් යකුන් ලවා බැඳි පාලමක් බැවින් එය යකා බැඳී පාළම ලෙස ගම්මුන් හඳුන්වන බවත් සටහන් කොට තිබේ. පසුකලක බ්‍රෝහියර් මහතා පවසන්නේ මෙසේ යකුන් ලෙස පවසන්නේ එකල එම ප්‍රදේශයේ සිටි යක්‍ෂ ගෝත්‍රිකයන් බවයි.

ෆෝර්බ්ස් තවදුරටත් මෙසේ පවසයි; ගම්මුන් මෙහි ඉහළ පේළියේ ගලක් පෙන්වා එය යටි පැත්තේ අමුණේ නිර්මාණ ශිල්පියාගේ රූපය කපා ඇති බව පැවසීය. ප්‍රාකාරයක් ආකාරයෙන් කලා ඔයේ පුළුල් හා වේගවත් ජලපහර තුලට තරම දුරකට පවතී. මෙම බැම්ම ඉදිකිරීම සඳහා භාවිතා කරන ගල් කුට්ටි අඩි අටේ සිට දහහතර දක්වා වෙනස් වේ; ඒවා ඇද නොමැති රේඛාවක තැන්පත් කර ඇති අතර ඒවා එකට බැඳී ඇත. සෑම ගල් තට්ටුවක්ම යටි තට්ටුවේ ගල් වැටියට අඟල් කිහිපයක් පසු බස්වා බැඳ තිබේ. මෙමගින් බැම්මට අඩු සෘජු ප්‍රතිරෝධයක් ලබා දෙන අතර බැම්මට අමතර ශක්තියක් ලබා දෙයි. ගඟ පතුලේ ඇති ගල් තලාවේ ගල් කුළුණු සිටුවා තිබු හතරැස් වළවල් දක්නට තිබේ. මෙය මහසෙන් (276-303) රජු විසින් කරවන ලද බව විශ්වාස කිරීමට සාධක ඇත. වසර 1500ක් මුළුල්ලේ මෙම නිර්මාණය සැඩ ජල පහරට මුහුණ දෙමින් පවතී. ලංකාවේ සෑම ස්ථානයකම නටබුන්හි ඇති ගල් කුළුණු ඒ අසල ඇති ගල් පර්වත වලින් කූඤ්ඤ ගසා පලා කැබලි කර ඉන් පසු වානේ ගල්කටු භාවිතයෙන් ඒවා තවත් හැඩ කිරීම හා කැටයම් කිරීම සිදු කොට තිබේ. බ්‍රිතානයට 19වන ශතවර්ෂයේ හඳුන්වාදෙන ලද මෙම තාක්ෂනය ලංකාවේ වැසියෝ වසර 2000කට ප්‍රගුණ කර ඇති අයුරු මට ප්‍රත්‍යක්ෂ විය.

පුරාවිද්‍යා කොමසාරිස් එච්. සී. පී. බෙල් මහතා පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවේ 1890, 1885 වාර්තාවන්හි මෙම පාලම පිළිබඳව සඳහන් කොට තිබේ. ඔහු මෙම ස්ථානයේ ශිලා ලිපියක් සොයා ගැනීමට බලාපොරොත්තු වුවද එවැන්නක් සොයා ගත නොහැකිවූ බව පවසයි. එනමුත් මෙම යෝධ කර්මාන්තය පිලිබඳ තොරතුරු වෙනත් මාර්ග වලින් ලැබුණු බව සඳහන් කරයි.

තවද ඔහු මෙසේ සඳහන් කරයි; කලා ඔයේ ගල් තලාවේ අඩියේ ගැඹුරෙන් කපා තිබෙන සතරැස් වලවල් වලින් අමුණ දෙපැත්තේ පාලමක් හෝ මාවතක් තිබුනා මෙන් පෙනේ. මෙම පාලම්වල බෝක්කු සහ හරස් දැවත්, අමුණා අල්ලා සිටි බැමිවල ගලුත් ගංවතුරෙන් සේදී ගඟ පහළට බොහෝ දුරට ගසාගෙන ගොස් තිබේ. අමුණේ ඉහල තට්ටු වල ගල් අතර කණු මුදුන්කඩ ගලපෝරු දෙකක් හෝ තුනක් විය. ඒවා මුහුණත යටි අතට හරවා සවි කොට ඇත. නිශ්චය කර ගන්නට හැකි ආකාරයට මෙහි සත්ව රූප කපා තිබිය යුතුය. හංස පෙළක් කැටයම් කර තිබුණු විශාල බිත්ති ලීස්තර ගලක්ද දක්නට ලැබිණි. ඒ අසල එක් කලකදී ගලින් බැඳි සිද්ධස්ථානයක් තිබී එහි නෂ්ටාවශේෂ යකා බැඳි අමුණ බැඳීමට හෝ ප්‍රතිසංස්කරණනයකට ගෙන ගිය බව අනුමාණ කල හැකිය. මෙම කැටයම් කල ගල් කණු අනුරාධපුරයට ගෙන යාමට බලාපොරොත්තු වෙමි.

