වහුගපිටිය පුරාණ ගල් අම්බලම

⚙️ [Top with rating]
RATE THIS LOCATION : (4 votes, average: 2.75 out of 5)

පුරාණ කාලයේ රජවරු , සිටුවරු හා ප්‍රභූන් මහජනතාව හා හා දුර බැහැර ගමන් ගන්නා මගීන් වෙනුවෙන් තැනින් තැන අම්බලම් තැනුහ. මෙම අම්බලම මගීන්ගේ රාත්‍රි නවාතැන්පොළවල් වූවා සේම ප්‍රදේශයේ ගැමියන් නොයෙක් අවශ්‍යතා සඳහා එක්රැස් වන ස්ථානයද භාවිතා විය.

අද අප දකිනා බොහෝ අම්බලම් මහනුවර යුගය හා සම්බන්ධය. එම අම්බලම්හි මහනුවර යුගයේ කැටයම් කලාව සහ ගොඩනැගිලි කලාව නොයෙක් ආකාරයෙන් භාවිතා වූ අයුරු දැකගත හැක. මහනුවර යුගයට පසු යටත් විජිත යුගයේ සෑදූ අම්බලම්ද තැනින් තැන දැකගත හැක.

⚙️ [Google Ad 01 -SI]

පේරාදෙණිය – නුවරඑළිය මාර්ගයේ පුස්සැල්ලාව ප්‍රදේශයේ වඩුගපිටිය ගම්මානයේ මාර්ගයට යාබදව ගොඩ නංවා ඇති වඩුගපිටිය අම්බලම එවන් යටත් විජිත යුගයේ සෑදූ අම්බලමකි.

ප්‍රධාන මාර්ගයට යාබදව මාර්ගය අසල බෑවුම් ප්‍රදේශයක විශාල සතරැස් ගල් කුට්ටි යොදා මාර්ගය මට්ටමේ සමතලා බිම් කොටසක් සාදා ඒ මත කළුගල් කුට්ටි භාවිතා කොට අඩි තුනක් පමණ උසකට බිත්ති නංවා, බිත්ති මත මැනවින් සැකසූ කළුගල් කුළුණු යොදා, ඒ මත වහලය රඳවා ඇත.

අම්බලමේ ඉදිරි කුලුණු ද්විත්වය මනාව නිමවා දකුණු කුළුන උඩ කොටසේ සතරැස් කොටසක් ඇතුලට හාරා දේව පිළිමයක් උන්නත මුර්තියක් ලෙස නිර්මාණය කොට ඇත. ඊට පහළින් මෙම අම්බලම 1929 පෙබරවාරි මාසයේදී ආර්. එම්. මාරිමුත්තු යන පුද්ගලයා විසින් ඔහුගේ පියා සිහිවීම පිණිස සාදා ඇති බව එහි සඳහන් වේ.

THIS
AMBALAM
ERRECTED ON
2.1929 BY
RM ARIMUTHU KP
IN LOVING MEMMORY
OF HIS PATHER

ඉදිරි වම් කුළුණ මද්‍යයේ ඉතාමත් අලංකාරව උන්නත මුර්තියක් ලෙස ඇත් හිස සහිත ගනේෂ් දෙවිඳුන්ගේ ප්‍රතිමාවක් ඉදරියට නෙරන ලෙස නෙළා ඇත. ඉන් ඉහළින් උපත 1850 ජුනි 25 උපන්දිනය ලෙස හා බියුමොන්ට් (Beaumont) (වත්තේ?) වසර 39ක සේවය ලෙස සඳහන්ව ඇත.

BORN
IN
25.6.1850
39 YEARS SERVICE
IN
BEAUMONT

ඉතා අලංකාරවත් ලෙස සාදා ඇති මෙම අම්බලම අද ගරා වැටෙමින් පවතී. වහළය ටකරන් තහඩුවෙන් ආවරණය කොට ඇත. අම්බලම අවට වනගත වෙමින් ඇත. එබැවින් මෙම ගොඩනැගිල්ල නැවත යථා තත්වයට ගතයුතු කාලය එළඹ ඇත.

සම්බන්ධ වෙනත් පිටු

වහුගපිටිය අම්බලම සිතියම

ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් විවෘත කිරීමට පහත බොත්තම් භාවිතා කරන්න –
.

