හබගම පුරාණ ගල් පාලම ගල් අමුණ නටබුණ්

RATE THIS LOCATION :1 Star2 Stars3 Stars4 Stars5 Stars (1 votes, average: 5.00 out of 5)
Loading...

මීට වසර දෙදහස් දෙසියයකට පෙර ශ්‍රී ලංකාවේ පළමු සැබෑ අගනුවර වූයේ අනුරාධපුරයයි. මෙම යුගයේ ලංකාව තුල ඉතා දියුණු මහා මාර්ග පද්ධතියක්ම පැවතුනු අතර, අනුරාධපුර සිට ත්‍රිකුණාමලය, මන්නාරම, යාපනය සහ දකුණු රාජධානි දක්වා ප්‍රධාන මාර්ග පැවිතිණි. මෙම මාර්ග මගී ගමනාගමනය සඳහා පමණක් නොව වෙළඳ හා වාණිජ කටයුතු සඳහා භාණ්ඩ ප්‍රවාහනය කරන කරත්ත ද භාවිතා කරන ලදී. මාර්ග ජාලයේ දියුණුවත් සමඟ පුරාණ රජවරු ගංගා හරහා කළුගල් හා කුළුණු වලින් ශක්තිමත් පාලම් ඉදි කළහ. අනුරාධපුර අවට ඇති විවිධ පාලම්වල නටබුන් මල්වතු ඔය, හල් පෑන්ඇළ, කන්දර ඔය, යාන් ඔය, කලා ඔය සහ දැදුරු ඔය හරහා වර්තමානයේ දැකගත හැකිය.

මල්වතු ඔය සහ හල්පන් ඔය හරහා වඩාත් ජනප්‍රිය ගල් පාලම් වලට අමතරව තවත් පාලම් කිහිපයක නටබුන් සොයාගෙන ඇත. වනයෙන් යටවූ සොයා නොගත් පාලම් තවත් බොහෝ විය හැකිය.

එවැනි පෞරාණික ගල් පාලමක නටබුන් හොරොව්පතාන හබගම ගම්මානයෙන් සොයාගත හැකිය. මෙම නටබුන් පිහිටා ඇත්තේ හොරොව්පතාන පරංගියාවාඩිය පාරේ පාලමේ සිට කිලෝමීටර් 3 ක් පහළින් යාන් ඔය හරහා ය. මෙම ස්ථානයේ රළු ගල්කණු සහ පුවරු ගල් විශාල ප්‍රමාණයක් ගං ඉවුර පුරා විසිරී ඇත. මෙම කුළුණු මීටර් 2.5 – 3.0 ක් පමණ උසින් යුක්ත වන අතර පාෂාණ කුළුණු පුවරුවලට ගැලපෙන පරිදි පර්වතයට කපා ඇති කුඩුම්බි සහ කප්පිලි පැහැදිලිව දැකගත හැකිය. සමහර කුළුණු තවමත් සිරස්ව පිහිටයි. ඒවා මැදින් කැඩී ඇති අතර සමහර ඒවා මීටර් 1 ක් පමණ උසින් යුක්ත වේ. කණු මීටර 1 ක් පමණ පරතරයකින් සිටුවා ඇත. කෙසේ වෙතත් සමහර ස්ථානවල මෙය මීටර් 1.5 සිට 2 දක්වා වෙනස් වේ.

මෙම පාලම සහ අමුණ අනුරාධපුර සිට ගෝකන්ණ (ත්‍රිකුණාමලය) දක්වා වූ ප්‍රධාන මාර්ගය ඔස්සේ වැටී තිබූ අතර ගෝකන්ණ භාණ්ඩ ආනයනය හා අපනයනය කරන ප්‍රධාන වරායක් විය. අනුරාධපුරයට සහ ඉන් පිටතට භාණ්ඩ රැගෙන යන කරත්ත මෙම මාර්ගය භාවිතා කළා විය යුතුය.

