යාන් ඔය වන මැද සැඟවුණු විලේවැව පුරාණ අමුණ

⚙️ [Top with rating]
RATE THIS LOCATION : (1 votes, average: 5.00 out of 5)
යාන් ඔය විලේවැව පුරාණ අමුණ - Ancient Wilewewa Amuna on Yan Oya
යාන් ඔය විලේවැව පුරාණ අමුණ – Ancient Wilewewa Amuna on Yan Oya
ජයාරූපය : මධ්‍ය යාන් ඔය නිම්නයේ කොක්එබේ මෙගලිතික සුසානය ආශ්‍රිත පුරාවිද්‍යා කැනීම හා තදාශ්‍රිත ප්‍රදේශයේ පුරාණ මානව ජනාවාසකරණය

යාන් ඔය ආශ්‍රිත ඇළ මාර්ගවල ක්‍රියාකාරිත්වය පිළිබඳව සොයා බැලීමේදී එක් එක් ස්ථාන වල අමුණු ඉදිකිරීමේ පරමාර්ථය පිළිබඳ තොරතුරු රැසක් අනාවරණය කරගත හැක. කිසියම් ජලමාර්ගයක ගලා බසින ජලය  ගොවිතැන් කටයුතු සඳහා හැරවීම  සඳහා ජල මාර්ගය හරහා වේලි ඉදිකිරීම පුරාණ වාරි කර්මාන්තය සමඟම ඇතිවිය. මේවා ශ්‍රී ලංකාවේ අමුණු ලෙස හැඳින්වේ.  පුරාණයේ යාන් ඔය හරහා මෙවන් ගල් අමුණු ගණනාවක් පැවති බව ඔයේ තැනින් තැන තවමත් පවත්නා ශෛලමය ශේෂයන් කියාපායි.

⚙️ [Google Ad 01 -EN]

මේවා සමහරක් නම්

  1. ඉලුක්වැව පුරාණ අමුණ
  2. කොක්එබේ පුරාණ අමුණ
  3. විලේවැව පුරාණ අමුණ
  4. හබගම පුරාණ ගල් පාලම හා අමුණ
  5. යාන් ඔය පුරාණ ගල් පාලම හා අමුණ
  6. වාහල්කඩ පුරාණ අමුණ

උතුරු මැද පළාතේ අනුරාධපුරය දිස්ත්‍රික්කයේ හොරොව්පතාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ විලේවැව ගම්මානයේ කෙළවර මෙම පුරාණ අමුණ පිහිටා ඇත. අනුරාධපුර – ත්‍රිකුණාමලය මාර්ගයේ නානුමිල්ලැව මංසන්දියෙන් දකුණට තිබෙන මාර්ගයේ කිලෝමීටර හතරක පමණ දුරින් විලේවැව ග්‍රාමය හමුවේ.

විලේවැව පුරාණ අමුණ සම්බන්ධයෙන් කිසිදු ඓතිහාසික මූලාශ්‍රයක තොරතුරු සඳහන් නොවේ. එහෙත් මෙම අමුණෙන් යාන් ඔයේ වම් ඉවුර ප්‍රදේශයට ජල සම්පාදනය කර තිබේ. එම ඇළ මාර්ගයේ සාක්ෂි දැනුදු දක්නට ලැබෙන අතර එය වර්තමානයේ යෝධ ඇළ ලෙස ව්‍යවහාරවේ. මෙම ඇළ මාර්ගය මගින් ප්‍රදේශයේ වැව් විශාල ගණනාවකට එක විට ජලය සම්පාදනය කර වූ බව කියවේ. ඒ අතර වරා වැව, පොතානේගම වැව, හම්බාරේගම වැව (හම්බාරයාගම වැව) සහ මහවැව ද වේ. මෙම අමුණ ඉදිකිරීමේ මූලික පරමාර්ථය ලෙස හඳුනාගත හැක්කේ හබගම ආසන්නයේ පිහිටි පැරණි ගමක් වන මැකිච්චාවකටුව ප්‍රදේශයේ පිහිටි නටබුන්ව පවතින විශාල වැවකට ජලය සැපයීම ය. ඉහත සඳහන් කළ වැව් සියල්ල අවසානයේ මෙම වැව පිහිටා ඇත. මෙම වැවේ විශේෂත්වය නම් එය යාන් ඔයට ඉතා ආසන්නයෙන් ඉදිකොට තිබීමය. වැව් බැම්ම යාන් ඔයේ වම් ඉවුරට සමාන්තරව මීටර 500ක් පමණ ඈතින් සාදා තිබේ. මෙම බැම්මේ තැනින් තැන කොටස් පමණක් අද තැනින් තැන ඉතිරිවී ඇත. මෙම බැම්ම විනාශය සඳහා බලපාන්නට ඇත්තේ අධික වර්ෂාව කාලයේදී ඉහළ වැව් වලින් ගලා ආ අතිරේක ජලය මහ වැවට දරා ගැනීමට නොහැකි වීම විය යුතුය. වර්තමානයේද විලේ වැවේ පිටාර ජලය මහ වැව ඔස්සේ යාන් ඔයට ගලා බසී.

