කැටපිටිය රජමහා විහාරය පුරාණ ටැම්පිට විහාරය – Ketapitiya Rajamaha Viharaya Purana Tampita Viharaya

RATE THIS LOCATION :1 Star2 Stars3 Stars4 Stars5 Stars (3 votes, average: 3.00 out of 5)
Loading...
කැටපිටිය රජමහා විහාරය  පුරාණ ටැම්පිට විහාරය - Ketapitiya Rajamaha Viharaya Purana Tampita Viharaya
කැටපිටිය රජමහා විහාරය පුරාණ ටැම්පිට විහාරය – Ketapitiya Rajamaha Viharaya Purana Tampita Viharaya
Photo Credits : Gayantha Jayasinghe

කැටපිටිය මංසන්දිය පිහිටා ඇත්තේ පිලිමතලාව සහ රඹුක්කන අතර දන්තුර මාර්ගයේ පිලිමතලාව සිට කි.මී. 6.5 ක් සහ රඹුක්කන සිට කි.මී. 21 ක් දුරකිනි. මෙම විහාරස්ථානය මැණික්දිවෙල කැටපිටිය ප්‍රධාන මංසන්ධියේම පිහිටා ඇත.

මෙම විහාරස්ථානයේ අතීතය අවම වශයෙන් මනනුවර යුගය දක්වා දිවයනබව එහි ඇති ටැම්පිට විහාරය කියාපායි.

ටැම්පිට විහාර මහනුවර රාජධානිය පැවති කාලය තුල ජනප්‍රිය ගෘහ නිර්මාණ අංගයක් වූ අතර මෙහිදී ගෘහය වේදිකාවක් මත ඉදිකරන ලද අතර එම වේදිකාව ගල් කුළුණු මත තබා ගොඩනැගිණි.

කැටපිටිය ටැම්පිට විහාරය ගඩොල් හා සිමෙන්තියෙන් නිමවා ඇති දෙමහල් පායකි. ගල්කණු වෙනුවට ගඩොල්වලින් ආරුක්කු සාදා ඇත. ව්‍යුහය හරහා දැවැන්ත ලී බාල්ක දමා, එය මත ලෑලි දමා ඉහළ මාලයේ පොලොව සාදා ඇත.

ටැම්පිට විහාරයේ අභ්‍යන්තර කුටිය වටා විශාල ප්‍රදක්ෂිණා පථයක් ඇත. එහි ඉදිරිපස පළල මීටර් 3.89 ක් වන අතර දෙපැත්ත සහ පසුපස පළල මීටර් 1.93 කි. ඇතුළත පිළිම ගෙය දිග මීටර් 5.38 ක් වන අතර පළල මීටර් 3.68 කි. සම්පූර්ණ ගොඩනැගිල්ල මීටර් 11.20 ක් දිග සහ පළල මීටර් 7.54 වේ.

ගොඩනැගිල්ලේ බිම් මහල බණ මඩුවක් ලෙස භාවිතා කරයි. ඉහළ ටැම්පිට විහාරයට පිවිසෙන ප්‍රධාන දොරටුව සූර්යවංක මෝස්තරයෙන් නිමවා ඇති දැවැන්ත දැවමය උලුවස්සකි. මෙම රාමුව වටා සියුම් මල් කැටයම් දැකිය හැකිය. මෙයින් ඇතුල්වන්නේ ප්‍රදක්ෂිණා පථය ප්‍රදේශයටයි. මෙම පථය වටා ඇතුල් බිත්තිය ඔස්සේ පේළියට ඉදිකර ඇති විශාල හිටි බුදු පිළිම රාශියකි.

