දැදුරු ඔය පුරාණ කොට්‌ඨබද්ධ අමුණ – Ancient Kottabaddha Amuna on Daduru Oya

RATE THIS LOCATION :1 Star2 Stars3 Stars4 Stars5 Stars (1 votes, average: 5.00 out of 5)
Loading...
දැදුරු ඔය පුරාණ කොට්‌ඨබද්ධ අමුණ තිබුනයැයි සලකන ස්ථානය - Ancient Kottabaddha Amuna on Daduru Oya
දැදුරු ඔය පුරාණ කොට්‌ඨබද්ධ අමුණ තිබුනයැයි සලකන ස්ථානය – Ancient Kottabaddha Amuna on Daduru Oya
චායාරුපය : Chandana R. Withanachchi, 2013. An analysis of Polonthalawa Ancient Kottabaddha dam

ශ්‍රී ලංකාවේ ශිෂ්ටාචාරය මුල සිටම ගොඩනැගුනේ වාරි ශිෂ්ටාචාරයක් ලෙසයි. කුඩා පද්ධති වලින් ආරම්භ වුනු වැව්  ක්‍රිස්තු වර්ෂ 1 වන සියවස් වනවිට සංකීර්ණ වාරි පද්ධති බවට පත්විය . පොලොන්නරුව යුගයේ මහා පරාක්‍රමබාහු රජතුමා (1153-1186) ලංකාවේ පිරිහෙමින් තිබූ වාරි කර්මාන්තය හිනි පෙත්තට ගෙන ඒමට සමත්විය. C .W. නිකලස් (Nicholas) මහතා 1954 දී චූලවංශය භාවිතා කරමින් පරාක්‍රමබාහු රජතුමා අලුතින් තැන වූ හෝ පිළිසකර කළ හෝ වාරි කර්මාන්ත පිළිබඳ සංඛ්‍යා මෙසේ පෙළගස්වයි.

  • මහ වැව් – 163
  • සුළු වැව් – 2376
  • අමුණු – 165
  • ඇළවල් – 3910
  • ගල් සොරොව් – 341
  • අලුත්වැඩියා කරන ලද බිඳුනු තැන් – 1753

පරාක්‍රමබාහු කුමරා දක්ඛිණ දේශය පාලණය  කල සමයේ ඔහු විසින් දැදුරු  ඔය හරහා අමුණු 3 ක් බඳවා ඇළ  මාර්ග වෙත ජලය හරවා ප්‍රදේශයේ කෙත්වතු සරුසාර කලබව චූලවංශය (68 පරිච්චේදය 32-38) සඳහන් කරයි. මෙම අමුණු 3 නම්;

  1. කොට්‌ඨබද්ධ අමුණ
  2. සූකර නිඡ්ජර අමුණ
  3. දෝරදත්තික අමුණ

දිවයින එක්‌සත් කළ පසු මීට අමතරව  පසුව  “ජඡ්ජර නඡ්ජර” නමින් තවත් අමුණක්‌ දැදුරු ඔයේ ඉදිකළ බව ද චූලවංසයේ සඳහන් වේ.

සූකර නිඡ්ජර අමුණේ හා දෝරදත්තික අමුණේ නටබුන් අද දක්නට තිබුනද කොට්‌ඨබද්ධ අමුණේ නටබුන් අද දක්නට නොමැත. එබැවින් මෙම අමුණ ස්ථානගතවී තිබූ ස්ථානයද ස්ථිරව කිව නොහැක. පරාක්‍රමබාහු කුමරා විසින් දෝරදත්තික හි සෑදුවේ පෙර රජුන් විසින් තැනූ නමුත් නටබුන් වූ පැරණි අමුණකි. එබැවින් මෙය ඉහත තුනින් පැරණිම අමුණයි. එමෙන්ම ඔහු සෑදවු මුල්ම අමුණයි. පරාක්‍රමබාහු මෙම අමුණ සෑදුවේද ඔහුගේ ඇමැතින්ගේ විරුද්ධත්වය නොතකාය. ඔවුන් මෙම ස්ථානය අමුණක් පවත්වාගෙන යාමට නොසුදුසු බව දැන සිටියහ.

