කළුඑබේ පුරාවිද්‍යා නටබුන්

⚙️ [Top with rating]
RATE THIS LOCATION : (1 votes, average: 4.00 out of 5)

කළුඑබේ පුරාවිද්‍යා ස්ථානය උතුරු මැද පළාතේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ කැකිරාව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ අංක 607 කීරීයගස්වැව ග්‍රාම නිලධාරි වසමේ කීරීයගස්වැව ගම්මානයේ ශේෂ කන්දක් මත මෙම පුරාවිද්‍යා ස්ථානය පිහිටා ඇත.

ගමන් මාර්ගය – අනුරාධපුරයේ සිට මරදන්කඩවල දක්වා කිලෝමිටර් 36 ක් ගමන් කර මරදන්කඩවල නගරයෙන් වමට ඇති හබරණ දක්වා මාර්ගයේ කිලෝමිටර් 13 ක් පමණ පැමිණ ගලපිටගල මං සන්ධියෙන් වමට ඇති රිටිගල දකවා මාර්ගයේ රිටිගල වනජීවි කාර්යාලය පසු කර කිලෝමිටර 9 ක් පමණ පැමිණි පසු මාර්ගයේ දකුණු පසින් මෙම ස්ථානය පිහිටා ඇත.

⚙️ [Google Ad 01 -SI]

උතුරු දකුණු දිශානුගතව විහිදෙන කළුඑබේ කඳුවැටියෙහි බටහිර බෑවුමෙහි මෙම ස්මාරක සංකීර්ණය දක්නට ලැබේ.මෙම ස්ථානයේ දක්නට ලැබෙන ස්මාරකයන්ගේ නිර්මාණ ලක්ෂණ අනුව එළඹිය හැකි නිගමනය වන්නේ අනුරාධපුර යුගයේ සිට මහනුවර යුගය දක්වා නිර්මාණ ලක්ෂණ දක්නට ලැබෙන පුරාවිදයා සාධක දක්නට ලැබෙන බවයි. කළුඑබේ පුරාවිද්‍යා ස්ථානයට ආසන්නව දක්නට ලැබෙන රිටිගල,වී බැද්දහින්න පුරාවිද්‍යා ස්මාරකයන්ට සමගාමීව අතීතයේ නිර්මාණය වු පුරාවිද්‍යා ස්මාරක සංකීර්ණයක් ලෙස හඳුනාගත හැකිය.

මෙම ස්මාරක සංකීර්ණයේ පිහිටා තිබෙන කටාරම් සහිත ලෙන පුරාවිද්‍යාත්මක වශයෙන් වැදගත් ස්ථානයකි.මෙම ස්ථානය ප්‍රතිමා ගෘහයක ලක්ෂණ දක්නට ලැබේ.ලෙන් ගෙබිමේ ඉපැරණි ගඩොලින් කල බිත්ති කෙටස්,ශෛලමය උළුවහු,මල් ආසන, යුප ගලක් ආදිය දක්නට ලැබේ.මහනුවර යුගයට අයත් සක්ක ගලින් කළ බිත්ති,දාරුමය උළුවහු කඳන් දක්නට ලැබේ. ඒ අනුව එළබිය හැකි නිගමනය වන්නේ අනුරාධපුර යුගයේ නිර්මාණය කළ ප්‍රතිමා ගෘහය ගරාවැටිමෙන් පසු මහනුවර යුගයේ ප්‍රතිසංස්කරණය කර ඇති බවයි.

මෙම කඳුවැටියේ උසම ස්ථානයේ සක්ක ගලින් කළ කුඩා දාගැබක නටබුන් දක්නට ලැබේ.මීට අමතරව කඳුවැටියේ පාමුල සක්ක ගලින් කල බැම්මක් හා කණු පාදම් ගල් 4 ක් දක්නට ලැබේ.මෙම විහාරස්ථානයේ නව දාගැබ් මළුවේ හිස වෙන් වු හිටි පිළිමයක කොටසක්,යුපගලක්,ශෛලමය පීඨයක්,සිරිපතුල් ගල් හා පිළීම පාදම් දක්නට ලැබේ.

සටහන : Prabath Indika Mahagedara

සම්බන්ධ වෙනත් පිටු

කළුඑබේ පුරාවිද්‍යා නටබුන් සිතියම

ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් විවෘත කිරීමට පහත බොත්තම් භාවිතා කරන්න –
.

