Siyambaladamana Megalitic Burial Grounds

සියඹලාදමන මෙගලතික සුසාන භූමිය

රූස්ස ගස් වලින් පිරි වන අලින් ගැවසෙන ප්‍රාදේශයක හුදකලාව සියඹලාදමන මෙගලතික සොහොන් පරිශ්‍රය පිහිටා ඇත.මෙම ස්ථානයට ආසන්නයෙන් යාං ඔය ගලා බසි. එම නිසා එළඹිය හැකි නිගමනය වන්නේ යාං ඔය නිම්නයේ පිහිටි පැරණි ජනාවාසයක් මෙම ස්ථානය ආසන්නයේ පිහිටා තිබෙන්නට ඇති බවයි.ස්වභාවික හා මානව ක්‍රියාකාරකම් වලට අවම වශයෙන් ලක්ව ඇති නිසා මෙම සොාහොන් පරිශ්‍රය ඉතා හොදින් දක්නට ලැබේ.සුසාන ගර්භ 16 ක් පමණ අක්කර 03 ක පමණ භූමියක පිහිටා ඇත.

Read More
කළුඑබේ පුරාවිද්‍යා නටබුන් - Kaluebe Archaeology Site

කළුඑබේ පුරාවිද්‍යා නටබුන්

කළුඑබේ පුරාවිද්‍යා ස්ථානය උතුරු මැද පළාතේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ කැකිරාව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ අංක 607 කීරීයගස්වැව ග්‍රාම නිලධාරි වසමේ කීරීයගස්වැව ගම්මානයේ ශේෂ කන්දක් මත මෙම පුරාවිද්‍යා ස්ථානය පිහිටා ඇත.

Read More
Cobra guard stone found near Nachchaduwa Wewa Reservoir (Photo courtesy - Ms. Badra Kamaladasa)

නාච්චදූව වැව නොහොත් සතුටු දූව

හෙන්රි පාකර් මහතාගේ මතය නාච්චදූව වැව මහසෙන් රජතුමා ඉදි කළ මහාදාර ගල්ල වැව විය හැකි බවයි. තවත් ඉතිහාසඥයින් මෙය දෙවන මොග්ගල්ලාන (ක්‍රිව 535-555) කාලය තුළ ඉදි කර බව යැයි සැලකෙන පට්ටපාසාන වාපී වැව විය හැකි යයි යෝජනා කර ඇත. ධාතුසේන රජතුමාගේ සමය තුළ ඉදි කළ නන්දිවාපී වැව මෙය විය හැකි යයි තවත් මතයකි.

Read More
Wahalkada Wewa : වාහල්කඩ වැව

බෑන සමුද්‍රය හෙවත් වාහල්කඩ වැව

මූලාරම්භය පිලිබද නිශ්චිත තොරතුරු නොමැති වුවද, මහසෙන් රජතුමා (ක්‍රි පූ 234-301) විසින් කරවන ලදැයි සැලකෙන සොලොස් මහා වැව් අතර සඳහන් වීරවාපී වැව, වත්මන් වාහල්කඩ වැව ලෙස ලෙස ඇතැම්හු සලකති. සිරිවලහස්ස වැව ලෙස ද එය හැඳින්වුනු බව ඉතිහාසයේ සඳහන් වේ. එක්තරා අතීත වකවානුවක දී පදවිය වැව ලංකාවේ විශාල ම ජලාශය වූ විට එය මහා සාගරය ලෙසටත් ඊට නුදුරින් වූ වාහල්කඩ ජලාශය බෑණ සමූද්‍රය ලෙසටත් හැඳින්වූ බව පුරාවෘත්ත වල සඳහන් ය.

