මාරස්සන දෙහල්කඩ අම්බලම

RATE THIS LOCATION :1 Star2 Stars3 Stars4 Stars5 Stars (2 votes, average: 4.50 out of 5)
Loading...

මහනුවර සිට තැන්නේකුඹුර – ගුරුදෙනිය හරහා හාරගම සිට මාරස්සන මාර්ගයේ මාරස්සන පසුකර කිලෝමීටර 7ක් දුරින් දෙහල්කඩ හන්දියේදී  අම්බලම හමුවනවා.

මෙම අම්බලම සාදා තිබෙන්නේ කබොක් ගලෙන් හා බදාමයෙන්. මෙහි නිර්මාණය අනෙකුත් අම්බලම් වලට වඩා වෙනස් බවක් දක්වනවා. මෙහි බිත්ති කෝනාකාරව කොන් සතරට එක්වන ලෙසට සාදා තිබෙනවා. අම්බලමේ විශාලත්වය හේතුවෙන් එහිදෙපැත්තේ  හා පිටුපසින් බිත්ති මැදින් කණු තුනක් වහලයේ බර දැරීමට එකතු කර තිබෙනවා. ඉදිරිපස හා පසු බිත්තියේ මගීන් සඳහා ආසන සාදා තිබෙනවා.

මගීන්ගේ ප්‍රයෝජනය සඳහා මාර්ග අසලකරන ලද විශ්‍රාමශාලා හෙවත් ගිමන්හල අම්බලම නමින් හැඳින්වෙනවා. පුරාණයේ මේවායේ රාජරාජ මහාමාත්‍යාදීන් පවා ලැගුම් ගත්තා. අතීතයේ පයින් හා දෝලාවෙන් ගමන් ගිය මගීන් ගමන් වෙහෙස නිවීම සඳහා අම්බලමක් සැදීම මහත් ඵල ගෙනෙන කුසල් කර්මයක් ලෙස සැලකුවා. ලංකාවේ තිබෙන බෞද්ධ ප්‍රවේශය මේ සඳහා තවත් දායක වුණා. එම නිසා ප්‍රසිද්ධ මාර්ගවල සැතපුම් දෙක තුනකට ඈතින් අම්බලම් දකින්න ලැබුණු අතර බොහෝ පැරැණි ගම්වල අම්බලම් දෙක තුනක් පවා දක්නට ලැබුනා.  ඒ එක්කම මෙම අම්බලම් එම ගම්මානයේ පිරිස එක්තැන් වන ස්ථානයක් ලෙසද වැදගත් උනා.

ඇතැම් අම්බලම් ඉතා විශිෂ්ට ලෙසින් කැටයම් කරලා තිබුණා. බොහෝ විට අම්බලම් ගොඩනැගුවේ රාජ  අනුග්‍රහය යටතේ හෝ ප්‍රාදේශීය ප්‍රභූවරුන්ගේ අනුග්‍රහයෙන්. එම නිසා මෙම අම්බලම්වල විශාලත්වය හා කලා නිර්මාණ අනුග්‍රහය දුන් පුද්ගලයන්ගේ වත්පොහොසත්කම් අනුව වෙනස් උනා.

අද මෙම අම්බලමේ වහලය සෙවිලි කර තිබෙන්නේ ටකරන් තහඩුවෙන්. මෙම වහලය මුල් කාලයේ කෙසේ තිබුණාදැයි කීමට අපහසුයි. දෙහල්කඩ අම්බලම දැන් පවතින්නේ ගරා වැටෙමින්. ගොඩනැගිල්ල වටා වල්වැදී ඇති අතර බදාම තැනින් තැන ගැලවෙමින් පවතිනවා.

සම්බන්ධ වෙනත් පිටු

මාරස්සන දෙහල්කඩ අම්බලම සිතියම

ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් විවෘත කිරීමට පහත බොත්තම් භාවිතා කරන්න –
.

ඉහල සිතියමේ මෙම ස්ථානය පමණක් නොව කිලෝමීටර 20ක් ඇතුලත තවත් වැදගත් ස්ථාන ලකුණු වී ඇත. මේ ස්ථාන බැලීමට සිතියම කුඩා කර බලන්න. වැඩි විස්තර සඳහා අවශ්‍ය ස්ථානය මතට මුසිකය ගෙනයන්න. එසේ නැතිනම් click කරන්න.

ගූගල් සිතියම වෙනත් ස්ථාන වලට චලනය කර ගෙනයාමෙන් එම ප්‍රදේශයේ වැදගත් ස්ථාන බලාගත හැක.

මාරස්සන දෙහල්කඩ අම්බලම රියදුරු දිශාවන්

මහනුවර සිට මාරස්සන දෙහල්කඩ අම්බලම දක්වා
හරහා : තැන්නේකුඹුර – ගුරුදෙනිය – හාරගම – මාරස්සන
මුළු දුර :කිලෝමීටර 24
ගතවන කාලය  : විනාඩි 45
ගතකල යුතු කාලය : විනාඩි 15-30 පමණ
රියදුරු දිශාවන් : ගූගල් සිතියමේ බලන්න

© www.amazinglanka.com

Leave a Reply