යාපනය අලිමංකඩ බලකොටුව

RATE THIS LOCATION :1 Star2 Stars3 Stars4 Stars5 Stars Be the first to rate
Loading...

වර්තමානයේ යාපනයේ අලිමංකඩ යන නාමය මරණයට හා විනාශය මතක් කරවන්නකි. යාපනය අර්ධද්වීපය ප්‍රධාන භූමියට සම්බන්ධ කරන මෙම පටුතීරය තුළ පසු ගිය වකනානුවේ ශ්‍රී ලංකාවේ හමුදාවේ හා එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදී හමුදාවේ බොහෝ තරුණයන් දිවි පිදූ ප්‍රදේශයකි. ප්‍රදේශයේ යුද්ධෝපාය වැදගත්කම ත්‍රස්තවාදීන් පමනක් නොව ශතවර්ෂ ගණනකට පෙරද හඳුනාගෙන තිබේ.

මෙහි මුලින්ම බලකොටුවක් ඉදිකරන ලද්දේ ලන්දේසීන් විසිනි. එය ප්‍රධාන වශයෙන් ආරක්ෂක මුර කපොල්ලක් ලෙස භාවිතා විය. මෙය ආරක්‍ෂාකාරීව හා ශක්තිමත්ව ගොඩනඟා තිබුණද, මෙම බලකොටුවේ ප්‍රමාණය ගාල්ලේ හෝ යාපනයේ බලකොටුවලට වඩා බෙහෙවින් කුඩා විය. සංසන්දනයක් ලෙස අලිමංකඩ බලකොටුව මාතර තරු කොටුව හා සැසඳිය හැකිය. අලිමංකඩ බලකොටුව යාපනය අර්ධද්වීපය ආරක්ෂාව සඳහා ඉදිකරන ලද සම්මිශ්‍ර ආරක්ෂක උපක්‍රමයක කොටසක් විය. අර්ධද්වීපයේ දකුණු මායිමේ පටු තීරය හරහා රේඛීයව පිහිටා ඇති තවත් බලකොටු දෙකක් සමඟ එය නැගී සිටියේය. මෙම බලකොටුවලින් වඩාත්ම දකුණින් පිහිටි බලකොටුව අලිමංකඩය. අලිමංකඩ සිට සැතපුම් තුනක් ඊසාන දෙසින් ඉයකාච්චි ප්‍රදේශයේ දෙවන බලකොටුව වන පැස් බෙස්චුටර් පිහිටා ඇත. මෙම ස්ථානයේ සිට ඊසාන දෙසින් පිහිටි තුන්වන ලන්දේසි බලකොටුව වූයේ පැස්  පයිල් ය.

බලකොටු තුනේ අරමුණ වූයේ ප්‍රධාන භූමියෙන් එනම් වන්නියෙන් ඇතිවිය හැකි ප්‍රහාර වලින් යාපන අර්ධද්වීපය ආරක්ෂා කිරීමයි. යාපන අර්ධද්වීපය ලන්දේසීන්ගේ වැදගත් වෙළඳ හා පරිපාලන කේන්ද්‍රස්ථානයක් වුවද, වන්නිය ඔවුන්ගේ ග්‍රහණයට හසු නොවීය. විටෙක එයමහනුවර රජවරුන්ගේ බල සීමාව යටතේ විය. එහෙත් බොහෝ විට වන්නි කලාපය පාලනය කරනු ලැබුවේ මහනුවර සිට ලංකාව පාලනය කල රජුට බදු ගෙවූ යාපනයේ අර්ධ ස්වාධීන පාලකයන් විසිනි. මෙම වන්නි පාලකයන්ගේ අනපේක්ෂිත ක්‍රියාකලාපයන් නිසා යාපනයේ ව්‍යාපාර අඛණ්ඩව පවත්වාගෙන යාම සහතික කිරීම සඳහා මෙම බලකොටු අවශ්‍ය විය. තබා ගත යුතුව තිබුණි. මීට සියවස් ගණනාවකට පෙර මෙන්ම ලන්දේසී පාලණ කාලයේදීද උතුරේ ප්‍රධාන වෙළඳ භාණ්ඩ වූයේ අලි සහ මුතු ය.

අලිමංකඩට නම ලැබී ඇතැයි උපකල්පනය කරනුයේ අපනයනය සඳහා ප්‍රධාන භූමියේ සිට යාපනයට අලි ඇතුන් යවා ඇත්තේ මෙම මංකඩ හරහා බැවිනි. ලන්දේසි වාර්තාවල දැක්වෙන්නේ වන්නි ප්‍රදේශයේ බහුල වූ අලි ගාල් කිරීම් හරහා අල්ලා ගත අලීන් යාපනයට ගෙන ගිය බවයි. මෙම අලි යාපනය කළපුව තරණය කළ ස්ථානය පසුව අලිමංකඩ ලෙස හැදින්විය.