Read More
පරණ මැදවච්චිය රන්මඩුව රජමහා විහාරය - Old Medawachchiya Ranmaduwa Rajamaha Viharaya

පරණ මැදවච්චිය රන්මඩුව රජමහා විහාරය

අනුරාධපුර මුල් යුගයට අයත් දා ගැබක් සහිත නටබුන් පිහිටි ස්ථානයකි.නිසි සංරක්ෂණයක් නොමැති කමින් වැනසි යමින් තිබෙන මෙම ස්ථානය රංමඩුව රජමහ විහාරයේ විහාරාධිපති පුජ්‍ය කන්දේගෙදර සුධම්ම හිමියන් විසින් අනවසර කැණිම් කරන්නන්ගෙන් ආරක්ෂා කරමින් රැක බලා ගනු ලබයි.

Read More
පදවිය බුද්ධංගල රජමහා විහාරය නටබුන්

පදවිය බුද්ධංගල රජමහා විහාරය නටබුන්

අප්‍රසිද්ධව පිහිටා ඇතත් මෙම පදවිය බුද්ධංගල රාජමහා විහාරයද ලක්දිවතුල ඓතිහාසිකමය වශයෙන් ඉතා වැදගත්කමක් උසුලන තවත් එක් පුරාවිද්‍යා ස්ථානයක්. මන්දයත් මෙහි ඉතිහාසය දේවානම්පියතිස්ස යුගය දක්වා විහිදෙන නිසාය.

Read More
වාහල්කඩ D4 වෙහෙරගල රජමහා විහාරය (Vahalkada D4 Veheragala Rajamaha Viharaya)

වාහල්කඩ D4 වෙහෙරගල රජමහා විහාරය (Vahalkada D4 Veheragala Rajamaha Viharaya)

වළගම්බා රාජ සමයේදී ඉදිකොටඇතැයි විශ්වාස කෙරෙන මෙම වාහල්කඩ D4 වෙහෙරගල රජමහා විහාරය 2019 වර්ෂයේදී ඉදිකරනලද විහාරස්තානයට පිවිසෙන වාහල්කඩ දොරටුව දක්මෙන්ම මෙය පුරාන විහාරස්ථානයක් බව මාහට හැඟීගියා. විහාරස්ථානයට ඇතුළුවූ පසු නූතන විහාරාංගයන්ගෙන් සමන්විත ‘විහාර භූමියක්’ දැකගන්නට පුළුවන්.

Read More
Ruins of Habagama Gal Palama

හබගම පුරාණ ගල් පාලම ගල් අමුණ නටබුණ්

හොරොව්පතාන, හබගම යාන් ඔයේ ගල් තලාවක් හරහා ඇති ගල් කණු සහ ගල් පුවරු වල නටබුන් මෙම මාර්ගයේ වැටී ඇති අනුරාධපුරයෙන් පිටවන ප්‍රධාන මාර්ගයක් පෙන්නුම් කරමින් ගඟ හරහා ඉපැරණි ගල් පාලමක් සංකේතවත් කරයි.

Read More
Mahadivulwewa Ancient Tampita Viharaya

මහදිවුල්වැව පුරාණ ටැම්පිට විහාරය

රිටිගල – ගලෙන්බිඳුණුවැව මාර්ගයේ සිට කිලෝමීටර 8 ක් පමණ ඇතුලතින් පිහිටි හුදෙකලා මහදිවුල් වැව ආසන්නව මහදිවුල්වැව පුරාණ විහාරය පිහිටා තිබේ. පාළු හා අබලන්වූ මෙම පුරාණ විහාරස්ථානය මහනුවර යුගයේ ඉදිකරන ලද ටැම්පිට විහාරයකින් සමන්විත වේ.