ඇමැතින්ගේ අදහස නොසලකා පරාක්‍රම බාහු කුමරු කොට්‌ඨබද්ධහි අමුණක් සාදවා එහි ඉස්මත්තේ දාගැබක් සහිත විහාරයක්ද කරවා රත්තාකාර දනව්ව දක්වා මහා ඇලක් කප්පවා ඒ දෙපස වනය කපා කුඹුරු බවට පත් කළේය.

දැදුරු නම් හොය බොහෝ කලක් පටන් කොටු බදය යි ප්‍රකට වූ නම පමණක් ඉතිරිව නටුවා වූ පෙර කල රජුන් විසින් බඳිනට ඉතා දුෂ්කරවූ බවට පැමිණියා වූ මහා හෙය බඳින්නට මහත් යසස් ඇත්තා වූ හේ තෙමේ නියෝග කළේය. ඉක්බිත්තෙන් ඒ සියලු ඇමතියෝ සර්වප්‍රකාරයෙන් දුෂ්කර බවද කලමුත් නො තහවරු බවද නොයෙක් පරිද්දෙන් ප්‍රකාශ කලෝය.

පරාක්‍රමබාහු රජ තෙමේ ඒ බස් පසු බස්වා (කියන්නේ) “ලෙව්හි උත්සාහවත් වූ දනන් විසින් කුමක් සිදු කල නොහැක්කේද? රාම තෙමේ සයුරෙහිද වඳුරු සමුහයක් ලවා මහා හෙයක් බැන්දවීය. මේ කතා තෙමෝ අද දක්වාත් ලෝකයෙහි පවත්නේය. ඉදින් මාගේ තෙද වෙහෙස ලක්දිව එකසතින් ලකුනුකොට ලෙව් සසුන් වඩනට හේතු වන්නේනම් ආරම්භක මාත්‍රයකින්ම නිමවීම පෙනෙන්නේය.”කියා මහෝත්සාහි රජ තෙමේ ඔවුන්ගේ උත්සාහය මනා කොට වැඩිවී ය.

හෙය මුවදොර පටන් රත් කරව්ව නම් රට දක්වා හෙය බැම්මෙහි පළමු කොට මහා නුවණැති ස්වාමි තෙමේ නොයෙක් පුරුෂ ප්‍රමාණ ගැඹුරු වූ අතිශයින් පතලා වූ තහවුරු වූ මහමොව් ඇලක් පැවත්වී, රට වැසි වූ ගල් වඩු සමුහයද, ලොහොකරුවන්ද, බොහෝ වූ කඹුරන්ද, රන් කරුවන්ද රැස් කරවා ඔවුන් ගල් කොටන කම්හි යුක්ත කොට ඔවුන් ලවා දැනගත නොහැකි ශෛලසන්ධි ඇත්තා වූ අතිශයින් තිර වූ ඒක ඝන වූ ගල් තලක් සම වූ මනා කොට නිම වන ලද සුනුවම් ඇත්තා වූ හෙය මහා යසස් ඇති රජ තෙමේ බැඳ වීය. සැදැහැත්තේ ඒ හෙය මතුයෙහි බෝතුරක්ද, පිළිම ගෙයක්ද, එසේම දහගැබක් ද පිහිටවී. සියලු ජල ප්‍රවාහ තෙමේ ඒ මොව් ඇලින් යම්සේ මුහුදට වදීද පණ්ඩිත තෙමේ එසේ කලේය.

මහාවංශය සිංහල – (මහාවංශය + චුලවංශය එකතුවක් )

චන්දන විතානච්චි මහතා කොට්‌ඨබද්ධ අමුණ පැවති ස්ථානය පිළිබඳව අධ්‍යයනයක් කොට ඇති අතර මෙම අමුණ තිබී ඇත්තේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ නිකවැරටිය ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ නිකවැරටිය සිට කිලෝමීටර 16 1/2 ක් පමණ පහලින් දැදුරු ඔයේ දකුණු ඉවුරේ ඇති පොලොන්තලාව ගම්මානයත් වම් ඉවුරේ විලගම ගම්මානයත් අතර බව විශ්වාස කරයි.

