යාන් ඔය නිම්නයේ සැඟවුණු පුරාණ වාහල්කඩ අමුණ
අනුරාධපුරය සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයන්ට මායිම්ව වාහල්කඩ ගොවි ජනපදයේ D2 කළාපයේ සිට කිලෝමීටර 3ක් පමණ දුරින් වනාන්තරය තුල මෙම වාහල්කඩ අමුණ යාන් ඔය හරහා දැකගත හැක.
අනුරාධපුරය සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයන්ට මායිම්ව වාහල්කඩ ගොවි ජනපදයේ D2 කළාපයේ සිට කිලෝමීටර 3ක් පමණ දුරින් වනාන්තරය තුල මෙම වාහල්කඩ අමුණ යාන් ඔය හරහා දැකගත හැක.
“මහසෙන් රජතුමා (276-303) යකුන්ගෙන් පවා වැඩ ගැනීමට සපනෙකු බවත් මෙය එවන් යකුන් ලවා බැඳි පාලමක් බැවින් එය “යකා බැඳී පාළම” ලෙස එකල ගම්මුන් හඳුන්වන බවත් වාර්තා වෙනවා.
පාළුමැකිච්චාව සෙල්ලිපිය අඩි 8ක් දිග හා අඩි 3½ පළල ප්‍රදේශයක් පුරා පේලි 6කින් යුක්තය. මෙහි මුල් පේලියේ 5,6 හා 7වන අක්ෂර හැර සියලු අක්ෂර පැහැදිලිය. මෙම අක්ෂර වල උස අඟල් 4 සිට 7 දක්වා පරාසයක වෙනස්වන අතර පළල අඟල් 2½ – 5 දක්වා වෙනස් වේ. මෙම ලිපිය ලියා ඇත්තේ 2වන ශතවර්ෂයේ අග භාගයට අයත් දක්ෂිණ බ්‍රාහ්මී අක්ෂරයෙන්ය.
මෙම පුරාණ ඉලුක්වැව අමුණ සම්බන්ධයෙන් ඓතිහාසික මූලාශ්‍රවල සඳහන් නොවේ. එහෙත් ජනප්‍රවාදයට අනුව කියවෙන්නේ මෙම අමුණ හුරුළු වැවට වඩා පැරණි බවයි. වර්තමානයේදී මෙම අමුණ පිහිටි ස්ථානයේම නව අමුණක් ගොඩනඟා ඇත.
බොහෝ අය නොදන්නා ඉතා දුෂ්කර ප්‍රදේශයක පිහිටා ඇති කොක්එබේ පුරාවිද්‍යා භූමිය සංරක්ෂණය කොට ඇති වටිනා ස්ථානයකි. අනුරාධපුර සිට හොරොව්පතාන මාර්ගය හරහා හෝ හබරන සිට පලුගස්වැව හරහා මෙම කොක්එබේ ගම්මානයට පිවිසිය හැකිය.
දීඝ පාෂාණයේ ලෙන් සංකීර්ණය දෙසට ඇති මාර්ගයේ පාෂාණයක් මත මෙම යුගයේ දී හමු වන ඉතා දුර්ලභ වර්ගයේ සෙල්ලිපිය, දෙමළ ගෘහපතින්ගේ සෙල්ලිපිය ලෙස මහාචාර්ය පරණවිතානයන් විසින් ලෙස නම් කොට ඇත. මෙම පාෂාණය වටා කපා ඇති කුහර පිරික්සීමෙන් මීට ඉහළින් මෙහි වහලක් තිබූ බව පෙනේ.
මෝදර ගං ආරු ගංඟාවේ, තලාව ඔය යන අතු ගංගාවෙහි මහවිලච්චිය වැව පිහිටා ඇති අතර, නටබුන්ව පවතින කුඩාවිලච්චිය, මෝදර ගං ආරුවෙහි තවත් අතු ගංඟාවක් වූ ඉට්ටිකුලම ඇල හරහා ඉඳිව ඇත. මහාවිලච්චිය ජලාශය ඉදිකර ඇත්තේ වසභ රජු (ක්‍රි.ව. 67-111) විසින් බව විශ්වාස කෙරේ.
