රටට අහිමි වූ කිලිවෙඩ්ඩියේ ශ්‍රී වර්ධන බෝධිය
කිලිවෙඩ්ඩි ශ්‍රී වර්ධන බෝධිය 1979 දී හින්දු භක්තිකයන් විසින් විනාශ කර සහස්‍ර ගණනාවක් පුරා පැවති කෝවිලක් ඉදිකරන ලද ශ්‍රී මහා බෝධියේ පළමු අංකුර 32 න් එකකි.
කිලිවෙඩ්ඩි ශ්‍රී වර්ධන බෝධිය 1979 දී හින්දු භක්තිකයන් විසින් විනාශ කර සහස්‍ර ගණනාවක් පුරා පැවති කෝවිලක් ඉදිකරන ලද ශ්‍රී මහා බෝධියේ පළමු අංකුර 32 න් එකකි.
ප්‍රදේශවාසීන්ගේ මතය අනුව මෙම විහාරයට එමනම ලැබී ඇත්තේ ජය ශ්‍රි මහා බොධින්වහන්සේ අනුරාධ පුරයට වැඩමවද්දී මෙම ස්ථානයේ නවාතැන්ගත් නිසා වනබවයි දැනගන්නට ලැබුනේ. නමුත් එය මෙතෙක් තහවුරු කොට නොමැත. යාන්ඔය ජලාශ බැම්මේ අනෙක් අන්තයේ පිහිටි යකිනි කන්දෙන්ද කි. ව. 2-4 සියවස් වලට අයත් අපර බ්‍රාහ්මීය සෙල්ලිපියක් හමුවී ඇති අතර එහිද විහාරස්ථානයකට කල ප්‍රධානයක් පිළිබඳව සඳහන්වේ. අවාසනාවකට මෙම පුරාවස්තු බොහොමයක් අද නිධන් සොරුන්ගේ ග්‍රහණයට ලක්වී විනාශයට පත්වී ඇත…
ත්‍රිකුණාමලය, කන්තලේ සීන කම්හල් බිමේ ඇති සීනිපුර විහාරස්තානයේ රුකක් මුල මෙම ශෛලමය බෙහෙත් ඔරුව දක්නට ඇත. දිස්ත්‍රික්කයේ නටබුන් බිම් අතර හමුවන එකම බෙහෙත් ඔරුව මෙය විය යුතුය.
විවිධ වකවානු වල ශ්‍රී ලංකාවේ සංචාරය කොට සටහන් ලියා තැබූ අය අතින් මහත් වර්ණනාවට ලක් වූ පැරණි ජලාශය කුමක් ද යන්න විමසුව හොත් මුල් ම තැන හිමි වන්නේ කන්තලේ වැවට ය. හබරණ සිට ත්‍රිකුණාමලයට යන අයෙකු නොවරදවාම පසු කරන කන්තලේ වැව, ප්‍රධාන මාර්ගයක පිහිටීම නිසාත් එයට ම ආවේණික පරිසර පද්ධතිය නිසාත් මෙම මගෙහි ගමන් කරන කිසිවකුට මඟ නොහැරේ.
ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ කුච්චවේලි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ කුච්චවේලි පොලිසියට යාබදව කුච්චවේලි පැරණි තානායම තිබු භූමිය හා ඒ අවට හමුවන නටඹුන් සහිත ප්‍රදේශය වර්ථමානයේ පිච්චමල් විහාරය යන නමින් හදුන්වනු ලබයි.
ගෝමරන්කඩවල තිබෙන්නේ ත්‍රිකුණාමලයට කිලෝමීටර 35කට නුදුරින්, අනුරාධපුර – ත්‍රිකුණාමල මාර්ගයෙන් හැරී යන්න ඕන. ත්‍රිකුණාමලයෙන් යනවානම් හොරොව්පතාන පාරේ කණ්නියා, පාන්කුලම පසු කර කම්බාකෝට්ටේ ප්‍රදේශයෙන් ගෝමරන්කඩවල දෙසට තිබෙන මාර්ගයට (දකුණට) හැරෙන්න ඕන.
ගෝමරන්කඩවල – තිරියාය මාර්ගයේ කිලෝමීටර 6.5ක් පමණ ගියවිට සුරුලුමහමුනියාව රජමහා විහාරයට ලඟා විය හැක. මෙය 18 වන ශතවර්ෂයේ ජනප්‍රිය විහාරස්ථානයක්ව තිබූ බව මෙම පුජා ස්ථානය පුරාන නම්පොතෙහි ඇතුලත් පවා ඇතුලත් වීමෙන් පෙනේ.
ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයට අයත් නගර හා කඩවත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ආන්දම්කුලම වැව් ඉස්මත්තේ වැව් බැම්ම කෙලවර පිහිටි ගල් කදුවැටියේ මෙම නටඹුන් සහිත පුදබිම පිහිටා ඇත. ආන්දම් කුලම වැවෙහි දකුණු පස වැව් බැම්ම මතින් ගමන් කිරිමෙන් පසුව ලෙන් ආරණ්‍ය සේනාසනයට ප්‍රවේශවිමට හැකිය.
වර්තමාන කිවුලේකඩවල පුරාණ ශෛලබිම්බාරාම විහාරය ඉදිකර තිබෙන්නේ කිවුලේකඩවල වැව ආසන්නයේ පුරාණ විහාර සංකීර්ණය භූමියකයි. කිවුලේකඩවල ග්‍රාමය පිහිටියේ ගෝමරන්කඩවල – තිරියාය මාර්ගයේ කිලෝමීටර 11ක් පමණ ගියවිටය.
ගෝමරන්කඩවල – තිරියාය මාර්ගයේ කිලෝමීටර 7.5ක් පමණ ගියවිට හමුවෙන අඩම්පනේ ප්‍රදේශයේ පහලගම පුරාවිද්‍යා භූමිය පිහිටා ඇත. මෙය විශාල භූමියක් නොවුනත් අප මෙහි යනවිට හොඳින් නඩත්තු කරතිබුණි. සංරක්‍ෂිත නටබුන් ස්ථූපයක්, බෝධිඝරයක් සහ පිළිම ගෙයකින් මෙම පුජා භූමිය සමන්විත වේ.
කිවුලේකඩවල පුරාණ ශෛලබිම්බාරාම විහාරයට ඉදිරිපිට මාර්ගයේ කිලෝමීටරයක පමණ ගමන් කලවිට පුරාණ හින්දු කෝවිලයක සංරක්‍ෂිත නටබුන් ස්ථානයට ලඟාවිය හැක. මෙහි සංරක්‍ෂිත කෝවිල ගොඩනැගිල්ලට අමතරව ගලක කෙටු දෙමළ අක්ෂරයෙන් කෙටූ විශාල සෙල්ලිපියක්ද ඇත.
මෙම නටඹුන් පිහිටි ස්ථානය සේරුනුවර හා මුතූර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ සීමාවේ නීලපොල ග්‍රාමසේවා වසමේ ට්‍රැක් 14 කුඹුරු ඉඩමේ, දෙහිවත්ත නීලපොල රජමහා විහාරයේ සිට කි.මි. 1 කට මදක් දුරින් තරමක් වයඹ දෙස වන්නට කුඹුරු යාය මැදට වන්නට පිහිටයි.
දැනට පෙනෙන්නට ඇති සාධක අනුව නිසැකවම මෙම කන්තලේ ශ්‍රී අග්බෝ රජමහා විහාරය අනුරාධපුර යුගයේ මුල් සමයට අයත් වනවාට සැක නැත. විහාර භූමියේ උතුරු දිශාවට වන්නට ගොඩනැගිලි කීපයකට අයත් නටඹුන් හා ගල් කණු හඳුනාගත් හැක. ඉපැරණි සෑයකට අයත් ගරාවැටුණු ගඩොළු හා පස් සහිත ගොඩැල්ලක් හා ඒ අශ්‍රිතව තවත් ගොඩනැගිල්ලක නටඹුන් ද මෙහි දී හඳුනාගත හැක.
සේරුනුවර නගරයේ සිට කන්තලේ මාර්ගයේ කල්ලාර් හන්දිය හමුවීමට පෙර වම් දෙසින් මාවිල්ආරු වැවට ගමන් කළ හැකි මාර්ගය හමුවේ. මාවිල්ආරු බැම්ම මතින් දකුණු දෙසට එහි කෙළවර දක්වාම ගමන් කළ විට මෑතකදී සකස් කරමින් පවතින වෙනත් බැම්මක් හමුවේ. එහිද කෙළවර දක්වාම ගමන් කළ යුතු වේ. අලි ඇතුන් ගමන් ගත් මංතල ඔස්සේ පිවිසුම් මාර්ග සකස් කරගනිමින් ස්ථානය දත් අයෙකු සමග ගමන් කළ යුතු වේ. අනුරාධපුර මුල් යුගයේ සිට බෞද්ධ භික්ෂූන් වහන්සේලාගේ පරිහරණයට ලක් වූ ඉතා වැදගත් සිද්ධස්ථානයකි.
මංගල වැව මධ්‍යම ප්‍රමාණයේ පැරණි වැවකි. මෙය කවර සමයකදී ඉදිවූයේදැයි සාධක නොමැත. මෙම වැවේ ඉහත්තාව දෙසට වන්නට පිහිටි ගල් පර්වත 5 ක් පමණ වෙයි. ඉන් එකක ජලයට බැසීම සඳහා ගලෙහි කප්පවන ලද පියගැටපෙලකට අයත් පියගැට 12 ක් පමණ දක්නට ලැබෙයි. එසේ වුවද එම ගල්තලාව මත කිසිදු ගොඩනැගිල්ලක ඉදිකිරීමක් දක්නට නොමැත.
ලිංගපුරම් ග්‍රාමයෙ පිහිටා ඇති මෙම ස්ථානයට අයත් නටඹුන් අක්කර 5 ක පමණ ප්‍රදේශයක් පුරා විසිර ඇති අතර පස් කැපීම් වැනි කටයුතු නිසා බොහෝ නටඹුන් විනාශව හෝ පසට යටව පවතී. මෙම ස්ථානයේ කුඩා ගල් තලාවක් වෙයි. ඒ මත ගඩොල් භාවිතයෙන් ඉදිකල විශ්කම්භය අඩි 20 ක් පමණ වන චෛත්‍යයකි. මෙය නිධන්හොරුන් විසින් හාරා විනාශකොට ඇති අතර එහි ගඩොල් සෑම තැනකම විසිරී පවතී. සෑයෙ කැණ ඇති විවරය තුලින් එහි අභ්‍යන්තරයේ ගඩොල් ස්ථර පැහැදිලිව දැකිය හැක.
මෙම විහාරස්ථානය ආශ්‍රිතව කුඩා දාගැබක් හා ඉපැරණි ගොඩනැගිළි කීපයකම නෂ්ඨාවශේෂ හමුවෙයි. අඩි කීපයක් උසින් යුකතව පවත්නා මෙම චෛත්‍ය ගොඩැල්ල මධ්‍යය හාර විනාශකොට ඇත. වෘත්තාකාරව එසේ කැන ඇති වල තුල ගඩොල් ස්ථර වශයෙන් හඳුනාගැනීමට හැකිවෙයි. එහි පතුලේ ශිලා පුවරු යොදාගනිමින් ඉදිකළ ගර්භය හඳුනාගත හැකිවෙයි. සෑය මතුපිට මෙවන් ගල්පුවරු හා ගඩොල් විශාල ප්‍රමාණයක් දැකිය හැකිය.
ත්‍රිකුණාමලය නුවර පාරේ ත්‍රිකුණාමලයේ සිට තඹලගමුව දෙසට ගමන් කර කප්පල්තුරේ දැව සංස්ථාව අසල 188/5 වන බෝක්කුව ඉදිරිපිට පෙනෙන තේක්ක වත්ත තුල මෙම නටඹුන් පිහිටා තිබෙනු දක්නට ලැබේ.
ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ කුච්චවේලි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පිහිටි කුඹුරුපිටිය ගුවන් විදුලි සංස්ථා අධි සම්ප්‍රේෂණ කුළුණු සංකිර්ණය පසුකර මඩුවාකුලම වැව දෙසට ගමන් කල පසුව වැව් බැම්මේ වම් කෙලවරේ මෙම නටඹුන් සෑය සහිත පුරාවිද්‍යා භූමිය දැකගත හැකිවේ.
කවර කලෙක කවර නිරිදෙකු විසින් ඉදිකරන ලද්දක්ද යන්න නිශ්චිතවම කිව නොහැකි වුවත් මෙම මලයඩිකුලම වැව ස්ථුපය අනුරාධපුර මුල් යුගයේ ඉදිකරන ලද එකක් බව නිසැකවම කිව හැකිය. යටි වනයක් සහිත පැතිර ගිය සම බිමක ස්ථුපය පිහිටා ඇත. අඩි තුන හමාරක් පමණ උසින් යුතු වට අඩි 45 ක් පමණ වන දා ගැබේ ගර්භය පාදම දක්වා හාරා විනාශ කර ඇත.