කෘෂිකාර්මික කටයුතු සඳහා භාවිතා කරන ලද කුඩා කුඩා ඇළ මාර්ගවලට ජලය හරවා යැවීම සඳහා මෙම ස්ථානයේ ගල් අමුණක්ද තිබුණ තිබී ඇති බව විශ්වාස කෙරේ. මෙම අමුණ පිළිබඳව ඓතිහාසික මුලාශ්‍රයන්ගේ සඳහන් නොවුනද, ජනප්‍රවාදයේ පවතින්නේ මෙම ස්ථානයට සැතපුමක් පමණ දුරින් වම් ඉවුරේ පවතින නටබුන් බහුල බ්‍රාහ්මණයාකන්ද නම් ස්ථානයේ පිහිටි මකරයාවිල නම් විශාල පොකුණට ජලය සම්පාදනය කිරීම සඳහා මෙම අමුණ ඉදි කොට ඇති බවය. මෙහි අමුණක් පැවති බවට ප්‍රභලතම ශාක්ෂිය වන්නේ මෙම ස්ථානයට තරමක් ඉහළින් යාන් ඔයේ වම් හා දකුණු ඉවුරු ඔස්සේ කපා තිබෙන පුරාණ ඇළ මාර්ගයන්හි අවශේෂය. මෙම පුරාණ අමුණ ගල්කණු සහ හරස් ලෑලි භාවිතාකොට ඇති බව පෙනේ.

නොයෙක් විමර්ශන වාර්තා හා ආචාර්ය විතානාච්චි මහතාගේ “මධ්‍ය යාන් ඔය නිම්නයේ කොක්එබේ මෙගලිතික සුසානය ආශ්‍රිත පුරාවිද්‍යා කැනීම හා තදාශ්‍රිත ප්‍රදේශයේ පුරාණ මානව ජනාවාසකරණය.” ප්‍රකාශනයේ සඳහන් වන්නේ මෙම නටබුන් හොරොපාතාන සහ පරංගියාවාඩිය මාර්ගයේ යාන් ඔය පාලමෙන් කිලෝමීටර් 3 ක් පහළින් පිහිටා ඇති බවයි. කෙසේ වෙතත්, ආචාර්ය විතානාච්චිගේ සියලුම ප්‍රකාශන මගින් පාලමේ සිට මීටර් 500 ක් පහළින් නටබුන් තැන්පත් කර ඇති 8.52082285487, 80.859557975 යන GPS ස්ථානය සපයයි. මේ අනුව මෙය වැරැද්දක් විය හැකිය. එබැවින් පහළ ගුගල් සිතියමේ සලකුණු පාලමේ සිට කිලෝමීටර 3 ක් පහළින් සලකුණු කර ඇත.

ශ්‍රී ලංකාවේ පුරාණ ගල් පාලම් ගණනාවක් සොයාගෙන ඇත. මේවා විවිධ තත්වයේ පවතින අතර සමහර ඒවා යම් ප්‍රමාණයකට සංරක්ෂණය කර ඇත. වඩාත්ම ජනප්‍රිය ගල් පාලම වන්නේ මල්වතු ඔය හරහා ඇති පාලමයි.

  1. මල්වතු ඔය හරහා ගල් පාලම (අනුරාධපුර)
  2. හාල්පාන් ඇළ හරහා ගල් පාලම (අනුරාධපුර)
  3. මහකනදරා වැව අසල ගල් පාලම (මිහින්තලේ)
  4. ගිරිහඬු සෑය අසළ ගල් පාලම (තිරියාය)
  5. කයන්කේනි වන්නඩි ගල් පාලම (නැගෙනහිර පළාත)
  6. හබගම ගල් පාලම හා අමුණ
  7. යාන්ඔය ගල් පාලම
  8. වැලිඇල මංකඩ පුරාණ ගල් පාලම
  9. තිඹිරිපොකුණ පාලම්ගල ගල් පාලම හා අමුණ
  10. අලුබැද්ද ගල් පාලම හා අමුණ
  11. පලුගස්වැව ගල් පාලම
  12. තිරප්පනේ ගල් පාලම
  13. එබවලපිටිය ගල් පාලම
  14. තුලාවෙල්ලිය ගල් පාලම

මුලාශ්‍ර

  • විතානාච්චි, ච. රෝ. සහ මෙන්ඩිස්, ඩී. තු. , 2017. මධ්‍ය යාන් ඔය නිම්නයේ කොක්එබේ මෙගලිතික සුසානය ආශ්‍රිත පුරාවිද්‍යා කැනීම හා තදාශ්‍රිත ප්‍රදේශයේ පුරාණ මානව ජනාවාසකරණය. 1st ed. මිහින්තලේ: ශ්‍රී ලංකා රජරට විශ්ව විද්‍යාලය.
  • පුරාණ ශ්‍රී ලංකාවේ ශෛලමය පාලම් නිර්මාණ කිහිපයක් සහ එහි තාක්ෂණය පිලිබඳ මූලික විමසුමක් – ආචාර්ය චන්දන රෝහණ විතානාච්චි
  • මධ්‍ය යාන්ඔය නිම්නයේ වාරි පුරාවිද්‍යාව – චන්දන රෝහණ විතානාච්චි
    Journal of Archaeology and Heritage Studies 2015

සම්බන්ධ වෙනත් පිටු

හබගම ගල් පාලමේ නටබුන් සිතියම

ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් විවෘත කිරීමට පහත බොත්තම් භාවිතා කරන්න –
.

