තිරියාය මහආලන්කුලම පුරාවිද්‍යා භූමිය (Thiriyaya Maha Alankulama Archaeological Site)

RATE THIS LOCATION :1 Star2 Stars3 Stars4 Stars5 Stars (1 votes, average: 5.00 out of 5)
Loading...
Lakmal K. Baduge
සටහන : ‎ලක්මාල් කේ. බදුගේ‎

කුච්චවේලි ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයටද එසේත් නැතිනම් ගෝමරන්කඩවල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට අයත් වන්නේදැයි නිසැක වශයෙන්ම කිව නොහැකි මෙම නටඹුන් පිහිටි බිම ගෝමරන්කඩවල තිරියාය මාර්ගයේ මහ ආලංකුලම වැවට නුදුරින් පිහිටා තිබේ.

ගෝමරන්කඩවල මයිලවැව ගම්මානය පසුකර තිරියාය දෙසට ගමන් කොට මාර්ගයේ වම්පසට වන්නට හමුවන මහ ආලංකුලම වැවට ගමන් කරන මාර්ගයේ තවත් කිලෝ මිටරයක් පමණ ගොස් යලි මිටර් 500 ක් පමණ උතුරු දෙසට වනයේ ගමන් කිරිමෙන් මෙම නටඹුන් පිහිටි බිමට පිවිසිය හැකිය.

නටඹුන් පිහිටි බිම පුරා අනුරාධපුර හෝ පොළොන්නරුව යුගයන්ට අයත් ගඩොලු විසිර තිබේ. දිගු කාලයක් පුරා සතුරු උපද්‍රවයන්ට හා අව් වැසි වලට මුහුණ දිම නිසාත් නිධන් හොරුන්ගේ ග්‍රහණයට ලක්විම නිසාත් මෙහි පවතින නටඹුන් විනාශ වි ගොසිනි.

ස්ථුපයක අවශේෂ යැයි කිවහැකි ස්ථානයක් නිධන් හොරුන් විසින් හාරා විනාශ කර ඇත. අඩි තුනක් පමණ පළලැති අඩි තුන හමාරක් පමණ දිගැති අඩි දෙකක් පමණ කැනීමක් එකි ගඩොලු නිර්මාණය මැද වර්තමානයේ දැකගත හැකිය. මෙම අනවසර කැණිම බොහෝ කලකට පෙර කල එකක් වන හෙයින් කැණීම් වල කාලයත් සමග වැසි ගොසින් ඇති බව පෙනේ.

ඊට මදක් දුරින් දකුණු දෙසට වන්නට අඩි දෙකක් පමණ උසැති අඩියක පමණ පළලැති සිටුවා ඇති කුඩා ශෛලමය කණු කිහිපයක් එක් ස්ථානයක දැකගත හැකිය. අනවසර කැණිම සිදුකර ඇති ගඩොලු නිර්මාණයට මිටර් 50 ක් පමණ දුරින් ඇල දෙසට වන්නට පිහිටි ගල් තලාවේ කෝව වලවල් පහක් දක්නට ලැබේ. කෙසේ වෙතත් මෙම ස්ථානය පැරණි නටඹුන් සහිත බිමක් බැව් පෙනේ.

සටහන : ‎ලක්මාල් කේ. බදුගේ‎

සම්බන්ධ වෙනත් පිටු

තිරියාය මහආලන්කුලම පුරාවිද්‍යා භූමිය සිතියම

ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් පහලින් – ගූගල් සිතියම් විවෘත කිරීමට පහත බොත්තම් භාවිතා කරන්න –
.

ඉහල සිතියමේ මෙම ස්ථානය පමණක් නොව කිලෝමීටර 20ක් ඇතුලත තවත් වැදගත් ස්ථාන ලකුණු වී ඇත. මේ ස්ථාන බැලීමට සිතියම කුඩා කර බලන්න. වැඩි විස්තර සඳහා අවශ්‍ය ස්ථානය මතට මුසිකය ගෙනයන්න. එසේ නැතිනම් click කරන්න.

ගූගල් සිතියම වෙනත් ස්ථාන වලට චලනය කර ගෙනයාමෙන් එම ප්‍රදේශයේ වැදගත් ස්ථාන බලාගත හැක.

තිරියාය මහආලන්කුලම පුරාවිද්‍යා භූමිය රියදුරු දිශාවන්

ත්‍රිකුණාමලය සිට තිරියාය මහආලන්කුලම පුරාවිද්‍යා භූමිය දක්වා
හරහා : කුච්චවේලි
මුළු දුර : කිලෝමීටර් 47
ගතවන කාලය : පැය 1.15 පමණ 
ගත කිරිය යුතු කාලය : විනාඩි 30-60  පමණ 
රියදුරු දිශාවන් : ගූගල් සිතියමේ බලන්න

© www.amazinglanka.com