මෙම අමුණ තිබුණු බවට අනුමාන කල ඇති ස්ථානයේ දැදුරු ඔය මීටර 100ක් පමන පළල වේ. එසේ වීමට හේතු වී ඇත්තේ ප්‍රදේශයේ වැලි ගොඩ දැමීමයි. මෙම ස්ථානයේ පුරාන අමුණක් පැවති බවත් පරාක්‍රමබාහු රාජ්‍ය සමයේ අක්කර 15,000 මෙම අමුණෙන් ගොවිතැන් කල බවත් ජනප්‍රවාදයේ පවතී. මෙම ස්ථානයේ අමුණක සාක්ෂි කිසිවක් නොමැති මුත් අමුණක් පිහිටි බවට මූලික සාක්‍ෂි පවතී.

මෙම අමුණ පිහිටියායයි අනුමාණ කරන ස්ථානයේ පොලොන්තලාව හා විලගම ගම්මාන මැදිකොට ඇළ මාර්ග 2ක නටබුන් පවතී. මෙම ඇළ මාර්ග නිර්මාණය කොට ඇත්තේ ඔයෙන් ස්වාභාවිකව ගලා එන ජලය ගලා යන පරිදිය. මෙම ඇළ මාර්ගයන්ට දැදුරු ඔයෙන් ජලය සැපයිය හැක්කේ ඇළ මාර්ගයන්ට පහලින් ඔය හරස් කිරීමකින් පමණි.

අමුණ තිබු ස්ථානය ලෙස අනුමාන කරන ස්ථානයේ වම් ඉවුරට ආසන්නයේ ස්වාභාවික ගල් තලාවක් තිබේ. එය මීමාගල නමින් හැඳින්වෙන අතර එය සම්පුර්ණයෙන් දකුණු ඉවුරට පැතිරී නොමැත. එබැවින් මෙම ගල් තලාව අමුණක් රැඳවීමට එතරම් යෝග්‍ය නොවේ. අමුණේ පාදම ශක්තිමත්ව සවි කිරීමට ගල් තලාවේ පැතිරීම භාවිතා කල නොහැක. පරාක්‍රමබාහුට පෙර රජ දරුවන්ට පවා මෙහි ස්ථිර අමුණක් සෑදිය නොහැකි වූයේ එබැවිනි. පරාක්‍රමබාහු කුමරාට ඔහුගේ ඇමතිවරු පවසා සිටියේද මෙම දුබලතාව විය යුතුය. මෙම ගල දෙපස ඉවුරු පස් පුරවා උස්කොට ඇති අයුරු පෙනේ. පිහිටීම අනුව මෙම අමුණ අවම වශයෙන් මීටර 3ක් උස්ව තිබෙන්නට හැක.

කොට්‌ඨබද්ධ අමුණ සිතියම
කොට්‌ඨබද්ධ අමුණ සිතියම – Ancient Kottabaddha Amuna on Daduru Oya
සිතියම : Chandana R. Withanachchi, 2013. An analysis of Polonthalawa Ancient Kottabaddha dam

මෙම අමුණේ එක විශේෂත්වයක් නම් මෙහි එක්වන ජලය බෙදා හැරීමට ඉවුරු දෙපසම ඇළ මාර්ග කපා තිබීමයි. ප්‍රධාන ඇළ මාර්ගය දකුණු ඉවුරේ තිබුණු බව පෙනේ. එය අමුණට මීටර් 800ක් පමණ ඉහළින් ආරම්භ වේ. වර්තමානයේ දී මෙම ඇළ යෝධ ඇළ නමින් හැඳින්වූ අතර අද වල්බිහි වී ඇත. මෙම ඇළ මීටර 14ක් පමණ පළල මීටර් 4½ පමණ ගැඹුර බව පෙනේ. මෙම  සැතපුම් පහක් පමණ පහලින් නැවත පංකුලිය නම් ස්ථානයේදී දැදුරු ඔයට සම්බන්ධ වේ මෙම සම්බන්ධ වීම පසුකලකදී දැදුරුඔයහි ගමන්මග වෙනස්වීමක් නිසා සිදු වූ බව පෙනේ. එයට හේතුව මෙම ඇළ මාර්ගය මෙතනින් නොනැවතී දිගටම  ගමන්කොට නැවතත් සැතපුම් දෙකක් පමණ පහළින් තෝරවටන නම් ප්‍රදේශයේ නැවතත් මෙම ආකාරයෙන්ම දැදුරු ඔයට සම්බන්ධ වී ඉන්පසු ක්‍රමයෙන් ඈත් වී පල්ලම ප්‍රදේශයට ඇළ මාර්ගය ගමන් කිරිමයි.

