ඕමල්පේ පුරාණ ටැම්පිට විහාරය

RATE THIS LOCATION :1 Star2 Stars3 Stars4 Stars5 Stars (10 votes, average: 3.40 out of 5)
Loading...
Omalpe Purana Tampita Viharaya
Omalpe Purana Tampita Viharaya

ල්පේ පුරාණ විහාරය මහනුවර රාජධානිය යුගයේ කරපු ටැම්පිට විහාරයක් සහිත පුරාණ විහාරයක්. මෙම විහාරස්ථානය තියෙන්නේ ඌරුබොක්ක සහ පැනමුරේ අතර දපනේ ශ්‍රී ජයසුමනාරාම ටැම්පිට විහාරය යන මාර්ගයේ.

වර්තමානයේ ඕමල්පේ ගමට වැවක් නොතිබුණද, පුරාණ කාලයේ මෙහි විශාල වැවක්පැ තිබු බවට නටබුන් දක්නට තිබෙනවා. මෙම වැවේ ඔලූ මල් බහුල වීම නිසා මෙම ගමට ඕමල්පේ (ඕලු-මල්-පේ ) යන නම පටබැඳුණු බව පවසනවා.

ටැම්පිට විහාරය දැව වේදිකාවක් ගල් කණු උඩ ඉදිකොට ඒ මත ඉදිකරන ලද ගොඩනැඟිල්ලක්. සාමාන්‍යයෙන් මේවායේ ගල් කණුවක උස අඩි 3-4 ක් විතර වෙනවා. වහලය දැව වලින් තැනූ කණු උඩ රඳවලා බිත්ති සාමාන්‍යයෙන් කටු මැටි වරිච්චියෙන් සාදනවා. ටැම්පිට ආගමික ගොඩනැගිලි මහනුවර යුගයේදී ප්‍රචලිත වූ දේශීය ගෘහ නිර්මාණ ලක්ෂණයක්.

ඕමල්පේ පුරාණ විහාරස්ථානයේ ආරම්භය කෙදිනකද යන්න දැන ගැනීමට ලිඛිත සාධක නැති වුවත් ටැම්පිට විහාර ගොඩනැගිල්ලේ දොරටුව මුදුනේ පහත සඳහන් පේළි 4 ක් කැටයම් කොට තියනවා.

වසිණ එක්දහස් සත්සිය දෙසාලි                    ස
මසිණ පොසොන් පුර පසළොස් රිවිදව          ස
නමිණ ගරු තෙන්නකෝන් අගමැති නොල   ස
විසිණ නිම කෙරෙවු මුණි මැදුරය මෙව         ස

ඉහත කරුණු වලට අනුව ටැම්පිට විහාරය ඕමල්පේ තෙන්නකෝන් මුදලි විසින් ඉදිකර කොට තිබෙන අතර 1742 දී පොසන් පොයා දිනයේදී නිම කොට තියනවා. මීට අමතරව මෙම විහාරය වටා තවත් ජනප්‍රවාද 2ක් තිබෙනවා. එකක් නම් මෙය ඉදිකර ඇත්තේ ඇහැලපොළ අධිකාරම් ගේ ලේකම් අලහකෝන් මුදියන්සේ විසින් බවයි. ඔහුට කිලෝමීටර කිහිපයක් ඈතින් පිහිටන වලල්ගොඩ ටැම්පිට විහාරය ඉදිකිරීමේ ගෞරවයද හිමි වෙනවා.

