බියගම කොට්ටුන්න අම්බලම

⚙️ [Top with rating]
RATE THIS LOCATION : (3 votes, average: 2.00 out of 5)

පුරාණ කාලයේ රජවරු , සිටුවරු හා ප්‍රභූන් මහජනතාව හා හා දුර බැහැර ගමන් ගන්නා මගීන් වෙනුවෙන් තැනින් තැන අම්බලම් තැනුහ. මෙම අම්බලම මගීන්ගේ රාත්‍රි නවාතැන්පොළවල් වූවා සේම ප්‍රදේශයේ ගැමියන් නොයෙක් අවශ්‍යතා සඳහා එක්රැස් වන ස්ථානයද භාවිතා විය.

අද අප දකිනා බොහෝ අම්බලම් මහනුවර යුගය හා සම්බන්ධය. එම අම්බලම්හි මහනුවර යුගයේ කැටයම් කලාව සහ ගොඩනැගිලි කලාව නොයෙක් ආකාරයෙන් භාවිතා වූ අයුරු දැකගත හැක. මහනුවර යුගයට පසු සෑදූ අම්බලම්ද තැනින් තැන දැකගත හැක. මෙම අම්බලම් බොහෝවිට උපයෝගීතා වටිනාකම පමණක් සලකා ගොඩනගා ඇත. ඒවායේ කලාත්මක භාවය බෙහවින් අඩුය.

ගම්පහ දිස්ත්‍රික්කයේ බියගම – කොට්ටුන්න මාර්ගයට යාබදව ගොඩ නංවා ඇති කොට්ටුන්න අම්බලම එවන් අම්බලමකි.

⚙️ [Google Ad 01 -SI]

කලාත්මක අගයෙන් තොර මෙම අම්බලම ගඩොල් හා බදාමයෙන් නිමකොට ඇත. සම සතරැස් ලෙස සාදා විශාල කණු 4ක් මත වහලය රඳවා ඇත. බිත්ති කෙටිය. වහලය මහනුවර යුගයේ අම්බලම් ක්‍රමයට මද්‍යයේ ඇති මඩොල් කුරුපාව ලෙස හඳුන්වන ලී ඇනයට පරාළ 8ක් සම්බන්ධ කොට හරස් බාල්ක භාවිතා නොකොට සදා ඇත. සාමාන්‍යයෙන් මඩොල් කුරුපාවේ සරල ලෙස කැටයම් කල නෙළුම් මලක් දැකිය හැකිය. නමුත් මෙහි එවන් කැටයමක් හෝ නොපවතී. මඩොල් කුරුපාවේ ආරක්ෂාවට කැණිමඩල මුදුනේ රඳවන මැටි කොත වෙනුවල මැටි හට්ටියක් භාවිතා කොට ඇති බව පෙනේ. වහලය සිංහල උළු භාවිතයෙන් සෙවිළි කොට ඇත.

බියගම – කොට්ටුන්න මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීමේදී වරින් වර උස් කිරීම නිසා මෙම අම්බලම පවතින්නේ පොලොව මට්ටමෙන් පහතය. නිසි නඩත්තුවක් නොමැති බැවින් ගරා වැටෙමින් පවතී.

බියගම කොට්ටුන්න අම්බලම සිතියම

ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් විවෘත කිරීමට පහත බොත්තම් භාවිතා කරන්න –
.

ඉහල සිතියමේ මෙම ස්ථානය පමණක් නොව කිලෝමීටර 20ක් ඇතුලත තවත් වැදගත් ස්ථාන ලකුණු වී ඇත. මේ ස්ථාන බැලීමට සිතියම කුඩා කර බලන්න. වැඩි විස්තර සඳහා අවශ්‍ය ස්ථානය මතට මුසිකය ගෙනයන්න. එසේ නැතිනම් click කරන්න.

ගූගල් සිතියම වෙනත් ස්ථාන වලට චලනය කර ගෙනයාමෙන් එම ප්‍රදේශයේ වැදගත් ස්ථාන බලාගත හැක.

කොට්ටුන්න අම්බලම රියදුරු දිශාවන්

කඩුවෙල සිට කොට්ටුන්න අම්බලම දක්වා
හරහා : බියගම – කොට්ටුන්න මාර්ගය
මුළු දුර : කිලෝමීටර් 2.5
ගතවන කාලය : විනාඩි 5
ගත කිරිය යුතු කාලය : විනාඩි 10-15 පමණ
රියදුරු දිශාවන් : ගූගල් සිතියමේ බලන්න
⚙️ [Google Ad 02 (bottom)]

© www.amazinglanka.com

Kovils (1) අම්බලම (57) ආකර්ෂණ (9) ආසනඝර (7) ඉතිහාසය (0) උණුදිය උල්පත් (1) උරුමය (303) ඓතිහාසික උරුම ලිපි (3) ඓතිහාසික සිදුවීම් (1) කුළුදාගේ (1) ගිරි සෙල්ලිපි (8) ටැම්පිට විහාර (41) දිය ඇලි (4) දූපත් (1) දෙතිස් ඵල බෝධින් (5) දේවාල (2) පබ්බත විහාර (3) පර්වත චිත්‍ර (2) ප්‍රදීපාගාර (1) ප්‍රාග් ඉතිහාස ලිපි (1) ප්‍රාග් ඓතිහාසික (6) පාලම් (3) පුරාණ අමුණු (14) පුවරු හා ටැම් ලිපි (9) බලකොටු (11) මීටර 20-29 (1) මීටර 30-39 (1) යාල තුල නටබුන් (6) ලිපි (2) වනජීවී (2) වනජීවී ලිපි (1) වාරි කර්මාන්ත (27) වැව් හා ජලාශ (15) සංචාරක ආකර්ෂණ (14) ස්මාරක (4) සුසාන භූමි (5)

z Jaffna 3 (4) අනුරාධපුර දිස්ත්‍රික්කය (42) අනුරාධපුර රාජධානිය (5) අම්පාර දිස්ත්‍රික්කය (7) කළුතර දිස්ත්‍රික්කය (5) කෑගල්ල දිස්ත්‍රික්කය (31) කිලිනොච්චි දිස්ත්‍රික්කය (3) කුරුණෑගල දිස්ත්‍රික්කය (25) කොළඹ දිස්ත්‍රික්කය (3) ගම්පහ දිස්ත්‍රික්කය (5) ගාල්ල දිස්ත්‍රික්කය (6) ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය (47) නුවරඑළිය දිස්ත්‍රික්කය (5) පුත්තලම දිස්ත්‍රික්කය (5) පොළොන්නරුව දිස්ත්‍රික්කය (14) පොළොන්නරුව රාජධානිය (7) බදුල්ල දිස්ත්‍රික්කය (3) මඩකලපුව දිස්ත්‍රික්කය (2) මන්නාරම දිස්ත්‍රික්කය (10) මන්නාරම දූපත (2) මහනුවර දිස්ත්‍රික්කය (39) මාතර දිස්ත්‍රික්කය (5) මාතලේ දිස්ත්‍රික්කය (7) මුලතිවු දිස්ත්‍රික්කය (27) මොණරාගල දිස්ත්‍රික්කය (6) යාපනය දිස්ත්‍රික්කය (16) රත්නපුර දිස්ත්‍රික්කය (10) වවුනියා දිස්ත්‍රික්කය (8) හම්බන්තොට දිස්ත්‍රික්කය (7)

Leave a Reply