මෙම ඇලෙන් ගලනා ජලය පළමුව කොල්ලන්දළුව වැවටද එතැන් සිට පල්ලම වැවටද ගලා බසී. මෙම ඇළ මාර්ගය පල්ලම දක්වා යෝධ ඇළ ලෙසද එතැන් සිට සෙංගල් ඔය ලෙසද හැඳින්වේ.

මහාවංශය පරාක්‍රමබාහු කුමරා කොට්‌ඨබද්ධ අමුණෙන් හැරවූ ඇළ මාර්ගයෙන් මුහුද දක්වාම තිබූ කෙත්වතු පෝෂණය කළ බව පැවසේ.  සෙංගල් ඔය මුහුද දක්වා ජළය ගෙනගිය ඇළ මාර්ගය විය හැක. සෙංගල් ඔයහි ඉවුරු කැඩී එහි මුල් ස්වරූපය සම්පූරණයෙන් වෙනස්වී ස්වාභාවික ඔයක ස්වභාවය ගෙන ඇත.

පුරාණ කොට්‌ඨබද්ධ අමුණෙන් මීටර 1000ක් පමණ (යෝධ ඇළ සිට මීටර 200ක් පමණ) ඉහලින් වම් ඉවුරේ ඇළ කපා තිබේ. මෙහි හැරවුම් ස්ථානය වනයෙන් වැසී ඇති නමුත් එය විලගම දක්වා ගමන් කරන අයුරු පැහැදිලිව දැක ගත හැක. මෙම ඇළ මාර්ගය තම්මැන්නා ඇළ ලෙස හැඳින්වේ. මෙහි මතුපිට ඉවුරු මීටර 6.5ක් දුරින් පිහිටන අතර පතුලේ පළල මීටර 3.5කි. මෙම ඇළහි ජලය විලගම ඇළට ගලයාමට සලස්වා අනතුරුව ඊට පහලින් ඇති උජේකැලේ වැව, ගීකියනගෙදර වැව, තලන්පොල මහ වැව සහ ගැටුලාව වැව පෝෂණය කල බව ශාක්ෂි තිබේ.

දැදුරු ඔය පුරාණ කොට්‌ඨබද්ධ අමුණ
දැදුරු ඔය පුරාණ කොට්‌ඨබද්ධ අමුණ – Ancient Kottabaddha Amuna on Daduru Oya
චායාරුප : Chandana R. Withanachchi, 2013. An analysis of Polonthalawa Ancient Kottabaddha dam

The civilization of Sri Lanka was a an irrigation based civilization from the beginning. Reservoirs, which started with small tank systems, became complex irrigation systems by the 1st century AD. King Parakramabahu the Great (1153-1186) during the Polonnaruwa period was able to bring the declining irrigation systems in Sri Lanka back to to the forefront. C .W. Nicholas, referring the Culavamsa in 1954, lists the figures of the newly established or renovated irrigation industry by King Parakramabahu as follows:

  • Major reservoirs – 163
  • Minor reservoirs – 2376
  • Anicuts (Amunu) – 165
  • Canals – 3910
  • Stone sluice – 341
  • Repaired broken places – 1753

The Culavamsa (Chapter 68, chapters 32-38) states that during the reign of Southern Sub Kingdom, Prince Parakramabahu, had built 3 Amunas across Deduru Oya, diverted water to canals and cultivated the fertile fields in the area (Chapter 68, chapters 32-38). These 3 anicuts are;

The Culavamsa also states that after the unification of the island under one rule he built another amuna called ‘Jajjara Najjara‘ (ජඡ්ජර නඡ්ජර) was built on the Deduru Oya.

