Historic Importance of Gonagala Rock in Yala Sanctuary – යාල වනයේ සැඟවුණු ගෝනගල නටබුන් හා එහි සෙල්ලිපි වල ඓතිහාසික වැදගත්කම

RATE THIS LOCATION :1 Star2 Stars3 Stars4 Stars5 Stars (4 votes, average: 2.50 out of 5)
Loading...
Historic Importance of Gonagala Rock in Yala Sanctuary - යාල වනයේ සැඟවුණු ගෝනගල නටබුන් හා එහි  සෙල්ලිපි වල ඓතිහාසික වැදගත්කම

Gonagala is a rocky outcrop in the Yala Wildlife Sanctuary lying off the the route to Sithulpawwa Rajamaha Viharaya. An ancient reservoir also name Gonagala Wewa, and the ruins of a ancient monastery belonging to the 2nd century BC on the rocky outcrop indicates an thriving city of the ancient Ruhunu Kingdom. Not only Gonagala but ancient ruins on all rocky outcrops around Sithulpawwa such as Pimburamalgala (Pimburagala), Silavakanda and Palatupana (now called Magul Maha Vehera) are ever enduring remains of this forgotten kingdom.

The Archaeology Department records investigation of numerous sites with ruins inside Yala Sanctuary in 1974, namely Akasachethiya, Varahamankada, Gonagala, Pilimalena kanda, Area West to Sithulpawwa, Pilimayaya, Muniammagama, Beralihela Kanda, Alugalge Kanda, Allagala, Seenakkuva and Anjali Viharaya.

Two stupas at the top of the rock, both being excavated by treasure hunters were reported at Gonagala. The of one was reported to be well preserved with a quadrangular monolith at its center. The other dagoba was poorly preserved. Besides the stupa’s on the rock, ruins of a building had also been recorded.

At this site, 11 cave inscriptions written in Pre-Brahmi script has been discovered and deciphered. These have been documented by Prof. Paranavithana in the first volume of the Inscriptions of Ceylon published in 1970. The inscriptions found at Gonagala, Modaragala and Magul Maha Viharaya have been found to be some of the oldest inscriptions ascribed to circa 250 BCE. All these caves have been inscribed with the donor of each cave. Out of these there are few interesting inscriptions among them. One reads “The cave of the members of the Madukasaliya Corporation [is given] to Sangha“. According to Paranavithana, name Madukasaliya is probably derived from a place named after which the corporation was named

Three of the cave inscriptions at Gonagala mentions the name Pussadeva. One inscription reads as “The cave of the chief Abhaya, son of chief Phussadeva, son of chief Abhaya, the commander-in-chief, is given to Sangha of the four quarters, present and absent“. Out of 61 cave inscriptions discovered in the nearby from the 2nd century BC Sithulpawwa, two inscriptions mentions the the names of two generals of Dutugemunu, Nandimithra and Velusumana (Nicolas, 1963). According to Mahavamsa, Pussadeva, another general of Dutugemunu was in the neighbourhood of Cittalapabbata (Sithulpawwa) and one of the three mentions of Phussadeva in Situlpavu inscriptions was in fact the Pussadeva of Dutugemunu’s Army. According to Paranavithana the above inscription refers to another general of king Dutugenunu, ‘Theraputta Abhaya’ (Theraputtabhaya) as chief Abhaya, the commander-in-chief. After the birth of Abhaya, his father took to robes and Abhaya became Theraputta Abhaya (Abaya, the son of priest). Theraputta Abhaya too took to robes after Dutugemunu’s victory but not before ensuring the succession of the family bloodline. The General’s son was called Pussadeva and his son was called Abhaya, after the grandfather. All of them carried the title Parumaka. (Paranavithana, 1970).

At present there is no information about the Gonagala Stupas or the building found there.


