
ජයාරූපය : මධ්‍ය යාන් ඔය නිම්නයේ කොක්එබේ මෙගලිතික සුසානය ආශ්‍රිත පුරාවිද්‍යා කැනීම හා තදාශ්‍රිත ප්‍රදේශයේ පුරාණ මානව ජනාවාසකරණය
යාන් ඔය ආශ්‍රිත ඇළ මාර්ගවල ක්‍රියාකාරිත්වය පිළිබඳව සොයා බැලීමේදී එක් එක් ස්ථාන වල අමුණු ඉදිකිරීමේ පරමාර්ථය පිළිබඳ තොරතුරු රැසක් අනාවරණය කරගත හැක. කිසියම් ජලමාර්ගයක ගලා බසින ජලය ගොවිතැන් කටයුතු සඳහා හැරවීම සඳහා ජල මාර්ගය හරහා වේලි ඉදිකිරීම පුරාණ වාරි කර්මාන්තය සමඟම ඇතිවිය. මේවා ශ්‍රී ලංකාවේ අමුණු ලෙස හැඳින්වේ. පුරාණයේ යාන් ඔය හරහා මෙවන් ගල් අමුණු ගණනාවක් පැවති බව ඔයේ තැනින් තැන තවමත් පවත්නා ශෛලමය ශේෂයන් කියාපායි.
මේවා සමහරක් නම්
- ඉලුක්වැව පුරාණ අමුණ
- කොක්එබේ පුරාණ අමුණ
- විලේවැව පුරාණ අමුණ
- හබගම පුරාණ ගල් පාලම හා අමුණ
- යාන් ඔය පුරාණ ගල් පාලම හා අමුණ
- වාහල්කඩ පුරාණ අමුණ
කොක්එබේ අමුණ මධ්‍ය යාන් ඔය නිම්නයේ යාන්ඔය හරස් කොට සැදු එවන් පුරාණ අමුණු කිහිපයෙන් එකකි. උතුරු මැද පළාතේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ කහටගස්දිගිලිය ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයට මායිම්ව මෙම අමුණ පිහිටා ඇත. දාච්චහල්මිල්ලෑව – කැකිරාව මාර්ගයේ ඊතලවැටුණුවැව ගම්මානය කෙරවලින් ගලා බසිනා යාන් ඔය හරහා මෙම පුරාණ අමුණේ සාක්ෂි දක්නට ලැබේ ෙම අමුණ පිහිටා ඇත්තේ කොක්එබේ කන්දට ඉතාමත් සමීප ස්ථානයකය. මෙම ප්‍රදේශයේදී යාන් ඔය වම් ඉවුර කොක්එබේ වනයට සීමාවේ.
අමුණ පිළිබඳව තොරතුරු ඓතිහාසික මූලාශ්‍රයන්හි සඳහන් නොවේ. නමුත් මෙම අමුණ සහිත ස්ථානයට ඉතාමත් සමීප කොක්එබේ කන්ද ආශ්‍රිතව පුරාවිද්‍යාත්මක නටබුන් විශාල ප්‍රමාණයක් දක්නට ලැබේ. මේ අතර ප්‍රාග් ඓතිහාසික සුසාන භූමියක අවශේෂ ද හඳුනාගත හැක. මේ කන්ද ආශ්‍රිතව තිබෙන සෙල්ලිපි ඇසුරින් මෙම ප්‍රදේශය ආශ්‍රිතව පුරාණ කල සිටම ජනාවාස තිබූ බව සනාථ වෙයි. මෙම අමුණේ ඇළ මාර්ගය කොක්එබේ කන්ද පාමුලින් එයට වම්පසින් නටබුන් සහිත ප්‍රදේශයට යොමුව තිබෙන බැවින් එම ප්‍රදේශයේ ජල අවශ්‍යතාව මෙම අමුණ සහ ඇළ මාර්ගය මගින් සපිරෙන්නට ඇතැයි උපකල්පනය කළ හැක.
දැනට මෙම අමුණේ දක්නට ඇත්තේ නටබුන් ස්වල්පයක් පමණි. මෙහි පැරණි සාක්ෂි යාන්ඔය පතුලේ සහ වම් ඉවුරේ දක්නට ලැබේ. අමුණ රැඳවීමට යෙදූ පාදම් ගල් කිහිපයක් ඔය පතුලේ මුල් ස්වරූපයෙන්ම තිබේ. එහි ගල් පුවරු රඳවා ඇත්තේ තරමක් ආනත ස්වරූපයෙනි එම නිසා මෙම අමුණ යාන් ඔයට ආනතව සාදා තිබූ බව උපකල්පනය කල හැක. අමුණු බැම්ම යාන් ඔයේ ඉවුරට සම්බන්ධ කළ ස්ථානයේ සාක්ෂි ස්වල්පයක් වම් ඉවුරේ දක්නට ඇත. ඉවුරේ සිට ඉදිරියට නෙරාගිය ගල් කුට්ටි කිහිපයක් මෙම ස්ථානයේ දක්නට ලැබේ. දැනට පෙනෙන්නට තිබෙන සාක්ෂි අනුව කොක්එබේ අමුණ යාන් ඔයේ අනිකුත් අමුණ හා සසඳන විට එතරම් විශාල නොවූ බව පෙනේ.