පුරා විද්‍යා දෙපාර්තුමේන්තුවෙන් සංරක්ෂණය කරඇති මෙම ගොඩනැගිල්ල “මහ ඇලගමුව අම්බලම” ලෙස සඳහන් කොට ඇත. එම පලකයට අනුව මෙම ගොඩනැගිල්ල ගොඩනැගූ අය හෝ කාලය පිළිබඳව සාධක නොමැත. නමුත් මෙය අනුරාධපුර මුල් සමයේ සිට දුර ගමන් කල මගීන්ගේ පහසුව උදසා ගොඩනංවන අම්බලමක් ලෙස සඳහන් කොට ඇත.
රිටිගල ඌත්තුපිටිය පුරාවිද්‍යා භූමියේ ස්මාරක සංකීර්ණයේ තුළ ස්ථුප ගොඩැලි දෙකක්,ගොඩනැගිලි සාධක සහිත නටබුන් ස්ථාන පහක් පමණ දක්නට ලැබේ.මෙම ස්මාරක දැඩි ලෙස නිදන් හොරුන්ගේ ග්‍රහණයට ලක්ව ඇත.මෙම ස්ථානයේ කටාරම් කෙටු ලෙන් 10 ක් පමණ දක්නට ලැබේ. මෙම සෑම ලෙනකම පාහේ ලෙන් ලිපියක් දක්නට ලැබේ.
අලුත්දිවුල්වැව ටැම්පිට විහාරයේ ඇතුල්වන දොරටුවේ දොරටුපාල පිළිම දෙකෙන් එකක් විනාශ වෙලා ඉතිරිව ඇත්තේ එකක් පමණයි. පිටබිත්ති සුදු පිරියම් කොට තිබෙනවා. ඇතුලත බිත්ති චිත්‍ර නුවර යුගයේ සම්ප්‍රදායට ඇඳ තිබෙනවා. අවාසනාවකට බොහෝ චිත්‍ර නිසි නඩත්තුවක් නොමැති කමින් විනාශ වෙමින් පවතිනවා. ඇතුලත පිළිම 3ක් පමණක් අද ඉතිරව තිබෙනවා.
තලපත්කුලම වැව ප්‍රදේශයේ දක්නට ලැබෙන සුවිශේෂීම පුරාවස්තුව ලෙස වැවට ඉහත්තෑවේ ගලේ කොටා අැති නයිෙපන හත සහිත නාග නාගනී රෑපයයි.මෙය පැරණි වැවක හැඳින්වීමේ සලකුණුයි.ඒසේම ඉතා හෙඳ තත්වයේ බිසෝ කොටුවක් හා දැකුම් මණ්ඩපයක ලක්ෂණ සහිත ගොඩනැගිල්ලක් දක්නට ලැබේ.
අළුත් හල්මිල්ලෑව ශෛලබිම්බාරාම රජමහා විහාරය තිබෙන්නේ පදවිය වැවට කිලෝමීටර 5ක් පමණ ඊසාන දිගින්. මෙය ගොඩනංවා ඇත්තේ පුරාණ ආරාමයක් මත බව පෙනෙන්නට තිබෙනවා. මෙම විහාරය පසෙක පුරාණ පිළිම ගෙයක ණටබුන් දැකගත හැකියි.
පදවි ශ්‍රීපුර තිබෙන්නේ පදවියට කිලෝමීටර 13ක් පමණ උතුරින්. මෙම ප්‍රදේශය අනුරාධපුර රාජධානිය පැවතුන කාලයේ ශ්‍රී විභූතිය පෙන්වන නටබුන් තවමත් දැකගන්නට තිබෙනවා. කාගේවත් අවධානය යොමුනූ එක් ස්ථානයක් ඕලුගම වැව ආසන්නයේ තිබෙනවා. අවාසනාවකට මෙම ප්‍රදේශයම කුඹුරු වලින් වටවෙලා. ඉතා කුඩා ප්‍රදේශයයි නටබුන් ඉතිරිවෙලා තියෙන්නේ.
නොච්චියාගම ප්‍රදේශයේ ඓතිහාසිකව වැදගත් ඉපැරණි සිද්ධස්ථානයකි ගාලදිවුල්වැව කුරුළුපෙත්තාගල රජමහා විහාරස්ථානය (උතුරු පියංගල රජමහා විහාරය).
