ත්‍රිකුණාමලය පුලියුත්තු වැව පුරාවිද්‍යා භූමිය - Puliyuththu Wewa Archaeological Site in Trincomalee

ත්‍රිකුණාමලය පුලියුත්තු වැව පුරාවිද්‍යා භූමිය (Puliyuththu Wewa Archaeological Site in Trincomalee)

නටඹුන් සහිත මෙම පුලියුත්තු වැව පුරාවිද්‍යා භූමිය නිධන් හොරුන් විසින් හාරා විනාශ කර ඇත. පිළිම ගෙයක් බවට අනුමාන කල හැකි පුදබිමකි. විනාශ වු සහ නොවු පෙති උළු රැසක් ඒ අවට පසින් යටව විසිර පවති. විශාල ප්‍රමාණයේ කණු පාදම් ගල් දෙකක් කොළ රොඩු වලින් වැසි ගොස් තිබේ. නිධන් හොරුන් වැනසිම නිසා අනුරාධපුර මුල් යුගයට අයත් ගඩොලු රැසක් තැන තැන විසිර පවති.

Read More
තිරියාය මහආලන්කුලම පුරාවිද්‍යා භූමිය - Thiriyaya Maha Alankulama Archaeological Site

තිරියාය මහආලන්කුලම පුරාවිද්‍යා භූමිය

කුච්චවේලි ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයටද එසේත් නැතිනම් ගෝමරන්කඩවල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට අයත් වන්නේදැයි නිසැක වශයෙන්ම කිව නොහැකි මෙම නටඹුන් පිහිටි බිම ගෝමරන්කඩවල තිරියාය මාර්ගයේ මහ ආලංකුලම වැවට නුදුරින් පිහිටා තිබේ.

Read More
ත්‍රිකුණාමලය සර්ධාපුර දාගැබ් ගොඩැල්ල හා නටබුන් - Archaeology Ruins at Sardhapura , Trincomalee

ත්‍රිකුණාමලය සර්ධාපුර දාගැබ් ගොඩැල්ල හා නටබුන්

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ නගර හා කඩවත් සතර ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ 229 බි සුමේධංකරපුර ග්‍රාම නිලධාරි වසමේ කප්පල්තුරෙයි ආයුර්වේද රෝහලට මදක් දුරින් නටඹුන් වු මෙම දා ගැබ් ගොඩැල්ල දක්නට හැකිය.

Read More
ගෝමරන්කඩවල ආඳාගල පැරණි බෝධිඝරය හා නටබුන් - Ancient Andagala Bodhigaraya in Gomarankadawala

අඩම්පනේ ආඳාගල පුරාවිද්‍යා භූමිය

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් මනාව සංරක්ෂණය කර නඩත්තු කරනු ලබන ගෝමරන්කඩවල ආඳාගල පුරාවිද්‍යා ස්ථානය තුල ගොඩනැගිලි දෙකක නටඹුන් දක්නට ඇත. ගොඩනැගිලි දෙකම ගඩොලින් නිර්මාණය කර ඇත. මෙම ස්ථානයට ඇතුළු විමේදි පළමුව හමුවන ගොඩනැගිල්ල මෙහි ප්‍රධාන ගොඩනැගිල්ලයි.

Read More
සියම් මහ නිකායේ ජීවමාන සංකේතයක් බදුවු ත්‍රිකුණාමලයේ බෝරුක් සතර - Four Historic Bo Trees in Trincomalee

සියම් මහ නිකායේ ජීවමාන සංකේතයක් බඳුවූ ත්‍රිකුණාමලයේ බෝරුක් සතර

ත්‍රිකුණාමලය ශාන්ත ස්ටීවන් යුධ සුසානයට යාබදව නෙල්සන් සිනමා ශාලාව ඉදිරිපිට බිමෙහි මෙම බෝ රුක් සතර දක්නට ලැබේ. කපුටු බෝ රුක් ලෙස සිතා කිසිවෙකුගේ අවධානයට ලක් නොවි කලක් අතහැර දමා තිබු මෙම ස්ථානය පිළිබදව හා එහි වැදගත්කම පිළිබදව ගත් කතුවරයෙකු හා පුරාවිද්‍යා ගවේෂකයකු වු කන්තලේ ප්‍රදේශයේ පදිංචිව සිටි දිවංගත පී. ඇල්. සිරිසේනයන් විසින් 2003 දී හෙළි කරන ලදි.

Read More
ගෝමරන්කඩවල මයිලවැව පුරාවිද්‍යා භූමිය - Gomarankadawala Mailawewa Archaeological Site

ගෝමරන්කඩවල මයිලවැව පුරාවිද්‍යා භූමිය

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් කලකට පෙර සංරක්ෂණය කරනු ලැබු මෙම ගෝමරන්කඩවල මයිලවැව දාගැබ ඉන් පසුව නිසි නඩත්තුවක් නොමැතිවිම නිසා වල්බිහිවි ගොස් සෑ ගර්භය තැන තැන පුපුරා ගොස් තිබේ. අගල් 156 ක් පමණ උසින් යුතු දාගැබෙහි උතුරු දෙසට වන්නට ගර්භය මැදින් කොටසක ගඩොලු ගැලවි තිබේ.