පසුව මෙම අමුණ පිළිබඳව බ්‍රෝහියර් මහතා 1934 දී ප්‍රකාශිත “ලංකාවේ පුරාතණ වාරිමාර්ග” (Ancient irrigation works in Ceylon) ග්‍රන්ථයේ සටහන් කොට ඇත. ඔහු විසින් ඉන් ඉහත ප්‍රකාශන විශ්ලේෂණය කොට ඇති අතර දිස්ත්‍රික්කයේ භූ විෂමතා පුරාණ ඇළ මාර්ගයක් දකුණු ඉවුරේ පිහිටි නුවරකලාවිය තැනිතලාව හරහා වංගු සහිත මාර්ගයක ගමන් කරමින් අක්කර 6,000 ක් පමණ ප්‍රදේශයකට ගොවිතැන් සඳහා ජලය සපයා ඇති බව පවසයි. තවද මෙම යෝධ ඇළ මාර්ගය සැතපුම් 20ක් පමණ ගමන් කොට එකල වල්බිහිවී තිබූ පානික්කම්කුලම් වැවට සම්බන්ධ වූ බවට අනුමාන කරයි.

රජරට විශ්ව විද්‍යාලයේ ජේෂ්ඨ කථිකාචාර්ය චන්දන රෝහණ විතානාච්චි මහතා 2014දී යකාබැම්ම පිලිබඳ වාර්තාවක් ඉදිරිපත් කරමින් එහි වර්තමාන තත්වය පැහැදිලි කරයි;

වසර 2000 කට නම් වූ කාලයක් තිස්සේ මෙම අමුණ නොයෙක් වූ කරුණු හේතුකොට ගෙන විනාශ වුවද මෙහි තරමක කොටසක් තවමත් ශේෂ වී පවතී. විශේෂයෙන්ම මෙහි දකුණු බැම්ම කොටසේ සාක්ෂි හඳුනාගත හැකිය. 

මෙහි ශේෂව ඇති කොටස දකුණු බෑවුමේ සිට දිග මීටර 53.71 කි. පසුකාලීන ඇතිවූ වෙනස්කම් හේතුවෙන් මෙහි පළල ඒකාකාරී නොවේ. දකුණුපස කෙලවර පළල මීටර 11.25 වන අතර මද්‍යයේ පළල මීටර 10.45 වේ. වම්පස කෙලවර පළල මීටර 10.73ක් වේ. ගල් බැම්මට පිටතින් නමුත් එයට සම්බන්ධ වෙන ආකාරයට මනාව බඳින ලද ගඩොල් බැම්මකින් අමුණ තවදුරටත් ආරක්ෂා කොට තිබේ. අදටත් එම ගඩොල් බැම්මේ ශේෂ පැවතීමෙන් එහි ශක්තිය අනුමාණ කල හැක. මෙම ගඩොල් හි ප්‍රමාණය සලකන කල ඒවා අනුරාධපුර යුගයේ මද්‍ය අවධියට අයත් බව වටහා ගත හැක.

අමුණේ බැම්ම මතින් ජලය ගලා යන විට දකුණු ඉවුර  ඛාදනය වීම වැලැක්වීමට සාදා තිබූ ආරක්ෂක වැටිය හෙවත් සැඬපනාව හඳුනාගත හැක. මෙම ආරක්ෂක වැටිය දිගැටි ගල් පුවරු වලින් සමන්විත වේ. මෙය බොහෝ සේ විනාශ වී ගොස් ඇති නමුදු බැම්මෙන් වෙන් වූ වේදිකාවක් වැනි කොටසක් හඳුනා ගත හැක. මෙම කොටස හරහට යෙදු වූ සිරස් ගල් පුවරු වලින් ආවරණය කර ඇත. මෙම සිරස් ගල් පුවරු අතර මැදට යොදන ලද කානුවක් ආකාරයට සකස් කරන ලද කොටසකට වැද්දිය හැකි ආකාරයට සකස් කර තිබේ. එම නිසා මෙම ගල් පුවරු ශක්තිමත්ව රැඳී ඇත. ගල් රැඳවීම සඳහා කපන ලද කාණුවක පළල සෙන්ටිමීටර 9-13 අතරද ගැඹුර සෙන්ටිමීටර 3-5 අතරද වේ. 

