පුරාණ කැටපිටිය රජමහා ටැම්පිට විහාරය
කැටපිටිය ටැම්පිට විහාරය ගඩොල් හා සිමෙන්තියෙන් නිමවා ඇති දෙමහල් පායකි. ගල්කණු වෙනුවට ගඩොල්වලින් ආරුක්කු සාදා ඇත. ව්‍යුහය හරහා දැවැන්ත ලී බාල්ක දමා, එය මත ලෑලි දමා ඉහළ මාලයේ පොලොව සාදා ඇත.
කැටපිටිය ටැම්පිට විහාරය ගඩොල් හා සිමෙන්තියෙන් නිමවා ඇති දෙමහල් පායකි. ගල්කණු වෙනුවට ගඩොල්වලින් ආරුක්කු සාදා ඇත. ව්‍යුහය හරහා දැවැන්ත ලී බාල්ක දමා, එය මත ලෑලි දමා ඉහළ මාලයේ පොලොව සාදා ඇත.
කුරුණෑගල දිස්ත්‍රික්කයේ කහඹිලියාව පිහිටා ඇත්තේ නෙලුම්දෙණිය සහ අලව්ව අතර ය. නෙලුම්දෙණියේ සිට කි.මී. 3.5 ක් සහ අලව්ව සිට කි.මී. 4.3 ක් දුරින් කහඹිලියාව ශ්‍රී බෝධිරුක්ඛාරාමය ටැම්පිට විහාරය පිහිටයි.
ඉහල මුරුතැන්ගේ ශ්‍රී ශෛලබිම්බාරාම රජමහා විහාරයේ ටැම්පිට විහාරය ඉදිකර ඇත්තේ ගල් තලාවක් මතය. අවාසනාවකට මෙන් පසුකාලීන අලුත්වැඩියාවකදී මෙම ටැම්පිට විහාරය රඳවා තිබූ ගල් කණු සියල්ලම බිත්තියකින් ආවරණය කර ඇත. එබැවින් මෙම තම්පිතා විහාරය අද මහනුවර යුගයට අයත් අංග සහිත සාමාන්‍ය බුදු මැදුරක් ලෙස පෙනේ.
ගෝනගල යාල අභයභූමියේ සිතුල්පව්ව රජමහා විහාරයට යන මාර්ගයෙන් හරවා ගමන් කලයුතු ගල්කුළු සහිත භූමි ප්‍රදේශයකි. මෙහි මෙම නමින්ම පුරාණ වාරි ජලාශයක නටබුන්ද, ක්‍රි.පූ 2 වන සියවසට අයත් පුරාණ ආරාමයක නටබුන් පෙන්නුම් කරන්නේ පුරාණ රුහුනු රාජධානියේ දියුණු නගරයක් ගෝනගල පැවති බවයි.
වර්තමාන කිවුලේකඩවල පුරාණ ශෛලබිම්බාරාම විහාරය ඉදිකර තිබෙන්නේ කිවුලේකඩවල වැව ආසන්නයේ පුරාණ විහාර සංකීර්ණය භූමියකයි. කිවුලේකඩවල ග්‍රාමය පිහිටියේ ගෝමරන්කඩවල – තිරියාය මාර්ගයේ කිලෝමීටර 11ක් පමණ ගියවිටය.
මන්නාරම දූපතේ බටහිර වෙරළේ ඌරුමලෙයි ග්‍රාමයේ මෙම පැරණි ප්‍රදීපාගාරය දැකගත හැක. මෙරට ප්‍රදීපාගාර මුලින්ම ගොඩනැගුවේ පෘතුගීසින් විසිනි. මෙම ප්‍රදීපාගාර ලන්දේසීන් හා ඉන් පසුව බ්‍රිතාන්‍යයන් වැඩි දියුණු කොට පවත්වා ගෙන ගොස් ඇත. ලංකාවේ මුල්ම අංග සම්පූර්ණ ප්‍රදීපාගාරය ලෙස සැලකෙන්නේ බ්‍රිතාන්‍යයන් විසින් 1848 දී ගාල්ලේ ඉදිකළ ප්‍රදීපාගාරය යි.
අඹගස්තැන්න කුරුකුත්තල අම්බලම මැද අඩි තුන හමාරක පමණ විෂ්කම්භයක් තිබෙන ශෛලමය කණු හතරක් මත මුදුන් වහලය සාදා තිබෙනවා. මෙම ගල් කණු මුදුණේ දැවයෙන් කරන ලද නෙළුම් මල් කැටයම් සහිත පේකඩ සතර බැගින් දාසයක් සවිකර තිබෙනවා. නමුත් අද වන විට මුල් පේකඩ ඉතුරුව ඇත්තේ තුනක් පමණයි.
සෙන්ටිමීටර 5.6 ක් උස ගල් කණු 9 ක් මත අමුනකොලේ ටැම්පිට විහාරය ඉදිකර ඇත. මෙහි ප්‍රථිමා ගෘහය වටා අඩක් උස පිටත බිත්ති සහිත ප්‍රදක්ෂිණා පථයක් වැනි කොරිඩෝවක් ඉදිකර ඇත.
දෙමහල් අත්තනගොඩ ටැම්පිට විහාරය පිහිටියේ ප්‍රසිද්ධ අම්බුළුගල රජමහා විහාරයට ආසන්නයේය. කෑගල්ලේ සිට මහනුවර මාර්ගයේ කිලෝමීටර 5 ක් පමණ ගමන්කොට මොලගොඩ ප්‍රදේශයෙන් හරවා තවත් කිලෝමීටර 5 පමණ ගමන්ගෙන මෙම විහාරයට ලඟා විය හැක.