ස්වාභාවික හා මානව ක්‍රියාකාරකම් හේතුවෙන් මෙම අමුණ විශාල හානියකට පත් වී ඇත. කාලයක් සමග යාන් ඔයේ ගමන් මාර්ගය අමුණෙන් දකුණු දෙසින් හැරවී ඇත. නමුත් මෙම අමුණ යාන්ව ඔයේ වම් ඉවුරට දැනුදු සම්පූර්ණයෙන්ම සම්බන්ධ වී තිබේ. ස්වභාවික ගල්තලාව පාදම් කොටගෙන ගොඩනඟන ලද මෙම අමුණ මීටර 42ක දිගින් සහ මීටර 9.5ක පමණ පළලකින් යුක්ත වේ. බැම්ම මතුපිට සම්පූර්ණයෙන්ම විනාශ වී තිබෙන බැවින් එහි උස පිළිබඳව අදහසක් ලබා ගැනීමට අපහසුය.මෙම බැම්ම ඉදිකිරීම සඳහා විවිධ ප්‍රමාණයේ ගල් කුට්ටි භාවිතා කළ බව පෙනේ.

යාන් ඔය විලේවැව පුරාණ අමුණ - Ancient Wilewewa Amuna on Yan Oya
යාන් ඔය විලේවැව පුරාණ අමුණ – Ancient Wilewewa Amuna on Yan Oya
ජයාරූපය : මධ්‍ය යාන් ඔය නිම්නයේ කොක්එබේ මෙගලිතික සුසානය ආශ්‍රිත පුරාවිද්‍යා කැනීම හා තදාශ්‍රිත ප්‍රදේශයේ පුරාණ මානව ජනාවාසකරණය

ආශ්‍රිත ලිපි හා ග්‍රන්ථ

  1. විතානාච්චි, ච. රෝ. සහ මෙන්ඩිස්, ඩී. තු. , 2017. මධ්‍ය යාන් ඔය නිම්නයේ කොක්එබේ මෙගලිතික සුසානය ආශ්‍රිත පුරාවිද්‍යා කැනීම හා තදාශ්‍රිත ප්‍රදේශයේ පුරාණ මානව ජනාවාසකරණය. 1st ed. මිහින්තලේ: ශ්‍රී ලංකා රජරට විශ්ව විද්‍යාලය.

සම්බන්ධ වෙනත් පිටු

යාන් ඔය නිම්නයේ සැඟවුණු පුරාණ විලේවැව අමුණ සිතියම

ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් විවෘත කිරීමට පහත බොත්තම් භාවිතා කරන්න –
.

ඉහල සිතියමේ මෙම ස්ථානය පමණක් නොව කිලෝමීටර 20ක් ඇතුලත තවත් වැදගත් ස්ථාන ලකුණු වී ඇත. මේ ස්ථාන බැලීමට සිතියම කුඩා කර බලන්න. වැඩි විස්තර සඳහා අවශ්‍ය ස්ථානය මතට මුසිකය ගෙනයන්න. එසේ නැතිනම් click කරන්න.

