පුරාණ කැටපිටිය රජමහා ටැම්පිට විහාරය

⚙️ [Top with rating]
RATE THIS LOCATION : (3 votes, average: 3.00 out of 5)

කැටපිටිය මංසන්දිය පිහිටා ඇත්තේ පිලිමතලාව සහ රඹුක්කන අතර දන්තුර මාර්ගයේ පිලිමතලාව සිට කි.මී. 6.5 ක් සහ රඹුක්කන සිට කි.මී. 21 ක් දුරකිනි. මෙම විහාරස්ථානය මැණික්දිවෙල කැටපිටිය ප්‍රධාන මංසන්ධියේම පිහිටා ඇත.

මෙම විහාරස්ථානයේ අතීතය අවම වශයෙන් මනනුවර යුගය දක්වා දිවයනබව එහි ඇති ටැම්පිට විහාරය කියාපායි.

ටැම්පිට විහාර මහනුවර රාජධානිය පැවති කාලය තුල ජනප්‍රිය ගෘහ නිර්මාණ අංගයක් වූ අතර මෙහිදී ගෘහය වේදිකාවක් මත ඉදිකරන ලද අතර එම වේදිකාව ගල් කුළුණු මත තබා ගොඩනැගිණි.

[Google Ad 01 -EN]

කැටපිටිය ටැම්පිට විහාරය ගඩොල් හා සිමෙන්තියෙන් නිමවා ඇති දෙමහල් පායකි. ගල්කණු වෙනුවට ගඩොල්වලින් ආරුක්කු සාදා ඇත. ව්‍යුහය හරහා දැවැන්ත ලී බාල්ක දමා, එය මත ලෑලි දමා ඉහළ මාලයේ පොලොව සාදා ඇත.

ටැම්පිට විහාරයේ අභ්‍යන්තර කුටිය වටා විශාල ප්‍රදක්ෂිණා පථයක් ඇත. එහි ඉදිරිපස පළල මීටර් 3.89 ක් වන අතර දෙපැත්ත සහ පසුපස පළල මීටර් 1.93 කි. ඇතුළත පිළිම ගෙය දිග මීටර් 5.38 ක් වන අතර පළල මීටර් 3.68 කි. සම්පූර්ණ ගොඩනැගිල්ල මීටර් 11.20 ක් දිග සහ පළල මීටර් 7.54 වේ.

ගොඩනැගිල්ලේ බිම් මහල බණ මඩුවක් ලෙස භාවිතා කරයි. ඉහළ ටැම්පිට විහාරයට පිවිසෙන ප්‍රධාන දොරටුව සූර්යවංක මෝස්තරයෙන් නිමවා ඇති දැවැන්ත දැවමය උලුවස්සකි. මෙම රාමුව වටා සියුම් මල් කැටයම් දැකිය හැකිය. මෙයින් ඇතුල්වන්නේ ප්‍රදක්ෂිණා පථය ප්‍රදේශයටයි. මෙම පථය වටා ඇතුල් බිත්තිය ඔස්සේ පේළියට ඉදිකර ඇති විශාල හිටි බුදු පිළිම රාශියකි.

මූලාශ්‍ර

සම්බන්ධ වෙනත් පිටු

කැටපිටිය ටැම්පිට විහාරය සිතියම

ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් විවෘත කිරීමට පහත බොත්තම් භාවිතා කරන්න –
.

ඉහල සිතියමේ මෙම ස්ථානය පමණක් නොව කිලෝමීටර 20ක් ඇතුලත තවත් වැදගත් ස්ථාන ලකුණු වී ඇත. මේ ස්ථාන බැලීමට සිතියම කුඩා කර බලන්න. වැඩි විස්තර සඳහා අවශ්‍ය ස්ථානය මතට මුසිකය ගෙනයන්න. එසේ නැතිනම් click කරන්න.

ගූගල් සිතියම වෙනත් ස්ථාන වලට චලනය කර ගෙනයාමෙන් එම ප්‍රදේශයේ වැදගත් ස්ථාන බලාගත හැක.

කැටපිටිය ටැම්පිට විහාරය දිශාවන්

පිළිමතලාව සිට කැටපිටිය ටැම්පිට විහාරය දක්වා
හරහා :දන්තුරේ
මුළු දුර : කිලෝමීටර් 4.6
ගතවන කාලය : විනාඩි 15
ගත කිරිය යුතු කාලය : විනාඩි 30 පමණ
රියදුරු දිශාවන් : ගූගල් සිතියමේ බලන්න
⚙️ [Google Ad 02 (bottom)]

© www.amazinglanka.com

z Jaffna 3 (4) අනුරාධපුර දිස්ත්‍රික්කය (42) අනුරාධපුර රාජධානිය (5) අම්පාර දිස්ත්‍රික්කය (7) කළුතර දිස්ත්‍රික්කය (5) කෑගල්ල දිස්ත්‍රික්කය (31) කිලිනොච්චි දිස්ත්‍රික්කය (3) කුරුණෑගල දිස්ත්‍රික්කය (25) කොළඹ දිස්ත්‍රික්කය (3) ගම්පහ දිස්ත්‍රික්කය (5) ගාල්ල දිස්ත්‍රික්කය (6) ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය (47) නුවරඑළිය දිස්ත්‍රික්කය (5) පුත්තලම දිස්ත්‍රික්කය (5) පොළොන්නරුව දිස්ත්‍රික්කය (14) පොළොන්නරුව රාජධානිය (7) බදුල්ල දිස්ත්‍රික්කය (3) මඩකලපුව දිස්ත්‍රික්කය (2) මන්නාරම දිස්ත්‍රික්කය (10) මන්නාරම දූපත (2) මහනුවර දිස්ත්‍රික්කය (39) මාතර දිස්ත්‍රික්කය (5) මාතලේ දිස්ත්‍රික්කය (7) මුලතිවු දිස්ත්‍රික්කය (27) මොණරාගල දිස්ත්‍රික්කය (6) යාපනය දිස්ත්‍රික්කය (16) රත්නපුර දිස්ත්‍රික්කය (10) වවුනියා දිස්ත්‍රික්කය (8) හම්බන්තොට දිස්ත්‍රික්කය (7)

Kovils (1) අම්බලම (57) ආකර්ෂණ (9) ආසනඝර (7) ඉතිහාසය (0) උණුදිය උල්පත් (1) උරුමය (303) ඓතිහාසික උරුම ලිපි (3) ඓතිහාසික සිදුවීම් (1) කුළුදාගේ (1) ගිරි සෙල්ලිපි (8) ටැම්පිට විහාර (41) දිය ඇලි (4) දූපත් (1) දෙතිස් ඵල බෝධින් (5) දේවාල (2) පබ්බත විහාර (3) පර්වත චිත්‍ර (2) ප්‍රදීපාගාර (1) ප්‍රාග් ඉතිහාස ලිපි (1) ප්‍රාග් ඓතිහාසික (6) පාලම් (3) පුරාණ අමුණු (14) පුවරු හා ටැම් ලිපි (9) බලකොටු (11) මීටර 20-29 (1) මීටර 30-39 (1) යාල තුල නටබුන් (6) ලිපි (2) වනජීවී (2) වනජීවී ලිපි (1) වාරි කර්මාන්ත (27) වැව් හා ජලාශ (15) සංචාරක ආකර්ෂණ (14) ස්මාරක (4) සුසාන භූමි (5)