අනුරාධපුර යුගයේ අවසාන භාගයේ රචනා වූ ග්‍රන්ථවල මහාවිහාරයේ වූ ප්‍රධාන බුදු පිළිම ගෙයක් ගැන සඳහන් වෙතත් මේ දක්වා මහාවිහාර භූමියෙන් එකදු බුදුපිළිම ගෙයකවත් නටබුන් සොයාගෙන නොතිබිණි. ඊට ප්‍රධාන හේතුව වන්නට ඇත්තේ මෙරට බ්‍රිතාන්‍ය පාලන යුගයේදී නුවරකලාවිය පාලනය කරන මධ්‍යස්ථානය බවට අනුරාධපුරය පත් කරගැනීමෙන් පසු ශ්‍රී මහා බෝධිය අවට ප්‍රදේශය ඔවුන්ගේ පරිපාලන ගොඩනැගිලි ඉදි කිරීමට යොදාගැනීම ය.
මිහින්තලයේ යන ඔබ මිහින්තලය සහ ඒ අවට ඇති කලුදිය පොකුණ, රාජගිරි ලෙන් වැනි ස්ථාන නරඹා ඇති බවට සැකයක් නෑ.ඒත් මිහින්තලේ පූජා භූමියට ඉතා ආසන්නයේ තිබෙන පැරණි භික්ශුනී ආරාමයක් විදිහට සලකන අනුලා දේවී චෛත්‍ය බොහෝ දෙනෙකු නොදන්නවා වෙන්නට පුලුවන්.
ක්‍රිව 3වන සියවසට අයත් පදවිය දෙයියන්නේ කන්ද පුරාවිද්‍යා නටබුන් පිලිබඳව සිදුකරන ලද ගවේෂණ ඉතා විරලය. නමුත් 1969දී එල්. ඒ. ආදිත්‍ය විසින් රාජකීය ආසියාතික සංගමයේ ලංකා ශාඛාවේ සඟරාවේ ඔහු විසින් දෙයියන්නේ කන්ද පිලිබඳ කරනලද පර්යේෂණයක් පිලිබඳ වැදගත් ශාස්ත්‍රීය ලිපියක් පල කර ඇත.
ක්‍රිව 3වන සියවසට අයත් පදවිය මොරගොඩ පුරාවිද්‍යා නටබුන් අතර තැනින් තැන මතුවී තිබෙන බැමි කොටස් මෙය ආදී කාලයේදී පවුරකින් වට කරන ලද නගරයක් බව පෙන්නුම් කරනවා. සමහරවිට මෙය මුල් අනුරාධපුරය, විජිතපුරය හෝ මුල් පොලොන්නරුව මෙන් කඳවුරු නගරයක් වීමට ඉඩ තිබෙනවා.
1970 දශකයේ දී පුරාචිද්‍යා දෙපාර්තුමේන්තුවේ රාජා දසිල්වා විසින් ගුරුගල්හින්න ආශි‍්‍රත ව කැණීම් සිදු කර තිබෙන අතර එම සුසානය විද්‍යාත්මක ලෙස කාලනීර්ණය කර නොමැත. නමුත් එහි තිබෙන පූවරුවට අනුව මෙම සුසාන භූමිය ක්‍රිස්තු පූර්ව 7 වන සියවස හා ක්‍රිස්තු වර්ෂ 3 වන සියවස අතර භාවිතා කර ඇති බව සඳහන් වේ.
අනුරාධපුර කාලයේ සිට මහරහතන් වහන්සේලා වැඩිසිටි මෙම පුරාණ භුමිය තිබෙන්නේ අනුරාධපුර දිස්තිරික්කයේ පදවිය මහා වනය මැද . මෙහි එකල නම ‘පන්නභරය’ මන් යැයි මෙහි හමුවී ඇති සෙල්ලිපි වලින් සනාථ වීතීබෙනවා. මෙම ගල් කඳුවැටිය වටා කටාරම් කෙටූ ලෙන් විශාල ප්‍රමාණයක් තිබෙනවා.