අමුණේ අතර මැද කොටස විවිධ ප්‍රමාණයේ ගල් කුට්ටි ගල් කැබලි මිශ්‍ර හුනු බදාමයකින් පුරවා ඇත.  ඒ මත මතුපිට ගල් ලෑලි යොදා ආවරණය කොට ඇත. මෙම මතුපිට ආවරණය බොහෝ සේ විනාශ වී ඇති අතර ඉතුරු වී ඇත්තේ අමුණේ දකුණු හා වම් කෙළවර ආසන්නයේ පමණි. බෙල් මහතා විසින් වාර්තා කරන ලද කැටයම් කරන ලද ශිලා ස්තම්භ හෝ පුවරු කිසිවක් අද දක්නට නොලැබේ.  ඉන් කිහිපයක් ආසන්නයේ පිහිටි කරුවලගස්වැව මහා විද්‍යාලයේ හා ශ්‍රී සුදර්ශනාරාම විහාරයේ තැන්පත් කර තිබේ.  සමහර ගල් පුවරු කලකට පෙර විජිතපුර රජමහා විහාරයට ද ගෙන ගිය බව ප්‍රදේශයේ ප්‍රදේශවාසීන් විසින් පවසා ඇත. 

මේ අමුණට දකුණු පසින් කලා ඔයේ ඉවුර ඛාදනය වී එම ස්ථානයෙන් ජලය ගසා ගලා බසී.  මෙම  ඛාදනයට ලක් වූ  කොටසේ ද ස්වභාවික ගල්තලාව පවතී. එම ගල්තලාවේ සාරන ලද සතරැස් කුහර දෙකක් දක්නට ලැබේ එම කුහර 2 කලා ඔයාට සමාන්තරව ජලය ගලා යන අතට යොදා තිබේ. මෙයින් පෙනීයන්නේ ඉවුර ඛාදනය වීමෙන් අමුණෙන් ජලය රඳා පවතින්නේ නැති කාලයක අමුණෙන් නැවත ජලය ලබා ගැනීමට ගල්තලාවේ සිටුවන ලද ගල් කණු දෙක අතරට දැව යොදා තාවකාලික බැම්මක්  එක් කොට ඇති බවයි.

මෙම අමුණට මීටර තුනක් පමණ ඈතින්එම ගල් තලාවේම හාරන ලද විශාල  කුහර සංඛ්‍යාවක් පවතී.  මෙහි කුහර පේලි 5ක් තිබෙන අතර එක් පේළියක කුහර 18ක් හඳුනාගත හැක. ඒ අනුව මෙහි කුහර 90ක් තිබිය හැකි බව අනුමාන කර හැක. මෙහි කොටසක් පසින් වැසී තිබේ. දැනට මෙහි කුහර පනස් තුනක් හඳුනා ගත හැක. මෙහි වලක දිග සෙන්ටිමීටර් 12ක් වන අතර පළල සෙන්ටිමීටර 10ක්ද ගැඹුර සෙන්ටිමීටර 16ක් වේ.  මෙම සිදුරු පිහිටීම අනුව විතානච්චි මහතා මෙහි තවත් අමුණක් පෙර පැවති බව නිගමනය කරයි. මෙම කුහරවල සිරස් ලෙස පිහිටුවන ලද ගල් හෝ දැව කණු අතරට දැව කොටස් දමා අර්ධ ස්ථාවර අමුණක් පැවතිය හැකි බව සඳහන් කරයි. මීට දශක කිහිපයකට පෙර ස්ථානයේ සමහරක් කුහරවල සිටුවන ලද ගල් කණු තිබූ බව ප්‍රදේශවාසීන් පවසා ඇත.

මෙම අමුණ පිහිටි ස්ථානය ලෙස විතානාච්චි මහතා මෙම GPS ස්ථානය දක්වා ඇත (8.03793775898, 80.4946847482). පසුව මෙම මහවැලි කලාපයේ රාජකාරි කළ අමරසිංහ මුණසිංහ මහතා මෙම ස්ථානය නිවැරදිවම දක්වන ලදී. ඒ අනුව පහත ගූගල් සිතියමේ දක්වා ඇත්තේ මුණසිංහ මහතා දක්වූ ස්ථානයයි.


