නාගදීපයේ බුද්ධ වලව්ව රජමහා විහාරය

⚙️ [Top with rating]
RATE THIS LOCATION : (7 votes, average: 3.71 out of 5)
Buddha Walawwa Rajamaha Viharaya in Nagadeepa - නාගදීපයේ බුද්ධ වලව්ව රජමහා විහාරය
Buddha Walawwa Rajamaha Viharaya in Nagadeepa – නාගදීපයේ බුද්ධ වලව්ව රජමහා විහාරය

නාගදීප දූපතේ තල් අරඹක සැඟවී ඇති “බුද්ධ වලව්ව රජමහා විහාරය” බුදු වීමෙන් වසර 5කට පසු, දෙවන වර ලංකා ද්වීපයට වැඩි අවස්ථාවේ බුදුන් පහස ලද නාගදීප රජමහා විහාරයේ ප්‍රසිද්ධියෙන් මුවාවූ අප්‍රකට විහාරයකි.

මෙම විහාරස්ථානය ඉදිකර ඇත්තේ පුරාණ ශෛලමය බුද්ධ පිළිමයක් හමුවූ භූමියකය. කාලයකට පෙරදී ද්‍රවිඩ ජාතිකයෙකුට අයත් මෙම ඉඩම ධම්මකිතිතිස්ස නමැති නම් බෞද්ධ භික්ෂුවක් විසින් මිලදී ගෙන එහි මෙම විහාරය පිහිටුවා ඇත. මෙම ප්‍රතිමාව ශ්‍රී ලංකාවෙන් සොයාගත් බුදුන් වහන්සේ ‘භූමිස්පර්ශ මුද්‍රාව’ නිරූපණය කරන දුර්ලභ පිළිම කිහිපයකින් එකකි. මෙය මහායාන දහමේ ජනප්‍රිය මුද්‍රාවක් වුවද ථේරවාද දහමේ ජනප්‍රිය නොවේ.

[Google Ad 01 -EN]

භූමිස්පර්ශ මුද්‍රාවේ බුදුන් අසුන්ගෙන සිටින අතර දකුණු අත දකුණු දණහිසට උඩින් පෙන්ඩනයක් ලෙස අත්ල ඇතුළට හරවා පොළොව දෙසට ඇඟිලි තුඩු දිගු කොට නිරුපනය කරයි. වම් අත ඔහුගේ උකුලේ අත්ල උඩු අතට වනසේ දක්නට ලැබේ.

සිදුහත් තවුසා බුද්ධත්වය අවබෝධ කර ගැනීමට මොහොතකට පෙර, බෝධිය යට භාවනාවෙන් මුදවීමට ඔහුව පොළඹවා ගැනීමට උත්සාහ කළ මාරයා තම දියණියන් හා භූතයන් සමඟ ඔහුගේ අවධානය වෙනතකට යොමු කිරීමට උත්සාහ කළ බව කියනු ලැබේ. මාරයා ඔහුගේ බුද්ධත්වයට සාක්ෂිකරු පිළිබඳව අභියෝග කලවිට ඔහු පොළොව ස්පර්ශ කිරීමට ඔහුගේ දකුණු අත දිගු කළ අතර පොළොව ගුගුරා “මම ඔබට සාක්ෂි වෙමි!” හඬ නැංවීය. පොළොවෙන් ආ මෙම ගෝශාව ඇසූ මාරයා අතුරුදහන් විය. මෙම මුද්‍රාව බුදුන් වහන්සේගේ බුද්ධත්වයට මිහි තලය සාක්ෂි වූ අවස්තාව පිළිබිඹු කරයි.

නාගදීපය දෙමළ ත්‍රස්තවාදීන්ගේ කේන්ද්‍රස්ථානක් වූ වන අතර මෙහි ඇති විහාර දෙකෙහි සංඝයා මෙම දිවයිනේ එකම එකම සිංහල බෞද්ධයන් වන අතර, මෙම විහාරස්ථාන දෙකම වසර 30 ක කාලපරිච්ඡේදය තුළ නොනැසී පැවතියේ වසර ගණනාවක් තිස්සේ දෙමළ දුපත් වැසියන් හා විහාරය අතර වර්ධනය වූ අන්‍යෝන්‍ය ගෞරවය හේතුවෙනි. මෙම විහාරස්ථානයේ ඇති එකම පුරාවිද්‍යාත්මක වැදගත් පුරාවස්තුව වන්නේ මෙම පිළිමය පමණි. ත්‍රස්තවාදී යුද්ධය අවසන් වීමෙන් පසුව මෙම විහාරයේ විවිධ ස්ථානවල ස්තූපයක් සහ තවත් ප්‍රතිමා කිහිපයක් සවි කර තිබේ.

සම්බන්ධ වෙනත් පිටු

බුද්ධ වලව්ව රජමහා විහාරය සිතියම

ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් විවෘත කිරීමට පහත බොත්තම් භාවිතා කරන්න –
.