වන්නඩි අමුණ තිබෙන්නේ මුලතිවු දිස්ත්‍රික්කයේ මුහුදුබඩ පත්තුව ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ වැලිඔය ග්‍රාමයේ රූස්ස කැලයක් හරහා ගලායන දියපහරක් හරස් කරමින්. මෙම අමුණ ගොඩනැගීමට ගත් ගල් කුට්ටි මත ඇති ගල්කටු සලකනු අනුව මෙම අමුණ අනුරාධපුර යුගයට අයත් බව නිර්ණය කොට තිබෙනවා.
ගම්පහ දිස්ත්‍රික්කයේ කඩුවෙල බියගම – කොට්ටුන්න මාර්ගයට යාබදව කොට්ටුන්න අම්බලම ගොඩ නගා ඇත. කලාත්මක අගයෙන් තොර වූවද වහලය සාදා ඇත්තේ මඩොල් කුරුපාවක භාවිතයෙනි.
1890 දශකයේ දී සී පී බෙල් මහතා විසින් කෑගලු කෝරළ වාර්තාවේ කෑගල්ල දිස්ත්රික්කයේ ඇති මෙම එකම ශෛලමය විහාරය පිළිබඳව සවිස්තරාත්මක විස්තරයක් ඇතුලත් කොට ඇත.
පේරාදෙණිය – නුවරඑළිය මාර්ගයේ පුස්සැල්ලාව ප්‍රදේශයේ වඩුගපිටිය ගම්මානයේ මාර්ගයට යාබදව ගොඩ නංවා ඇති වඩුගපිටිය අම්බලම යටත් විජිත යුගයේ සෑදූ අම්බලමකි.
ශාන්ත තපෝවනයක්ව පැවති මෙම බිමට අරම යැයි කියනු ලබන්නේ රහත් භික්ෂූන් සිල් රකිමින් සිටි ආරණ්‍ය සේනාසනය යන නම මුල්කරගෙනය
සැලව විහාරය ගොඩනැගීම මොරතොට හිමියන් විසින් කීර්ති ශ්‍රී රාජසිංහ රජ දවස ආරම්භ කොට ඇත.මෙම විහාරයේ ගොඩනැගීම කීර්ති ශ්‍රී රාජසිංහ රජුගේ අනුග්‍රහය යටතේ වූවත් විහාරය බොහෝ දුරට අවසන් කොට මොරතොට හිමිට පූජා කරන ලද්දේ රාජාධි රාජසිංහ රජු (1781 – 1798) විසිනි.
රී ලංකාවේ මානව ජනාවාසකරණය පිළිබඳ තතු විමර්ශනය කිරීමේ දී එහි සමාරම්භය පුරාශිලා යුගයෙන් ( Paleolithic period) ආරම්භව මධ්‍යශිලා යුගය (Mesolithic period) ප්‍රාථමික යකඩ යුගය ( Early Iron Age) ඔස්සේ විකාශනය වී ඇති ආකාරය ගවේෂණ කැණීම්වලින් තහවුරු කරගෙන තිබේ
බුත්තල රහතන්කන්ද ඇති ගල්ලෙන් හා පරිසරය ආරණ්‍යවාසී භික්ෂූන්ට ඉතා උචිත පරිසරයක් නිර්මාණය කර දී තිබේ. පුරාණයේ රහතුන් වහන්සේලා වැඩ සිටි හෙයින් මෙම කන්ද රහතුන් කන්ද ලෙස හඳුන්වනවා ද විය හැක.
කෙහෙල්පන්නල (කෙසෙල්පන්නල) අයත්වන්නේ පරණකුරු කෝරළයටයි. අතීතයේදී ඉන්දියාවේ සිට දිවාකර නම් බ්‍රාහ්මණයෙක් තම ගෝලයින් දෙදෙනෙකු සමග ලංකා භූමියට ගොඩබස මෙම කෙහෙල්පන්නල ගම් පෙදෙස තම වාසස්ථානයට තෝරාගෙන ඇත. ඔවුන් ඉදි කළ පැල සඳහා කෙසෙල් කොල භාවිතා කළ හෙයින් මෙම ප්‍රදේශයට කෙහෙල්පන්නල යන නාමය ලැබූ බව විශ්වාස කරයි.
මෙම නටබුන් වූ කදුරුගොඩ විහාරය පිහිටා ඇත්තේ මීටර 200ක් පමණ ඉහළට නැගී විශාල ගල් පර්වතයක් පාමුලය. මෙම භූමියේ තරමක් විශාල ස්තූප ගොඩැල්ලක් වේ. නිදන් සොරුන් විසින් මෙය සාරා මද්‍යය විනාශකොට ඇත. ස්තූප මළුවට ඇතුල් වීමට කැබලි වූ ගල් කණු දෙකක් සිටුවා ඇත.
වෙට්ටඹුගල පර්වත ලෙන දිගින් මීටර 30කි. උසින් මීටර් 20ක් පමණ වේ. ලෙනෙහි කටාරමක් යොදා ඇති අතර, ඊට යටින් පූර්ව බ්‍රාහ්මීය අක්ෂරයෙන් ලියන ලද සෙල්ලිපියක් වේ. එය ක්‍රිස්තු පූර්ව 3-2 සියවස්වලට අයත්ය. ලෙනට ඉහළින් පර්වතය මුදුනෙහිද දික් අතට ලියන ලද ශිලා ලේඛන දෙකකි.