Although some ruins of the Sukara Nijjara Amuna and the Sukara Nijjara Amuna can be seen today, the ruins of the Kottabaddha Amuna are not visible today. Therefore, the location of this anicut cannot be clearly ascertained. Prince Parakramabahu built at Doradattika Amuna on older ruins built by earlier kings. Therefore this is the oldest of the three and the first Amuna he built. Parakramabahu built this anicut despite the opposition of his ministers as they knew this place was unsuitable for maintaining an anicut as previous kings had tried and failed.

Ignoring his minister’s opinion, Prince Parakrama Bahu insisted and built an Amuna at Kottabaddha, a temple with a dagoba on top of it, cut a large canal up to Rattakara Danavwa and cut down the forest on both sides and converted in to lush paddy fields.

The highly renowned gave the order to rebuild on the river Jajjara the great causeway known as Kotthabaddha which ‘had since long been in ruins, so that the name alone remained, and which had caused the kings of former times the greatest difficulties. The officials all described in every way the difficulties of the work and its lack of permanence even if it were carried out. The King Parakramabahu repudiated the word: “What is there in the world that cannot be carried out by people of energy? That even Rama had a great causeway built by the monkey hosts over the ocean -‘ this tale lives among the people to this day. If my extraordinary power should be the cause of the furthering of the laity and the Order by the union of Lanka under one umbrella, then even at the beginning of the enterprise one sees (in anticipation) its fulfilment”. By such words the energetic one fired their energy. From the causeway as starting-point to the district called Rattakaral the discerning ruler before building the causeway, laid down a large canal, in depth many times the length of a man, very broad and exceedingly solid. As in this district there was a lack of stone masons, the far-famed (King) called together in great number coppersmiths, blacksmiths and goldsmiths and made over to them the business of masonry and made them lay down a dam in which the joints of the stones were scarcely to be seen, very firm, quite massive, like to a solid rock and provided with a complete coating of stucco. As a believer he placed on the height of the causeway a bodhi tree, an image house and a relic shrine. And expert as he was, he so arranged matters that the whole quantity of water was borne through the canal to the sea. On both sides of the canal he had the great wildernesses cleared and many thousands of day’s work fields laid out, and because the land was thickly studded with granaries full of untrussed rice he caused it to be called by the fitting name of Kotthabaddha.

Cūlavaṃsa being the more recent part of the Mahāvaṃsa – Part I (1929)

Mr. Chandana Withanachchi has conducted a study on the location of the Kottabaddha Amuna. He ha identified the location of the Amuna about 16 1/2 miles from the Kurunegala district in Nikaweratiya Pradeshiya Secretariat area between Polontalawa on the right bank and Wilagama on the left bank of the Deduru Oya.

Deduru Oya at the place where Kottabaddha Amuna is assumed to have been is about 100 meters wide. This is due to the sand mining in the area. Legend has it that there was an ancient Amuna at this place and 15,000 acres were cultivated from this Amuna during the reign of Parakramabahu. There is no evidence of a Amuna at this location, but there is prima facie evidence that an Amuna had existed.

Above the identified location of the Amuna, there are ruins of two man made canals sorunding Polonthalawa and Wilagama villages. These canals are designed to allow water to flow naturally from the stream. These canals can be supplied with water from the Deduru Oya only by crossing the stream below the canals.

There is a natural rock plateau near the left bank of the place where the anicut was supposed to be. It is called Meemagala and does not extend completely to the south bank. Therefore, this rock plateau is not suitable for holding an Amuna. The spread of the rock cannot be used to strengthen the base of the Amuna. That is why even the kings before Parakramabahu could not build a permanent dam here. It is probably this weakness that the ministers explained to Prince Parakramabahu. You can also see the banks of the river being heighted by filling earth to retain maximum amount of water. Based on the location, the amuna may be at least 3 meters high.