ඉහල සිතියමේ මෙම ස්ථානය පමණක් නොව කිලෝමීටර 20ක් ඇතුලත තවත් වැදගත් ස්ථාන ලකුණු වී ඇත. මේ ස්ථාන බැලීමට සිතියම කුඩා කර බලන්න. වැඩි විස්තර සඳහා අවශ්‍ය ස්ථානය මතට මුසිකය ගෙනයන්න. එසේ නැතිනම් click කරන්න.

ගූගල් සිතියම වෙනත් ස්ථාන වලට චලනය කර ගෙනයාමෙන් එම ප්‍රදේශයේ වැදගත් ස්ථාන බලාගත හැක.

බුද්ධ වලව්ව රජමහා විහාරය ගමන් දිශාවන්

කොළඹ සිට යාපනය දක්වා (1 වන මාර්ගය)කොළඹ සිට යාපනය දක්වා (1 වන මාර්ගය)
හරහා : කුරුණෑගල – දඹුල්ල – අනුරාධපුරය – වවුනියාව
මුළු දුර : කිලෝමීටර් 400 km
ගතවන කාලය : පැය 7-8
ගත කිරිය යුතු කාලය : විනාඩි 15-30  පමණ
රියදුරු දිශාවන් : ගූගල් සිතියමේ බලන්න
හරහා :පුත්තලම – සීලාවතුර -පූනරින්
මුළු දුර : කිලෝමීටර් 365
ගතවන කාලය : පැය 7-8
ගත කිරිය යුතු කාලය : විනාඩි 15-30  පමණ
රියදුරු දිශාවන් : ගූගල් සිතියමේ බලන්න
යාපනය සිට බුද්ධ වලව්ව රජමහා විහාරය දක්වා
හරහා : කයිට්ස්
මුළු දුර : කිලෝමීටර් 36 (බෝට්ටු ගමන සමග)
ගතවන කාලය : පැය 2.30 (බෝට්ටු ගමන සමග)
ගත කිරිය යුතු කාලය : වරුවක් – දිනක් අතර
රියදුරු දිශාවන් : ගූගල් සිතියමේ බලන්න
⚙️ [Google Ad 02 (bottom)]

© www.amazinglanka.com

z Jaffna 3 (4) අනුරාධපුර දිස්ත්‍රික්කය (42) අනුරාධපුර රාජධානිය (5) අම්පාර දිස්ත්‍රික්කය (7) කළුතර දිස්ත්‍රික්කය (5) කෑගල්ල දිස්ත්‍රික්කය (31) කිලිනොච්චි දිස්ත්‍රික්කය (3) කුරුණෑගල දිස්ත්‍රික්කය (25) කොළඹ දිස්ත්‍රික්කය (3) ගම්පහ දිස්ත්‍රික්කය (5) ගාල්ල දිස්ත්‍රික්කය (6) ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය (47) නුවරඑළිය දිස්ත්‍රික්කය (5) පුත්තලම දිස්ත්‍රික්කය (5) පොළොන්නරුව දිස්ත්‍රික්කය (14) පොළොන්නරුව රාජධානිය (7) බදුල්ල දිස්ත්‍රික්කය (3) මඩකලපුව දිස්ත්‍රික්කය (2) මන්නාරම දිස්ත්‍රික්කය (10) මන්නාරම දූපත (2) මහනුවර දිස්ත්‍රික්කය (39) මාතර දිස්ත්‍රික්කය (5) මාතලේ දිස්ත්‍රික්කය (7) මුලතිවු දිස්ත්‍රික්කය (27) මොණරාගල දිස්ත්‍රික්කය (6) යාපනය දිස්ත්‍රික්කය (16) රත්නපුර දිස්ත්‍රික්කය (10) වවුනියා දිස්ත්‍රික්කය (8) හම්බන්තොට දිස්ත්‍රික්කය (7)

Kovils (1) අම්බලම (57) ආකර්ෂණ (9) ආසනඝර (7) ඉතිහාසය (0) උණුදිය උල්පත් (1) උරුමය (303) ඓතිහාසික උරුම ලිපි (3) ඓතිහාසික සිදුවීම් (1) කුළුදාගේ (1) ගිරි සෙල්ලිපි (8) ටැම්පිට විහාර (41) දිය ඇලි (4) දූපත් (1) දෙතිස් ඵල බෝධින් (5) දේවාල (2) පබ්බත විහාර (3) පර්වත චිත්‍ර (2) ප්‍රදීපාගාර (1) ප්‍රාග් ඉතිහාස ලිපි (1) ප්‍රාග් ඓතිහාසික (6) පාලම් (3) පුරාණ අමුණු (14) පුවරු හා ටැම් ලිපි (9) බලකොටු (11) මීටර 20-29 (1) මීටර 30-39 (1) යාල තුල නටබුන් (6) ලිපි (2) වනජීවී (2) වනජීවී ලිපි (1) වාරි කර්මාන්ත (27) වැව් හා ජලාශ (15) සංචාරක ආකර්ෂණ (14) ස්මාරක (4) සුසාන භූමි (5)

Leave a Reply