Read More
ත්‍රිකුණාමලය ඇටඹගස් උල්පත දාගැබ හා අවට නටබුන් - Trincomalee Atambagas Ulpotha Archaeological Ruins

ත්‍රිකුණාමලය ඇටඹගස් උල්පත දාගැබ හා අවට නටබුන් (Trincomalee Atambagas Ulpotha Archaeological Ruins)

විලංකුලම වැව පාමුල පිහිටි දිවුල් වැව රජමහ විහාරයේ ස්ථුප ඝණයට අයත් වන ඇටඹගස් උල්පත දා ගැබ හා ඒ අවට නටඹුන් අක්කර දහයක පමණ බිමක් පුරා විසිර පවති. දිවුල් වැව රජමහ වෙහෙරට කිලෝ මිටර් එකහමාරක් පමණ දුරින් වැව් බැම්ම කෙලවර වනයේ මෙම නටඹුන් පිහිටා තිබේ. සුවිශාල ආරාම සංකිර්ණයක නටඹුන් බව කිව හැකිය.

Read More
ත්‍රිකුණාමලය කිරුළු වෙහෙර පුරාවිද්‍යා භූමිය - Trincomalee Kirulu Vehera Archaeological Site

ත්‍රිකුණාමලය කිරුළු වෙහෙර පුරාවිද්‍යා භූමිය

කන්තලේ සිට ත්‍රිකුණාමලය දක්වා දිවෙන මාර්ගයේ ඇති මෙම කන්ද මුදුනේත් එහි පාමුලත් පුරාණයේ විශාල ලෙස පැතිරී තිබූ  ආරාමයක ණටබුන්  පැතිරී තිබෙනවා. කඳු මුදුනේ ණටබුන් අතර කුඩා දාගැබක්, පධානඝරයක පාදමක්, ශෛලමය පොකුණු 7ක්, මීටර් 500කට වඩා දිග විශාල ගල් කුට්ටියෙන් සාදනලද ගරාවැටුණු ගල් පවුරක් ඇතුලත් වනවා.

Read More
ළමා උද්‍යානයක මුවාවෙන් වනසන සේනවල්ලිකුලම පුරාවිද්‍යා භූමිය - Thambalagamuwa Senawallikulam Archaeological Site

ළමා උද්‍යානයක මුවාවෙන් වනසන සේනවල්ලිකුලම පුරාවිද්‍යා භූමිය

කන්තලේ සිට ත්‍රිකුණාමලය දක්වා දිවෙන මාර්ගයේ 97 මංසංධියෙන් දකුණතට සේනවල්ලිකුලම් වැව දක්වා ගමන් කරන මගෙහි වැව දක්වා පැමිණ ඒ ඔස්සේ තවත් කිලෝ මිටර දෙකක් පමණ ගිය පසුව මෙම ස්ථානයට ලගා විය හැකිය. නටඹුන් සහිත සේනවල්ලිකුලම පුරාවිද්‍යා භූමිය වැව් බැම්ම කෙලවර දක්නට ලැබේ.

Read More
නයි පෙන හැඩැති ලෙන් සහිත පුල්මුඩේ නාගලෙන නටබුන් - Pulmude Nagalena Rajamaha Viharaya Ruins

නයි පෙන හැඩැති ලෙන් සහිත පුල්මුඩේ නාගලෙන නටබුන්

අක්කර දෙකක භූමියක් පුරා විසිර පවතින නටඹුන් අතර නයි පෙන හැඩැති ලෙන් යුගලය නිසා මෙම වන සෙනසුනට නාගලෙන නම ලැබි තිබේ. තිරියාය ගිරිහඩු සෑයට සමගාමිව ඉදිවු මෙම නටඹුන් ස්ථානය පිහිටි කදු මුදුනතේ ලිප් ගල් තුනක් ආකාරයට පිහිටි විශාල ගල් තුනකි. ගල් ලෙන් කිහිපයක් දක්නට ඇති අතර ඉන් නයි පෙන හැඩැති ලෙන් යුගලයේ කටාරම් කොටා තිබේ.