ගූගල් සිතියම වෙනත් ස්ථාන වලට චලනය කර ගෙනයාමෙන් එම ප්‍රදේශයේ වැදගත් ස්ථාන බලාගත හැක.

යාන් ඔය නිම්නයේ සැඟවුණු පුරාණ විලේවැව අමුණ රියදුරු දිශාවන්

අනුරාධපුර සිට යාන් ඔය විලේවැව අමුණ දක්වා
හරහා :කහටගස්දිගිලිය – හොරොව්පතාන
මුළු දුර: කිලෝමීටර 61
ගතවන කාලය  : පැය 1.30
ගත කල යුතු කාලය : විනාඩි 30-60 පමණ
රියදුරු දිශාවන් : ගූගල් සිතියමේ බලන්න
⚙️ [Google Ad 02 (bottom)]

© www.amazinglanka.com

Kovils (1) අම්බලම (57) ආකර්ෂණ (9) ආසනඝර (7) ඉතිහාසය (0) උණුදිය උල්පත් (1) උරුමය (303) ඓතිහාසික උරුම ලිපි (3) ඓතිහාසික සිදුවීම් (1) කුළුදාගේ (1) ගිරි සෙල්ලිපි (8) ටැම්පිට විහාර (41) දිය ඇලි (4) දූපත් (1) දෙතිස් ඵල බෝධින් (5) දේවාල (2) පබ්බත විහාර (3) පර්වත චිත්‍ර (2) ප්‍රදීපාගාර (1) ප්‍රාග් ඉතිහාස ලිපි (1) ප්‍රාග් ඓතිහාසික (6) පාලම් (3) පුරාණ අමුණු (14) පුවරු හා ටැම් ලිපි (9) බලකොටු (11) මීටර 20-29 (1) මීටර 30-39 (1) යාල තුල නටබුන් (6) ලිපි (2) වනජීවී (2) වනජීවී ලිපි (1) වාරි කර්මාන්ත (27) වැව් හා ජලාශ (15) සංචාරක ආකර්ෂණ (14) ස්මාරක (4) සුසාන භූමි (5)

z Jaffna 3 (4) අනුරාධපුර දිස්ත්‍රික්කය (42) අනුරාධපුර රාජධානිය (5) අම්පාර දිස්ත්‍රික්කය (7) කළුතර දිස්ත්‍රික්කය (5) කෑගල්ල දිස්ත්‍රික්කය (31) කිලිනොච්චි දිස්ත්‍රික්කය (3) කුරුණෑගල දිස්ත්‍රික්කය (25) කොළඹ දිස්ත්‍රික්කය (3) ගම්පහ දිස්ත්‍රික්කය (5) ගාල්ල දිස්ත්‍රික්කය (6) ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය (47) නුවරඑළිය දිස්ත්‍රික්කය (5) පුත්තලම දිස්ත්‍රික්කය (5) පොළොන්නරුව දිස්ත්‍රික්කය (14) පොළොන්නරුව රාජධානිය (7) බදුල්ල දිස්ත්‍රික්කය (3) මඩකලපුව දිස්ත්‍රික්කය (2) මන්නාරම දිස්ත්‍රික්කය (10) මන්නාරම දූපත (2) මහනුවර දිස්ත්‍රික්කය (39) මාතර දිස්ත්‍රික්කය (5) මාතලේ දිස්ත්‍රික්කය (7) මුලතිවු දිස්ත්‍රික්කය (27) මොණරාගල දිස්ත්‍රික්කය (6) යාපනය දිස්ත්‍රික්කය (16) රත්නපුර දිස්ත්‍රික්කය (10) වවුනියා දිස්ත්‍රික්කය (8) හම්බන්තොට දිස්ත්‍රික්කය (7)

Leave a Reply