ඉහල සිතියමේ මෙම ස්ථානය පමණක් නොව කිලෝමීටර 20ක් ඇතුලත තවත් වැදගත් ස්ථාන ලකුණු වී ඇත. මේ ස්ථාන බැලීමට සිතියම කුඩා කර බලන්න. වැඩි විස්තර සඳහා අවශ්‍ය ස්ථානය මතට මුසිකය ගෙනයන්න. එසේ නැතිනම් click කරන්න.

ගූගල් සිතියම වෙනත් ස්ථාන වලට චලනය කර ගෙනයාමෙන් එම ප්‍රදේශයේ වැදගත් ස්ථාන බලාගත හැක.

වහුගපිටිය අම්බලම රියදුරු දිශාවන්

පේරාදෙණිය සිට වහුගපිටිය අම්බලම දක්වා
හරහා : ගම්පොල – පුස්සැල්ලාව
මුළු දුර : කිලෝමීටර් 26
ගතවන කාලය : විනාඩි 45
ගත කිරිය යුතු කාලය : විනාඩි 10-15 පමණ
රියදුරු දිශාවන් : ගූගල් සිතියමේ බලන්න
⚙️ [Google Ad 02 (bottom)]

© www.amazinglanka.com

Kovils (1) අම්බලම (57) ආකර්ෂණ (9) ආසනඝර (7) ඉතිහාසය (0) උණුදිය උල්පත් (1) උරුමය (303) ඓතිහාසික උරුම ලිපි (3) ඓතිහාසික සිදුවීම් (1) කුළුදාගේ (1) ගිරි සෙල්ලිපි (8) ටැම්පිට විහාර (41) දිය ඇලි (4) දූපත් (1) දෙතිස් ඵල බෝධින් (5) දේවාල (2) පබ්බත විහාර (3) පර්වත චිත්‍ර (2) ප්‍රදීපාගාර (1) ප්‍රාග් ඉතිහාස ලිපි (1) ප්‍රාග් ඓතිහාසික (6) පාලම් (3) පුරාණ අමුණු (14) පුවරු හා ටැම් ලිපි (9) බලකොටු (11) මීටර 20-29 (1) මීටර 30-39 (1) යාල තුල නටබුන් (6) ලිපි (2) වනජීවී (2) වනජීවී ලිපි (1) වාරි කර්මාන්ත (27) වැව් හා ජලාශ (15) සංචාරක ආකර්ෂණ (14) ස්මාරක (4) සුසාන භූමි (5)

z Jaffna 3 (4) අනුරාධපුර දිස්ත්‍රික්කය (42) අනුරාධපුර රාජධානිය (5) අම්පාර දිස්ත්‍රික්කය (7) කළුතර දිස්ත්‍රික්කය (5) කෑගල්ල දිස්ත්‍රික්කය (31) කිලිනොච්චි දිස්ත්‍රික්කය (3) කුරුණෑගල දිස්ත්‍රික්කය (25) කොළඹ දිස්ත්‍රික්කය (3) ගම්පහ දිස්ත්‍රික්කය (5) ගාල්ල දිස්ත්‍රික්කය (6) ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය (47) නුවරඑළිය දිස්ත්‍රික්කය (5) පුත්තලම දිස්ත්‍රික්කය (5) පොළොන්නරුව දිස්ත්‍රික්කය (14) පොළොන්නරුව රාජධානිය (7) බදුල්ල දිස්ත්‍රික්කය (3) මඩකලපුව දිස්ත්‍රික්කය (2) මන්නාරම දිස්ත්‍රික්කය (10) මන්නාරම දූපත (2) මහනුවර දිස්ත්‍රික්කය (39) මාතර දිස්ත්‍රික්කය (5) මාතලේ දිස්ත්‍රික්කය (7) මුලතිවු දිස්ත්‍රික්කය (27) මොණරාගල දිස්ත්‍රික්කය (6) යාපනය දිස්ත්‍රික්කය (16) රත්නපුර දිස්ත්‍රික්කය (10) වවුනියා දිස්ත්‍රික්කය (8) හම්බන්තොට දිස්ත්‍රික්කය (7)