Read More
කුඹුරුපිඩ්ඩි රතුගල දාගැබ් ගොඩැල්ල නිදන් හොරුන්ගේ ග්‍රහණයට අසු වී ඇති අයුරු - Buddhist Ruins at Trincomalee Kumpurupiddi Redrock

නිදන් හොරුන්ට බිලිවූ ත්‍රිකුණාමලය කුඹුරුපිඩ්ඩි රතුගල නටබුන්

ත්‍රිකුණාමලය නිලාවෙලි පාරේ කුඹුරුපිඩ්ඩි රෙඩ් රොක්ස් තුඩුවේ නටඹුන් සහිත මෙම ස්තානය පිහිටා තිබේ. සයුර දෙසට පැතිර පවතින විශාල ගල් තලාවක් සේ විහිදෙන ගිරි මුදුනතේ එක් පසෙකට වන්නට දා ගැබ් ගොඩැල්ල පිහිටා ඇත. මෙම වෙරළ තිරය ආශ්‍රීතව මෙම ස්ථානය මුහුදට ආසන්නයේ පිහිටිම නිසාත් අවට සමුද්‍ර විහාර කිහිපයක් පෙර රජ දවස ඉදිව තිබිමෙන් මෙම ස්ථායේ පවතින ගඩොලු ස්ථරය එම කාලයේදි ඉදිවු දා ගැබක අවශේෂ බව සිතිය හැකිය.

Read More
සේරුනුවර සිරිවඩ්ඩනාරාම රජමහා විහාරය පුරාවිද්‍යා ස්ථානය - Serunuwara Siriwaddanaramaya Rajamaha Viharaya Archaeological Site

සේරුනුවර සිරිවඩ්ඩනාරාම රජමහා විහාරය පුරාවිද්‍යා ස්ථානය

ධාතු වංශයේ සදහන් වන පරිදි ගෝඨාභය රජුන් විසින් මහවැලි ගග දෙපස ඉදිකල බව පැවැසෙන වෙහෙර විහාර 500 න් එකක් විය හැකි යැයි විශ්වාස කරන ත්‍රිකුණාමලය සේරුනුවර, දෙහිවත්ත, එල් බී හය ප්‍රදේශයේ සිරිවඩ්ඩනාරාම විහාරස්ථාන භූමියේ තිබි හමුවු පැරණි දා ගැබ් ගොඩැල්ල කැණීම් කර සංරක්ෂණය කිරිමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කටයුතු කලේය.

Read More
නිදන් කොල්ලකරුවන්ගෙන් බැට කන ත්‍රිකුණාමලය මුත්තුනගර් මුතුගම බෞද්ධ නටබුන් - Trincomalee Muththunagar Muthugama Buddhist Ruins destroyed by treasure hunters

ත්‍රිකුණාමලය මුතුගම බෞද්ධ නටබුන්

නටඹුන් විසිර පවතින මෙම මුතුගම භූමියේ දා ගැබද ඇතුළුව ස්ථාන හයක් පමණ නිධන් සෙවිමේ අරමුණින් නිධන් හොරුන් විසින් හාරා ඇත. ඉඩම් අල්ලා ගැනිමේ අරමුණින් අක්කර 10 ක් පමණ නටඹුන් අවට කැලය කපා දමා පැල්කොට ගසා ගෙන ඇත.

Read More
සිරිමංගලපුර දෙමළයාපිටිය පුරාවිද්‍යා ස්ථානය - Sirimangalapura Demalayapitiya Archaeological Site

සිරිමංගලපුර දෙමළයාපිටිය පුරාවිද්‍යා ස්ථානය

තරමක් උස් ගොඩල්ලක් ලෙස පවත්නා නිධන් හොරුන් විසින් හාරා විනාශකොට ඇති විශාල සෑයක නටඹුන් සේරුවිල සිරිමංගලපුර දෙමළයාපිටියෙන් හමුවෙයි. මෙහි වට ප්‍රමාණය යනාදිය නිශ්චිතව සඳහන් කළ නොහැක. මෙම ස්ථානයේ චෛත්‍ය ආසන්නවම වන්නට ගොඩනැගිළි කීපයකට අයත් ගල් කණු හඳුනාගත හැක. චෛත්‍ය මධ්‍යයේ මීටර 2.5 ක් පමණ යටට නිධන් හොරුන් විසින් හාරන ලද වලක් වෙයි.

Read More
සේරුවිල සමගිපුර පුරාවිද්‍යා ස්ථානය - Seruvila Samagipura Archaeology Site

සේරුවාවිල සමගිපුර පුරාවිද්‍යා ස්ථානය

සමගිපුර පුද්ගලික ඉඩමකට පිවිසෙන පටු මගක් අසල අක්කර 1 1/2 ක පමණ කෙසෙල් වගාව සහිත භූමිබාගයක් පුරා මෙම නටඹුන් විසිර පවතී. මෙහි එක් ස්ථානයක් ඉපැරණි චෛත්‍යක් යැයි සැලකිය හැකි ගඩොළු සහිත ගොඩැල්ලකි. ඒම ස්ථානය වටා තවත් ගොඩනැගිලි කීපයකට අයත් ඉදිකිරීම් පවතින අතට ඒවාට අයත් ගල් කණු හා පාදම්ගල් ඒ අවට බොහෝ ස්ථාන වල පවතී.

