පරණ මැදවච්චිය රන්මඩුව රජමහා විහාරය

⚙️ [Top with rating]
RATE THIS LOCATION : (3 votes, average: 3.33 out of 5)
Lakmal K. Baduge
By Lakmal K. Baduge

මෙම නටබුන් සහිත පුදබිම ත්‍රිකුණාමලය – පුල්මුඩේ මාර්ගයේ පරණ මැදවච්චිය ප්‍රදේශයේ පිහිටා ඇති අතර එය රංමඩුව රජමහ විහාරය ලෙස හදුන්වයි. අනුරාධපුර මුල් යුගයට අයත් දා ගැබක් සහිත නටබුන් පිහිටි ස්ථානයකි. නිසි සංරක්ෂණයක් නොමැති කමින් වැනසි යමින් තිබෙන මෙම ස්ථානය රංමඩුව රජමහ විහාරයේ විහාරාධිපති පුජ්‍ය කන්දේගෙදර සුධම්ම හිමියන් විසින් අනවසර කැණිම් කරන්නන්ගෙන් ආරක්ෂා කරමින් රැක බලා ගනු ලබයි.

2011 සැප්තැම්බර් නමවන දින අංක 1723 දරණ ගැසට් නිවේදනය ප්‍රාකාරව පුරාවස්තු ආඥාපනතේ 18 වන වගන්තියට අනුව ආරක්ෂිත ස්මාරකයක් ලෙස නම්කර ඇති මෙම පුදබිමේ ප්‍රථිමා ගෘහය සහිත ගොඩනැගිලි නටඹුන් සංකීර්ණය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අවධානයෙන් ගිලිහියාම නිසා විනාශවි යන බව සුධම්ම හිමියෝ පෙන්වා දෙයි.

⚙️ [Google Ad 01 -EN]

ස්පඨික හුණුගලින් නිර්මිත හිටි පිළිමයක් අක්‍රමවත්ව විසිර ගිය ශෛලමය කණු රැසක් පැරණි ගඩොළු පෙති උළු කැබැලි හා අඩි හත හමාරක් පමණ දිගැති අඩි තුනහමාරක් පමණ පළලැති බොරදම් යෙදු ශෛලමය මල් ආසනයක්, හිදි පිලිමයක කොටසක් හා පැරණි දා ගැබ පුදබිම තුල ඇති පැරණි නටඹුන් අතර දැකිය හැකියමෙම ස්ථානයේ පිහිටි හිටි පිළිමයේ ශිර්ෂය කදින් වෙන්ව තිබි ඇති අතර පසු කාලිනව සිමෙන්ති යොදා පාස්සා ඇති බව පෙනේ.

දකුණු අත අහිමිය දැකුම් කලු බුද්ධ ප්‍රථිමාවක් වන මෙම ප්‍රථිමාව අව්කන ප්‍රථිමාව සිහිගන්වයි. ප්‍රථිමාවේ උස අඩි හයහමාරක් පමණ වේ. සිවුරේ රැලි මනාව පෙනේ කාලයක් පුරාවට පුරාවිදයා නිලධාරින්ගේ ඇස නොගැටිමෙන් පුදබිම ගරාවැටි ගොසිනි පිළිමගෙයි ප්‍රථිමාව පසුපසට ඇලවි ගොසිනි එය කුමන හෝ ‍මොහොතක බිම පතිතව යනු ඇත.

පුද බිම අවට ශෛලමය කණු අවශේෂ විශාල වශයෙන් දැකිය හැකිය. ප්‍රථිමාවට අඩි 75 ක් පමණ දුරින් කණු පාදමක් දැකගත හැකිය. පිළිමගෙයට නැගෙනහිරින් පැරණි දා ගැබ පිහිටා ඇත. පැරණි ස්ථුපයේ ගඩොලු ස්ථුපය මත හා ඒ අවට විසිර පවති.

අඩි 8 ක් පමණ උසැති වට අඩි 150 ක් පමණ පමණ වන මෙම ස්ථුපය හා පුදබිම පිළිබදව පුරාවිද්‍යා චක්‍රවර්ති පුජ්‍යපාද එල්ලාවල මේධානන්ද හිමියන් මෙසේ සටහන් තබා තිබුණි.

“..පලන ලද ගලින් හා සක්කා ගලින් බදනා ලද බැම්මකින් අංගනය සාදා වෙහෙර ඒ මැද ගොඩ නගා ඇත. මෙහි සලපතල මළුවක්ද තිබෙන්නට ඇත. ස්ථුපය පාමුල අඩි හතහමාරක් පමණ දිගැති ශෛලමය මල් අසුනක් හා හිදි පිළිමයක කොටසක් දක්නට ලැබේ වෙහෙරට නැගෙනහිර දෙසින් ආරාමයේ සිමාව හැටියට සැළකිය හැකි සකස් නොකල ගලින් සාදන ලද ගල් බැම්මක ශේෂ අඩි 150 ක් පමණ දුරට විහිද තිබේ එහි දකුණු කොටසේ වසර 100 ක් පමණ පැරණි අරටුව සහිත විශාල අරලිය උයනක් දැකිය හැකිය. මෙම බැම්මෙන් අඩි 40 ක් පමණ බටහිරට වන්නට කරුව සහිත විශාල ගල් කණුවකි. එහි උස අඩි 7 යි අගල් 4 කි. අක්කර 15 ක බිමක් පුරා කැටගල් විසිර තිබේ..

