බලල්ල දිඹුල්ගිරි ටැම්පිට විහාරය – Balalla Dimbulgiri Tampita Viharaya

කුරුණෑගල දිස්ත්‍රික්කයේ පාදෙණිය-අනුරාධපුර මාර්ගයේ බලල්ල නගරය පිහිටයි. බලල්ල වැව ආසන්නයේ දිඹුල්ගිරි රජමහා විහාරය හමුවේ. මෙම විහාරයට පාදෙනියේ සිට ඇත්තේ කිලෝමීටර 17කි, යාපහුව සිට කිලෝමීටර 9කි.
මෙම ප්‍රදේශයේ ගිරි 7ක් ආශ්‍රිතව ටැම්පිට විහාර 7ක් තිබූ බව පැවසේ. ඒ සමහරක් නම් හඳුන්ගිරිය, දේවගිරිය, නීලගිරිය, දිඹුල්ගිරිය හා ඇඹුල්ගිරියයි. ටැම්පිට විහාර මහනුවර රාජධානිය පැවති කාලය තුල ජනප්‍රිය ගෘහ නිර්මාණ අංගයක් වූ අතර මෙහිදී ගෘහය වේදිකාවක් මත ඉදිකරන ලද අතර එම වේදිකාව ගල් කුළුණු මත තබා ගොඩනැගිණි.
බලල්ල දිඹුල්ගිරි ටැම්පිට විහාරය සෙන්ටිමීටර 99ක් උස් වූ ගල් කුළුණු 16ක් මත ගොඩනගා ඇත. මෙහි පිළිම ගෙය වටා ප්රදක්ෂිණා පථයක් දිව යයි. මෙය සතර දිශාවෙන්ම මීටර 0.79 පළල වේ. පිළිම ගෙයහි ප්‍රමාණය මීටර් 4.14×2.71 ක් වන අතර මුළු ගොඩනැගිල්ලේ ප්‍රමාණය මීටර් 5.7×4.3 කි.
ගූගල් සිතියමේ පහත සලකුණු කර ඇත්තේ ආසන්න ස්ථානයක් පමණක් බව කරුණාවෙන් සලකන්න.

Balalla town is located on the Padeniya-Anuradhapura road in the Kurunegala district. Dimbulgiri Rajamaha Viharaya is located near the Balalla Wewa close to the main road. This temple lies 17 km from Padeniya and 9 km from Yapahuwa.
It is said that there were 7 Tampita Vihara temples associated with 7 rocks in this area. Some of them are Handungiriya, Devagiriya, Nilagiriya, Dimbulgiriya and Ambulgiriya. Tampita Vihara was a popular architectural feature during the Kandyan kingdom where the temple was built on a platform which was held on an array of pillars, mostly stone.
Balalla Dimbulgiri Tampita Viharaya is built on 16 stone pillars which are 99 cm high. A circumambulating path runs around the image house. It is 0.79 m wide in all four sides. The size of the image house is 4.14×2.71 meters and the building is 5.7×4.3 meters in size.
Please note that the location marked below on the google map is only an approximate location.
මූලාශ්‍ර
සම්බන්ධ වෙනත් පිටු
- Tampita Heritage of Sri Lanka ( ශ්‍රී ලංකාවේ ටැම්පිට විහාර ලැයිස්තුව)
- Ancient Heritage Sites of Sri Lanka (ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා ස්ථාන ලැයිස්තුව)
- Other Places of Interest Within 25 kilometers (කිලෝමීටර 20ක් ඇතුලත ඇති වෙනත් නැරඹිය හැකි ස්ථාන)
බලල්ල දිඹුල්ගිරි ටැම්පිට විහාරය සිතියම
ඉහල සිතියමේ මෙම ස්ථානය පමණක් නොව කිලෝමීටර 20ක් ඇතුලත තවත් වැදගත් ස්ථාන ලකුණු වී ඇත. මේ ස්ථාන බැලීමට සිතියම කුඩා කර බලන්න. වැඩි විස්තර සඳහා අවශ්‍ය ස්ථානය මතට මුසිකය ගෙනයන්න. එසේ නැතිනම් click කරන්න.
ගූගල් සිතියම වෙනත් ස්ථාන වලට චලනය කර ගෙනයාමෙන් එම ප්‍රදේශයේ වැදගත් ස්ථාන බලාගත හැක.
බලල්ල දිඹුල්ගිරි ටැම්පිට විහාරය රියදුරු දිශාවන්
හලාවත සිට දෙහැන්නෑගම ටැම්පිට විහාරය දක්වා |
හරහා :පඬුවස්නුවර පාර මුළු දුර : කිලෝමීටර් 53 ගතවන කාලය : පැය 1 ගත කිරිය යුතු කාලය : විනාඩි 30 පමණ රියදුරු දිශාවන් : ගූගල් සිතියමේ බලන්න |