Read More
Ruins of Kiribath Vehera of Ancient Anuradhapura - අනුරාධපුර කිරිබත් වෙහෙර නටබුන්

අනුරාධපුර කිරිබත් වෙහෙර නටබුන්

වන්දනාකරුවන්ට ඇස නොගැටුණු කිරිබත් වෙහෙර පුරාවිද්‍යා ස්ථානය පිහිටා ඇත්තේ පූජනීය අනුරාධපුර නගරයේ විජයාරාම නටබුන් සහ මල්වතු ඔයට ඉහළින් ඇති ගල් පාලම අතර ය. අඩි 30 ක් උස සහ අඩි 425 ක වට ප්‍රමාණයකින් යුත් මෙම ස්ථූපයේ නටබුන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් අර්ධ වශයෙන් ප්‍රතිසංස්කරණය කර ඇති නමුත් වන්දනාකරුවන් පැමිණෙන්නේ කලාතුරකිනි.

Read More
Uttimaduwa

උත්තිමඩුව ආසනඝරය

උත්තිමඩුව ආසනඝරය පිහිටා ඇත්තේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ උත්තිමඩුව ගම්මානයේ ය. මෙම ස්ථානය මුලින්ම ගවේෂණය කරන ලද්දේ 1962 දී ය. මෙම ගල් ආසනය අඩි 11 අඟල් 8 ක් දිග අඩි 5 ක් පළල සහ අඩි 1 ක් පමණ ඝනකමකින් යුක්ත විය.

Read More
The large Asana and the remains of the Asanaghara at the Kalagam Vehera also known as Gal Enda Viharaya

කැබිතිගොල්ලෑව හල්මිල්ලවැටිය කලාගම් වෙහෙර

කැබිතිගොල්ලෑව පිහිටි හල්මිල්ලවැටිය කලාගම් වෙහෙර ක්‍රිස්තු පූර්ව කාලයට අයත් අතීත විහාර සංකීර්ණයකි. පුරාණයේ දකුණු ඉන්දියාවවේ අඛණ්ඩ ආක්‍රමණයන් හමුවේ අනුරාධපුර යුගයෙන් පසු ශිෂ්ඨාචාරය දකුණට සංක්‍රමණය වීමත් සමඟ සමෘද්ධිමත් වූ සිය ගණනක් වූ බෞද්ධ ආරාම දෙමළ හමුදාවන් විසින් විනාශ කරන අතර පසුව ස්වභාව ධර්මය විසින් විනාශ කෙරිණි.

Read More
About - Padaviya Tank

පදවිය වැව හා පුවරු සෙල්ලිපිය

පදවිය වැව (වැව) අනුරාධපුර රාජධානි සමයේ ඉදිකරන ලද විශාලතම වැව් වලින් එකක් වන අතර ක්‍රි.පූ. 2 වන හෝ 3 වන සියවසේදී ඉදිකරන ලදැයි සැලකේ. ආණ්ඩුකාර ශ්‍රීමත් හෙන්රි වෝඩ් (1797-1860) එය “ඉදිකොට ඇති දැවැන්තම නිර්මාණයක්” ලෙස විස්තර කළ අතර “එය ඉදිකිරීම සඳහා මිනිසුන් මිලියන ගණනක් වසර 10-15 ක් පමණ කාලයක් ගතකොට කොට තිබිය යුතුයි” යැයි ගණන් බලා තිබේ.

Read More
යාන් ඔය නිම්නයේ සැඟවුණු කොක්එබේ මෙගලිතික සුසාන භූමිය - Kokebe Megalithic Burial Grounds in Yan Oya Valley

යාන් ඔය නිම්නයේ සැඟවුණු කොක්එබේ මෙගලිතික සුසාන භූමිය

කොක්එබේ අනුරාධපුර දිස්ත්රික්කයේ කහටගස්දිගිලිය ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ දුෂ්කර ගම්මානයකි. කෝන්වැව කොක්එබේ ගම්මානයට ඇති ආසන්නම ගම්මානය වේ.

