ගලගෙදර යටිවාවල අම්බලම

⚙️ [Top with rating]
RATE THIS LOCATION : (2 votes, average: 4.50 out of 5)

යටිවාවල හමුවන්නේ මහනුවර දිස්ත්‍රික්කයේ හාරිස්පත්තුව ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ ගලගෙදර ප්‍රදේශයේයි.  යටිවාවල සුසාන භූමිය ඉදිරිපස ඇති පොල්වත්ත මාවත ඔස්සේ මීටර 350ක් පමණ ගමන් ගත්කල වෙල්යායක් ඉදිරිපස මෙම අම්බලම හමුවෙනවා.

මගීන්ගේ ප්‍රයෝජනය සඳහා මාර්ග අසල කරන ලද විශ්‍රාමශාලා හෙවත් ගිමන්හල අම්බලම නමින් හැඳින්වෙනවා. පුරාණයේ මේවායේ රාජරාජ මහාමාත්‍යාදීන් පවා ලැගුම් ගත්තා. අතීතයේ පයින් හා දෝලාවෙන් ගමන් ගිය මගීන් ගමන් වෙහෙස නිවීම සඳහා අම්බලමක් සැදීම මහත් ඵල ගෙනෙන කුසල් කර්මයක් ලෙස සැලකුවා. ලංකාවේ තිබෙන බෞද්ධ ප්‍රවේශය මේ සඳහා තවත් දායක වුණා. එම නිසා ප්‍රසිද්ධ මාර්ගවල සැතපුම් දෙක තුනකට ඈතින් අම්බලම් දකින්න ලැබුණු අතර බොහෝ පැරැණි ගම්වල අම්බලම් දෙක තුනක් පවා දක්නට ලැබුනා.  එමෙන්ම මෙම අම්බලම් එම ගම්මානයේ පිරිස එක්තැන් වන ස්ථානයක් ලෙසද වැදගත් උනා.

⚙️ [Google Ad 01 -SI]

මහනුවර යුගයේ සිට යටත් විජිත යුගලය අවසානය දක්වා මෙම අම්බලම් තැනීම දක්නට ලැබෙනවා. යටිවාවල අම්බලම පුරාණ මහනුවර කුරුණෑගල අතර ගමන්ගන්නන්ගේ පහසුව තකා සෑදු අම්බලමක් වීමට පුළුවන්. මෙය සදා තිබෙන්නේ ගඩොල් හා බදාමයෙන්.  සිමෙන්ති පාදමක් මත කණු සතරක් නංවා ඒමත වහලය ගොඩනංවා තිබෙනවා. එමනිසා මෙහි කලාත්මක වටිනාකමකින් යුත් නිර්මාණ දක්නට නැහැ.

පුරාණ සමාජයේ පන්ති වෙනස්කම් මෙම අම්බලම ගොඩනැගීමේදී සලකා තිබෙන බව පෙනෙනවා. අම්බලම තුල හිඳ ගැනීමට එය වටා කෙටි බිත්ති සාදා තිබෙනවා. මෙහි ඇතුල්වීමට ඇති දොරටුව දෙපස බිත්තිය ඒවටා ඇති බිත්ති අතර කොටම බිත්තියයි. එම උසින්ම වම්පස බිත්තිය ගොඩනගා තිබෙනවා. අම්බලමේ පිටුපස බිත්තිය අඟල් 4ක් පමණ උසින් සාදා තිබෙනවා. අම්බලමේ දකුණුපස  බිත්තිය පිටුපස බිත්තියට වඩා තවත් අඟල් 4ක් පමණ උසින් සාදා තිබෙනවා. මෙය අම්බලමේ උසින් වැඩිම බිත්තියයි.  සමාජයේ උස් හෝ පහත් ලෙස සම්මත වූ නොයෙක් තරාතිරමේ පුද්ගලයන් සඳහා නොයෙක් උසින් ආසන සෑදීම එකළ සමාජයේ පොදු ලක්ෂණයක් උනා.

සම්බන්ධ වෙනත් පිටු

ගලගෙදර යටිවාවල අම්බලම සිතියම

ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් විවෘත කිරීමට පහත බොත්තම් භාවිතා කරන්න –
.