Read More
සේරුවිල නීලපොල පත්තිනි දේවාලය භූමිය පුරාවිද්‍යා ස්ථානය - Seruvila Neelapola Pattini Devalaya Ground Archaeology Site

සේරුවාවිල නීලපොල පත්තිනි දේවාලය භූමිය පුරාවිද්‍යා ස්ථානය

කන්තලේ සේරුනුවර මාර්ගයේ කල්ලාරු මංසන්දියෙන් වම් අතට දිවෙන දෙහිවත්ත නීලපොල මාර්ගයේ නීලපොල දක්වා ගමන්කොට බෝගස් හන්දියෙන් දකුණතට ඇති මගෙහි මීටර 750 ක් පමණ ගමන් කළ විට පාරේ වම් පසින් පත්තිනි කෝවිලද, දකුණුපසින් නටඹුන් වූ විහාරයට අයත් නටඹුන් ද පිහිටා ඇත.

Read More
සෝමනුවර නීලපොල ගල්වල පුරාවිද්‍යා ස්ථානය - Somanuwara Neelapola Galwala Archaeology Site

සේරුවාවිල නීලපොල ගල්වල පුරාවිද්‍යා ස්ථානය

කන්තලේ සේරුනුවර මාර්ගයේ කල්ලාර් හන්දියෙන් දෙහිවත්ත හරහා වැටී ඇති මාර්ගයේ නීලපොල දක්වා පැමිණ බෝගස් හන්දියෙන් වම් අතට මද දුරක් ගොස් දකුණු දෙසට හැරී නැවතත් මද දුරකින් දකුණු පසට ඇති මාර්ගයේ මීටර 150 ක් පමණ ගමන් කළ විට මෙම ස්ථානය හමුවෙයි.

Read More
සෝමනුවර සිරිමංගලපුර සුනේත්‍රා වැව පුරාවිද්‍යා ස්ථානය - Somanuwara Sirimangalapura Sunethra Wewa Archaeology Site

සෝමනුවර සිරිමංගලපුර සුනේත්‍රා වැව පුරාවිද්‍යා ස්ථානය

සිරිමංගලපුර සුනේත්‍රා වැව අසලින් සොයාගත් පර්වත ලිපි කීපයකි. ඒවායෙ අක්ෂර අනුව එම ලිපි පිළිවෙලින් ක්‍රි.ව. 4, 8 හා 9 යන සියවස් වලට අයත් වෙයි. එසේම මෙහි පවත්නා ගඩොල් වල ස්වභාවය අනුව ක්‍රි.පූ. යුගයට එනම් අනුරාධපුර මුල් යුගයට අයත් ඉදිකිරීම්ද අති බව අනුමාන කල හැක. මෙහි හඳුනාගත් හැකි වැදගත් ශිලා ලේඛණ දෙකක් වෙයි.

Read More
කෝවිලක් බවට පත් වූ සෝමනුවර සිරිමංගලපුර ගෙඩිගේ පුරාවිද්‍යා ස්ථානය - Somanuwara Sirimangalapura Gedige Archaeology Site

කෝවිලක් බවට පත් වූ සෝමනුවර සිරිමංගලපුර ගෙඩිගේ පුරාවිද්‍යා ස්ථානය

සේරුවිල ප්‍රදේශයේ ජනාවාස හා පොළොන්නරුව යුගය දක්වාම පැවති බව කියාපෑමට සෝමනුවර සිරිමංගලපුර ගෙඩිගේ ප්‍රභල සාක්ෂියකි. ගෙඩිගේ සම්ප්‍රධායට ඉදිකොට ඇති මෙම ගොඩනැගිල්ල ආශ්‍රිතව අනුරාධපුර යුගයට අයත් ඇතැම් ඉදිකිරීම් වල සාධක හමුවෙයි.

Read More
අන්තවාදින් ඩෝසර් කල සාම්පුර් සුඩෙයිකුඩා දාගැබ - Sampur Sudeikuda Dagoba bulldozed by the Extremists

අන්තවාදින් ඩෝසර් කල සාම්පුර් සුඩෙයිකුඩා දාගැබ

ත්‍රිකුණාමලය සාම්පූර් කෙවිලියට මදක් ඔබ්බෙන් කුඩා කඳු ගැටයක් මත තිබූ මෙම ස්තුප ගොඩැල්ල 2017 දී සේරුවිල පුරාවිද්‍යා ව්‍යාපෘතිය සොයාගෙන දින 2ක් තුල දෙමල අන්තවාදීන් විසින් එය බැකෝ යන්ත්‍ර යොදා සම්පූර්ණයෙන්ම විනාශකර දැමුවා.

Read More