Read More
Dighapashana Cave (Sudassana Padanagaraya) of Anuradhapura Kingdom - අනුරාධපුර දීඝ පාෂාණ ලෙන (සුදස්සන පධානඝරය)

අනුරාධපුර දීඝ පාෂාණ ලෙණ (සුදස්සන පධානඝරය)

අභයගිරි ස්ථූපයට මීටර් 500 ක් පමණ බටහිරින් පිහිටි ‘සුදස්සන පධානඝරය’ ලෙස හැඳින්වෙන පාෂාණ ගුහා සංකීර්ණය ‘දීඝ පාෂාණ ලෙන්’ ලෙසද හැඳින්වේ. මෙම සංකීර්ණයේ කටාරම් සහිත ලෙන් 9 ක් ඇති අතර මෙම ස්ථානය දැන් කැණීම් හා ප්‍රතිසංස්කරණයට ලක්ව ඇත.

Read More
The Samadi Statue of Divulwewa

දිවුල්වැව ආරණ්‍යය පුරාවිද්‍යා භූමිය

දිවුල්වැව පුරාවිද්‍යා රක්ෂිතයේ සැඟවුණු ආකර්ෂණය වන්නේ අනුරාධපුරයේ සමාධි ප්‍රතිමාවේ අනුරුවක් සේ සදා ඇති ශෛලමය සමාධි බුද්ධ ප්‍රතිමාවයි. මෙම සමාධි ප්‍රතිමාව අනුරාධපුර ශෛලියට ඉතාමත් සමාන වන අතර හොඳින් සංරක්ෂණය වී තිබේ.

Read More
යාන් ඔය විලේවැව පුරාණ අමුණ - Ancient Wilewewa Amuna on Yan Oya

යාන් ඔය වන මැද සැඟවුණු විලේවැව පුරාණ අමුණ

ස්වභාවික ගල්තලාව පාදම් කොටගෙන ගොඩනඟන ලද මෙම විලේවැව අමුණ මීටර 42ක දිගින් සහ මීටර 9.5ක පමණ පළලකින් යුක්ත වේ. බැම්ම මතුපිට සම්පූර්ණයෙන්ම විනාශ වී තිබෙන බැවින් එහි උස පිළිබඳව අදහසක් ලබා ගැනීමට අපහසුය.

Read More
කොක්එබේ පුරාණ අමුණ පිහිටි ස්ථානය - The location where the Amuna at Kokebe lied

යාන් ඔය පුරාණ කොක්එබේ අමුණ

උතුරු මැද පළාතේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ කහටගස්දිගිලිය ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයට මායිම්ව මෙම අමුණ පිහිටා ඇත. දාච්චහල්මිල්ලෑව – කැකිරාව මාර්ගයේ ඊතලවැටුණුවැව ගම්මානය කෙරවලින් ගලා බසිනා යාන් ඔය හරහා මෙම පුරාණ කොක්එබේ අමුණේ සාක්ෂි දක්නට ලැබේ

Read More
යාන් ඔය නිම්නයේ පුරාණ වාහල්කඩ අමුණ - Ancient Wahalkada Amuna on Yan Oya

යාන් ඔය නිම්නයේ සැඟවුණු පුරාණ වාහල්කඩ අමුණ

අනුරාධපුරය සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයන්ට මායිම්ව වාහල්කඩ ගොවි ජනපදයේ D2 කළාපයේ සිට කිලෝමීටර 3ක් පමණ දුරින් වනාන්තරය තුල මෙම වාහල්කඩ අමුණ යාන් ඔය හරහා දැකගත හැක.

Read More
පුරාණ යකාබැම්ම අමුණ - Ancient Yakabamma Amuna on Kala Oya

යකුන් ලවා මහසෙන් රජු කලාඔය හරහා බැඳී පුරාණ යකාබැම්ම අමුණ

“මහසෙන් රජතුමා (276-303) යකුන්ගෙන් පවා වැඩ ගැනීමට සපනෙකු බවත් මෙය එවන් යකුන් ලවා බැඳි පාලමක් බැවින් එය “යකා බැඳී පාළම” ලෙස එකල ගම්මුන් හඳුන්වන බවත් වාර්තා වෙනවා.

Read More