ගෝනගල යාල අභයභූමියේ සිතුල්පව්ව රජමහා විහාරයට යන මාර්ගයෙන් හරවා ගමන් කලයුතු ගල්කුළු සහිත භූමි ප්‍රදේශයකි. මෙහි මෙම නමින්ම පුරාණ වාරි ජලාශයක නටබුන්ද, ක්‍රි.පූ 2 වන සියවසට අයත් පුරාණ ආරාමයක නටබුන් පෙන්නුම් කරන්නේ පුරාණ රුහුනු රාජධානියේ දියුණු නගරයක් ගෝනගල පැවති බවයි. ගෝනගල පමණක් නොව, සිතුල්පව්ව අවට ඇති පිඹුරාගල, සීලවකන්ද සහ පලටුපාන (වර්තමානයේ මඟුල් මහා වෙහෙර ලෙස හැඳින්වේ) වැනි ගල්කුළු ආශ්‍රිත නටබුන්වූ ආරාම මතයෙන් ගිලිහුණ රුහුණු රාජධානියේ නටබුන් ලෙස ඉතිරිව පවතී.

1974 දී යාල අභයභූමිය තුළ නටබුන් සහිත ස්ථාන කිහිපයක් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ගවේෂණය කොට වාර්තා කර ඇත. ඒවා නම් ආකාශ චෛත්‍ය, වරහමන්කඩ, ගෝනගල, පිලිමලෙන කන්ද, සිතුල්පව්ව බටහිර පෙදෙස, පිළිමයාය, මුනිඅම්මගම , බෙරලිහෙල කන්ද, අළුගල්ගේ කන්ද, අල්ලගල, සීනක්කුව හා අන්ජලී විහාරයයි.

ගෝනගල පර්වත මුදුනේ නිධන් හොරුන් විසින් කැණීම් කරන ලද ස්ථූප දෙකක් වාර්තා විය. ඉන් එකක ගර්භය හොඳින් සංරක්‍ෂිත තත්වයේ පවතී අතර එහි මධ්‍යයේ චතුරස්රාකාර ශෛලමය කුළුණක් ඇති බව වාර්තා විය. අනෙක් දාගැබ බොහෝ ලෙස විනාශ වී තිබිණි. පර්වතයේ ඇති ස්ථූපයන්ට අමතරව, ගොඩනැගිල්ලක නටබුන් ද හමු වී තිබුණි.

මෙම ස්ථානයේ පූර්ව බ්‍රාහ්මී අක්ෂරයෙන් ලියා ඇති ලෙන්ලිපි 11 ක් සොයාගෙන විකේතනය කර ඇත. මහාචාර්ය පරණවිතාන විසින් 1970 දී ප්‍රකාශයට පත් කරන ලද “ලංකාවේ සෙල්ලිපි” ග්‍රන්ථයේ පළමු වෙළුමේ මේවා ලේඛනගත කර ඇත. ගෝනගල, මෝදරගල සහ මගුල් මහා විහාරය යන ස්ථානවල සොයාගෙන ඇති මෙම සෙල්ලිපි ක්‍රි.පූ 250 පමණ කාලයකට අයත් අතර ලංකාවේ සොයාගත් පැරණිතම සෙල්ලිපි ඝනයට වැටේ. මෙහි සියළු ලෙන් ලිපිවල ලෙනෙහි පරිත්‍යාගය පිළිබඳව සඳහන් වේ. මේ අතර විශේෂිත සෙල්ලිපි කිහිපයක්ද ඇත. ඉන් එකක් “මධුකසාලිය සංස්ථාවේ සාමාජිකයින්ගේ ලෙන සංඝයාට [පූජා කොට ඇත]” ලෙස සඳහන් වේ. මධුකසාලිය යන නම බොහෝ විට එම සාමාජකයින් වාසය කොට ඇති නගරයේ නම විය හැක.