One of the special features of this amuna is that canals have been cut on both sides of the river to carry water away from Deduru Oya . The main canal appears to have been on the south bank. It starts about 800 meters above the anicut. This the canal is known as the Yodha Ela today and is now disused. The canal is about 14 meters wide and 4 meters deep. About five miles below, it joins the Deduru Oya again at Pankuliya. It seems that this is due to a change in the course of the Deduru Oya over time and moving towards the canal. The canal does not stop here and continues for another two miles, it will rejoin the Deduru Oya in the same manner in the area known as Thorawatana due to the same reason and then gradually flows to Pallama area.

The water from this canal first flows into Kollandaluwa Reservoir and from there to Pallama Reservoir. This canal up to Pallama is known as Yoda Ela and from there its called Sengal Oya.

It is said in Culawamsa that Prince Parakramabahu fed the fields up to the sea through a canal diverted from the Kottabadda anicut. Sengal Oya may be the canal that carried the water to the sea. The banks of the Sengal Oya have been destroyed over time. Its original form has completely changed and presently taken on the form of a natural Oya.

The canal is cut on the left bank lies about 1000 meters (about 200 meters from the Yodha Ela) above the ancient Kottabaddha Amuna. The mouth of the canal is now covered with jungle, but you can clearly trace its path heading towards Wilagama. This canal is called Thammenna Ela. The canal is 6.5 m wide at the top and 3.5 m wide at the bottom. There is evidence that the water of this canal was allowed to flow into the Wilagama Ela and then fed to the Ujekele Wewa , Geekiyanagedara Wewa, Thalanpola Maha Wewa and Gotulawa Wewa.

ආශ්‍රිත ලිපි හා ග්‍රන්ථ

  1. Chandana R. Withanachchi, 2013. An analysis of Polonthalawa Ancient Kottabaddha dam. Rupkatha Journal on Interdisciplinary Studies in Humanities, III(2), pp.43-54..
  2. PARANAVITHANA, S and NICHOLAS, C.W., 1961, A CONCISE HISTORY OF CEYLON. Colombo : CEYLON UNIVERSITY PRESS.
  3. Geiger, Wilhelm., 1998. Cūlavaṃsa being the more recent part of the Mahāvaṃsa – Part I (1929). 1st ed. New Delhi: J. Jetley.
  4. මහාවංශය (සිංහල), 2010. , 1. Buddhist Cultural Center.

සම්බන්ධ වෙනත් පිටු

දැදුරු ඔය පුරාණ කොට්‌ඨබද්ධ අමුණ රියදුරු දිශාවන්

හලාවත සිට පුරාණ දෝරදත්තික අමුණ පිහිටි ස්ථානය දක්වා
හරහා : බිංගිරිය – බෝවත්ත – කිණියගම
මුළු දුර: කිලෝමීටර 36
ගතවන කාලය  : පැය 1
ගත කිරිය යුතු කාලය : විනාඩි 15-30 අතර
රියදුරු දිශාවන් : ගූගල් සිතියමේ බලන්න

දැදුරු ඔය පුරාණ කොට්‌ඨබද්ධ අමුණ සිතියම


ගූගල් සිතියම් පහලින් - Please click on the button below to load the Dynamic Google Map -
.

ඉහල සිතියමේ මෙම ස්ථානය පමණක් නොව කිලෝමීටර 20ක් ඇතුලත තවත් වැදගත් ස්ථාන ලකුණු වී ඇත. මේ ස්ථාන බැලීමට සිතියම කුඩා කර බලන්න. වැඩි විස්තර සඳහා අවශ්‍ය ස්ථානය මතට මුසිකය ගෙනයන්න. එසේ නැතිනම් click කරන්න.

ගූගල් සිතියම වෙනත් ස්ථාන වලට චලනය කර ගෙනයාමෙන් එම ප්‍රදේශයේ වැදගත් ස්ථාන බලාගත හැක.



© www.amazinglanka.com