ජනප්‍රවාදයට අනුව වලල්ගොඩ ටැම්පිට විහාරය සංඝයා වහන්සේලාට භාරදීමේ උත්සවයේදී පහත් කුලයේ ගැමියෙක් අලහකෝන් මුදියන්සේගේ බිරිඳ වාඩි වී සිටි පැදුර පාගා තිබෙනවා මෙම සිදුවීම සම්බන්ධයෙන් ඇති වූ මතභේදයක් නිසා අලහකෝන් මුදියන්සේ කිලෝමීටර් කිහිපයක් ඈතින් තවත් පිළිම මන්දිරයක් (ඕමල්පේ ටැම්පිට විහාරය) ඉදිකර සංඝයා වහන්සේලාට වෙත පරිත්‍යාග කරතිබෙනවා. මෙහි තවත් ජනප්‍රවාදයක් නම්, මෙම ටැම්පිට විහාරය මහනුවර යුගයේ කීර්ති ශ්‍රී රාජසිංහ රජුගේ (1747 – 1781) පාලන සමයේදී කම්පනේ රාල නම් ප්‍රධානියා විසින් ඉදිකල බවයි.

දැවයෙන් කල තරප්පුවක් ඉහළ මහලේ ප්‍රතිමා ගෘහයට රැගෙන යයි. ප්‍රතිමා ගෘහය වටා පටු ප්‍රදක්‍ෂිනා පථයක් සාදා තිබෙනවා. පිළිම ගෙය තුල මධ්‍යයේ වාඩි වී සිටින සමාධි බුද්ධ ප්‍රතිමාවක් තිබෙනවා. අග්‍ර ශ්‍රාවක සාරිපුත්ත සහ මොග්ගලාන තෙරුන්ගේ චිත්‍ර බුද්ධ ප්‍රතිමාවේ දෙපැත්තේ පින්තාරුකොට තිබෙනවා. පැති බිත්ති දෙක විවිධ බිතු සිතුවම් වලින් ආවරණය කර ඇති අතර ඒවායේ ඊශ්වර, කතරගම,විෂ්ණු, සමන්, ගණ, බ්‍රහ්ම සහ සක්‍ර වැනි දෙවිවරුන්ගේ සිතුවම් කැපී පෙනෙනවා.

මෙම සිතුවම් අතර ඇති එක් අසාමාන්‍ය සිතුවමක් ලෙස හිඳී පිළිමය සාදා ඇති ආසනයේ කෙළවරක නෙළුම් මලක් ඇත ඇති ගැහැනිය හඳුන්වන්න පුළුවන්.

ඕමල්පේ ටැම්පිට විහාරය වෙත ඌරුබොක්ක, කෑල්ල හෝ පනාමුරේ සිට ළඟා විය හැකිය. එය ඌරුබොක්ක සිට කි.මී. 12 ක්ද, කෑල්ල හන්දියේ සිට කි.මී. 12 ක් සහ පනාමුරේ හන්දියේ සිට කි.මී. 10ක් ඈතින් පිහිටා ඇත.

සම්බන්ධ වෙනත් පිටු

ඕමල්පේ පුරාණ ටැම්පිට විහාරය සිතියම

ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් විවෘත කිරීමට පහත බොත්තම් භාවිතා කරන්න –
.

ඉහල සිතියමේ මෙම ස්ථානය පමණක් නොව කිලෝමීටර 20ක් ඇතුලත තවත් වැදගත් ස්ථාන ලකුණු වී ඇත. මේ ස්ථාන බැලීමට සිතියම කුඩා කර බලන්න. වැඩි විස්තර සඳහා අවශ්‍ය ස්ථානය මතට මුසිකය ගෙනයන්න. එසේ නැතිනම් click කරන්න.

ගූගල් සිතියම වෙනත් ස්ථාන වලට චලනය කර ගෙනයාමෙන් එම ප්‍රදේශයේ වැදගත් ස්ථාන බලාගත හැක.

ඕමල්පේ පුරාණ ටැම්පිට විහාරය ගමන් මාර්ගය

ඌරුබොක්ක සිට ඕමල්පේ පුරාණ ටැම්පිට විහාරය දක්වා
හරහා : ගින්නලිය
දුර : කිලෝමීටර 12
ගමන් කාලය : විනාඩි 30
ගතකළ යුතු කාලය : විනාඩි 30-45 අතර
ගමන් මාර්ගය : ගූගල් සිතියම මෙහි බලන්න

© www.amazinglanka.com

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

This site is protected by reCAPTCHA and the Google Privacy Policy and Terms of Service apply.

%d bloggers like this: