මොරගොල්ලාගම කඩවල පුරාණ ටැම්පිට විහාරය – Moragollagama Kadawala Purana Tampita Viharaya

කුරුණෑගල දිස්ත්‍රික්කයේ පොල්පිතිගම ආසන්නයේ මොරගොල්ලාගම කඩවල පුරාණ විහාරය පිහිටා තිබේ. දළදාගම (පාදෙණිය-ගල්ගමුව මාර්ගයේ) සිට යාපහුවට ඇති මාර්ගය අවසන් වන්නේ මඩගල්ල මංසන්දියෙනි. එසේ නැතිනම් කුරුණෑගල සිට පොල්පිතිගම මාර්ගය ඔස්සේ පැමිණ පොල්පිතිගම පසුකොට කිලෝමීටර 3.5ක් ගමන්කළ විට මඩගල්ල මංසන්දිය හමුවේ. මඩගල්ල විහාරය මඩගල්ල මංසන්දිය පසුකොට කිලෝමීටරක දුරින් පිහිටයි.
ටැම්පිට විහාර මහනුවර රාජධානිය පැවති කාලය තුල ජනප්‍රිය ගෘහ නිර්මාණ අංගයක් වූ අතර මෙහිදී ගෘහය වේදිකාවක් මත ඉදිකරන ලද අතර එම වේදිකාව ගල් කුළුණු මත තබා ගොඩනැගිණි.
මොරගොල්ලාගම කඩවල ටැම්පිට විහාරය සෙන්ටිමීටර 56ක් උස් වූ ගල් කුළුණු 8ක් මත ගොඩනගා ඇත. මෙහි පිළිම ගෙය වටා පටු ආලින්දයක් දිව යයි. මෙය ඉදිරියෙන් සෙන්ටිමීටර 109ක් පළල වන අතර දෙපසින් හා පිටුපසින් සෙන්ටිමීටර 28ක්ද පළල වේ. පිළිම ගෙයහි ප්‍රමාණය මීටර් 4.24×3.00 ක් වන අතර මුළු ගොඩනැගිල්ලේ ප්‍රමාණය මීටර් 6.01×4.14 කි.

The ancient temple of Moragollagama Kadawala is located close to Polpithigama in the Kurunegala District. The road from Daladagama (Padeniya-Galgamuwa road) to Yapahuwa ends at Madagalla junction. Alternatively, yo could take the Polpithigama road from Kurunegala and travel past Polpithigama for 3.5 km to reach the Madagalla junction. Madagalla Temple is located at a distance of 1 km past this Junction.
Tampita Vihara was a popular architectural feature during the Kandyan kingdom where the temple was built on a platform which was held on an array of pillars, mostly stone.
Tampita Viharaya at Konwewa Bodhianganaramaya is built on 8 stone pillars 56 centimeters high. A circumambulating path runs around the image house. It is 109 centimeters wide at front, 28 cm wide on sides and rear. The image house is 4.24×3.00 meters in size and the building is 6.01×4.14 meters in size.
මූලාශ්‍ර
සම්බන්ධ වෙනත් පිටු
- Tampita Heritage of Sri Lanka ( ශ්‍රී ලංකාවේ ටැම්පිට විහාර ලැයිස්තුව)
- Ancient Heritage Sites of Sri Lanka (ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා ස්ථාන ලැයිස්තුව)
- Other Places of Interest Within 25 kilometers (කිලෝමීටර 20ක් ඇතුලත ඇති වෙනත් නැරඹිය හැකි ස්ථාන)
මොරගොල්ලාගම කඩවල පුරාණ ටැම්පිට විහාරය සිතියම
ඉහල සිතියමේ මෙම ස්ථානය පමණක් නොව කිලෝමීටර 20ක් ඇතුලත තවත් වැදගත් ස්ථාන ලකුණු වී ඇත. මේ ස්ථාන බැලීමට සිතියම කුඩා කර බලන්න. වැඩි විස්තර සඳහා අවශ්‍ය ස්ථානය මතට මුසිකය ගෙනයන්න. එසේ නැතිනම් click කරන්න.
ගූගල් සිතියම වෙනත් ස්ථාන වලට චලනය කර ගෙනයාමෙන් එම ප්‍රදේශයේ වැදගත් ස්ථාන බලාගත හැක.
මොරගොල්ලාගම කඩවල පුරාණ ටැම්පිට විහාරය රියදුරු දිශාවන්
කුරුණෑගල සිට මොරගොල්ලාගම කඩවල පුරාණ ටැම්පිට විහාරය දක්වා |
හරහා :පොල්පිතිගම මුළු දුර : කිලෝමීටර් 44 ගතවන කාලය : විනාඩි 60 ගත කිරිය යුතු කාලය : විනාඩි 30 පමණ රියදුරු දිශාවන් : ගූගල් සිතියමේ බලන්න |