පුරාණ මාකෙහෙල්වල අම්බලම – Makehelwala Ambalama

මාවනැල්ලේ සිට කඩිගමුව මාර්ගයේ කිලෝමීටර 5.5ක් පමණ ගමන්ගත්කල මාකෙහෙල්වල ටැම්පිට විහාරය මාකෙහෙල්වල මංසන්දියේ හමුවේ. මෙම මංසන්දියෙන් මාකෙහෙල්වල මාර්ගයේ කිලෝමීටර 2ක් පමණ ගමන්ගත්කළ රමණීය කුඹුරු යායකට යාබදව මාකෙහෙල්වල අම්බලම පිහිටා තිබේ. අම්බලමට ඉහලින් අලගල්ල පර්වත කන්ද අලංකාරව දර්ශනය වේ. මාකෙහෙල්වල මාර්ගය අවසන් වන්නේ සුන්දර ඉහළ කෝට්ටේ දුම්රිය නැවතුම අසලිනි. මෙම දුම්රිය මාර්ගයේ ඇති දුම්රිය බිංගෙය සහ ඒ මතින් කඩාවැටෙන මීයන් ඇල්ල මෙම ගමනේ ඔබට නැරඹිය හැක.
මෙය ගඩොල් හා බදාමයෙන් සාදා ඇති ප්‍රමාණයෙන් විශාල අම්බලමකි. මෙහි වහලය ඵල දෙකකට සාදා ඇත. අම්බලම වටා සහ ඵල එක්වන ස්ථානය වටා ඇති කණු විශාල වූ වහලය දරා සිටියි. වහලය මහනුවර යුගයේ ප්‍රචලිත පැතලි උළු භාවිතයෙන් සෙවිලි කොට ඇත. කැණිමඩලක් නොවූවත් වහළය මුදුනේ දෙකෙළවර මැටි කොත් 2ක් සවිකොට ඇත. මෙම අම්බලම මෑත කාලයකදී සම්පූර්ණ ප්රතිසන්කරණයකට භාජනය වී ඇත.

About 5.5 km along the Kadigamuwa road from Mawanella, you will come across the Makehelwala Tampita Viharaya at Makehelwala Junction. Makehelwala Ambalama is located adjacent to a beautiful paddy field about 2 km along the Makehelwala road from this junction. Above Ambalama, the Alagalla rock mountain is a beautiful view. This Makehelwala road ends near the famous Ihala Kotte railway station. On the same trip you can visit the tunnel on this railway line and the Meeyan Ella Falls flowing over it.
This is a large the size of a brick and mortar. The roof is made of two layers. The pillars around the ambalama and the place where the two layers join support the large roof. The roof is tiled with flat clay tiles popular in the Kandyan period. Although it doesn’t use the usual Kanimadala it has two clay pinnacles fixed at the two corners. This Ambalama has undergone a complete overhaul in recent times.
සම්බන්ධ වෙනත් පිටු
- Ambalama Heritage of Sri Lanka ( ශ්‍රී ලංකාවේ අම්බලම් ලැයිස්තුව)
- Ancient Heritage Sites of Sri Lanka (ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා ස්ථාන ලැයිස්තුව)
- Other Places of Interest Within 25 kilometers (කිලෝමීටර 20ක් ඇතුලත ඇති වෙනත් නැරඹිය හැකි ස්ථාන)
මාකෙහෙල්වල අම්බලම සිතියම
ඉහල සිතියමේ මෙම ස්ථානය පමණක් නොව කිලෝමීටර 20ක් ඇතුලත තවත් වැදගත් ස්ථාන ලකුණු වී ඇත. මේ ස්ථාන බැලීමට සිතියම කුඩා කර බලන්න. වැඩි විස්තර සඳහා අවශ්‍ය ස්ථානය මතට මුසිකය ගෙනයන්න. එසේ නැතිනම් click කරන්න.
ගූගල් සිතියම වෙනත් ස්ථාන වලට චලනය කර ගෙනයාමෙන් එම ප්‍රදේශයේ වැදගත් ස්ථාන බලාගත හැක.
මාකෙහෙල්වල අම්බලම රියදුරු දිශාවන්
මාවනැල්ල සිට මාකෙහෙල්වල අම්බලම දක්වා |
හරහා :දුම්මලසූරිය – කුලියාපිටිය මුළු දුර : කිලෝමීටර් 7.5 ගතවන කාලය : විනාඩි 15 ගත කිරිය යුතු කාලය : විනාඩි 15-30 පමණ රියදුරු දිශාවන් : ගූගල් සිතියමේ බලන්න |