
රිටිගල – ගලෙන්බිඳුණුවැව මාර්ගයේ සිට කිලෝමීටර 8 ක් පමණ ඇතුලතින් පිහිටි හුදෙකලා මහදිවුල් වැව ආසන්නව මහදිවුල්වැව පුරාණ විහාරය පිහිටා තිබේ. පාළු හා අබලන්වූ මෙම පුරාණ විහාරස්ථානය මහනුවර යුගයේ ඉදිකරන ලද ටැම්පිට විහාරයකින් සමන්විත වේ.
ටැම්පිට විහාර යනු අඩි 3-4ක් උස ගල් හෝ ලී කණු මත ඝනකම ලෑලි තට්ටුවක් අතුරා ඒමත සාදන ලද විහාර ගොඩනැගිල්ලකි. මෙම ගොඩනැගිලි බිත්ති සාමාන්‍යයෙන් කටුමැටි බිත්තියෙන් සාදා හුණු බදාම ආලේප කොට ඒමත බෞද්‍ය තේමා යටතේ සිතුවම් අඳිනු ලැබේ.
මෙහි පිළිමගෙය ඉදිකර ඇත්තේ ගොඩනැඟිල්ල වටා පටු පිලක් ඉතිරි කරමිනි. පිළිමගෙයට ඇතුල් වන දොරටුව දෙපස ද්වාරපාල ප්‍රතිමා දෙකක් වේ. අවාසනාවට මීට වසර 40 – 50 කට පමණ පෙර පිළිමගෙය සම්පූර්ණයෙන්ම ප්‍රතිසංස්කරණය කොට ඇත. කටුමැටි බිත්ති වේයන්ගෙන් හානි වී ඇති අතර එම බිත්ති නැවත පුරවා තීන්ත ආලේප කර ඇත. පිළිමද එකල ප්‍රතිස්ථාපනය කර ඇත. වර්තමානයේ හිඳි පිළිමයක් මධ්‍යයේ පිහිටා ඇති අතර විෂ්ණු හා සමන් දෙවිවරුන්ගේ පිළිම පැති බිත්තිවල පිහිටා ඇත. හිඳි පිළිමය දෙපස කුඩා රූප දෙකක් ඇඳ ඇත. වම්පස ඇත්තේ රජ කෙනෙකු සිතුවමක් වන අතර එය මහනුවර රාජධානියේ කීර්ති ශ්‍රී රාජසිංහ සිතුවම් වලට සමානකමක් දක්වයි. දකුණු පසින් සමන් දෙවියන්ගේ සිතුවමක් ඇත. පිළිමගෙය නැවත පින්තාරු කිරීමෙන් නොනැසී පවතින එකම සිතුවම් මේ දෙක බව පෙනේ.
මෙම විහාරයට ලඟාවීම සඳහා හබරණ සිට මරදන්කඩවල මාර්ගයේ කිලෝමීටර 15ක් ගමන්කොට ගලෙන්බිඳුණුවැව මාර්ගයට හැරෙන්න. මෙම මාර්ගයේ කිලෝමීටර 11 ක් ගමන් කිරීමෙන් මහදිවුල්වැව වැවට ගමන් කරන මාර්ගයට පිවිසිය හැක. මෙය දකුණට සලකුණු නොකළ බොරළු පාරකි. මෙම මාර්ගය හේන් වගාවන් හා අලින් ගැවසෙන කැලෑ රොදවල් හරහා වැටී ඇති රළු මගකි. මිනිස් පුළුටක් නොමැති මෙම පාළු මාර්ගයේ කිලෝමීටර 8ක් ගියතැන මහදිවුල්වැව වැව බැම්මට පැමිණිය හැක. මෙම විහාරස්ථානය ජලාශ බැම්මේ සිට මීටර් 200 ක් දුරින් පිහිටා ඇත.
සම්බන්ධ වෙනත් පිටු
- ශ්‍රී ලංකාවේ සම්පූර්ණ ටැම්පිට විහාර ලැයිස්තුව
- ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා ස්ථාන ලැයිස්තුව
- කිලෝමීටර 20ක් ඇතුලත ඇති වෙනත් නැරඹිය හැකි ස්ථාන
මහදිවුල්වැව ටැම්පිට විහාරයේ සිතියම
ඉහල සිතියමේ මෙම ස්ථානය පමණක් නොව කිලෝමීටර 20ක් ඇතුලත තවත් වැදගත් ස්ථාන ලකුණු වී ඇත. මේ ස්ථාන බැලීමට සිතියම කුඩා කර බලන්න. වැඩි විස්තර සඳහා අවශ්‍ය ස්ථානය මතට මුසිකය ගෙනයන්න. එසේ නැතිනම් click කරන්න.
ගූගල් සිතියම වෙනත් ස්ථාන වලට චලනය කර ගෙනයාමෙන් එම ප්‍රදේශයේ වැදගත් ස්ථාන බලාගත හැක.
මහදිවුල්වැව ටැම්පිට විහාරයට ගමන් මාර්ගය
රිටිගල සිට මහදිවුල්වැව ටැම්පිට විහාරය දක්වා මාර්ගය |
දුර : 33 km ගමන් කාලය: විනාඩි 45 යි ගත කිරීමට කාලය: විනාඩි 30 යි ධාවන උපදෙස්: ගූගල් සිතියමේ බලන්න |