ඉහල සිතියමේ මෙම ස්ථානය පමණක් නොව කිලෝමීටර 20ක් ඇතුලත තවත් වැදගත් ස්ථාන ලකුණු වී ඇත. මේ ස්ථාන බැලීමට සිතියම කුඩා කර බලන්න. වැඩි විස්තර සඳහා අවශ්‍ය ස්ථානය මතට මුසිකය ගෙනයන්න. එසේ නැතිනම් click කරන්න.

ගූගල් සිතියම වෙනත් ස්ථාන වලට චලනය කර ගෙනයාමෙන් එම ප්‍රදේශයේ වැදගත් ස්ථාන බලාගත හැක.

කළුඑබේ පුරාවිද්‍යා නටබුන් ගමන් මාර්ගය

හබරණ සිට කළුඑබේ පුරාවිද්‍යා නටබුන් දක්වා
හරහා : රිටිගල
මුළු දුර : කිලෝමීටර් 20
ගතවන කාලය : විනාඩි 30
ගත කිරිය යුතු කාලය : විනාඩි 20-30  පමණ
රියදුරු දිශාවන් : ගූගල් සිතියමේ බලන්න
⚙️ [Google Ad 02 (bottom)]

© www.amazinglanka.com

Kovils (1) අම්බලම (57) ආකර්ෂණ (9) ආසනඝර (7) ඉතිහාසය (0) උණුදිය උල්පත් (1) උරුමය (303) ඓතිහාසික උරුම ලිපි (3) ඓතිහාසික සිදුවීම් (1) කුළුදාගේ (1) ගිරි සෙල්ලිපි (8) ටැම්පිට විහාර (41) දිය ඇලි (4) දූපත් (1) දෙතිස් ඵල බෝධින් (5) දේවාල (2) පබ්බත විහාර (3) පර්වත චිත්‍ර (2) ප්‍රදීපාගාර (1) ප්‍රාග් ඉතිහාස ලිපි (1) ප්‍රාග් ඓතිහාසික (6) පාලම් (3) පුරාණ අමුණු (14) පුවරු හා ටැම් ලිපි (9) බලකොටු (11) මීටර 20-29 (1) මීටර 30-39 (1) යාල තුල නටබුන් (6) ලිපි (2) වනජීවී (2) වනජීවී ලිපි (1) වාරි කර්මාන්ත (27) වැව් හා ජලාශ (15) සංචාරක ආකර්ෂණ (14) ස්මාරක (4) සුසාන භූමි (5)

z Jaffna 3 (4) අනුරාධපුර දිස්ත්‍රික්කය (42) අනුරාධපුර රාජධානිය (5) අම්පාර දිස්ත්‍රික්කය (7) කළුතර දිස්ත්‍රික්කය (5) කෑගල්ල දිස්ත්‍රික්කය (31) කිලිනොච්චි දිස්ත්‍රික්කය (3) කුරුණෑගල දිස්ත්‍රික්කය (25) කොළඹ දිස්ත්‍රික්කය (3) ගම්පහ දිස්ත්‍රික්කය (5) ගාල්ල දිස්ත්‍රික්කය (6) ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය (47) නුවරඑළිය දිස්ත්‍රික්කය (5) පුත්තලම දිස්ත්‍රික්කය (5) පොළොන්නරුව දිස්ත්‍රික්කය (14) පොළොන්නරුව රාජධානිය (7) බදුල්ල දිස්ත්‍රික්කය (3) මඩකලපුව දිස්ත්‍රික්කය (2) මන්නාරම දිස්ත්‍රික්කය (10) මන්නාරම දූපත (2) මහනුවර දිස්ත්‍රික්කය (39) මාතර දිස්ත්‍රික්කය (5) මාතලේ දිස්ත්‍රික්කය (7) මුලතිවු දිස්ත්‍රික්කය (27) මොණරාගල දිස්ත්‍රික්කය (6) යාපනය දිස්ත්‍රික්කය (16) රත්නපුර දිස්ත්‍රික්කය (10) වවුනියා දිස්ත්‍රික්කය (8) හම්බන්තොට දිස්ත්‍රික්කය (7)

Leave a Reply