ඉහල සිතියමේ මෙම ස්ථානය පමණක් නොව කිලෝමීටර 20ක් ඇතුලත තවත් වැදගත් ස්ථාන ලකුණු වී ඇත. මේ ස්ථාන බැලීමට සිතියම කුඩා කර බලන්න. වැඩි විස්තර සඳහා අවශ්‍ය ස්ථානය මතට මුසිකය ගෙනයන්න. එසේ නැතිනම් click කරන්න.

ගූගල් සිතියම වෙනත් ස්ථාන වලට චලනය කර ගෙනයාමෙන් එම ප්‍රදේශයේ වැදගත් ස්ථාන බලාගත හැක.

ගලගෙදර යටිවාවල අම්බලම රියදුරු දිශාවන්

මහනුවර සිට යටිවාවල අම්බලම දක්වා
හරහා :කටුගස්තොට
මුළු දුර :කිලෝමීටර 7
ගතවන කාලය  : විනාඩි 20-25
ගතකල යුතු කාලය : විනාඩි 15  පමණ
රියදුරු දිශාවන් : ගූගල් සිතියමේ බලන්න
⚙️ [Google Ad 02 (bottom)]

© www.amazinglanka.com

Kovils (1) අම්බලම (57) ආකර්ෂණ (9) ආසනඝර (7) ඉතිහාසය (0) උණුදිය උල්පත් (1) උරුමය (303) ඓතිහාසික උරුම ලිපි (3) ඓතිහාසික සිදුවීම් (1) කුළුදාගේ (1) ගිරි සෙල්ලිපි (8) ටැම්පිට විහාර (41) දිය ඇලි (4) දූපත් (1) දෙතිස් ඵල බෝධින් (5) දේවාල (2) පබ්බත විහාර (3) පර්වත චිත්‍ර (2) ප්‍රදීපාගාර (1) ප්‍රාග් ඉතිහාස ලිපි (1) ප්‍රාග් ඓතිහාසික (6) පාලම් (3) පුරාණ අමුණු (14) පුවරු හා ටැම් ලිපි (9) බලකොටු (11) මීටර 20-29 (1) මීටර 30-39 (1) යාල තුල නටබුන් (6) ලිපි (2) වනජීවී (2) වනජීවී ලිපි (1) වාරි කර්මාන්ත (27) වැව් හා ජලාශ (15) සංචාරක ආකර්ෂණ (14) ස්මාරක (4) සුසාන භූමි (5)

z Jaffna 3 (4) අනුරාධපුර දිස්ත්‍රික්කය (42) අනුරාධපුර රාජධානිය (5) අම්පාර දිස්ත්‍රික්කය (7) කළුතර දිස්ත්‍රික්කය (5) කෑගල්ල දිස්ත්‍රික්කය (31) කිලිනොච්චි දිස්ත්‍රික්කය (3) කුරුණෑගල දිස්ත්‍රික්කය (25) කොළඹ දිස්ත්‍රික්කය (3) ගම්පහ දිස්ත්‍රික්කය (5) ගාල්ල දිස්ත්‍රික්කය (6) ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය (47) නුවරඑළිය දිස්ත්‍රික්කය (5) පුත්තලම දිස්ත්‍රික්කය (5) පොළොන්නරුව දිස්ත්‍රික්කය (14) පොළොන්නරුව රාජධානිය (7) බදුල්ල දිස්ත්‍රික්කය (3) මඩකලපුව දිස්ත්‍රික්කය (2) මන්නාරම දිස්ත්‍රික්කය (10) මන්නාරම දූපත (2) මහනුවර දිස්ත්‍රික්කය (39) මාතර දිස්ත්‍රික්කය (5) මාතලේ දිස්ත්‍රික්කය (7) මුලතිවු දිස්ත්‍රික්කය (27) මොණරාගල දිස්ත්‍රික්කය (6) යාපනය දිස්ත්‍රික්කය (16) රත්නපුර දිස්ත්‍රික්කය (10) වවුනියා දිස්ත්‍රික්කය (8) හම්බන්තොට දිස්ත්‍රික්කය (7)