(පුජ්‍ය එල්ලාවල මේධානන්ද හිමි, නැගෙනහිර පලාත හා උතුරු පලාතේ සිංහල බෞද්ධ උරුමය පිටු අංක 378 – 379 )

සම්බන්ධ වෙනත් පිටු

පරණ මැදවච්චිය රන්මඩුව රජමහා විහාරය සිතියම

ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් විවෘත කිරීමට පහත බොත්තම් භාවිතා කරන්න –
.

ඉහල සිතියමේ මෙම ස්ථානය පමණක් නොව කිලෝමීටර 20ක් ඇතුලත තවත් වැදගත් ස්ථාන ලකුණු වී ඇත. මේ ස්ථාන බැලීමට සිතියම කුඩා කර බලන්න. වැඩි විස්තර සඳහා අවශ්‍ය ස්ථානය මතට මුසිකය ගෙනයන්න. එසේ නැතිනම් click කරන්න.

ගූගල් සිතියම වෙනත් ස්ථාන වලට චලනය කර ගෙනයාමෙන් එම ප්‍රදේශයේ වැදගත් ස්ථාන බලාගත හැක.

පරණ මැදවච්චිය රන්මඩුව රජමහා විහාරය වෙත ගමන් දිශාවන්

අනුරාධපුර සිට පරණ මැදවච්චිය රන්මඩුව රජමහා විහාරය
හරහා : මැදවච්චිය -පදවිය
දුර : 103 km
ගමන් කාලය: පැය 2 යි
ධාවන උපදෙස් : ගූගල් සිතියමේ බලන්න
⚙️ [Google Ad 02 (bottom)]

© www.amazinglanka.com

Kovils (1) අම්බලම (57) ආකර්ෂණ (9) ආසනඝර (7) ඉතිහාසය (0) උණුදිය උල්පත් (1) උරුමය (303) ඓතිහාසික උරුම ලිපි (3) ඓතිහාසික සිදුවීම් (1) කුළුදාගේ (1) ගිරි සෙල්ලිපි (8) ටැම්පිට විහාර (41) දිය ඇලි (4) දූපත් (1) දෙතිස් ඵල බෝධින් (5) දේවාල (2) පබ්බත විහාර (3) පර්වත චිත්‍ර (2) ප්‍රදීපාගාර (1) ප්‍රාග් ඉතිහාස ලිපි (1) ප්‍රාග් ඓතිහාසික (6) පාලම් (3) පුරාණ අමුණු (14) පුවරු හා ටැම් ලිපි (9) බලකොටු (11) මීටර 20-29 (1) මීටර 30-39 (1) යාල තුල නටබුන් (6) ලිපි (2) වනජීවී (2) වනජීවී ලිපි (1) වාරි කර්මාන්ත (27) වැව් හා ජලාශ (15) සංචාරක ආකර්ෂණ (14) ස්මාරක (4) සුසාන භූමි (5)

z Jaffna 3 (4) අනුරාධපුර දිස්ත්‍රික්කය (42) අනුරාධපුර රාජධානිය (5) අම්පාර දිස්ත්‍රික්කය (7) කළුතර දිස්ත්‍රික්කය (5) කෑගල්ල දිස්ත්‍රික්කය (31) කිලිනොච්චි දිස්ත්‍රික්කය (3) කුරුණෑගල දිස්ත්‍රික්කය (25) කොළඹ දිස්ත්‍රික්කය (3) ගම්පහ දිස්ත්‍රික්කය (5) ගාල්ල දිස්ත්‍රික්කය (6) ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය (47) නුවරඑළිය දිස්ත්‍රික්කය (5) පුත්තලම දිස්ත්‍රික්කය (5) පොළොන්නරුව දිස්ත්‍රික්කය (14) පොළොන්නරුව රාජධානිය (7) බදුල්ල දිස්ත්‍රික්කය (3) මඩකලපුව දිස්ත්‍රික්කය (2) මන්නාරම දිස්ත්‍රික්කය (10) මන්නාරම දූපත (2) මහනුවර දිස්ත්‍රික්කය (39) මාතර දිස්ත්‍රික්කය (5) මාතලේ දිස්ත්‍රික්කය (7) මුලතිවු දිස්ත්‍රික්කය (27) මොණරාගල දිස්ත්‍රික්කය (6) යාපනය දිස්ත්‍රික්කය (16) රත්නපුර දිස්ත්‍රික්කය (10) වවුනියා දිස්ත්‍රික්කය (8) හම්බන්තොට දිස්ත්‍රික්කය (7)

Leave a Reply