The ancient civilization of Sri Lanka was developed as a purely an Hydrologic civilization. The ancient irrigation technologies such as biso kotuwa’s in Sri Lanka did not exist in any other country in the world until the 19th century. The ancient Yakabemma Amuna (anicut) is located between Kala Oya and Thalawa and Galnewa Divisional Secretariats in the Anuradhapura District.

This Amuna was first reported in Major Forbes’ Eleven Years in Ceylon: Comprising Sketches of the Field Sports and Natural History of that Colony, and an Account of Its History and Antiquities in 1840. In 1828, on his way from Kurunegala to Anuradhapura, he inspected two anicuts across the Kala Oya. King Mahasen (276-303) is said to have been able to work even with demons (Yakas) and the villagers call it the Yakabemma Palama as it is believed that this structure was built by the Yakas. Mr. Brohier later states that the Yakas were the Yaksha tribes who lived in the area at the time.

Forbes continues; The villagers pointed to a stone on the top row here and said that it had a carved image of the designer of the anicut on the bottom. The pier is projecting a considerable length on the stream which is both wide and rapid. The stones used in constructing this pier vary from 8 to l4 feet in length. They are laid in regular lines, and some are jointed into one another, each course also recedes a few inches from the edge of the one underneath; and this form, while it offers less direct resistance to the current, gives additional strength to the building. In the rocks which form the bed of the river we could distinguish square holes, in which stone pillars had been placed, and the bridge had been completed by laying long stones or beams of wood on these so as to connect the different parts of the structure which, there is reason to believe, was built by the King Mahasen, and that the rapid river has fretted and plunged against this artificial barrier for full fifteen hundred years …… At these ruins I first remarked that the large stones had been riven from the adjacent rocks by means of wedges, and that any farther shaping or ornament had been done by chisels. On my arrival at Anuradhapoora, this manner of working quarries and splitting stones was everywhere observable, and satisfied me that the natives of Ceylon, two thousand years ago, used those expedients for procuring large granite pillars, and shaping their ornaments, which have only been introduced into Britain in the nineteenth century.

Commissioner of Archeology H. C. P. Bell mentions this Amuna in the 1890-1885 reports of the Department of Archeology. He state he hoped to find an inscription at the site but could not find one. But information found on this gigantic work was worth the inspection.

He further states; From the deep square socket holes in the rocky bed of the river there would seem to have been a bridge or causeway on both sides of the dam, uniting it to the either bank. The piers and cross-beams of these bridges and the stones of an abutment of the amuna have been washed away by floods and carried some way down stream. Among the stones of the upper courses of the amuna are two or three slabs of a frieze. They are laid face downwards and, as far as can be judged, bear figures of animals. A large cornice stone carved with a fillet of hansas was also noticed. It can hardly be doubted that a stone-built temple, adorned with fine carvings, must have at one time stood near and its ruins been despoiled for the building or repair of the Yakka-bendi-amuna. An effort will be made to remove the carved stones to Anuradhapura.

This Amuna was later noted by Mr. Brohier in his 1934 book, Ancient Irrigation Works in Ceylon. He has analyzed the above publications and states that the topographical survey of the district, however, positively discloses that an ancient channel trailed a sinuous course over the Nuwarakalawiya plains, on the right bank, and lent itself to irrigating about 6,000 acres apparently by a combined sluice and tank system. This giant channel, about 20 miles in length, very probably discharged itself into the large abandoned tank described on our maps as Panikamkulam.

Senior Lecturer Chandana Rohana Vithanachchi of the Rajarata University presents a report on Yakabemma in 2014 and explains its current status;

Although the anicut was destroyed during a period of almost 2000 years due to various reasons, a part of the amuna still remains. Specially the remains of right embarkment are fairly preserved.

The remaining section of the Yakabemma Amuna is 53.71m long from the southern slope. The width here is not uniform due to latter changes. The right edge of the amuna is 11.25m wide and the center is 10.45m wide. The left corner is 10.73m wide. The amuna is further protected by a well-built brick wall in front but connected to the stone wall. The strength of this brick wall can be estimated from the remains of the wall existing even today. Considering the size of these bricks, it is can be dated possibly the middle Anuradhapura period.

The Sadapanawa (සැඬපනාව) or the protective wall on the right bank, built to protect the banks from erosion when the water flows over the bund of the anicut can be still identified. The wall is made of elongated stone slabs. This is largely ruined, but a platform-like part separated from the wall can be identified. This section has been laid with vertical stone slabs. The vertical slabs are arranged in such a way that they can fit in to a section that is shaped like a drain placed in the middle. Therefore, these stone slabs remain strongly fixed to the location. The width of a drain cut to hold the stone is between 9-13 cm and the depth is between 3-5 cm.