ඉහල සිතියමේ මෙම ස්ථානය පමණක් නොව කිලෝමීටර 20ක් ඇතුලත තවත් වැදගත් ස්ථාන ලකුණු වී ඇත. මේ ස්ථාන බැලීමට සිතියම කුඩා කර බලන්න. වැඩි විස්තර සඳහා අවශ්‍ය ස්ථානය මතට මුසිකය ගෙනයන්න. එසේ නැතිනම් click කරන්න.

ගූගල් සිතියම වෙනත් ස්ථාන වලට චලනය කර ගෙනයාමෙන් එම ප්‍රදේශයේ වැදගත් ස්ථාන බලාගත හැක.

හබගම ගල් පාලමේ නටබුන් වෙත ගමන් දිශාවන්

හොරොව්පොතාන සිට හබගම ගල් පාලමේ නටඹුන් දක්වා මාර්ගය
දුර : 4 km
ගමන් කාලය: විනාඩි 30 යි
ගත කිරීමට කාලය: විනාඩි 30 සිට පැය 1 දක්වා
ධාවන උපදෙස්: ගූගල් සිතියම් මත බලන්න

© www.amazinglanka.com

අම්බලම (57) ආකර්ශණීය ස්ථාන (9) ඉතිහාසය (0) උණුදිය උල්පත් (1) උරුමය (297) ඓතිහාසික උරුම ලිපි (2) ඓතිහාසික සිදුවීම් (1) ගමනාන්ත (1) ටැම්පිට විහාර (40) දිය ඇලි (4) ප්‍රදීපාගාර (1) ප්‍රාග් ඉතිහාස ලිපි (1) ප්‍රාග් ඓතිහාසික (5) පාලම් (3) පුරාණ අමුණු (12) බලකොටු (12) මහනුවර (1) මීටර 20-29 (1) මීටර 30-39 (1) ලිපි (2) වනජීවී (1) වාරි කර්මාන්ත (23) වැව් හා ජලාශ (11) ස්මාරක (4) සුසාන භූමි (5)

අනුරාධපුර දිස්ත්‍රික්කය (39) අම්පාර දිස්ත්‍රික්කය (7) කළුතර දිස්ත්‍රික්කය (5) කෑගල්ල දිස්ත්‍රික්කය (31) කිලිනොච්චි දිස්ත්‍රික්කය (3) කුරුණෑගල දිස්ත්‍රික්කය (25) කොළඹ දිස්ත්‍රික්කය (2) ගම්පහ දිස්ත්‍රික්කය (11) ගාල්ල දිස්ත්‍රික්කය (6) ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය (47) දෙතිස් ඵල බෝධින් (5) නුවරඑළිය දිස්ත්‍රික්කය (3) පබ්බත විහාර (1) පුත්තලම දිස්ත්‍රික්කය (4) පෘතුගීසි බලකොටු (1) පොළොන්නරුව දිස්ත්‍රික්කය (14) පොළොන්නරුව රාජධානිය (7) බදුල්ල දිස්ත්‍රික්කය (2) මඩකලපුව දිස්ත්‍රික්කය (2) මන්නාරම දිස්ත්‍රික්කය (10) මන්නාරම දූපත (1) මහනුවර දිස්ත්‍රික්කය (37) මාතර දිස්ත්‍රික්කය (3) මාතලේ දිස්ත්‍රික්කය (7) මුලතිවු දිස්ත්‍රික්කය (27) මොණරාගල දිස්ත්‍රික්කය (6) යාපනය දිස්ත්‍රික්කය (16) රත්නපුර දිස්ත්‍රික්කය (10) ලන්දේසි බලකොටු (1) වවුනියා දිස්ත්‍රික්කය (8) හම්බන්තොට දිස්ත්‍රික්කය (7)

Leave a Reply