ආචාර්ය විතානාච්චිට අනුව මෙම අමුණ පිහිටා ඇත්තේ අක්ෂාංශ දේශාංශ 8.506792, 80.840258 හි දීය. පහත ගුගල් සිතියමේ මෙම ස්ථානය ලකුණු කොට ඇත. ඉහත විස්තරය අනුව කොක්එබේ අමුණ පිහිටිය යුත්තේ කොක්එබේ කන්දට හා කොක්එබේ පුරාවිද්‍යා ස්ථානයට ආසන්නවය. නමුත් ඉහත සලකුණු කොට ඇති ස්ථානය කොක්එබේ කන්දේ සිට යාන් ඔයේ කිලෝමීටර 17ක් පහලින් පවතී.
ආශ්‍රිත ලිපි හා ග්‍රන්ථ
- විතානාච්චි, ච. රෝ. සහ මෙන්ඩිස්, ඩී. තු. , 2017. මධ්‍ය යාන් ඔය නිම්නයේ කොක්එබේ මෙගලිතික සුසානය ආශ්‍රිත පුරාවිද්‍යා කැනීම හා තදාශ්‍රිත ප්‍රදේශයේ පුරාණ මානව ජනාවාසකරණය. 1st ed. මිහින්තලේ: ශ්‍රී ලංකා රජරට විශ්ව විද්‍යාලය.
සම්බන්ධ වෙනත් පිටු
- ශ්‍රී ලංකාවේ පුරාණ වාරි කර්මාන්ත
- ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා ස්ථාන ලැයිස්තුව
- කිලෝමීටර 20ක් ඇතුලත ඇති වෙනත් නැරඹිය හැකි ස්ථාන
යාන් ඔය නිම්නයේ සැඟවුණු පුරාණ කොක්එබේ අමුණ සිතියම
ඉහල සිතියමේ මෙම ස්ථානය පමණක් නොව කිලෝමීටර 20ක් ඇතුලත තවත් වැදගත් ස්ථාන ලකුණු වී ඇත. මේ ස්ථාන බැලීමට සිතියම කුඩා කර බලන්න. වැඩි විස්තර සඳහා අවශ්‍ය ස්ථානය මතට මුසිකය ගෙනයන්න. එසේ නැතිනම් click කරන්න.
ගූගල් සිතියම වෙනත් ස්ථාන වලට චලනය කර ගෙනයාමෙන් එම ප්‍රදේශයේ වැදගත් ස්ථාන බලාගත හැක.
යාන් ඔය නිම්නයේ සැඟවුණු පුරාණ කොක්එබේ අමුණ රියදුරු දිශාවන්
| අනුරාධපුර සිට යාන් ඔය කොක්එබේ අමුණ දක්වා |
| හරහා : මැදවච්චිය – කැබිතිගොල්ලෑව මුළු දුර: කිලෝමීටර 61 ගතවන කාලය : විනාඩි 90 ගත කිරිය යුතු කාලය : විනාඩි 30 පමණ රියදුරු දිශාවන් : ගූගල් සිතියමේ බලන්න |
අම්බලම (57) ආකර්ෂණ (9) ආසනඝර (7) ඉතිහාසය (0) උණුදිය උල්පත් (1) උරුමය (301) ඓතිහාසික උරුම ලිපි (3) ඓතිහාසික සිදුවීම් (1) කුළුදාගේ (1) ගිරි සෙල්ලිපි (8) ටැම්පිට විහාර (41) දිය ඇලි (4) දූපත් (1) දෙතිස් ඵල බෝධින් (5) දේවාල (2) පබ්බත විහාර (3) පර්වත චිත්‍ර (2) ප්‍රදීපාගාර (1) ප්‍රාග් ඉතිහාස ලිපි (1) ප්‍රාග් ඓතිහාසික (6) පාලම් (3) පුරාණ අමුණු (14) පුවරු හා ටැම් ලිපි (9) බලකොටු (11) මීටර 20-29 (1) මීටර 30-39 (1) යාල තුල නටබුන් (6) ලිපි (2) වනජීවී (2) වනජීවී ලිපි (1) වාරි කර්මාන්ත (27) වැව් හා ජලාශ (15) සංචාරක ආකර්ෂණ (14) ස්මාරක (4) සුසාන භූමි (5)
z Jaffna 3 (4) අනුරාධපුර දිස්ත්‍රික්කය (41) අනුරාධපුර රාජධානිය (4) අම්පාර දිස්ත්‍රික්කය (7) කළුතර දිස්ත්‍රික්කය (5) කෑගල්ල දිස්ත්‍රික්කය (31) කිලිනොච්චි දිස්ත්‍රික්කය (3) කුරුණෑගල දිස්ත්‍රික්කය (25) කොළඹ දිස්ත්‍රික්කය (3) ගම්පහ දිස්ත්‍රික්කය (5) ගාල්ල දිස්ත්‍රික්කය (6) ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය (47) නුවරඑළිය දිස්ත්‍රික්කය (5) පුත්තලම දිස්ත්‍රික්කය (5) පොළොන්නරුව දිස්ත්‍රික්කය (14) පොළොන්නරුව රාජධානිය (7) බදුල්ල දිස්ත්‍රික්කය (3) මඩකලපුව දිස්ත්‍රික්කය (2) මන්නාරම දිස්ත්‍රික්කය (10) මන්නාරම දූපත (2) මහනුවර දිස්ත්‍රික්කය (38) මාතර දිස්ත්‍රික්කය (5) මාතලේ දිස්ත්‍රික්කය (7) මුලතිවු දිස්ත්‍රික්කය (27) මොණරාගල දිස්ත්‍රික්කය (6) යාපනය දිස්ත්‍රික්කය (16) රත්නපුර දිස්ත්‍රික්කය (10) වවුනියා දිස්ත්‍රික්කය (8) හම්බන්තොට දිස්ත්‍රික්කය (7)

