

මෙම නටබුන් සහිත පුදබිම ත්‍රිකුණාමලය – පුල්මුඩේ මාර්ගයේ පරණ මැදවච්චිය ප්‍රදේශයේ පිහිටා ඇති අතර එය රංමඩුව රජමහ විහාරය ලෙස හදුන්වයි. අනුරාධපුර මුල් යුගයට අයත් දා ගැබක් සහිත නටබුන් පිහිටි ස්ථානයකි. නිසි සංරක්ෂණයක් නොමැති කමින් වැනසි යමින් තිබෙන මෙම ස්ථානය රංමඩුව රජමහ විහාරයේ විහාරාධිපති පුජ්‍ය කන්දේගෙදර සුධම්ම හිමියන් විසින් අනවසර කැණිම් කරන්නන්ගෙන් ආරක්ෂා කරමින් රැක බලා ගනු ලබයි.
2011 සැප්තැම්බර් නමවන දින අංක 1723 දරණ ගැසට් නිවේදනය ප්‍රාකාරව පුරාවස්තු ආඥාපනතේ 18 වන වගන්තියට අනුව ආරක්ෂිත ස්මාරකයක් ලෙස නම්කර ඇති මෙම පුදබිමේ ප්‍රථිමා ගෘහය සහිත ගොඩනැගිලි නටඹුන් සංකීර්ණය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අවධානයෙන් ගිලිහියාම නිසා විනාශවි යන බව සුධම්ම හිමියෝ පෙන්වා දෙයි.
ස්පඨික හුණුගලින් නිර්මිත හිටි පිළිමයක් අක්‍රමවත්ව විසිර ගිය ශෛලමය කණු රැසක් පැරණි ගඩොළු පෙති උළු කැබැලි හා අඩි හත හමාරක් පමණ දිගැති අඩි තුනහමාරක් පමණ පළලැති බොරදම් යෙදු ශෛලමය මල් ආසනයක්, හිදි පිලිමයක කොටසක් හා පැරණි දා ගැබ පුදබිම තුල ඇති පැරණි නටඹුන් අතර දැකිය හැකියමෙම ස්ථානයේ පිහිටි හිටි පිළිමයේ ශිර්ෂය කදින් වෙන්ව තිබි ඇති අතර පසු කාලිනව සිමෙන්ති යොදා පාස්සා ඇති බව පෙනේ.
දකුණු අත අහිමිය දැකුම් කලු බුද්ධ ප්‍රථිමාවක් වන මෙම ප්‍රථිමාව අව්කන ප්‍රථිමාව සිහිගන්වයි. ප්‍රථිමාවේ උස අඩි හයහමාරක් පමණ වේ. සිවුරේ රැලි මනාව පෙනේ කාලයක් පුරාවට පුරාවිදයා නිලධාරින්ගේ ඇස නොගැටිමෙන් පුදබිම ගරාවැටි ගොසිනි පිළිමගෙයි ප්‍රථිමාව පසුපසට ඇලවි ගොසිනි එය කුමන හෝ මොහොතක බිම පතිතව යනු ඇත.
පුද බිම අවට ශෛලමය කණු අවශේෂ විශාල වශයෙන් දැකිය හැකිය. ප්‍රථිමාවට අඩි 75 ක් පමණ දුරින් කණු පාදමක් දැකගත හැකිය. පිළිමගෙයට නැගෙනහිරින් පැරණි දා ගැබ පිහිටා ඇත. පැරණි ස්ථුපයේ ගඩොලු ස්ථුපය මත හා ඒ අවට විසිර පවති.
අඩි 8 ක් පමණ උසැති වට අඩි 150 ක් පමණ පමණ වන මෙම ස්ථුපය හා පුදබිම පිළිබදව පුරාවිද්‍යා චක්‍රවර්ති පුජ්‍යපාද එල්ලාවල මේධානන්ද හිමියන් මෙසේ සටහන් තබා තිබුණි.
“..පලන ලද ගලින් හා සක්කා ගලින් බදනා ලද බැම්මකින් අංගනය සාදා වෙහෙර ඒ මැද ගොඩ නගා ඇත. මෙහි සලපතල මළුවක්ද තිබෙන්නට ඇත. ස්ථුපය පාමුල අඩි හතහමාරක් පමණ දිගැති ශෛලමය මල් අසුනක් හා හිදි පිළිමයක කොටසක් දක්නට ලැබේ වෙහෙරට නැගෙනහිර දෙසින් ආරාමයේ සිමාව හැටියට සැළකිය හැකි සකස් නොකල ගලින් සාදන ලද ගල් බැම්මක ශේෂ අඩි 150 ක් පමණ දුරට විහිද තිබේ එහි දකුණු කොටසේ වසර 100 ක් පමණ පැරණි අරටුව සහිත විශාල අරලිය උයනක් දැකිය හැකිය. මෙම බැම්මෙන් අඩි 40 ක් පමණ බටහිරට වන්නට කරුව සහිත විශාල ගල් කණුවකි. එහි උස අඩි 7 යි අගල් 4 කි. අක්කර 15 ක බිමක් පුරා කැටගල් විසිර තිබේ..
(පුජ්‍ය එල්ලාවල මේධානන්ද හිමි, නැගෙනහිර පලාත හා උතුරු පලාතේ සිංහල බෞද්ධ උරුමය පිටු අංක 378 – 379 )
සම්බන්ධ වෙනත් පිටු
පරණ මැදවච්චිය රන්මඩුව රජමහා විහාරය සිතියම
ඉහල සිතියමේ මෙම ස්ථානය පමණක් නොව කිලෝමීටර 20ක් ඇතුලත තවත් වැදගත් ස්ථාන ලකුණු වී ඇත. මේ ස්ථාන බැලීමට සිතියම කුඩා කර බලන්න. වැඩි විස්තර සඳහා අවශ්‍ය ස්ථානය මතට මුසිකය ගෙනයන්න. එසේ නැතිනම් click කරන්න.
ගූගල් සිතියම වෙනත් ස්ථාන වලට චලනය කර ගෙනයාමෙන් එම ප්‍රදේශයේ වැදගත් ස්ථාන බලාගත හැක.
පරණ මැදවච්චිය රන්මඩුව රජමහා විහාරය වෙත ගමන් දිශාවන්
අනුරාධපුර සිට පරණ මැදවච්චිය රන්මඩුව රජමහා විහාරය |
හරහා : මැදවච්චිය -පදවිය දුර : 103 km ගමන් කාලය: පැය 2 යි ධාවන උපදෙස් : ගූගල් සිතියමේ බලන්න |