The center of the anicut is filled with lime mortar mixed with blocks of stone of various sizes. The top surface is covered with stone slabs. Much of this surface cover has been destroyed, leaving only the right and left corner surfaces of the anicut. None of the carved stone slabs recorded by Mr. Bell is seen today. According to villagers, some of them are kept in the nearby Karuwalagaswewa Maha Vidyalaya and Sri Sudarshanarama Viharaya. Residents some of the stone tablets were even taken to the Vijithapura Rajamaha Viharaya some time ago.

The bank of the Kala Oya to the right of this anicut is eroded and water flows from is side. The natural rock at the bottom of the Kala Oya extends even to this eroded section. There are two long rectangular holes on the rock that are arranged so that the water flows parallel to it. This shows that a temporary wooden dam was added between the two stone pillars to retain the water at the amuna during a later time when the bank was eroded.

About three meters away from this anicut you find a large number of cavities dug in the same rock plateau. There are 5 rows of holes and 18 holes can be identified in one row. Therefore, it can be assumed that there may be 90 holes here. Part of it is covered in gravel today. At present fifty-three holes can be identified. A cavity is is 12 cm long, 10 cm wide and 16 cm deep. Based on the location of these holes, Mr. Vithanachchi concludes that there was another anicut here. These holes indicate that there may have been a semi-permanent amuna constructed with stone pillars and horizontally placed pieces of wood between the pillars. Locals say that there were stone pillars planted in some of the holes in the site decades ago.

Mr. Vithanachchi has given this GPS location of this anicut as 8.03793775898, 80.4946847482. Mr. Amarasinghe Munasinghe, who had served in this Mahaweli Zone and knew its whereabouts has given the exact location of this site. Accordingly, the location shown by Mr. Munasinghe is shown in the Google map below.

ආශ්‍රිත ලිපි හා ග්‍රන්ථ

  1. චන්දන රෝහණ විතානාච්චි, 2014. කලාඔය ආශ්‍රිත පුරාණ යකා බැම්ම අමුණ පිලිබඳ ක්‍ෂේත්‍ර ගවේෂණය. journal of Social Sciences, 01(01), pp.119-132.
  2. Forbes, J., 1840. Eleven years in Ceylon. Comprising sketches of the field sports and natural history of that colony, and an account of its history and antiquities. By Major Forbes, 78th Highlanders. In two volumes. London: Richard Bentley, New Burlington Street, Publisher in Ordinary to Her Majesty.
  3. Brohier, R., 1980. Ancient irrigation works in Ceylon (1934). Colombo: Ministry of Mahaweli Development.
  4. බ්‍රෝහියර්, ආර්.එල්., 2002. ලක්දිව පුරාතන වාරිමාර්ග: පළමු, දෙවන හා තෙවන කොටස් (එල්. පියසේන පරිවර්තනය). 1st ed. කොළඹ: මහවැලි කේන්ද්‍රය.

සම්බන්ධ වෙනත් පිටු

කලා ඔය යකාබැම්ම අමුණ රියදුරු දිශාවන්

දඹුල්ල සිට කලා ඔය යකාබැම්ම අමුණ දක්වා
හරහා : කැකිරාව – ගල්නෑව
මුළු දුර: කිලෝමීටර 33.4
ගතවන කාලය  : විනාඩි 45-60
ගත කිරිය යුතු කාලය : විනාඩි 15-30 අතර
රියදුරු දිශාවන් : ගූගල් සිතියමේ බලන්න

කලා ඔය යකාබැම්ම අමුණ සිතියම


ගූගල් සිතියම් පහලින් - Please click on the button below to load the Dynamic Google Map -
.

ඉහල සිතියමේ මෙම ස්ථානය පමණක් නොව කිලෝමීටර 20ක් ඇතුලත තවත් වැදගත් ස්ථාන ලකුණු වී ඇත. මේ ස්ථාන බැලීමට සිතියම කුඩා කර බලන්න. වැඩි විස්තර සඳහා අවශ්‍ය ස්ථානය මතට මුසිකය ගෙනයන්න. එසේ නැතිනම් click කරන්න.

ගූගල් සිතියම වෙනත් ස්ථාන වලට චලනය කර ගෙනයාමෙන් එම ප්‍රදේශයේ වැදගත් ස්ථාන බලාගත හැක.



© www.amazinglanka.com