ගෝනගල ලෙන් සෙල්ලිපි තුනක පුස්සදේව යන නම සඳහන් වේ. එක් ලෙන් ලිපියක මෙසේ සඳහන් වේ: “සේනාධිපති අභයගේ පුත් පුස්සදේව ප්‍රධානියාගේ පුත් අභය ප්‍රධානියාගේ ලෙන,පැමිණි නොපැමිණි සිවුදෙස සංඝයාට පූජාවයි” ක්‍රි.පූ 2 වන සියවසට අයත් ගෝනගල ආසන්නයේ පිහිටි සිතුල්පව්වහි සොයාගත් ලෙන් ලිපි 61 අතුරින්, සෙල්ලිපි දෙකක දුටුගැමුණු රජුගේ යෝධයන් වන නන්දිමිත්‍ර සහ වේළුසුමන දෙදෙනාගේ නම් සඳහන් වේ. (නිකොලස්, 1963). මහාවංසයට අනුව දුටුගැමුණු රජුගේ හමුදාවේ තවත් යෝධයෙකු වන පුස්සදේව ගේ උපන්ගම සිත්තලපබ්බ (සිතුල්පව්ව) ආසන්න ප්‍රදේශයක පිහිටි අතර, සිතුල්පව්ව සෙල්ලිපිවල පුස්සදේව නම සඳහන් ලෙන් ලිපි තුනෙන් එකක් දුටුගැමුණු හමුදාවේ යෝධයෙකු වූ පුස්සදේව බව තහවරු වේ . පරණවිතානට අනුව ඉහත ගෝනගල සෙල්ලිපියේ සේනාධිපති අභය ලෙස සඳහන් වන්නේ දුටුගැමුණු රජුගේ තවත් යෝධයකු වන ‘ථේරපුත්ත අභය’ (ථේරපුත්තාභය) බවයි. අභයගේ උපතෙන් පසු, ඔහුගේ පියා සසුන් ගත වූ අතර අභය, ‘තෙරගේ පුත් අභය’ ලෙස ථේරපුත්ත අභය පත් විය. තෙරපුත්ත අභය ද දුටුගුමුනුගේ ජයග්‍රහණයෙන් පසුව කලකට පසු සසුන් ගතවිය. නමුත් සසුන්ගත වීමට පෙර ඔහුට පුතෙකු සිටි අතර ඔහු පුස්සදේව ලෙසත් ඔහුගේ පුතා සීයා ගේ නමින් අභය ලෙසත් නම් විය. ඔවුන් සියල්ලෝම පරමක යන පදවි නාමය දරා ඇත. (පරණවිතාන, 1970)

වර්තමානයේ ගෝනගල ස්තුප හෝ එහි හමුවූ ගොඩනැගිල්ල පිලිබඳ තොරතුරු නොපවතී.

Remains of the ancient Stupa on the Gonagala Hill inside Yala National Park taken almost 50 years ago <br> වසර 50කට පමණ පෙරදී ගෝනගල කඳු මුදුනේ ඓතිහාසික ස්තුපය දිස්වූ අයුරු
Remains of the ancient Stupa on the Gonagala Hill inside Yala National Park taken almost 50 years ago
වසර 50කට පමණ පෙරදී ගෝනගල කඳු මුදුනේ ඓතිහාසික ස්තුපය දිස්වූ අයුරු
source : Administrative Report of the Archaeological Commissioner for the years 1970-1971
Ancient Stupa on the Gonagala Hill inside Yala National Park <br>ගෝනගල කඳු මුදුනේ ඓතිහාසික ස්තුපය
Ancient Stupa on the Gonagala Hill inside Yala National Park
ගෝනගල කඳු මුදුනේ ඓතිහාසික ස්තුපය
source : Administrative Report of the Archaeological Commissioner for the years 1970-1971

References

  • De Silva, R. , n.d. Administration Report of the Archaeological Commissioner for the years 1970-1977. 1st ed. Colombo: Department of the Government Printing, pp.29-33.
  • PARANAVITĀNA, S., 1970. Inscriptions of Ceylon :Volume 1 : Early Brahmi Inscriptions. 1st ed. Colombo: Department of Archaeology, p.50.
  • Nicholas, C., 1963. Historical Topography of Ancient and Medieval Ceylon. Journal of the CEYLON BRANCH OF THE ROYAL ASIATIC SOCIETY, New Series, VI,(Special Number).

Also See

Map of  Gonagala Rock in Yala Sanctuary


ගූගල් සිතියම් පහලින් - Please click on the button below to load the Dynamic Google Map -
.

The map above also shows other places of interest within a approximately 20 km radius of the current site. Click on any of the markers and the info box to take you to information of these sites

Zoom out the map to see more surrounding locations using the mouse scroll wheel or map controls.


Travel Directions to Gonagala Rock in Yala Sanctuary

Route from Colombo  to Gonagala Rock in Yala Sanctuary

Time to Spend : 30-60  minutes
Distance : 28 km
Travel time : 1 – 1.30 hours
Driving directions : see on google map

© www.amazinglanka.com