අළුත්දිවුල්වැව පුරාණ ටැම්පිට විහාරය

RATE THIS LOCATION :1 Star2 Stars3 Stars4 Stars5 Stars (4 votes, average: 2.50 out of 5)
Loading...
Aluthdivulwewa Purana Tampita Viharaya - අළුත්දිවුල්වැව පුරාණ ටැම්පිට විහාරය
Aluthdivulwewa Purana Tampita Viharaya – අළුත්දිවුල්වැව පුරාණ ටැම්පිට විහාරය

අළුත්දිවුල්වැව  ටැම්පිට විහාරය තිබෙන්නේ අද ශ්‍රී ජයසුමහාරාමය නමින් හඳුන්වන විහාරස්ථානයේ. මෙම විහාරය පිහිටා තිබෙන්නේ පුරාණ දිවුල් වැව වැව්බැම්ම සමීපයේ සුන්දර බිම් කඩක.  මෙම විහාරය නවීකරණය වී ඇතත්, පුරාන ටැම්පිට විහාරය එලෙසම පවතිනවා.

ජනප්‍රවාදයට අනුව දිවුල් වැව  ඉදිකර ඇත්තේ පළවන  සියවසේ වසභ රජතුමා (65-109) විසිනුයි. එබැවින් මෙම විහාරස්ථානයද  එම කාලයටම අයත් බව විශ්වාස කරනවා.

මෙහි පවතින ටැම්පිට විහාරය නුවර යුගයේ කරනලද බව විශ්වාසයයි. ටැම්පිට විහාර යනු ශිලාමය ස්ථම්බ  මත දැව  රාමුවක් රඳවා ඒ මත සාදනලද විහාරයි. කලාතුරකින් ශිලාමය ස්ථම්බ වෙනුවන්ට දැව කණු භාවිතයද දැක ගන්න පුළුවන්. මෙම ටැම්පිට විහාර නුවර යුගයේ ප්‍රචලිත වූ  ගෘහ නිර්මාණ විශේෂයක්.

අලුත්දිවුල්වැව ටැම්පිට විහාරයේ ඇතුල්වන දොරටුවේ දොරටුපාල පිළිම දෙකෙන් එකක් විනාශ වෙලා ඉතිරිව ඇත්තේ එකක් පමණයි. පිටබිත්ති සුදු පිරියම් කොට තිබෙනවා. ඇතුලත බිත්ති චිත්‍ර නුවර යුගයේ සම්ප්‍රදායට ඇඳ තිබෙනවා. අවාසනාවකට බොහෝ චිත්‍ර නිසි නඩත්තුවක් නොමැති කමින් විනාශ වෙමින් පවතිනවා. ඇතුලත පිළිම 3ක් පමණක් අද ඉතිරව තිබෙනවා.

වසර 1979 පුරා විද්‍යා වාර්තාවේ මෙම ටැම්පිට විහාරය පරික්ෂාවට ලක්කලබව සඳහන් වෙනවා. ඊට අමතරව ටැම්පිට විහාරය පසුපස තිබෙන දිවුල් වැව ජලාශයේ වැව් බැම්ම ඔස්සේ ගොස් එය පසුකොට විට හමුවන හේන් කුඹුරු පිටුපස ඇති වනලහැබේ තරමක විශාල පැරණි ගොඩනැගිල්ලක ගල්කණු හමුවු බව සඳහන් කොට තිබෙනවා.

අනුරාධපුරයේ සිට මිහින්තලේ හරහා කහටගස්දිගිලිය දෙසට යන මාර්ගයේ කිලෝමීටර 20ක් පමණ ගමන් කරන විට ගලෙන්බිඳුනවැව  දෙසට යන මාර්ගය හමුවෙනවා. මෙම මාර්ගයේ ගලෙන්බිඳුනවැව පසුකොට කිලෝමීටර 7ක් පමණ දුරින් අලුත්දිවුල්වැව පවතිනවා.  හබරණ සිට මෙම විහාරයට යනවානම් කිලෝමීටර 37ක් පමණ ගමන් කල යුතුයි.

ආශ්‍රිත ග්‍රන්ථ හා ලිපි

  • De Silva, R. and Karunaratne, W., n.d. Administration Report of the Archaeological Commissioner for the year 1979. 1st ed. Colombo: Department of the Government Printing, p.43.

සම්බන්ධ වෙනත් පිටු

අළුත්දිවුල්වැව පුරාණ ටැම්පිට විහාරය සිතියම

ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් විවෘත කිරීමට පහත බොත්තම් භාවිතා කරන්න –
.

ඉහල සිතියමේ මෙම ස්ථානය පමණක් නොව කිලෝමීටර 20ක් ඇතුලත තවත් වැදගත් ස්ථාන ලකුණු වී ඇත. මේ ස්ථාන බැලීමට සිතියම කුඩා කර බලන්න. වැඩි විස්තර සඳහා අවශ්‍ය ස්ථානය මතට මුසිකය ගෙනයන්න. එසේ නැතිනම් click කරන්න.

ගූගල් සිතියම වෙනත් ස්ථාන වලට චලනය කර ගෙනයාමෙන් එම ප්‍රදේශයේ වැදගත් ස්ථාන බලාගත හැක.

අළුත්දිවුල්වැව පුරාණ ටැම්පිට විහාරය රියදුරු දිශාවන්

අනුරාධපුර සිට අළුත්දිවුල්වැව පුරාණ ටැම්පිට විහාරය දක්වා

හරහා : මිහින්තලේ – ගලෙන්බිඳුනවැව
මුළු දුර : කිලෝමීටර් 47
ගතවන කාලය : පැය  1 
ගත කිරිය යුතු කාලය : විනාඩි 30  පමණ 
රියදුරු දිශාවන් : ගූගල් සිතියමේ බලන්න

© www.amazinglanka.com