අලි ඇතුන්ට අමතරව, උතුරු පළාතෙන් පිටතට එන අනෙක් වටිනා වෙළඳ භාණ්ඩ අතර මුතු ද විය. අනුරාධපුර රජවරුන්ගේ කාලයේ සිට මන්නාරම් වෙරළ තීරයේ සිට මුතු අස්වැන්න නෙළා තිබේ. ලන්දේසීන් විසින් මන්නාරම් වෙරළේ මුතුපර පාලනය කරද මෙම මුතු වලින් යම් කොටසක් ඔවුන් අලි ඇතුන් සමග යාපනයට ප්‍රවාහනය කළහ. මේවා යාපනය හරහා ඉන්දියාවට වෙනත් භාණ්ඩ සමගින්ව නැව්ගත කරන ලදී. එබැවින් යාපනය අර්ධද්වීපය ආරක්ෂා කිරීම ලන්දේසීන්ට කලාපයේ හමුදාමය පැවැත්මට පමණක් නොව වෙළඳාමට ද වැදගත් විය.

1983 දී ත්‍රස්තවාදී ප්‍රචණ්ඩත්වය පැතිරෙන තුරුම ලන්දේසීන් විසින් පැස් බෙස්චුටර් සහ පැස් පයිල් ලෙස නම් කරන ලද බලකොටු අතුරුදහන් වී තිබුණද අලිමංකඩ බලකොටුව සාපේක්ෂව හොඳින් ආරක්ෂා වී තිබිණි. එය අර්ධ වශයෙන් රජයේ තානායමක් ලෙස භාවිතා කොට ඇත.

අලිමංකඩ මුල් බලකොටුව 1760 දී පමණ යාපනය කළපුවේ ඉවුරේ ඉදිකර තිබේ. එහි ප්‍රතිවිරුද්ධ දිශාවන් දෙකක හොඳින් සන්නද්ධ වූ මුර අට්ටාල දෙකක් තිබිණි. සෑම මුර අට්ටාලක්ම කාලතුවක්කු හතරකින් සන්නද්ධ වූ අතර බලකොටුව තුවක්කු අටක් සහිත බලකොටුවක් විය. ප්‍රමාණයෙන් කුඩා වුවද මෙම අලිමංකඩ බලකොටුව ප්‍රධාන භූමියේ සිට යාපනය දෙසට ගමන් කරන ඕනෑම සතුරෙකුට ජයගත යුතු බාධකයක් විය. පසුකාලීනව, තානායම සැදීම සඳහා බලකොටුවේ කොටසක් කඩා දමා තිබුණි. එසේ වුවද අඩි 15 කට වඩා වැඩි උසකින් යුත් බලකොටුව හොඳින් ආරක්ෂා වී තිබුණි. මේ රටේ ජනවාර්ගික ප්‍රචණ්ඩත්වය පුපුරා යාමට පෙරය. නමුත් ඉන්පසුව අලිමංකඩ මෙම ත්‍රස්තවාදී යුද්ධයේ මහා සටන් කිහිපයක්ම අත් දුටු අතර එහි ප්‍රතිපලයක් ලෙස ලන්දේසීන් විසින් ඉදිකරන ලද සියවස් දෙකකට වැඩි කාලයක් ආරක්ෂා බලකොටුව විනාශ විය.

A map of Elephant Pass Fort
A map of Elephant Pass Fort
All what remains of the fort and the rest house
All what remains of the fort and the rest house

සම්බන්ධ වෙනත් පිටු

අලිමංකඩ සිතියම (ස්ථානය පමණක්)

ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් විවෘත කිරීමට පහත බොත්තම් භාවිතා කරන්න –
.

ඉහල සිතියමේ මෙම ස්ථානය පමණක් නොව කිලෝමීටර 20ක් ඇතුලත තවත් වැදගත් ස්ථාන ලකුණු වී ඇත. මේ ස්ථාන බැලීමට සිතියම කුඩා කර බලන්න. වැඩි විස්තර සඳහා අවශ්‍ය ස්ථානය මතට මුසිකය ගෙනයන්න. එසේ නැතිනම් click කරන්න.

ගූගල් සිතියම වෙනත් ස්ථාන වලට චලනය කර ගෙනයාමෙන් එම ප්‍රදේශයේ වැදගත් ස්ථාන බලාගත හැක.

අලිමංකඩ වෙත රිය පැදවීමේ උපදෙස්

කොළඹ සිට අලිමංකඩ දක්වා මාර්ගය
හරහා : පුත්තලම – අනුරාධපුර
දුර: කිලෝමීටර් 360
ගමන් කාලය: පැය 8 යි
ධාවන උපදෙස්: ගූගල් සිතියමේ බලන්න

© www.amazinglanka.com

Leave a Reply