ඇතුළත කුටීරය තුළ දොරට මුහුණ ලා අසුන්ගෙන සිටින ප්‍රධාන බුද්ධ ප්‍රතිමාව පිහිටා ඇත. බුදුරජාණන් වහන්සේගේ පිළිමය වටා රැස්සා මාලාව ඇඳ ඇත්තේ නුවර යුගයේ සුලබ ගිනිදළු මොස්තරයකින්ය. ඒ දෙපස සූර්යයා සහ චන්ද්‍රයා ඇද තිබේ. සැරියුත් සහ මුගලන් තෙරුන්වහන්සේලා සූර්යයාට හා සඳට පහළින් ඇඳ ඇත. ප්‍රධාන ප්‍රතිමාවේ දකුණු පැත්තේ එකම කාල පරිච්ඡේදයට අයත් බව පෙනෙන සිරස්පත සහිත සම්පූර්ණ හිඳි පිළිමයක්හි ඇත. මෙහි දෙපස බිත්ති වලට පසුපා බුදුන්ගේ හිටි පිළිම කිහිපයක් නෙළා තිබේ.

separator divider

The small town of Ketapitiya (Katapitiya) lies in between Pilimathalawa and Rambukkana, 6.5km from Pilimathalawa on the Danthure Road and 21km from Rambukkana. The temple lies at main junction of Ketapitiya in Menikdiwela.

The history of the temple is unknown but the unique two storied Tampita Viharaya indicates that this temple goes back at least to the Kandyan Era.

Tampita Vihara was a popular architectural feature during the Kandyan kingdom where the temple was built on a platform which was held on an array of pillars, mostly stone.

The Tampita Viharaya at Ketapitiya is built inside a two storied structure built with brick and mortar. Instead of rock pillars, it has arches made of bricks. Massive wooden beams has been laid across the structure and planks laid on it makes the upper floor.

A large circumambulating can be seen around the inner chamber of the Tampita Viharaya. The front is 3.89 meters long and the the two sides and the rear are 1.93 meters wide. The inner sanctum (image house) is 5.38 meters long and 3.68 meters wide. The whole structure is 11.20 meters long and 7.54 meters wide.

The ground floor of the building is used as a Bana Maduwa. The main entrance to the Tampita Viharaya at the top is through a massive wooden door frame built with the Sooriyawanka design. Fine floral carvings can be seen all around this frame. This door leads to the circumambulating path where you would find larger than life size standing Buddha statures built in a row along the inner wall.

Inside the inner chamber lies the main seated Buddha statue facing the door. A halo around the Buddha is drawn in typical flame style. A sun and a moon is drawn at the two ends. Pictures of Sariyuth and Mugalan theros are drawn below the sun and the moon. A smaller seated Buddha statue complete with the headdress which seems to be belonging the same period lies on the right side of the main statue. A number of larger than life standing Buddha statues are erected on the sidewalls.

මූලාශ්‍ර

සම්බන්ධ වෙනත් පිටු

කැටපිටිය ටැම්පිට විහාරය සිතියම


ගූගල් සිතියම් පහලින් - Please click on the button below to load the Dynamic Google Map -
.

ඉහල සිතියමේ මෙම ස්ථානය පමණක් නොව කිලෝමීටර 20ක් ඇතුලත තවත් වැදගත් ස්ථාන ලකුණු වී ඇත. මේ ස්ථාන බැලීමට සිතියම කුඩා කර බලන්න. වැඩි විස්තර සඳහා අවශ්‍ය ස්ථානය මතට මුසිකය ගෙනයන්න. එසේ නැතිනම් click කරන්න.

ගූගල් සිතියම වෙනත් ස්ථාන වලට චලනය කර ගෙනයාමෙන් එම ප්‍රදේශයේ වැදගත් ස්ථාන බලාගත හැක.


කැටපිටිය ටැම්පිට විහාරය දිශාවන්

පිළිමතලාව සිට කැටපිටිය ටැම්පිට විහාරය දක්වා
හරහා :දන්තුරේ
මුළු දුර : කිලෝමීටර් 4.6
ගතවන කාලය : විනාඩි 15
ගත කිරිය යුතු කාලය : විනාඩි 30 පමණ
රියදුරු දිශාවන් : ගූගල් සිතියමේ බලන්න

© www.amazinglanka.com